Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Supergirl : Trailer Breakdown

Supergirl : Trailer Breakdown
Supergirl Trailer Breakdown

මුලින්ම ට්‍රේලර් එක තව පාරක් බලලා ඉමු.



   
ගොඩක් අය Flash/arrow බලලා ඇතිනෙ. Cw එකේ flash සහ arrow ලියන අයම තමයි supergirl කතාවත් ලියන්නෙ. මේ වෙනකන් ඒ අය arrow සහ flash කතාව සුපිරියටම ලියලා තියෙන නිසා මටනන් කිසිම සැකයක් නෑ supergirl අවුල් වෙයි කියලා. Trailer එකේ special effects වල පොඩි පොඩි අවුල් තිබුනට show එක පටන් ගත්තම ඒගොල්ලන් ඒ වැරදි හදාගනී හරියට flash එකේ වගේ. උදාහරණයකට මුලින්ම firestorm ආපු episode එකට වඩා episode 22දි firestorm සුපිරි කියලා දැක්ක ගමන් පේනවනෙ. ඒ කාලයක් යනකොට ඒගොල්ලන් එයාලගෙ වැරදි හදාගෙන ඒවගේම ගොඩක් සල්ලි වියදම් නොකර පුලුවන් තරන් හොද ප්‍රතිඵලයක් ගන්න තමයි බලන්නෙ. ඒක නිසා supergirl ගැන වද වෙන්න මටනන් කිසිම හේතුවක් නෑ මොකද කාලයක් යනකොට එයාලගෙ වැරදි එයාල හදාගනී. ඒවගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි supergirl flash/arrow crossover එකක් දකින්න ලැබෙයිද කියන එක. තාමත් ඒකට හරි උත්තරයක් නැති උනත් පොඩි කටකතාවක් තියෙනවා එහෙම වෙන්නත් පුලුවන් කියලා. මොකද CBS සහ CW අයිතිය තියෙන්නෙ එකම ආයතනයට නිසා.


1/2- මුලින්ම අපිට trailer එකේ බලාගන්න පුලුවන් krypton වල විනාශයට පෙර සහා krypton ලෝකෙ විනාශය. ඒවගේම අපිට karaගෙ දෙමාපියන් Alura සහා ZOR-EL දැකබලාගන්න පුලුවන්.

3- Kara
සහ kal දෙන්නම එකම දවසෙ krypton වලින් ආවත් kara පෘථිවියට එන්නෙ අවුරුදු ගානකට පස්සෙ.

4/5- kara
පෘථිවියට ආවට පස්සෙ superman karaව බාරදෙනවා අනාථ නිවාසයකට. එතනදි තමයි kara linda lee කියන නම ගන්නෙ. හැබැයි tv show එකේ මේක ටිකක් විතර වෙනස් මොකද මේකෙදි superman karaව බාරදෙන්නෙ Danvers පවුලට. මෙතනදි ටිකක් පැටලිලි සහගතයි මොකද comicවලදි linda danvers කියන්නෙ වෙනත් supergirl කෙනෙක්.

6- Alexandra danvers
තමයි karaගෙ සහෝදරිය මේ show එකේ.

7- winslow schlott
තමයි toyman ඒකියන්නෙ superman villain කෙනෙක්. මෙතනදි අපිට flash එකේ caitlin barry වගේ scene එකක් බලාගන්න පුලුවන්. ඒවගේම මෙයත් smallville එකේ දැකබලාගන්න පුලුවන්.

8- cat grant
තමයි karaගෙ ලොක්කා. ඒවගේම cat කියන්නෙ daily planet එකේ ගොඩක් ප්‍රසිද්ධ මාධ්යවේදියෙක්. මෙයාව smallville tv series එකේ උනත් දැකගන්න පුලුවන්.

9- jimmy olsen
ගැන තම මොනවා කියන්නද ?

10- hank henshaw,
මෙයා comic වලනම් cyborg superman. තවත් superman villain කෙනෙක්.

11-
මෙයා තමයි පේන විදිහට pilot episode එකේ villain. මෙයත් පේන විදිහට alien කෙනෙක්.

12- supergirl
ගෙ suit එක man of steel suit එකට ගොඩක් සමානයි වගේම මේ suit එක නිර්මාණය කරලා තියෙන්නෙත් flash/arrow suits නිර්මාණය කරපු colleen atwood.


No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න