Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avatar Articles No:11

Avatar Articles No:11

Avatar Articles No:11


Avatar Kuruk- ඇවටර් කුරුක්

ඇවටර් කුරුක් යනු වායු වාර්ගික ඇවටර් වරියක් වූ ඇවටර් යන්ග්චෙන් ට පසු හා භූමි වංශික ඇවටර් වරියක් වූ ඇවටර් කියෝශිට පෙර පහල වූ ජල ගෝත්‍රික ඇවටර් වරයෙකි.
මොහු උත්තර ජල ගෝත්‍රයේ ඉපදී ඇත. 345 BG දී පමණ ඉපිද 312 BG පමණ මිය ගිය මොහු ඇවටර් වරයා වුවද ඉතා දඩබ්බර,අහංකාර පුද්ගලයෙක් විය.ඔහු කිසිම දෙයක ගබුරක් නොගෙන,අවධානමක් නොගෙන සෙල්ලක්කාර ජීවිතයක් ගත කල අයෙකි.පසු කලෙක මොහුගේම ක්‍රියා හේතුවෙන් මොහුගේ පෙම්වතිය වූ උම්මි (Ummi) (1 රූපය), 'කෝ'-මුහුණු සොරා (Koh the Face Stealer) (2 රූපය) නම් ආත්මයේ ගොදුරක් බවට පත් විය.
                   

 කුරුක් ට පෙර සිටි ඇවටර් වරයා වූ ඇවටර් යන්ග්චෙන් ගේ අප්‍රතිහත උත්සාහය නිසා කුරුක් ගේ යුගය වන විටද ලොව සමතුලිතතාව,සාමය ආරක්ෂා වී තිබුණි.එමනිසා කුරුක් ඔහුගේ කාලයෙන් වැඩි කොටසක් ගත කලේ සටන් සදහා අභියෝග කිරීමට සුදුසු විරුද්ධවාදීන් ලෙස බලවත් මිනිසුන් හා ආත්ම සොයමිනි.ඒ වෙනත් හේතුවකට නොව හුදෙක් විනෝදය සදහා ය.කුරුක් තම බන්ධක හැකියාව අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට බොහෝ ආශා කළේය.විශේෂයෙන්ම ලස්සන කාන්තාවන් ඉදිරියේ.කුරුක් තමන් වායු බන්ධන පුහුණුව ලැබූ නැගෙනහිර වායු දේවස්ථානයේ දී තරුණ වායු පූජකවරියන් ඉදිරියේ අතිශය දුෂ්කර වායු බන්ධක ශිල්පක්රමයක් වන 'නෙලුම් සුළි සුළග' (lotus tornado - අර ජිනොරා යි අනිත් එයාබෙන්ඩ'ස් ලයි LOK S3 අන්තිමට සහීර්ව අල්ලන්න දාන ටෙක්නික් එක.ඒක කුරුක්ට තනියම කරන්න පුළුවන්) (3 රූපය) ශිල්පක්‍රමය දක්වා ඇත.ඒ, හුදෙක් එම වායු පූජකවරියන්ගේ සිත් දින ගැනීමට පමණය.තවද මොහු,මොහුගේ තරුණ කාලයේදී, ලොව වට සංචාරය කරන අතරතුර,අග්නි ජාතික ජනතාවට අග්නි-කායි සටන් සදහා අභියෝග කරමින් හා ඔවුන්ව පරාජය කරමින්,භූමි වංශික ජනතාව සමග 'භූමිය ඉසිලීමේ තරග' (earth-lifting contests) වැනි තරග වලට අභියෝග කර ඔවුන් පරාජය කරමින් අතිශය ප්‍රභල බන්ධකයෙකු ලෙස ජනතාව අතර පුරාවෘතගත ප්‍රසිද්ධියක් ලබා ගත්තේය.ඔහුගේ යුගයේ තිබු සාමකාමී ස්වභාවය හේතුවෙන් ඇවටර් කුරුක් කෙළිලොල්, වගකීම් රහිත ජීවිතයක් ගත කළේය.නමුත් සියලු ඇවටර් වරුන් අතර අවාසනාවන්තම ඇවටර් වරයාද වූවේ මොහුයි.

කුරුක් , ඔහුගේ පෙම්වතිය හමුවන තුරුම ඔහුගේ කෙළිලොල් ජීවිතය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන ගියේය.එක්තරා නව සඳ සැමරීමේ උත්සවයකදී (New Moon Celebration festival-මෙය උත්තර හා දක්ෂිණ ජල ගෝත්‍ර අතර සිදුවන මිත්‍රත්ව උත්සවයකි.මෙහිදී ජල ගෝත්‍ර දෙක එකිනෙක හමුවේ.මෙහි දී අනුග්‍රාහක ගෝත්‍රය වෙත අනෙක් ජල ගෝත්‍රයේ පාලකයා ඇතුළු නියෝජිත මඩුල්ලක් පැමිණ ජල ගෝත්‍ර දෙක අතර සම්බන්ධතා වැඩි දියුණු කර ගනී.)කුරුක්ට උම්මි නම් දක්ෂිණ ජල ගෝත්‍රික කාන්තාවක් මුණ ගැසුණි.ඔවුන් දෙදෙනා අතර ආදරයක් ඇතිවූ අතර පළමු හමුවීමෙන් ඉතා කෙටි කාලෙකට පසු කුරුක් ඇයට 'චාරිත්‍රානුකූල ගිවිසගැනීමේ මාලයක්' (customary betrothal necklace) පිරිනමමින් ඇගෙන් කැමැත්ත විමසා සිටියේය.එයට ඇගෙන් කැමැත්ත හිමි විය. (4 රූපය) මොවුන්ගේ විවාහය 'ආත්මීය ක්ෂෙමභුමියේ' (5 රූපය) (Spirit Oasis-Spirit Oasis ගැන දන්නවනේ,එතන තමා උත්තරධ්‍රැවයේ ආත්ම ද්වාරය [Spirit portal] හැරෙන්නට තිබෙන වඩාත්ම ආත්මීය සබදතා ඇති ස්ථානය.මතකනේ ඇවටර් ඈන්ග් ATLA-S1 අන්තිමට එතනින් තමා ආත්ම ලෝකයට පිවිසෙන්නේ) සිදු කිරීමට කටයුතු කෙරුණි. විවාහ රාත්‍රියේදී විවාහය සිදු කිරීමට ,විවාහ අල්තාරය (පෝරුව) මතට කුරුක් හා උම්මි නැගී විගසම යම් අදිසි බලවේගයකින් උම්මිට ප්‍රහාරයක් එල්ල වී ඇය අල්තාරය මතින් ඉවතට තල්ලු විය. ක්ෂණිකවම යම් ආකාරයකට ඇය යම් ආලෝකයක් තුලට ඇදී අතුරුදහන් විය.'කෝ'-මුහුණු සොරා නම් ආත්මය යි ඇයව ආත්ම ලෝකය තුලට ඇද ගනු ලැබුවේ. සිදුව ඇත්තේ කෝ ආත්මය කුරුක් සමග ඇති ව තිබු පෙර තරහකට හා කුරුක්ට පාඩමක් ඉගැන්වීම සඳහා ඔහුගේ පෙම්වතියව පැහර ගැනීමයි.

ඉන් පසු හැකි සෑම විටම කුරුක් ඔහුගේ පෙම්වතිය සෙවීමට හා කෝ නම් ආත්මය මරා දැමීමට ආත්ම ලෝකය ගවේෂණයේ නිරත විය.(ආත්ම ලෝකයට මනසින් ගියොත් බන්ධක හැකියාව නැහැ.සාමාන්‍ය ශක්තිය විතරයි තියෙන්නේ.භෞතික ශරීරයත් සමග ගියොත් බන්ධක හැකියාව තියෙනවා.හැබැයි බෞතික ශරීරයෙන් යන්න නම් ආත්ම ද්වාරයකින් ආත්ම ලෝකයට ඇතුළු වෙන්න සිද්ද වෙනවා.එත් මේ වෙනකම් ආත්ම ද්වාර වැහිලයි තියෙන්නේ.කෝරා ඒවා අරිනකම්.)නමුත් ඒ සෑම විටම ඔහු අසාර්ථක විය.ඔහුගේ එම උත්සාහයන් නිසා ඇවටර් හා කෝ අතර තදබල වයිරයක් ගොඩ නැංවිණි.අවසානයේ කුරුක්ට කෝ ව සොයා ගැනීමට හැකි විය.එවිට ඔහුට තම පෙම්වතිය වූ උම්මි ගගේ මුහුණත් කෝ සොරකම් කොට ඇති බව දන ගන්නට ලැබුණි.එමනිසා ඒ අවස්තාවේදී උම්මි ගේ මුහුණින් සිටි කෝ ව මරා දැමීමට කුරුක් පසුබෑවේය.(6 රූපය) කෙසේ වෙතත් කෝ ගෙන් බේරී නැවත භෞතික ලෝකයට පැමිණීමට කුරුක් සමත් විය.නමුත් ඔහු ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය වරදකාරී හැගීමකින්,පරාජිතයෙකු ලෙස ජීවත් වීමට ඔහුට සිදු විය.

ඇවටර් වරයෙකු ලෙසට ලෝකයේ ආරක්ෂාවට කැපවීමට ඇවටර් කුරුක් ට සිදු වූයේ නැත.මක්නිසාද යත් ඇවටර් යන්ග්චෙන් ඉදිරි පරම්පරා ගණනාවකට ලෝකයේ සාමය ආරක්ෂා කරලීම හේතුවෙනි.මෙනිසා ඇවටර් කුරුක් තරුණ කල ඉතා කෙළිලොල්,සෙල්ලක්කාර ජීවිතයක් ගතකළේය.මොහු තමන්ගේ මව් බන්ධන කලාවේ මෙන්ම අනෙකුත් බන්ධක කළා වලත් එම යුගයේ සිටි දක්ෂතම බන්ධකයෙකු විය.නිර්බීතකම හා දක්ෂතාව අතින් ඉහලම තැනක සිටි ඇවටර් වරයෙකි ඇවටර් කුරුක්.*නමුත් තම පෙම්වතිය ගේ අහිමි වීම හේතුවෙන් ඔහු ඉන් පසු දුක්ඛිත,පරාජිත හැගීමකින් දිවි ගෙව්වේය.තවද මොහු අඩුම වයසක් ජීවත් වූ ඇවටර් වරයා වේ.මොහු වයස 33 දී මිය ගියේය.

***Avatar Kuruk***

__Biographical information__
Nationality-Northern Water Tribe
Ethnicity-Water Tribe
Age-33 at death
Born-345 BG
Died-312 BG

Predecessor-Yangchen (as the Avatar)
Successor-Kyoshi (as the Avatar)

__Physical description__
Gender -Male
Hair color-Black

__Personal information__
Love interest(s) -Ummi (fiancée)

Allies-Northern Water Tribe, Ummi, Aang, all Avatars

Enemies-Koh

Weapon of choice-The elements

Fighting style(s) -waterbending (Northern style), earthbending, firebending, airbending

__Chronological and political information__
Profession-Avatar
Position-Fully Realized Avatar

<Guy Buddhima>

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න