Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

History of all the lantern corps

History of all the lantern corps

History of all the lantern corps


Part #3- Sinestro Corps / Yellow lantern corps

මීට කලින් අපි Red සහ orange lantern corps ගැන කතා කරානෙ, අද අපි කතා කරන්න යන්නෙ rainbow එකේ තුන් වෙනි පාට ගැන. නෑ මන් කිව්වෙ Emotional spectrum එකේ තුන් වෙනි Emotion එක එහෙමත් නැත්තන් පාට. ඒ තමයි කහ එහෙමත් නැත්තන් " Fear ". මුලින්ම මේ lantern corps එක හැදුනෙ කෝමද කියලා කතාකරන්න කලින් අපි weaponers of qwardලගෙ උදව්වෙන් පලමු yellow power ring එක නිර්මාණය කරපු Sinestro ගැන කතා කරල ඉමු. ඔයගොල්ලො Green lantern films එහෙම බලලා තියෙනවනම් දන්නව ඇතිනෙ Sinestro කියන්නෙ මුලදි Green lantern කෙනෙක් කියලා. අපි අද කතා කරන්න යන්නෙ,
-sinestro කොහොමද green lantern කෙනෙක් උනේ
                                  

- විශිෂ්ටම green lantern කෙනෙක් උන sinestro කොහොමද green lanternලගෙ විශිෂ්ටම හතුරෙක් උනේ
-පලමු yellow power ring එක නිර්මාණය වෙන විදිහ
-කොහොමද ආපහු sinestro green lantern කෙනෙක් වෙන්නෙ කියන එක.
දැන් ඔයගොල්ලො හිතනව ඇති මේක sinestro corps ගැන ලිපියක්ද නැත්තන් sinestro ගැන ලියපු ලිපියක්ද කියලා. මට හිතුනෙ මෙහෙමයි, sinestro ගැන වෙනම ලිපියක් ලියනවට වඩා මේකෙන්ම මෙයා ගැනත් කිව්වම ලේසියි කියන එක මොකද sinestro corps ලිපියෙන් sinestroව අයින් කරෝතින් ලියන්න දෙයක් නැති නිසා වගේම sinestro ගැන වෙනම ලිපියක් කිව්වොත් ඒකෙ සදහන් වෙන්නෙත් ගොඩක් දුරට මෙතන තියෙන දේවල්ම නිසා.

History of sinestro

Sinestro කියන්නෙ korugar වල පුරාවිද්‍යාඥයෙක්. දවසක් මෙයා වැඩ කරන අතර තුර අභ්‍යාවකාශ යානාවක් කඩා වැටෙනවා. මේ යානාව ඇතුලෙ weaponers of qward කෙනෙක්ගෙ ප්‍රහාරයට ලක් වෙලා මැරෙන්න ඔන්න මෙන්න ඉන්න Green lantern කෙනෙක්ව දකින්න ලැබෙනව. මේ වෙලාවෙදි power ring එකට තේරුම් යනව මේ ring එකේ අයිතිකාරයා මැරෙන්න ලගයි කියලා ඒවගේම මෙයාට ring එක ආරක්ෂා කරන්න බෑ කියන එක. ඒක නිසා ring එක තීරණය කරනව ගොඩක්ම will power තියෙන ලගම පුද්ගලයගෙ අතට යන්න. කවුද ඒ කෙනා කියලා හිතාගන්න පුලුවන්නෙ. මේ දවසෙ තමයි මේ වෙනකන් හිටපු හොදම green lantern කෙනෙක්ට එයාගෙ ring එක හම්බෙන්නෙ. මේ දවසෙ තමයි sinestro එකතු වෙන්නෙ Green lantern cops එකට. කොහොමහරි sinestro ring එක පාවිච්චි කරලා weaponerව පරද්දනවා. කොහොමහරි පස්සෙ මේ ring එකේ මුල් අයිතිකරු එයාගෙ ring එක ආපහු ඉල්ලනව මොකද එයාට ජීවත් වෙන්න තියෙන එකම විදිහ ring එක විතරයි උදව් එනකන්. ඒත් sinestro මේක එයාට ලැබුන අවස්ථාවක් විදිහට දකින්නෙ. Sinestro මෙතනින් යනවා ring එකත් එක්ක ඒ green lanternව මැරෙන්න තියලා. කොහොමහරි මේ සිද්දිය ගැන corps එකේ කවුරුත් දැනන් හිටියෙ නෑ. පස්සෙ තමයි sinestroට abin surව හම්බෙන්නෙ. මේ දෙන්නා පස්සෙ ගොඩක් හිද යාලුවො වෙනවා.

කොහොමහරි පස්සෙ Abin sur sinestroව එක්කන් යනවා එයාගෙ ලෝකෙ පෙන්නන්න. මෙතනදි තමයි sinestroට abin surගෙ නංගිට හිත යන්නෙ ඒවගේම මේ දෙන්න කසාද බදිනව. පස්සෙ sinestro එයාගෙ අලුත්ම බිරිඳව එයාගෙ ලෝකෙට එක්කන් යනව ඒවගේම abin sur යනවා Blackest night ගැන එයාගෙ පරීක්ෂණ පටන් ගන්න. මේ පරීක්ෂණ හින්දා තමයි abin surගෙ මරණය සිද්ද වෙන්නෙ. කොහොමහරි පස්සෙ sinestroට තේරුන් යනවා එයාට තනියම මුලු sector එකම බලාගන්න බෑ කියලා. ඒකනිසා එයා එයාගෙ ලෝකෙ හැම දෙයක්ම එක නගරයකට ගේනවා. මේක නිසා sinestroට පුලුවන් උනා එයාගෙ ලෝකෙ අපරාධ ලේසියෙන්ම නවත්තන්න. මේක නිසා ගොඩක් අය මෙයාට ගරු කරනව වගේම මෙයාගෙ ලෝකෙ පාලනය sinestroට දෙනව. එයාගෙ ලෝකෙ අය විතරක් නෙවේ මුලු green lantern corps එකම මෙයාට ගරු කරා කවදාවත් පැරදිල නැති කවදාවත් පසුබසින් නැති හින්දා සටනකින්. මෙතනින් පස්සෙ sinestro එයාගෙ ලෝකෙ පාලනය වැඩි කරන්න ගත්තා. මේක නිසා ගොඩ දෙනෙක් sinestroට බය උනා වගේම එයාට විරුද්ධව වැඩකරන්නපටන් ගත්තා. කොහොමහරි මේ දේවල් නිසා sinestroගෙ බිරිඳ, arin sur මේ දෙන්නගෙ එකම දුව වෙන තැනකට යැව්වා sinestroට එයාගෙ එකම දූගෙ මූනවත් බලන්න නොදී. මේක නිසා sinestro සහ arin sur අතර ප්‍රශ්න ඇතිවෙන අතරතුරදී abin sur පෘථිවියෙදි මැරෙනවා සහ එයාගෙ ring එක වෙන කෙනෙක්ව තෝරගන්නවා.
Ring එක Hal jordanව තෝරගන්නවා. ගෙදර ප්‍රශ්න තිබුනත් sinestro Halගෙ පුහුණුකරු වෙනවා වගේම Halට එයාගෙ ලෝකෙ පෙන්නව. Halට පෙන්නනවා කොහොමද අපරාධ නවත්තන්නෙ කියලා. Hal මේ ලෝකෙට ආවට පස්සෙ sinestroට පෙන්නනවා මේ ලෝකෙ අය sinestroට බයයි සහ මේ දේ වහාම නවත්තන්න කියලා. කොහොමහරි මේ දෙන්න සටන් කරන්න පටන් ගන්නවා මෙතනදි තමයි sinestro පරාද වෙන්න පටන් ගන්නෙ green lantern කෙනෙක් හැටියට. Hal යනවා උදව් අරන් එන්න, ඒ අතරතුරදී මේ ලෝකෙ මිනිස්සු පටන් ගන්නවා sinestroට පහරදෙන්න. ඒවගේම ඒ අතරතුර බෝම්බයක් බැදගත්ත මරාගෙන මැරෙන පොඩි ලමයෙක් arin surව මරනවා. මේදේවල් වලට දඩුවමක් විදිහට Guardians of the universe sinestroව පිටුවහල් කරනවා antimatter universe එකට. මෙතනදි තමයි sinestroට හම්බෙන්නෙ weaponers of qwardලා. මෙයාලට කියලා sinestro නිර්මාණය කරනවා green lanternලගෙ දුර්වලතාවක් වෙන බය පාවිච්චි කරලා ආයුදයක්.
මෙතනදි තමයි පලමු yellow power ring එක සහ power batteryය නිර්මාණය කරන්නෙ. මෙතනින් පස්සෙ තමයි sinestro එයාගෙ yellow lantern corps එක නිර්මාණය කරන්නෙ ඒවගේම sinestro corps කියන නම ගන්නෙ. මේ නම අදහස් කරේ sinestroට Booster gold. geoff johnsගෙ green lantern කතා මාලාවෙදි, sinestroට ආපහු green power ring එකක් ලැබෙනව. මම මුලු කතාවම කියන්න යන්නෙ නෑ මොකද එහෙම උනෝතින් තව මාසෙකටවත් මේක ලියලා ඉවර කරන්න හම්බෙන්නෙ නෑ. කොහොමහරි ඔයගොල්ලන්ට කැමතිනම් war of the green lanterns කියවන්න. හැබැයි comic වලට අලුත් කෙනෙක්නම් මේ storyline එකෙන් පටන් ගන්න එක එච්චර හොද දෙයක් නෙවේ. ඔයගොල්ලන්ට Green lantern storyline ගැන දැනගන්න ඕනනම් පල්ලෙහා comment එකක් දාන්න. මන් හිතුවෙ blackest night සහ brightest day එකෙන්ම පටන් ගන්න. හැබැයි බොරු කියන්න ඕන නෑ මුලින්ම lantern corps ගැන ලියලා ඉවර කරන්න ඕනා. ඒක නිසා ටික කාලයක් යයි.

#Shazam


Comic Script ලිපිය 

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න