Avatar Articles No:03
Firebending- අග්නිබන්ධනයඅද අපි කතා කරන්න යන්නේ ඇවටර් චක්‍රයේ පළමු මූලධාතුව වන අග්නිධාතුව ගැනයි.
අග්නිබන්ධනය යනු අග්නිජාතික ජනතාව විසින් භාවිත කරනු ලබන ඉතාමත් ආක්‍රමණකාරී ම බන්ධන කලාව වේ.ලොව පළමු අග්නි බන්ධකයන් මකරුන් (Dragons) (රුපය 1) වූ අතර සිංහ ඉදිබුවන්ගෙන් බන්ධක හැකියාව ලැබූ සූර්ය රණකාමීන් පළමු අග්නිබන්ධක ජනතාව වූහ.අනෙක් සියලුම බන්ධකයන් පදාර්තමය මූලධාතු බන්ධනය කල යුතු වුවද අග්නිබන්ධකයන්ට තම සිරුරේ ඇති තාපයෙන් ගින්දර මැවිය හැකි අතරම පවතින ගින්දරද බන්ධනය කල හැක.අග්නිය වනාහී බලයේ මූලධාතුවයි.(the element of power).අග්නිබන්ධනයේ බල ප්‍රභවය වන්නේ සූර්යය යි.දහවලේ මෙන්ම රාත්රියෙදීද අග්නිබන්ධනය කිරීමට බාධාවක් නැත.මද්‍යම දහවලේදී බලයේ යම් වැඩිවීමක් ඇති අතර සූර්යග්‍රහණයකදී බන්ධක හැකියාව සහමුලින්ම නැතිවී යයි.යම් ගිනි ගන්නා ග්‍රහ වස්තුවක් ජීවත්වන ග්‍රහ ලෝකය වෙත ලගා වුවහොත් මොවුන්ගේ බලය බොහෝ සෙයින් වැඩි වේ.අග්නිබන්ධනය පාලනය කෙරීමට ක්‍රමානුකූල ශ්වසන රටාවක් පවත්වා ගැනීමෙන් හැකිවේ.අග්නිබන්ධනයේ බලය වැඩි කර ගැනීමට ඉන්ධනය වන්නේ වෛරයයි. අග්නිබන්ධකයන්ගේ සෘතුව වන්නේ ග්‍රීෂ්ම සෘතුව (Summer) යි.අග්නිබන්ධකයන්ගේ බලය සමකාසන්නයේදී වැඩිවන අතර ග්‍රීෂ්ම ඍතුවේදී ද සලකියයුතු මට්ටමින් වැඩි වේ.උණුසුම් දේශගුණයකදී අග්නිබන්ධකයෙකු තවත් ශක්තිමත්වන අතර එවිට ඔවුන්ට අවට පරිසරයේ උෂ්ණත්වය තම ශක්ති උත්පාදනයට දායක කරගත හැක.
අග්නිබන්ධකයන් ඔවුන්ගේ ශක්ති ප්‍රභව ලෙස ඔවුන්ගේ චී මධ්‍යස්ථාන භාවිත කරති.අග්නිබන්ධකයෙකුට තමාගේම අග්නියෙන් හානි නොවන අතර වෙන අග්නිබන්ධකයෙකුගේ අග්නියෙන් හානි සිදුවේ.පා පහරවල්,අත් පහරවල් ආදියෙන් ඉතා ආකර්ශනීය(රුපය 2),ආක්‍රමණශීලී ආකාරයකට මොවුන් අග්නි ප්‍රහාර දියත් කරති. අග්නිබන්ධනයේ විරුද්ධ මූලධාතුව වන්නේ ජල ධාතුවයි. අග්නිබන්ධකයන් දෙදෙනෙකු අතර ඇතිවන සටන අග්නි-කායි නම් වේ.
අග්නියේ සහ අග්නිබන්ධනයේ සංකේතය වන්නේ වාමාවර්ත සර්පිලාකාර ගිනිදළුවක්, ත්රී භාෂා කතා කරන බව සංකේතවත් කරන බෙදුනු ගිනිදලු, සුරියකාන්ත මල් පෙත්තක් හැඩැති දැල්ල වේ(රුපය 3). සංකේතයේ අදහස අග්නිජාතියට අධ්යාත්මික සම්බන්ධතා ඇති බවයි.
# අග්නිබන්ධක හැකියා (Firebending abilities)
1. Blazing rings and arcs: අග්නි කවපෙති, වළලු ආකාරයට අග්නි ප්‍රහාර දීම.
2. Blocking fire: අග්නි ප්‍රහාර නැවත්වීම.
3. Fire blade: අග්නි කඩු ආකාරයේ අග්නිජාලා ඇතිකර ඒවායින් පහර දීම.
4. Fire bomb: අග්නි බෝම්බ ඇතිකිරීම.
5. Fire circle: ගිනි වලලු ඇතිකිරීම.
6. Fire daggers: අග්නි කිණිසි ආකාරයේ අග්නිජාලා ඇතිකර ඒවායින් පහර දීම.
7. Fire lashes: අග්නි ලනු,තොණ්ඩු ආකාරයේ අග්නිජාලා ඇතිකර ඒවායින් පහර දීම.
8. Fire stream: අග්නි ධාරා ඇති කිරීම.
9. Fire whip: අග්නි කස ආකාරයේ අග්නිජාලා ඇතිකර ඒවායින් පහර දීම.
10. Shield of fire: අග්නි පලිහවල් ඇති කර ආරක්ෂා වීම.
# කෙලපැමිනි අග්නිබන්ධක හැකියා (Master Level Firebending)
1. Charged attacks: අග්නි ප්‍රහාර වර්ගයකි.මෙය නිකුත් කල විට කාලය ගතවෙත්ම ප්‍රහාරයේ බලය වැඩි වේ.(උදා-අද්මිරාල් ශාවෝ ඈන්ග් ට එරෙහිව භාවිත කිරීම-ATLA[S01E16])
2. Fire augmentation: මෙහිදී අවට ඇති ගින්දර වල බලය වැඩි කල හැකි වේ. (උදා-ජෙනරාල් අයිරෝ සුකෝ ට නරක ආරංචිය ගෙනා විට අවට ඇති ඉටිපන්දම් ඉතා බලවත් ගිනිදලු නිකුත් කිරීම-ATLA[S01E04])
3. Fire comet: මෙහිදී විශාල ගිනිබෝලයක් ඇති කර එය උල්කාපාතයක් සේ සතුරාට යැවිය හැක.(උදා-බා සින් සේ යුද්ධයේදී අයිරෝ අග්නි හමුදාවට එරෙහිව භාවිත කිරීම-ATLA[S03E21])
4. Fire missiles: මෙහිදී Fire comet ආකාරයෙන්ම චලනය වන ඉලක්කයකට වුවද පහර දිය හැක.(උදා-ඈන්ග් හා ඕසායි වුලොන්ග් වනයේ සිදුවන සටනේදී දෙදෙනාම සිදු කරයි-ATLA[S03E21])
5. Fire pinwheel: මෙහිදී ශරීරය වටා කැරකෙන ගිනි වළල්ලක් (සිරසට) ඇති කර ගනිමින් පහර දිය හැක.(උදා-අසූලා ඔමාෂු වලදී ඈන්ග් හබයාමට මෙම ශිල්පක්‍රමය භාවිත කරයි.මෙය කර ඇත්තේ අසූලා පමණකි-ATLA[S02E03])
6. Intertwined fire stream: Fire stream ආකාරයේ ඊටත් වැඩිය බලවත් ශිල්පක්රමයකි.මෙහිදී අග්නිධාරාව උල්කාවක හැඩය ගනී.(උදා-සුකො vs අසූලා අවසන් අග්නි-කායි සටනේදී දෙදෙනාම සිදු කරයි-ATLA[S03E21])
7. Jet propulsion: මෙහිදී සිරුරින් එලියට නික්මෙන අග්නිධාරා ඇතිකර පියැබීමේ හැකියාව ලැබේ.(අයිරෝ jr. සමානාත්මවාදීන්ට එරෙහිව අවසන් සටනේදී භාවිත කරයි-LOK[S01E12])
8. Wall of flames: මෙහිදී තාප්ප ආකාරයට උස අග්නි බිත්ති ඇති කිරීම සිදු වේ.(උදා-බා සින් සේ යුද්ධයේදී ජෝන්-ජොන් අග්නි හමුදාවට එරෙහිව භාවිත කිරීම-ATLA[S03E21])
# ඇවටර් මට්ටමේ අග්නිබන්ධක හැකියා (Avatar Level Firebending)
Long-range multiple fire whips: මෙහිදී ඉතා විශාල දුරකට වරකට එකට වැඩි ප්‍රමාණයක Fire whips ඇති කල හැක.(උදා-ඈන්ග් ඕසායි සමග සටනේදී බිම වැටී සිටියදී ඇවටර් සමාධිය භාවිතයෙන් තමාට වඩා අඩි 100 ක් පමණ ඉහලින් සිටි ඕසායි ට පහර දීම. -ATLA[S03E21])
# විශේෂ ශිල්පක්‍රම (Special techniques)
1. Blue fire: මෙහිදී පූර්ණ දහනයක් සිදුවී නිල් පැහැ ගිනිදලු ඇතිවේ.මේවා වඩා බලවත්ය.මෙය දැනට කර ඇත්තේ අසූලා පමනකි.එයට හේතුව ඇය තුල අනික් යට වඩා වයිරයක් ඇති බැවිනි.
2. Breath of fire: මෙහිදී අග්නිය ප්‍රාශ්වාස වාතය ලෙස පිට කල හැක.මෙවිට පෙනහළුවල සිටම වාතය වෙනුවට අග්නිය පිටවේ.මාකෝ,කෝරා,ඈන්ග්,සුකෝ,අසූලා,ඕසායි හා අයිරෝ මෙම ශිල්පක්‍රමය භාවිත කර ඇත.මෙම ශිල්පක්‍රමය නිර්මාණය කිරීමද අයිරෝ ට "බටහිර මකරා" (රුපය 5) නාමය ලැබීමට හේතු වී ඇත.
3. Dragon fire: මෙය මකරුන්ගේ විශේෂ අග්නිය වේ.ඔවුන් මෙය යමෙකුට පහර දීමට භාවිත නොකරන අතර යමෙකුට අග්නි ධාතුව හදුන්වා දීමට උපයෝගී කර ගනී.මෙහිදී සාමාන්‍ය අග්නි වර්ණ වලට අමතරව සුදු,දම්,කොළ,රෝස වැනි වර්ණද ඇතුල් වේ.
4. Energy reading: මෙය ජල බන්ධකයන්ගේ සුවකිරීමේ හැකියාවට සමානය.මෙහිදී අග්නිබන්ධකයන්ට අග්නිය භාවිත කර ශරීරයේ දුර්වලවූ චි මධ්‍යස්ථාන හදුනාගත හැක.(උදා-ශාමන් අග්නි පඩිවරිය කෝරා ගේ අමතක වීම සුවපත් කිරීමට මෙය යොදා ගනියි-LOK[S02E07])
5. Heat control: මෙහිදී අග්නිබන්ධකයන්ට ඕනෑම වස්තුවක් දහනයෙන් තොරව රත් කිරීමටද ,තාපය අවශෝෂනයටද හැකිය.(උදා-අග්නි අදිපති සෝසින් රෝකුගේ දිවයිනේ වූ ගිනිකන්ද නිෂ්ක්‍රීය කිරීමට උදව් කිරීම-ATLA[S03E06])
# උපබන්ධන හැකියා (Sub-Skills)
1. Combustion: නළල මත ඇති චී නාලිකාවක් භාවිතයෙන් මනසින් අග්නි බන්ධනය කිරීම යි.මෙහිදී සිදුවන්නේ සිරුරින් අග්නිය නොයවා මනසින් ගිනිගන්න සුළු වායුවක් ඉලක්කය වෙත යැවීමයි.මෙවිට එම ඉලක්ක ගත ද්‍රව්‍ය විශාල පිපිරුමක් ඇති කරමින් දහනය වේ.මෙය සාමාන්‍ය අග්නි බන්ධනයක් මෙන් සිය ගුණයක් පමණ ප්‍රබලය.මෙම හැකියාව ලබගත්තවුන් නළලේ ඇසක පච්චයක් කොටා ඇත.එම නිසා මෙම ශිල්පක්‍රමය තෙවැනි ඇස නමින්ද හැදින්වේ.යම් ද්‍රව්‍යකින් මෙම නළල මත ඇති චී නාලිකාව අවහිර කලවිට මෙම පිපිරුම් සිදුකල නොහැක.මනසින් ගිනිගන්න සුළු වායුවක් ඉලක්කයක් වෙත යවන අවස්තාවකදී මෙම අවහිර වීම සිදු වුවහොත් හිස පිපිරී යාමටද ඉඩ ඇත.(උදා- Combustion Man හා P'Li)
2. Lightning generation: මෙහිදී අග්නි බන්ධකයන්ට අගිලිතුඩු වලින් අකුණු ඇති කිරීමේ හැකියාව ලැබේ.මෙය ජනිත කිරීමට හැකියාව ලැබෙනුයේ නිසියාකාරව හස්ත චලන සිදු කිරීමෙනි.මානසිකව, හැගීම් ඇතිවීම හා මානසික සාමයක් නොමැතිබව අකුණු උත්පාදනයට බාධා පමුණුවයි.පුද්ගල සිතේ ඇතිවන යින් සහ යැන් හැගීම් අනුව අකුණු වලට (+) හෝ (-) ආරෝපණ ලැබේ.මේවාට ඉතා විශාල හානියක් සිදුකල හැක.ඕසායි,ලයිට්නින් බෝල්ට් සෝල්ට්,මාකෝ යන්නන්ට ඉතා ඉක්මනින් අකුණු උත්පාදනය කල හැක.නමුත් බලවත් කමින් ඉහල අකුණු නිපදවීමට අයිරෝ හා අසූලා සමත්ය.
3. Lightning redirection: මෙහිදී අග්නිබන්ධකයෙකුට තම සිරුර තුලට අකුණු අවශෝෂණය කර එය වෙනත් දිශාවකට මුදා හරිය හැක.ජෙනරාල් අයිරෝ මෙම ක්‍රමය හොයාගත්තේ කෙලපැමිනි ජලබන්ධකයන්ගෙන් ජල ධාතුවේ ගලායාම පිළිබද අධ්‍යනය කිරීමෙනි.මෙමගින් ස්වභාවික මෙන්ම උත්පාදිත අකුනුවලද දිශාව වෙනස් කල හැක.අයිරෝ,සුකෝ හා ඈන්ග් මෙම හැකියාව ලබාගෙන ඇත.
# දුර්වලතා (Weaknesses)
1. Extreme cold : අධික සීතල තුලින් අග්නි බන්ධකයන් බෙලහීන වේ.(උදා-තුන්ද්‍රා දේශගුණයක P'Li සිරකර තැබීම-LOK[S03E04])
2. Full moon: පුරහඳ යනු ජලබන්ධකයන් බලවත් වන අවස්ථාවයි.විරුද්ධ මූලධාතුවේ බලය වැඩිවීමද අග්නියේ බලය දුර්වල වීමට හේතුවකි.
3. Lack of defense: ආරක්ෂාව රහිත බව තුලින්ද අග්නිබන්ධනයට බාධා සිදුවේ.බලාපොරොත්තු රහිත බව ඇති විට සමහර විට බන්ධක හැකියාව තාවකාලිකව නැතිවීමටද හේතු විය හැක.
4. Lack of drive: අරමුණු වෙනස් වීම තුලින්ද බන්ධක හැකියාවට බාධා ඇතිවේ.(උදා-ඇවටර් හබා යාම අරමුණු කරගෙන සිටි සුකො ගේ අරමුණ වෙනස් වීම හේතුවෙන් ඔහුගේ බන්ධක හැකියාව තාවකාලිකව නැති විය-ATLA[S03E13])
5. Poor breath control: ක්‍රමානුකූල ශ්වසන රටාවක් නැතිවීමද අග්නිබන්ධනයට බාධා පමුණුවයි.
6. Poor self-control: ස්වයන්පාලනයක් නැතිවීමද අග්නිබන්ධනයට බාධා පමුණුවයි.
7. Solar eclipse: සූර්යග්‍රහණයකදී අග්නිබන්ධකයන්ගේ බන්ධක හැකියාව සහමුලින්ම නැතිවී යයි.
8. Other circumstances: වතුර යටදී,වැස්සකදී වැනි අවස්ථාවල අග්නි ධාතුවෙන් එතරම් වැඩක් නැත.
Michael Dante DiMartino, Bryan Konietzko යන ඇවටර් විශ්වයේ නිර්මාතෘ වරු දෙදෙනා අග්නිබන්ධක සටන් ක්‍රම (රුපය 4) නිර්මාණය කර ඇත්තේ පහත සටන් ක්‍රම ඇසුරිනුයි.
1. Chaquan – A fighting style that involves acrobatics and agile, graceful movements, it emphasizes long range movements and stances combined with speed and power.
2. Northern Shaolin Kung Fu – used particularly in close-ranges, utilizing strong kicks and quick punches.
3. Southern Dragon Claw – mirrors a dragon "swooping down on its prey". The form contains close-range techniques for "seizing and holding that utilize the hand."
4. Xingyiquan – The classic "Seven Stars"; or the hands, feet, elbows, hips, knees, shoulders, and head; are incorporated into most firebending.
අදහස්,උදහස්,ගල්මුල් කොටල ගියානම් හොදයි..........
<Guy Buddhima>
Comic Script ලිපිය



No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න