Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Agents of S.H.I.E.L.D. characters - 10 ,11 : Calvin L. Johnson , Jiaying

Agents of S.H.I.E.L.D. characters - 10 ,11 : Calvin L. Johnson , Jiaying

Marvel's Agents of S.H.I.E.L.D. characters - 10,11


" Spoilers everywhere.. Read at your own risk..!! "



10 - Calvin L. Johnson / Calvin "Cal" Zabo / Mister Hyde

Season 1 එක ඉවර වෙන්නේ Raina ගිහින් කිසියම් පුද්ගලයෙක්ට Skyeගේ photo එකක් ලබා දෙන දර්ශන පෙළකිනුයි. ඒ නිසා season 2 වලදී අපිට Skyeගේ පවුල ගැනම විස්තර දැනගන්න ලැබෙනවා. Skyeගේ තාත්තා එහෙමත් නැතිනම් Calvin L. Johnson කියන්නේ වෛද්‍යවරයෙක්. ඔහු තමන්ගේ වෛද්‍ය කටයුතු සඳහා චීනය බලා පිටත්වෙන්නේ ඔහු රැකියා කරන සේවා ස්ථාන මාරුවත් සමඟයි. එහිදී ඔහු Skyeගේ මව වන Jiaying සමඟ විවාහ වනවා. Skyeගේ උපත සිදුවූ කාල සමයත් සමඟම තමයි HYDRA නායක Werner Reinhardtගේ පර්යේෂණයක් සඳහා HYDRA සොල්දාදුවන් ඇගේ මව ව අල්ලා ගෙන ගොස් ඇයව මරා දමන්නේ. ඉන් පසුව S.H.I.E.L.D. එක පැමිණ කරන සෝදිසි කිරීම් වලදී ඔවුන්ට මේ දරුවා හමුවනවා. පසුවයි Skyeව ඇමරිකාවට රැගෙන යන්නේ. Calvinගේ බිරිඳ වන Jiayingට healing power එකක් තිබෙනවා. ඇය Inhuman කෙනෙක්. මේ නිසාම HYDRA සොල්දාදුවන් විසින් කැබලිවලට කපා දමන ලද Jiayingගේ සිරුර ඔහු කැබලි එක් කොට මසා යළි එකලස් කරනවා.වයසට නොයෑමේ බලය සහ Healing power එක නිසා ඇය ඉතාම සෙමෙන් සෙමෙන් සුවය ලබනවා. සිය බිරිඳට සිදුකළ අපරාධය සහ කුඩා දියණියගේ අතුරුදහන් වීම නිසා කෝපයට පත්වන ඔහු HYDRA එකෙන් සහ S.H.I.E.L.D. එකෙන් පළිගන්නට සැලසුම් කරනවා. ඒ අනුව ඔහු එක්තරා formula එකක් නිර්මාණය කරනවා. නමුත් මේ formula එකෙන් වෙන දේ ගැන අපිට දැනගන්නේ season 2 වල අන්තිම episode කිහිපයේදීයි. මීට කලින් episodes වලදී පොඩි පොඩි teases මේ ගැන දීලා තිබුණාට මං හිතුවෙවත් නැහැ Skyeගේ තාත්තා කියන්නේ Mr. Hyde කියලා. මේ ලිපිය Skyeගේ අම්මායි, තාත්තායි ගැන හැඳින්වීමේ ලිපියක් නිසා අපේ review ලිපි වලට මේ දෙන්නා ගැන සහ ඔවුන්ගේ බලයන් සහ හැකියාවන් ගැන විස්තර කරන්නම්. ඒත් Mr. Hydes ගැන දන්න අයට නම් මෙයා ගැන season 2 එක මුලදිම hints ගොඩක් හොයාගන්න පුළුවන්. Super formula, Anger issues, Super strength, Inconsistency, Quick rage වගේ වචන ටිකක් කථාවේ කියවෙන කොට අපිට මේ කෙනා ගැන හොඳ අදහසක් ලැබෙනවා.

ඇත්තටම Cal කියන්නේ නරක කෙනෙක් වගේ පෙනුනට තමන්ගේ දුව සහ පවුල රැකගෙන යළි එකතු කරන්නට මහඟු වෙහෙසක් දරන කෙනෙක්. තමන්ගේ පවුලේ එකතුවීමට බාධාගෙනදෙන්නෙක් ලෝකයෙන් තුරන් කර දමන්නට පවා ඔහු පසුබට වෙන්නේ නැහැ. ඔහුට Coulson එක්ක කේන්තියක් තියෙන්නෙත් ඒ නිසායි. Skyeව ඔහුගෙන් ඈත් කරන්නේ Culson සහ S.H.I.E.L.D. එක කියලයි ඔහු හිතන්නේ. අන්තිමට මේ ගැටුම S.H.I.E.L.D. එක සහ Inhumansලා අතර ගැටුමක් බවට පත් වුණාම Cal ක්‍රියා කරන ආකාරයෙන් ඔහු හැඟීම් වලටම පමණක් ඔහු ඉඩ නොදෙන බව පෙනෙනවා. ඒ වගේම ඔහුගේ බිරිඳ ඔහුව මුලාවට පත් කළත් අවසානයේදී අවශ්‍ය තැනදී සුදුසුම තීරණය ගැනීමට ඔහු පැකිළෙන්නේ නැහැ. දුවෙක් වෙනුවෙන් පියෙකු සතු ආදරය අන්තිම episode කිහිපයේදී අපිට දැකගන්න ලැබෙනවා. ගොඩ දෙනෙක් නොසිතූ ආකාරයට මේ අවස්ථාවේදී සැමගේම නෙතඟට කඳුළක් එක් කරාවි. මෙතරම් දරුණු පුද්ගලයෙක් සිය දියණිය වෙනුවෙන් මෙපමණ කැපකිරීම් කරනවාද යන්න අපිට season 2 එක අන්තිමට හිතේවි.

Calvin L. Johnson එහෙමත් නැතිනම් Calvin "Cal" Zaboගේ චරිතය Agents of S.H.I.E.L.D. කථාමාලාවේදී රඟපාන්නේ Kyle MacLachlan විසිනුයි. Twin Peaks (1990), Blue Velvet (1986), The Doors (1991), Desperate Housewives (2004) යනාදී චිත්‍රපට සහ Tv series රැසකට රංගනයෙන් දායක වී ඇති ඔහු Golden Globe සම්මානයකුත් දිනා ඇති විශිෂ්ඨ චරිතාංග නළුවෙක්. ඒ විතරක් නෙවෙයි Justice League: The New Frontier film එකේ Supermanට හඬකවලා තියෙන්නෙත් Kyle MacLachlan විසිනුයි.

11 - Jiaying

Season 2 මුල ඉඳන්ම අපිට Skyeගේ අම්මා කවුද කියන එක ගැන පොඩි පොඩි ඉඟි පළ වෙනවා. Skyeගේ හැඩහුරුකම් තියෙන ආසියානු කාන්තාවක් ගැන කතාවේ කියවෙද්දී අපිට ඒ Skyeගේ අම්මා වෙන්න ඕනෙ කියලා අනිවාර්යයෙන්ම හිතෙනවා. ඒත් mid season finale එක වෙනකන් මෙයා තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා කථාවේදී අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒත් මෙයාව අපිට 8වෙනි episode එකේදී දැකගන්නට ලැබෙනවා. ඒ Werner Reinhardt/Dr.Whitehall විසින් Deviner එකේ බලයන් පරීක්ෂා කිරීම සඳහා රැගෙන එන සිරකරුවන් පිරිස අතර මැයද සිටින නිසායි. එහිදී තමයි Jiaying පවා ඇයට මේ Deviner එක ස්පර්ශ කිරීමට හැකි බව දැනගන්නේ. කෙසේ වෙතත් Red Skullගේ පරාජයේ ආරංචිය Reinhardtට දැනගන්න ලැබෙන්නේ එවිටයි. ඒ නිසාම Reinhardt තමන්ගේ පර්යේෂණ නවතා පැනයන්නට සූදානම් වනවා. එහෙත් ඉන්පසුව එවකට 1945දී S.H.I.E.L.D. එක ලෙස පැවති Agent Carterගේ SSR එක විසින් HYDRA bases අල්ලා ගත් විට ඔවුන් Reinhardtව ජීවිතාන්තය දක්වා සිර කරනවා. ඒ වගේම Reinhardtවිසින් සිර කොට තබන ලද සිරකරුවන් Agent Carter විසින් නිදහස් කරනවා. නමුත් යළිත් හිස ඔසවන ලද HYDRA එක Doctor Reinhardt සිරකොට වසර 44කට පසුව ඔහු සිරකොට ඇති SSR Facility එකෙන්(The Rat) ඔහුව නිදහස් කරගෙන ඔහුගේ පර්යේෂණ යළි ආරම්භ කරනවා. ඒ අතරේ Obelisk එක ගැන Doctor Werner Reinhardtගේ පර්යේෂණ යළි ආරම්භ කරවීමට HYDRA භටයන් චීනයේ සෑම ගමකම eldersලා අල්ලාගෙන Reinhardt ළඟට ගෙන එනවා. ඒ අතරින් එක් තරුණියක් 1945දී Reinhardt දුටු ආකාරයෙන්ම සිටිනවා ඔහුට දැකගන්නට ලැබෙනවා. එතැනදීයි ඔහු Jiayingව පර්යේෂණයට යොදාගනු ලබන්නේ. එහිදී ඇයගේ ශරීර කොටස් ඉවත්කොට ඒවා තමන්ගේ ශරීරයට ඇතුළු කරගෙන ඒ බලයෙන් යළි තමාගේ තරුණ පෙනුම ලබා ගන්නවා. පර්යේෂණයට යොදාගැනීමෙන් අනතුරුව මියගිය Jiayingගේ සිරුර ඔවුන් කසල ගොඩට විසිකර දමනවා. Jiaying සහ තමන්ගේ දියණිය සොයා එන Calට Jiayingගේ සිරුර හමුවන්නේ විටයි. ඉන්පසුව ඔහු ඇයගේ සිරුර මසා එකලස් කර යළි ඇයට ජීවය ලබා දෙනවා.

ඉන්පසුව කථා තේමාව Inhumansලා කෙරෙහි යොමුවන්නට පටන් ගන්නවා. HYDRA එකෙන් සිදුවුණු ඛේදාන්තයෙන් පසුව Jiaying සිය වර්ගයා වන Inhumansලාට උදව් කරන්නටත්, ඔවුන්ට බලයන් ලබා දීමටත්, ඒ බලයන් ඔවුන්ට පාලනය කරන්න උදව් කරන්නටත් ඉදිරිපත් වනවා. Inhumansලාගේ පැවැත්ම සඳහා ඇය සියළුම Inhumansලාට සිටින්නට වෙනම ප්‍රදේශයක් සකසා ගන්නවා. එය හැඳින්වෙන්නේ Afterlife කියායි. මේ නිසාම Afterlife එකේ නායකත්වත් ඇයට හිමිවනවා. Skye තවමත් ජීවතුන් අතර බව Calගෙන් දැනගන්නා Jiaying, Cal සමඟ එකතු වී ඇයව Afterlife වෙත ගෙන්වාගෙන ඇයට බලයන් පාලනය කරන්න කියාදෙනවා. ඉන් පසුවයි Skyeට ඇගේ බලයන් පාලනය කරගන්න හැකියාව ලැබෙන්නේ. කොහොම නමුත් S.H.I.E.L.D. එකේ බලයන් සහිත පුද්ගලයන් සඳහා වන Index එකට විරුද්ධ වන ඇය S.H.I.E.L.D. එක සමඟ යුද්ධ ප්‍රකාශ කරනවා. නමුත් Season 2 එක අවසන් වෙන්නේ එක් පැත්තකට පමණක් වාසියක් ගෙන දෙන අයුරින් නෙවෙයි. ඒ ගැන වැඩි විස්තර අපේ review එකෙන් ඔයාලට කියවන්න පුළුවන්.

Agents of S.H.I.E.L.D. කථාමාලාවේ Jiayingගේ චරිතය රඟපාන්නේ Dichen Lachmanවිසිනුයි. ඇය The 100, Shameless, Last Resort, King & Maxwell, Being Human, Dollhouse, Neighbours, Aquamarine, Sunday Punch යනාදී වූ Tv series සහ චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදී ඇති අතිදක්ෂ ජනප්‍රිය නිළියක්ද වනවා.

#SmAsHeR
Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න