Marvel's Agents of S.H.I.E.L.D. - 03x04 - Devils You Know
Who is Lash the Inhuman???
Why didn't Lash kill Daisy???
What happened to Andrew Garner???
Bonus
One of craziest plot twisted fan theory
Full of Spoilers. Read at your own risk
හැබැයි විශේෂම කාරණය තමයි එයාට පුළුවන් සාමාන්‍ය මනුෂ්‍යයෙක් වෙන්න. ඇත්තටම මේක නම් කතාවේ තීරණාත්මක අවස්තාවක්. Lash කියන්නේ කවුරු වෙන්න පුළුවන් ද? අපි මේ ගැන තව ටිකකින් වෙනම කතා කෙරුවොත් හොදයි කියලා හිතෙනවා.
10. Why didn't Lash kill Daisy???
Lash බස් එකට පහර දීලා ෆ්‍රයි විනාශ කරලා දැම්මට පස්සේ එයා මිනිහෙක් බවට පරිවර්තනය වෙනවානේ. මෙතන දී එයා දකිනවා ඩේසි වැටිලා ඉන්නවා. හැබයි එයා ඩේසිට කරදයක් කෙරුවේ නෑ. එයා දන්නවා ඩේසි කියන්නේ ඉන්හියුමන් කෙනෙක් කියලා. එයාව අතහැරියේ මොකක් හින්දා ද? එක්කෝ එයා පිලි අරගෙන තියනවා ඩේසි කියන්නේ ඉන්හියුමන් කෙනෙක් වෙන්න සුදුසු කෙනෙක් කියලා. එහෙමත් නැතිනම් වෙනස් ම කාරණයක් හින්දා. අපි ඒ කාරණය ගැනත් අවසානෙට කතා කරමු.
Who is Lash the Inhuman???
Why didn't Lash kill Daisy???
What happened to Andrew Garner???
Bonus
One of craziest plot twisted fan theory
Full of Spoilers. Read at your own risk
අපේ Comic Script ඇඩ්මින් වරු එක එක ටීවී සිරිස් වල රිවිව් දෙන්න බෙදා ගෙන නේ ඉන්නේ. එතකොට එයාට පුළුවන් තමන් ලියන ටීවී සිරිස් එක වැඩි අවධානයක් ලබා දෙන්න. හැබයි ඉදලා හිටලා මේ පිළිවෙල වෙනස් වෙන වෙලාවල් තියනවා. අද ත් එහෙම අවස්තාවක්. වෙනදා ශිල්ඩ් රිවිව් එක ගේන සහෝදරයාට මේ සතියේ ලිපිය ලියන්න විදිහක් නැති හින්දා ඒ අවස්තාව මට හම්බුනා.
මේ සතියේ ශිල්ඩ් කතාව ගොඩක් සිදුවීම් සිද්ධ වුනු එකක්. සමහරක් ගැටළු සංකීර්ණ උණා නම් තමයි ඒත් සමහරක් ගැටළු විසදෙන මට්ටමකට ආවා. අපි බලමු එකින් එක සිද්ධිය අරගෙන මොකද උනේ කියලා.
1. S.H.I.E.L.D. vs ATCU
කලින් කොටස් වල අපි දැක්කා ශිල්ඩ් සහ ATCU අන්‍යෝන්‍ය එකඟතාවයකට ආවා තමන්ගේ පොදු හතුරා ඒ කියන්නේ නිල් පාට අද්භූත සත්වයා (Lash the Inhuman) පරදවන්න එකට වැඩ කරන්න. කලින් එහෙන් මෙහෙන් දැකපු මෙයාගේ වැඩ වල භයානක කම අපිට කතාව මුලදීම දකින්න හම්බුනා. ඒ අළුතින් බලය හම්බුනු අයට කලින් ඒ කියන්නේ දෙවෙනි සීසන් එකේ දී අපිට හම්බුනු ඉන්හියුමන් වරුන් දෙන්නෙක් මරලා දාන විදිහ දැක්කාට පස්සේ. මෙතන දී මෙයා අපිට දෙවෙනි සීසන් එකේ දී හම්බුනු Alisha ගේ අනුරූපයක් පවා මරනවා. ශිල්ඩ් සහ ATCU දෙකටම මොන විදිහේ කැප කිරීම් කරලා හරි මේ කෙනාව නවත්වන්න සිද්ධ වෙනවා.
මෙතන තියන විශේෂම කාරණය තමයි ATCU ප්‍රධානි රෝස්ලින්ඩ් ප්‍රයිස් සහ කෝල්සන් දෙන්නා අතර තියන ගනු දෙනුවේ ස්වභාවය. මේ දෙන්නා එකට වැඩ කරන්න පටන් ගත්තත් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර වලට මුල් තැන් දෙනවා. හැබයි කලින් තිබ්බට වඩා දෙන්නා අතර සම්බන්ධය සංකීර්ණ වෙලා තියනවා. පැහැදිලිවම අනිත් කෙනාගේ වැඩ අගය කිරීමක් මේ දෙන්නාට ම තියනවා. බලමු ඉස්සරහට මේ දෙන්නා ම කරන්නේ රඟ පෑමක් ද කියලා.
2. Jemma Simmons and her mystery
සිමන්ස් ව මේ ලෝකෙට ආපහු ගෙනාවත් හරි එයා සම්පුර්ණ යතා තත්ත්වයට පත් වෙලා නෑ. අර ග්‍රහලෝකේ ඉන්න කොට එයාට මුහුණ පාන්න සිද්ද වුනු දෙයක් ගැන එයා තවමත් කම්පනයෙන් ඉන්නේ. ඒ හින්දා එයාට ඕනේ කරනවා ආපහු ඒ ලෝකේ ට යන්න. හැබයි ඒ හැරුනාම එයා ඉන්නේ පුර්ණ මානසික සෞඛ්‍ය තත්ත්වයෙන්. ගාර්නර් පරික්ෂා කරද්දී පිළිතුරු දීපු විදිහෙන් ඒක හොදටම පැහැදිලි උනා.
එයා ගේ අවශ්‍යතාවය මුලින් ම දැන ගත්තේ බොබී විතරක් උණාට කතාව අවසානයට ෆිට්ස් ටත් දැන ගන්න හම්බෙනවා. මේ ගැන වැඩි තොරතුරු අපිට ඊලඟ කොටසින් බලා ගන්න පුලුවන් වෙයි, මොකද ඒ කොටසේ නම 4722 Hours. ඒ කියන්නේ දල වශයෙන් මාස 6.5 ක කාලයක්. අපිට අනුමාන කරන්න පුළුවන් මේ කතා කරන්න යන්නේ සිමන්ස් ග්‍රහලෝකේ හිරවෙලා හිටපු කාලය ගැන කියලා.
3. Ward is climbing the ladder
අපේ පරණ යාලුවා වෝර්ඩ් දැන් හයිඩ්‍රා එක පිළිවෙලකට පවත්වා ගෙන යනවා. විශේෂම කාරණය තමයි එයාව හදුන්වන්නේ ඩිරෙක්ටර් කියලා. හයිඩ්‍රා ගොඩ නන්වන අතර තුරේ දී එයාට පැහැදිලි වෙන්නේ ආයතනයක් විදිහට ශිල්ඩ් එකේ ව්‍යූහය ගොඩක් ශක්තිමක් එකක් කියලා.
4. Hunter 'Solo"man
හන්ටර් ගේ එකම අරමුණ තමයි වෝර්ඩ් විනාශ කරලා දාන එක. ඒ වෙනුවෙන් ඕනෑම දුරකට ගමන් කරන්න උනත් එයා ලැස්ති යි. ගාර්නර් ගේ ජිවිතේ ගැන හිතලා ඒජන්ට් මේ දෙගිඩියාවෙන් ඉද්දි හන්ටර් තමන්ගේ අරමුණ වෙනුවෙන් ගාර්නර් ගේ ජීවිතය උණත් කැප කරලා යන්න සුදානම් උණා. මෙතන දී එයා ගේ උපක්‍රමය නම් එච්චර සාර්ථකයි කියලා කියන්න බෑ. එයා උත්සාහ කෙරුවේ හයිඩ්‍රා එකට සම්බන්ධ වෙලා වෝර්ඩ් ගැන තොරතුරු හොයා ගන්න. ඒත් එයා නොහිතපු විදිහට පලවෙනි මෙහෙයුමේ දීම එයාට වෝර්ඩ් මුණ ගැහෙනවා. හන්ටර් හිතුවේ වෝර්ඩ් හයිඩ්‍රා එකේ ප්‍රධානියා හින්දා මොළකාරයා විදිහට පැත්තක ඉදලා සේරම මෙහෙයවනවා කියලා. ඒත් වෝර්ඩ් කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ ක්‍රියාන්විතයට පුහුණු වුනු කෙනෙක්. ඒ හින්දා එයා පුද්ගලිකවම මෙහෙයුමට නායකත්වය දෙන්න ඉදිරිපත් වුනු එක පුදුමයක් නෙවේ.
5. Cavalry is back
ආපහු ඒජන්ට් මේ කෝල්සන් හම්බෙන්න එනවා. එයා හන්ටර් එක්ක එකතු වෙලා වැඩ කෙරුවාට ශිල්ඩ් එකට සමබන්ධ උනේ නෑ මෙච්චර දවසක්. හැබැයි මීට පස්සේ නම් එයා පරණ පුරුදු විදිහට දිගටම ශිල්ඩ් එකත් එක්ක වැඩ කරයි කියලා හිතෙනවා.
(කෝල්සන් සහ ඒජන්ට් මේ හම්බෙන අවස්ථාවේ රූප රාමුව බැලුවොත් ඔයාලට විශේෂ දෙයක් දකින්න පුලුවන්. ඒ තමයි කෝල්සන් ගේ අත කපලා අයින් කරපු පොරව එයා සිහිවටනයක් විදිහට තියා ගෙන ඉන්නවා)
6. Screwed Marriage
ගාර්නර් සහ ඒජනට් මේ අතර විවාහය ඇත්තටම හිතා ගන්න බැරි තරම් විදිහේ එකක්. ගාර්නර් කියන්නේ ගොඩක් සන්සුන් පුද්ගලයෙක්. ඒත් ඒජන්ට් මේ කියන්නේ ගොඩක් දරදඬු කෙනෙක්. හැබයි එයා ඇතුලාන්තයෙන් ගාර්නර් ට ගොඩක් ආදරෙයි. වෝර්ඩ් ගාර්නර් ගේ ජිවිතේ අනතුරේ කියලා කියද්දී ඒජන්ට් මේ සැහෙන්න අසරණ උණා. ඒ වගේ අවස්ථාවකට ඒජන්ට් මේ පත් උණාමද කොහෙද.
ගාර්නර් සහ මේ අතර විවාහයේ දී අයින් වුනේ මේ කියලා අපි කලින් සතියක දැන ගත්තා නේ. හැබයි අපි අද තවත් දෙයක් දැන ගත්තා. ඒ තමයි ගාර්නර් ටික කාලයක් අතුරුදහන් වෙලා හිටියා කියලා. ඒජන්ට් මේ ට අවශ්‍යම මොහොතේ එයා ළඟ ඉදලා නෑ. ෆෝන් එකක් ආන්සර් කරලා නෑ. මැසේජ් එකක් එවලා නෑ. මේ වැඩේ හින්දා ඒජන්ට් මේ ට ලොකු බලපෑමක් වෙන්න ඇති. හැබයි ඊට වඩා ලොකු දෙයක් මෙතන තියනවා. මේ කාලේ ඇත්තටම ගාර්නර් ට මොකද උනේ? අපි මේ ගැන අවසානෙට කතා කරමු. මොකද ඔයලා නොහිතන දෙයක් මෙතන තියෙන්න පුළුවන්.
7. Bobbi is getting better
මේ ගැන පොඩි වචනයක් හරි කතා කෙරුවේ නැතිනම් අඩුවක් වගේ හිතුනා. මේ වෙද්දී බොබී ශාරීරික අතින් යම්කිසි තැනකට ඇවිත් තියනවා. එයාට තවම සක්‍රීය මෙහෙයුම් වලට සම්බන්ධ වෙන්න බැරි උණත් ඉක්මනටම ඒ අවස්තාව ලැබෙයි කියලා හිතනවා. මොකද එයා ලැබ් එකේ කරන වැඩේට වඩා වැඩි දෙයක් එලියට ගිහින් කරන්න පුලුවන්. ෆිට්ස් සහ සිමන්ස් දෙන්නා තමයි ලැබ් එකේ වැඩ වලට හොදටම ගැලපෙන්නේ කියන කාරණය ඉතාම රසවත්ව මේ සතියේ අපිට දැක ගන්න පුළුවන් උණා.
8. Frye was fried
කතාවේ අද හඳුන්වා දීපු ඉන්හියුමන් වරයා තමයි Dwight Frye කියන්නේ. මෙයාට ඉන්හියුමන් වරුන් ළඟ ඉද්දි විශේෂ අසාත්මිකතාවයක් දක්වනවා. මෙයා ඉන්හියුමන් වරුන් අල්ලා ගන්න Lash ට උපකාර කරපු විදිහ ගැන මම වැඩිය කතා කරන්න යන්නේ නෑ. ඊට වඩා වැදගත් දෙයකට අවධානය යොමු කරන්න හදන්නේ. එයා කියනවා Lash මේ වැඩේ කරන්නේ එයාගේ කැමැත්තෙන් නෙවේ කියලා. අපි දන්නවා නේ Lash කරන්නේ ඉන්හියුමන් වරුන් පරික්ෂා කරලා නුසුදුසු අය විනාශ කරනවා කියලා. හැබයි Lash මේ දේ කරන්නේ කැමැත්තෙන් නෙවේ. එයාට මේ කාරණය කරන්න සිද්ධ වෙලා තියනවා. අපිට මේ කාරණය ගොඩක් වැදගත්. ලිපිය අවසානේ දී ඒ මොකද කියලා කියන්නම් මම.
9. Who is Lash the Inhuman???
මේ සතියේ අපිට Lash ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් උණා. එයාගේ ශක්තිය, ඒ වගේම කුරිරු කම. ඒ විතරක් නෙවේ එයා මේ දේවල් කරන්නේ කැමත්තෙන් නෙවේ එයාට කරන්න සිද්ධ වෙලා තියන හින්දා කියලා.
10. Why didn't Lash kill Daisy???
Lash බස් එකට පහර දීලා ෆ්‍රයි විනාශ කරලා දැම්මට පස්සේ එයා මිනිහෙක් බවට පරිවර්තනය වෙනවානේ. මෙතන දී එයා දකිනවා ඩේසි වැටිලා ඉන්නවා. හැබයි එයා ඩේසිට කරදයක් කෙරුවේ නෑ. එයා දන්නවා ඩේසි කියන්නේ ඉන්හියුමන් කෙනෙක් කියලා. එයාව අතහැරියේ මොකක් හින්දා ද? එක්කෝ එයා පිලි අරගෙන තියනවා ඩේසි කියන්නේ ඉන්හියුමන් කෙනෙක් වෙන්න සුදුසු කෙනෙක් කියලා. එහෙමත් නැතිනම් වෙනස් ම කාරණයක් හින්දා. අපි ඒ කාරණය ගැනත් අවසානෙට කතා කරමු.
11. What happened to Andrew Garner???
කතාව අවසානෙට සිද්ධ වෙන මේ දේ නම් හිතා ගන්නත් බැරි තරම්. ගාර්නර් හිටියේ ස්ට්‍රයිකර් ගේ ග්‍රහණයට අහුවෙලා. ඒ වගේම දැනුම් දීමක් කරපු ගමන් මැරෙන්න නියම වෙලා. අවසානේ දී අපි දකිනවා ලේ ගොඩක් මැද කෙනෙක් වැටිලා ඉන්නවා. හැබයි එයාගේ මුණ පෙන්නන්නේ නෑ. ඊට පස්සේ එතන ගිනි ගන්නවා. එතනින් එලියට පැනලා එන ස්ට්‍රයිකර් ගේ මුණ බැලුවා ද? අපි හොදටම දන්නවා එයා ගියේ අවශ්‍ය උනොත් ගාර්නර් මරන්නත් එක්ක. එහෙනම් ඇයි එයා බයවෙලා ඉන්නේ. එතන මොකක් හරි දෙයක් වෙලා තියනවා.
12. Bonus
ඔන්න අපි දැන් කතා කරන්න යන්නේ විකාරම ෆෑන් තියරි එකක්. හැබයි මේක වෙන්න බැරි කමක් නෑ කොහෙත්ම. මේක සිද්ධ උනොත් නම් ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල R+L=J තියරි එකට පස්සේ ආපු හොදම ෆෑන් තියරි එක වෙනවා.
මම පොඩ්ඩක් මේ ලිපියේ අවධාරණය කරපු දේවල් ටිකක් ආපහු මතක් කරන්නම්.
1. ගාර්නර් එක කාලයක් අතුරුදහන් වෙලා ඉදලා තියනවා. ඒ කියන්නේ කිසිම පණිවිඩයක් නැතුව
2. Lash ඉන්හියුමන් වරුන් විනාශ කරන්නේ කැමැත්තෙන් නෙවේ. එයාට මේ දේ කරන්න සිද්ද වෙලා තියන එකක්.
3. Lash මිනිහෙක් බවට පරිවර්තනය වෙනවා
4. Lash ඩේසි දැකලා එයාව මරන්නේ නෑ
5. ගාර්නර් මරන්න ගිය ස්ට්‍රයිකර් එලියට දුවගෙන එනවා ගොඩක් බය වෙලා. ඒ ඇයි?
දැන් නම් ඔයාලට මම කියන්න යන්නේ මොකක්ද කියලා පැහැදිලි ඇති. ඔව් Andrew is LASH. අපිට මේ කරුණු වලින් එළඹෙන්න පුළුවන් තර්කානුකුල නිගමනය මේකයි. එයා ශිල්ඩ් බේස් එකේ ඉන්න හැම ඉන්හියුමන් කෙනෙක් ම පරික්ෂා කරන්න ඕනේ කියලා ඉල්ලන්නෙත් මේ හින්දා කියලා හිතෙනවා. එයා ඔමේගා 3 වලින් මේ තත්ත්වයට පත් වෙලා කියන කාරණය වෙන්න පුළුවන් දෙයක් නේ. ඒ වගේම එයා ඩේසිට කරදරයක් කරන්නේ නෑ. ඒ නැතත් එයා හොදටම දන්නවා ඩේසි කියන්නේ ඉන්හියුමන් කෙනෙක් වෙන්න හොදටම සුදුසු කෙනෙක් කියලා. මේක මෙහෙම උනොත් නම් අපිට කතාවේ ලොකු ලොකු සිදුවීම් ගොඩක් වෙන්න පුළුවන්.
හැබයි මේක ෆෑන් තියරි එකක් විතරයි. තව මතයක් තියනවා Lash කියන්නේ රොසලින්ඩ් ප්‍රයිස් කියලා. ඒ වගේම එයාගේ ප්‍රධාන අනුගාමිකයා බෑන්ක්ස් වෙන්නත් පුළුවන් කියලා. ඒත් ඒ එකක් වත් මේ තරම් ශක්තිමත් නෑ. සමහරක් විට මේ තුන් දෙනාම නෙවේ වෙන්නත් පුළුවන්. ඔයාලා මොකද හිතන්නේ මේ ගැන. අපිත් එක්ක ඔයාලගේ මතය බෙදා ගන්න කියලා ඉල්ලනවා.
#attila_THE_hun
Skye ge dad ge wadak wenne barida.
ReplyDeleteSkye ge dad ge wadak wenne barida.
ReplyDelete