Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash Season 1 Episode 21

The Flash Season 1 Episode 21
The Flash - 01x21 - Grodd Lives
*************Spoilers******************

අපේ කොමික් ස්ක්‍රිප්ට් පේජ් එක මඟින් පල කරන ලිපි අතර ඉහලම ජනප්‍රිය තාවය තියෙන්නේ ෆ්ලෑෂ් ලිපියේ රිවිව් එකට කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවේනේ. කතාව විකාශය වෙලා පැය කිහිපයක් ගියපු වෙලේ ඉදන් අපිට එන ඉල්ලීම් වලින් ඒක හොදටම පැහැදිලියි. හැමදාම ෆ්ලෑෂ් කතාවේ රිවිව් එක ගේන්නේ අපේ ඇඩ්මින් #kyle_rayner. ඒ විග්‍රහය කොච්චර සාර්ථක ද කියන එක ඔයලා ගේ ප්‍රතිචාර වලින් ම හිතා ගන්න පුළුවන්. අවසනාවකට අපේ #kyle_rayner සහෝදරයා ට මේ දවස් වල විභාගයක් තියනවා. අද දවසේ මේ ලිපිය ලියන්න උත්සාහ කලත් ලබන සඳුදා සහ අඟහරුවදා ආපහු විභාගේ තියන හින්දා ඒ වැඩේ පරක්කු උනා. ඉතින් #kyle_rayner සහෝදරයා තරම් සාර්ථකව මේ වැඩේ කරන්න බැරි උනත් අපේ යාලුවෝ බලාගෙන ඉන්න හින්දා මේ සතියට විතරක් මට මේ ලිපිය ලියන්න වෙනවා.

 



මේ සතියේ ෆ්ලෑෂ් කතාව අපි ගොඩක් කල් බලාගෙන හිටපු එකක්. ඒකට හේතුව තමයි පලවෙනි කතාවේ ඉදන් හෝඩුවාවන් දීපු Grodd චරිතය කතාවට එකතු වෙන එක. අපි බලමු මේ සතියේ කතාවේ මොකද වෙන්නේ කියලා.

1.
ගිය සතියේ කතාව නතර උනේ අයිරිස්, ෆ්ලෑෂ් කියන්නේ බැරි කියලා සැක කරපු තැනින්. තමන් ගේ හොදම යාලුවා (ආදර වන්තයා කියන්න ඉක්මන් වෙන්න ඕනේ නෑනේ) මේ තරම් ලොකු රහසක් හංගා ගෙන හිටපු එක ගැන එයාට පිළිගන්න අමාරුයි. ඒ හින්දා ඒක හරියටම තහවුරු කරගන්න එයා දරන උත්සාහය නතර වෙන්නේ ස්ටාර් ලැබ් එකේ දී ෆ්ලෑෂ් එයාගේ මුහුණු ආවරණය ගලවලා ඉන්නවා දැකීමෙන්. සුපිරි වීරයෙක් ගේ රහස් අනන්‍යතාවය ගොඩක් වැදගත් දෙයක්. ඒක රහසක් ව තියා ගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. තමන්ගේ ළඟම ඉන්න අයගේ ආරක්ෂාවට ඒ අයගෙන් හංගන එක බහුලවම දකින්න පුළුවන්. හැබයි යම්කිසි අවස්තාවක දී ඒක එලි දරව් වෙනවා. ඒ හින්දා මේ සතියේ අයිරිස් ෆ්ලෑෂ් කියන්නේ බැරි කියලා දැන ගත්ත එක වැදගත් සිද්දියක් වෙනවා. කතාව පුරාවටම ආරක්ෂා කරගෙන ආපු ලොකුම රහසක් තමයි මේක. බැරි බය වුන විදිහට අයිරිස් දැන ඇත්ත දැන ගත්ත එකෙන් හානියක් වෙන්න නම් නෑ. ඒ වෙනුවට අයිරිස් ගෙන් උදව්වක් සිද්ද වෙන්නේ.

2.
මේ සතියේ කතාවේ ප්‍රධාන දුෂ්ටයා වෙන්නේ Grodd කියන ගෝරිල්ලා. මෙයා ගැන සම්පුර්ණ විස්තරයක් අපි ඉක්මනටම පේජ් එකේ දාන හින්දා කොමික් වල දී මේ චරිතය ගැන කතා කරන්න යන්නේ නෑ. අපි දැන් දන්න කරුණු වලට අනුව Grodd කියන්නේ අධි මානසික හැකියාවක් තියන ගෝරිල්ලෙක්. කේට්ලින් කියන විදිහට ජෙනරාල් අයිලීන් මෙයාව භාවිතා කරන්නේ සුපිරි සොල්දාදුවන් නිෂ්පාදනයට. ඒ පරීක්ෂණ අතර වාරයේ දී පාටිකල් ඇක්සලෙටර් එක පුපුරා යන හින්දා මෙයාට මේ හැකියාව ලැබෙනවා. අසාමාන්‍ය ශක්තියක් වගේම අසාමාන්‍ය දරා ගැනීමේ හැකියාවකුත් Grodd ට තියනවා. හැබයි ප්‍රධානම හැකියාව වෙන්නේ ටෙලිපති නැතිනම් අනිත් අයගේ මනස පාලනය කිරීමේ හැකියාව. මනසින් කතා කිරීම, සෘනාත්මක ආකල්ප ඇති කිරීම, තමන්ගේ පාලනයට ගැනීම වගේ දේවල් මෙයාට කරන්න පුළුවන්. ඒත් එකක්ම වගේ ඉහල බුද්ධි මට්ටමක් Grodd ට තියනවා.

3.
හැරිසන් වෙල්ස් විසින් ජෙනරාල් අයිලීන් Grodd ගේ හිරකාරයෙක් කරපු හැටි අපි කලින් දැක්කා නේ. එකේ ප්‍රතිපලය තමයි Grodd ට ඕනේ විදිහට ජෙනරාල් වැඩ කරන එක. මෙයා මේකෙන් බේරෙන්නේ ෆ්ලෑෂ් විසින් Grodd ව පරාජය කෙරුවට පස්සේ.

4. ගිය සතියේ තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න ඔන්න මෙන්න තියෙද්දී හැරිසන් වෙල්ස් පැහැරගෙන ආපු එඩී ඇත්තටම අවසනාවන්තයෙක්. හැරිසන් වෙල්ස් නැතිනම් ඉයෝබාර්ඩ් ත්වෙන් එහෙමත් නැතිනම් එඩි ගේ අනාගත මුණුපුරා බිහිවෙන්න නම් එඩි සහ අයිරිස් අතර විවාහය සිද්ද වෙන්න බෑ. හැබයි මෙතන දී හැරිසන් වෙල්ස්, එඩි කියන්නේ ත්වෙන් පරපුරේ නොසලකා හරින ලද කෙනෙක් කියන එක නම් දරුණු කතාවක්.

5.
රහස් පරීක්ෂක වෙස්ට් සහ අයිරිස් අතර, බැරි ගේ අනන්‍යතාවය ගැන මත ගැටුම හොඳ අතට හැරුනේ නෑ. එකේ ප්‍රතිපලය උනේ ජෝ වෙස්ට් Grodd හොයන්න යන්න ඉදිරිපත් වෙන එක. අඩු ගානේ ඒ කෙන් වත් හිත සැහැල්ලු කරගන්න මෙයා උත්සාහ දැරුවා වෙන්න පුළුවන්. හැබයි අන්තර් භෞමික පරිසරයේ දී ජෝ මුහුණ දීපු අත් දැකීම් නම් ගොඩක් වේදනා කාරී උනා

6.
ලෝකෝ තියන අනාරක්ෂිතම ප්‍රවාහන ක්‍රම වේදය?

7.
මෙච්චර කාලයක් ෆ්ලෑෂ් ඇතුළු කණ්ඩායමට හැම උදව්වම කෙරුවේ හැරිසන් වෙල්ස්. ඒත් දැන් හැරිසන් වෙල්ස් නැති හින්දා ඒ වැඩේ කරන්න වෙන්නේ තනියම. හැබයි ඒ අය පෙන්නුවා තමන් ට හැරිසන් වෙල්ස් ඕනෑම නෑ කියන. සීසන් 2 දී අපිට මේ 4 දෙනා ගේ එකතුව තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ

8.
ජෙනරාල් අයිලීන් කියන්නේ මෙච්චර දවසක් ෆ්ලෑෂ් ගේ හතුරෙක් විදිහට අපි දැක්කත් හැරිසන් වෙල්ස් ට එරෙහිව දෙන්නාම ඉන්නේ එකම පැත්තේ. ඒ වගේම අයිලීන් කියන්නේ ෆ්ලෑෂ් ගේ රහස් අනන්‍යතාවය දන්න කෙනෙක් මේ වෙද්දී . (දැන් නම් මේක දන්නේ නැත්තේ කවුද කියන සැකයත් තියනවා)

9.
කින් කොංග්?

10.
කතාවේ දකින්න හම්බුනු සුවිශේෂීම සිද්දිය තමයි හැරිසන් වෙල්ස් (පුරුදු වෙලා තියන නම හින්දා දිගටම මේක භාවිතා කරන්න හිතුවා) අනාගතයට ආපහු යන්න අවශ්‍ය යාන්ත්‍රණය සකස් කර ගත්තු එක. මෙතන දී ඒකට යොදා ගන්න මාධ්‍ය ගැන මොකක්ද කියලා සඳහනක් නම් නෑ. මෙච්චර දවසක් ඉදිරිපත් කරපු කරුණු අනුව රිවර්ස් ෆ්ලෑෂ් ගේ චරිතයේ නම ඉයෝබාර්ඩ් ත්වෙන් උණාට හන්ටර් සෝලෝමන් ගේ කතාව තමයි ගොඩක් දැක්කේ. ඒ පැත්තෙන් බැලුවොත් මෙතන දී කතා වෙන්නේ කොමික් වල දී හන්ටර් සෝලෝමන් යොදා ගත්ත Cosmic Treadmill කියන සැකයත් තියනවා.

තවම අපිට රිවර්ස් ෆ්ලෑෂ් එක්ක තියන ප්‍රශ්නය නිරාකරණය වීමක් උනේ නෑ. ලබන කොටස් දෙක ඒ හින්දා ෆ්ලෑෂ් කතාවට තීරණාත්මක කොටස් දෙකක්. සුපුරුදු පරිදි අපේ ඇඩ්මින් #kyle_rayner ලබන සතියේ කතාව ගැන ඔයාලත් එක්ක කතා කරයි.

#attila_THE_hun

Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න