Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow - Season 02 Plot 3

Arrow -  Season 02 Plot 3
*** ------ Arrow ------ ***

Season 2 _ Plot 3

ගිය පාර අපි කතා කෙරුවේ Arrow සීසන් 2 වල එපිසෝඩ් 6 සහ 7. අද අපි කතා කරන්න යන්නේ එපිසෝඩ් 8,9, 10,11 සහ 12 පිළිබඳව.
                     1. අපිට දැක ගන්න හම්බුණ වැදගත්ම සිද්දිය තමයි බැරී ඇලන් එහෙමත් නැතිනම් අනාගතයේ ෆ්ලෑෂ් චරිතය මුලින්ම ඇරෝ කතාවට පැමිණීම. අපි ෆ්ලෑෂ් ගැන සේරම කතා කරලා ඉවර හින්දා ආයේ ඒක ගැන කතා කරන්න යන්නේ නෑ.


2. වැදගත්ම කාරණය තමයි කොමික් වල දී බැරීට බලය ලැබෙන විදිහට සමාන ක්‍රමයකට තමයි මේකේ දී ත් බලය හම්බෙන්නේ.

3. රෝයි ගේ යාලුවෙක් වගේම සේරා ගේ උදව් කාරියක් වෙන Sin කිහිපවතාවක්ම අපිට හම්බුනත් දැන් නම් එයා කතාවේ වැදගත් චරිතයක් වෙමින් පවතිනවා.

4. අපිට ඇරෝ කතා මාලවේ මුලින්ම සුපිරි බලය දකින්න හම්බෙන්නේ මේ කතාවේ. ඒ තමයි Mirakuru කියන නික්ෂේපණය මුල්ම වතාවට හඳුන්වා දෙන හින්දා. මේකෙන් අසාමාන්‍ය කාය ශක්තියක් හම්බෙනවා. ස්ලෙඩ් විල්සන් ට එයාගේ ශක්තිය හම්බෙන්නෙත් මේ නික්ෂේපනය හින්දා. අපිට කොමික් එකේ සඳහන් වෙන විදිහටම කතාවේ දීත් දකින්න පුළුවන් වෙනවා. මේකේ තියන අතුරු ප්‍රතිපල නම් සෑහෙන්න තියනවා වගේ. ශාරීරික වගේම මානසිකවත්.

5. මොයිරා, මර්ලින් ගෙන් ගැලවෙන්න රාස් අල් ගුල් සම්බන්ද කරගන්නවා. ඒකේ තේරුම තමයි ඉක්මනින්ම ඉහල තලයේ විලන් ලා අපිට දැකගන්න පුළුවන් කියන එක.

6. ඩොක්ටර් අයිවෝ, මිරාකුරු නික්ෂේපය පස්සේ පන්නන අතරේ සිද්ද උණු වැදගත්ම සිද්දියක් තමයි ඔලිවර් ට Shado, Sara දෙන්නා ගෙන් එක්කෙනෙක්ව තෝරා ගන්න කියන එක. මෙතන දී Sara ව බේරන්න ගිහිල්ලා Shado ව කැප කරන්න වෙනවා.

7. මෙච්චර දවසක් අතීතයේ සිද්දි වල විතරක් හිටපු ස්ලෙඩ් වර්තමාන කතාවට එනවා. ඇරෝ කතාවේ කිසිම කෙනෙකුට ලේසියෙන් මැරෙන්න නම් බෑ වගේ. නැවත නැවතත් ආපහු එනවා. මුලින්ම ඔලිවර් ගේ හිතේ ඇදුන මායාවක් කියලා හිතුනට ඇත්තටම ස්ලෙඩ් ස්ටාර් සිටි වලට ඇවිත් ඉන්නේ.

8. මිරාකුරු සේරම් එක රෝයි ට එන්නත් කරනවා. ඒ කියන්නේ රෝයි ටත් අසාමාන්‍ය ශක්තියක් එනවා කියන එක.

9. ඇරෝ කතා මාලාවට තවත් සුපිරි දුෂ්ටයෙක් හදුන්වා දෙනවා. ඒ තමයි Mark Scheffer හෙවත් Sharpnel. කොමික් ලෝකේ චරිතයට වඩා ගොඩාක් වෙනස් හැබයි. මොකද කොමික් වල මෙයාට ලෝහමය ඇඟක් තියෙන්නේ.

10. රෝයි හාපර්, ඇරෝ එක්ක සම්බන්ද වෙනවා නිල වශෙයන් අපි බලාපොරොත්තු වුණු විදිහටම. ඒත් එකක්ම ඔලිවර් කියන්නේ ඇරෝ කියලා දන්න පිරිස එක්කෙනෙක්ගෙන් වැඩි උණා.

11. බ්‍රොන්ස් ටයිගර් ආපහු කතාවට එනවා. ඒ වගේම වෝල්ටර් ස්ටිල්. කාලයක් නැතුව ඉදලා ආව හින්දා මිසක් දෙන්නාගේ කිසිම සම්බන්දයක් නම් නෑ

12. Amanda Waller කණ්ඩායමක් හදනවා. ඒ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ

13. දෙවියනේ ෆෙලිසිටි එන්න එන්නම ලස්සන වෙනවා

#Attila_THE_hun

 



Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න