Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Dr. Doom

Dr. Doom
කොමික් පිළිබඳව කථා කරන ලංකාවේ පළමු හා එකම facebook Page 1 - Comic Script එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවන්ට අපේ කොමික් වීරයන්ගේ විරුද්දවාදීන් ගැන සපයන මගේ දෙවෙනි ලිපිය තුලින් ඔයාලා තවත් හොඳට දන්න අදුරන හතුරෙක් ගැන විස්තර සපයන්නයි මේ සුදානම.. Fantastic Four (2005) හා Fantastic Four : Rise of the Silver Surfer (2007) චිත්‍රපට තුලින් ඔයාලා දැකපු Dr.Doom ගැන කියන්නයි අද මගේ සුදානම..


Dr.Doom එහෙම නැත්තම් Victor Von Doom කියන්නේ Fantastic four කණ්ඩායමේ පරම හතුරා(Archenemy).. මෙයත් එසේ මෙසේ හතුරෙක් නෙමෙයි,Supervillain කෙනෙක්..

මෙයා කොමික් ලොවට හඳුන්වා ලෝ ප්‍රකට marvel සමාගමේ ජනප්‍රියම කොමික් නිර්මාණකරුවන් යුගලය අතින්. ඒ කියන්නේ Stan Lee සහ Jack Kirby කියන දෙන්නගේ අතින්.ඒ 1962 වසරේ ජූලි මාසයේදී ආපු Fantastic Four #5 (01 චයාරුපය) කොමික් පොත හරහා.. ඒ කාලයට තමයි කොමික් වල රිදී යුගය (Silver Age)කියල කියන්නේ(1956 - 1976 ). මේ චරිතය හඳුන්වා දෙන්නේ තිබුණ හදිස්සිය කොච්චරද කියනවා නම් පළමු කතාවේදී මෙයාගේ පසුබිම් කතාව එහෙම නැත්තම් Origin story 1ක් ඉදිරිපත් කරන්නේවත් නෑ.Doom ගේ සම්පුර්ණ පසුබිම් කතාව පළමු වරට ඉදිරිපත් කරානේ මුල්ම වරට හඳුන්වා දීමෙන් වසර දෙකකට පස්සේ 1978 වසරේ ආපු Fantastic four Annual #2 හරහා.ඊට පස්සේ 2005-2006 අතර ආපු විශේෂ Dr.Doom කොමික් පොත් කිහිපය තුල Doom ගේ පසුබිම් කතාව පමණක් රසිකයන්ට ඉදිරිපත් කළා..

Victor Von Doom ගේ අම්මා Romani කියන අහිගුණ්ඨික කුලයට අයත් වෙච්ච Cynthia Von Doom,තාත්තා Werner කියල කෙනෙක්.Victor ගේ අම්මට මායා බලයක් තිබුණ කියල තමයි සඳහන් වෙන්නේ..

Dr.Doom ගේ පසුබිම් කතාවේ වැදගත් ම ඩේ තමයි ඔහුගේ මුහුණේ අතුවෙන කැළල.(මේ කැළල ඇතිවෙන ආකාර නම් කිහිපයක් තියෙනවා,එත් ඒවා එතරම් වැදගත් වෙන්නේ නෑ)මේ කැළල (02 චයාරුපය) නිසා තමන්ට මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරිවෙනවා,තමන් මින්නිස්සුන්ගෙන් වෙන් වෙච්ච කෙනෙක් කියල Doom ට හිතෙනවා.එකේ ප්‍රතිඵලය විදිහට අනෙත් මනුෂ්‍යයන්ට ෙෙවර කරන Dr.Doom ව බිහි වෙනවා.. 

මට හිතෙන විදිහට නම් Doom තමයි marvel comic univers එකේ ඉන්න බුද්ධිමත්ම දුෂ්ට චරිතය. 
  • Doom දක්‍ෂ විද්යාවේදියෙක් වගේම හොඳ නව නිර්මාණකරුවෙක්. 
  • ඒ වගේම Doomට අම්මගේ පැත්තෙන් ලැබුන මායා බලයකුත් තියෙනවා කොමික් වලට අනුව.
  • ඒ විතරක් නෙමෙයි Latreia කියන මන:කල්පිත රාජ්‍යයක පාලකයා.. 
  • හොඳ බුද්ධියක් තියෙන කෙනෙක්(Genius-level Intellect)
  • දක්ෂ සටන් කරුවෙක්(Highly Skilled Hand to Hand Combatant)
  • තමන්ගේ මනස තැනකින් තවත් තැනකට ප්‍රක්ෂේපනය කිරීමේ හැකියාව(Mind Transferral)
  • විදුලිය පාලනය කිරීමේ හැකියාව(Electicity Manipulation)
  • කායිකව මෙන්ම මානසිකව විද්‍යුත් උපකරණ පාලනය කිරීමේ හැකියාව(Technopathy)
වගේ හැකියාවන් රාශියක් තියෙන කෙනෙක්.. මේවට අමතරව Doom ගේ සන්නාහය (Armor) තුලිනුත් Dr.Doom ට තවත් හැකියාවන් වගයක් ලැබෙනවා.දරාගැනීමේ හැකියාව,ශක්තිය කියන දේවල් මේ සන්නාහය නිසා සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා Doom ට තියෙනවා. ඒ වගේම තමයි දිගු පියාසර කාලය/හැකියාව වගේම එල්ල වන ප්‍රහාර වලදී ආරක්ෂාව ලබාගන්න ආරක්ෂක වලල්ලකුත් මේ සන්නාහය Dr.Doom ට සපයනවා..

Dr.Doom කිව්වා ගමන් අපිට මතක් වෙන ඩේ තමයි එයාගේ යකඩ වෙස්මුහුණ හා කොළ පැහැති ලෝගුව(03 චායාරුපය). එක ගැනත් විශේෂ දෙයක් තියෙනවා.. Dr.Doom ගේ නිර්මාණකරුවන් කියනවා ඔහු පිලිබඳ අදහස ගත්තේ ක්‍රිස්තියානු බයිබලයේ එන four Horsemen සංකල්පයේ Death(04 චායාරුපය) කියන අසරුවා ගෙන් කියල.. four Horsemen ලගේ කොමික් චරිත ද පසු කලෙක marvel සමාගම ඉදිරිපත් කළා (05 චායාරුපය)
Dr.Doom ගේ ලෝගුව,වෙස්මුහුණ හා සන්නාහය තුලින් Death ගේ සනහය සහිත ඇටසැකිලි සිරුර විදහා දක්වෙනවලු. එමගින් Dr.Doom ගේ අමනුෂ්‍ය බව,සමාව නොදෙන බව,මාරාන්තික බව පෙන්නුම් කරනවලු..

Doom කියන්නේ Fantastic four වලට පමණක් සීමා උන චරිතයක් නෙමෙයි..Spider Man,Dr.Stranger,Punisher,Hulk වගේ චරිත ආශ්‍රිතවද Doom ව අපිට දැකගන්න පුළුවන්.. වැදගත්ම දේ තමයි 1970 දී DC හා Marvel එකතුවෙලා ඉදිරිපත් කරපු "Superman vs Amazing Spider Man" කොමික් පොතේදීද Doom ව අරගෙන තියෙනවා ප්‍රධාන දුෂ්ටය විදිහට.

ඒ විතරක් නෙමයි "100 Greatest Villains of all the time" List එකේ Dr.Doom "Wizard"(මායාකාර) Rank එකෙන් 04වෙනි තැන ඉන්නවා. එතකොට "IGN Top 100 Comic Book Villains of all the time list" එකේ තුන්වෙනි තැන ඉන්නෙත් Dr.Doom..

2005/2007 Fantastic Four චිත්‍රපට වලදී Julion McMahon(06 චායාරුපය) අපිට අමතක නොවන විදිහට Victor Von Doom/Dr.Doom චරිතය ඉදිරිපත් කළා.. 2015 දී එන්න තියෙන the Fantastic four චිත්‍රපටයේදීත් Toby Kebbell(07 චායාරුපය) තුලින් Doom ව අපිට නැවතත් දැකගන්න ලැබෙයි..

ඒ චිත්‍රපට පිළිබඳව ඉදිරියේදී අපේ page 1 තුලින් reviwe ලබා දෙන්න අපි උත්සාහ කරනවා.. ඒ නිසා Doom ගැන මේ විස්තර දැනට ප්‍රමාණවත් වෙයි කියල මම හිතනවා.. ඊළඟ ලිපියෙන් කාවද ඉදිරිපත් කරන්නේ කියල තාම තීරණය කරලා නම් නැ.. අපේ යාළුවො කැමති කොමික් දුෂ්ටයෙක්(marvel or DC) එහෙම ඉන්නවා නම් comment කරන්න.. වැඩි මනාපයට ඉඩක් දෙන්න අපි සුදානම්.. 

#ClownPrinceOfCrime

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න