Arrow - 04x03 - Restoration
Full of Spoilers. Read at your own risk
Bonus
Wanna play cards with Double Down???
Most unlikable character of the show goes to again.... Guess who
Did Sara get up from the wrong side of the Lazarus pit???
Bonus
Felicity you have a text massage
ඇරෝ කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ඔන්න අපි අදත් ආවා. ඇත්තටම ඇරෝ කතාව හතර වෙනි සීසන් එකෙන් පස්සේ පුදුමාකාර වෙනසකට ලක් වෙලා තියනවා. අපි කලිනුත් කිව්වා වගේ සීසන් 3 තිබුණු අඳුරු ගතිය මේ සීසන් එකේ දී නැති වෙලා ගිහින්. වරදවා වටහා ගන්න එපා මෙතන දී අපි කතා කරන්නේ ඔලිවර් ට සාපේක්ෂව කියලා.
හරි එහෙනම් වැඩි කතා නැතුව මේ සතියේ උනේ මොකද කියලා බලමු.
1. OG / OTA
ඇත්තටම අද කතාව අපිව ආපහු මුලම සීසන් එකට ගෙනියනවා වගේ, ඒ කියන්නේ ඔලිවර්, ෆෙලිසිටි සහ ඩිගල්ස් විතරක් එකතු වෙලා අපරාධ වලට එරෙහිව සටන් කරනවා. අද කොටසේ දී අපි දැක්කා මේ තුන්දෙනා විතරක් ආපහු එකතු වෙලා ඉන්නවා. ෆෙලිසිටි කිහිප සැරයක්ම මේ ගැන මතක් කරලා දුන්නා අපිට, The Original Gangsters, Original Team Arrow
2. Assassin League
දැනට ඉන්න රේෂ් අල් ගුල් තමයි මැල්කම් මර්ලින්. මෙයත් එක්කම තමයි "නිසා" ඉන්නෙත්. අපිට මෙච්චර දවසක් මේ දෙන්නා විස්තරයක් දකින්න හම්බුනේ නෑ. හැබයි ලෝරා සහ තියා සේරා ගේ මිනිය අරගෙන Nanda Parbat වලට ආවට පස්සේ මේ දෙන්නාව ආපහු මුණ ගැහෙනවා. දෙන්නා ගේ වැඩි වෙනසක් නම් නෑ. කලින් හිටපු විදිහ ම තමයි. මැල්කම් නම් කලින් හිටියා ටත් වඩා දරුණු වෙලා ද මන්දා. මොකද එයා තියාට උදව් කරනවා කියලා කරන දේ හිතා ගන්න බැරි තරමට දුෂ්ට වැඩක්.
3. Most unlikable character of the Show, Laurel Lance
මේක නම් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. අපිට ඒ කාලේ ඉදන් ම ලෝරල් වැඩිය දිරෙව්වෙ නෑනේ. මේ සතියේ කතාවේ මේ තත්ත්වය තවත් වැඩි උණා. ඇත්තටම කියනවා නම් ලෝරල් අප්පිරියාම උණා. අනිත් සේරම එපා කියද්දී සේරා ව මරණයෙන් නැගිට්ටවන්න මෙයාට ඕන වෙනවා. සහෝදර කැක්කුම තිබ්බා උණාට මේ දේ කෙරුවොත් ඊට එහා දෙයක් වෙනවා කියන කාරණය හොදටම පැහැදිලිව තියෙද්දිත් ලෝරල් ට ඕන වෙනවා සේරා ආපහු ගෙන්වන්න. හැබයි ඇත්තම කියනවා නම් මෙතන උනේ ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ කතාවට සේරා ගෙන්වන්න ඕනේ හින්දා ලෝරල් බිල්ලක් කරපු එක. එහෙම නැතිනම් මැරිලා ඉන්න සේරා ව ගේන්න ඕන කමක් වෙන කෙනෙක් ට නෑනේ. ඒ මොනවා උනත් ලෝරල් නම් කතාවේ ඉන්න එපාම කරපු චරිතය තවමත්.
4. Effects of Lazarus pit
තියා ගේ සිද්ධියෙන් පස්සේ අපි දන්නවා ලාසරස් පිට් එකේ බලපෑම කොච්චර බලවත් ද කියලා. ඒ එක්කම සේරා ගේ නැවත පණ දීමේ ක්‍රියාවලිය හින්දා අපිට දකින්න හම්බුනේ වෙනස් ම කෙනෙක්. හැබයි සේරා මේ තත්ත්වයෙන් ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ එකට සම්බන්ධ කරන්න බෑ. එයාව යතා තත්ත්වයට පත් කරන්න ඕනේ වෙනවා. මම හිතන්නේ ලබන සතියට පස්සේ සතියේ මේකට විසදුමක් ලැබෙයි. ඒ කොන්ස්ටන්ටයින් කතාවට එකතු වෙන හින්දා.
ලාසරස් පිට් එකට තුවාල සුව කිරීමේ හැකියාවකුත් තියනවා. මැල්කම් ගේ තුවාලය ක්ෂණිකව හොඳ කරන්න ඒකට පුළුවන් උණා. හැබැයි මේ මොනවා කරන්නත් ආයේ ඉඩක් නෑ. මොකද නිසා මේක විනාශ කරලා දැම්මා නේ.
5. Sara got up from the wrong side of the Lazarus pit
ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ ට්‍රේලර් එක ආපු ගමන්ම අපි හැමෝම පුදුම වෙලා බලපු සිද්ධිය මතක නේ.
එතන දී සේරා ලාසරස් පිට් එකෙන් ගොඩ වෙලා එන්නේ හරිම උද්වේග කාරී විදිහට. හැබයි අපිට ඒ සිද්ධිය ඇත්තටම දකිද්දී නම් තත්ත්වය ඊට වඩා වෙනස්. එයා ගේ ඇඟේ ඇඳුමක් එහෙමත් තිබ්බා. (ඒක නෙවේ, ඇමරිකාවේ මිනි වලට අන්දවන්නේ ඇඟට හිරවුණු කලිසම් ද?). මේකට දෙන්න පුළුවන් පැහැදිලි කිරීම තමයි අර දර්ශනය ට්‍රේලර් එකට විතරක් යොදා ගත්ත එකක් කියන එක. මොකද එතන දී අපිට සේරා ව ලාසරස් පිට් එකට ඇතුල් කරන දර්ශනයක් පෙන්වන්න ඕනේ උනේ නෑනේ. ඒ හින්දා බලන හැමෝගෙම හුස්ම හිරවෙන විදිහට අපිට ඒක දුන්නා. ඒත් ඇත්තටම කතාව යනකොට එහෙම බෑනේ. ඒ හින්දා ටිකක් සංවර කරන්න උනා වෙන්න ඇති.
6. Mina Fayad
ඩිගල් ට එයාගේ බිරිඳ ගේ මාර්ගයෙන් තමන් ගේ සහෝදරයා ගේ ඝාතනය ගැන හෝඩුවාවක් හම්බෙනවා. ඒ ඝාතනයට අණ දුන්නේ මීනා ෆයාඩ් කියලා කෙනෙක් ගැන. එයා ඩේමියන් අතින් කෘර විදිහට මැරුණා කියන එක විතරයි අපිට කතාවෙන් වැදගත් වෙන්නේ. මෙයා ජිවත් වෙලා හිටියා නම් ඩිගල්ස් ට යම්කිසි බලාපොරොත්තුවක් තිබ්බා ඇත්ත විස්තරේ හොයා ගන්න. ඒත් ඒ අවස්තාව නැති වෙලා ගියා. මෙතන දී තව පොඩි දෙයක් තියනවා. මෙතන දී මීනා ෆයාඩ් ආවේ Markovia වෙන් කියලා කියන්නේ. මාකෝවියාව කියන්නේ Geo-Force එහෙමත් නැතිනම් බ්‍රයන් මාර්කොව් සහ ටෙරා මාර්කොව් කියන අයියයි නංගිගෙයි උපන් රට. මේ දෙන්නාටම පුළුවන් පොළව හෝ පස් සම්බන්ද දේවල් පාලනය කරන්න. හැබයි මේකෙන් අදහස් කරන්නේ නෑ මේ දෙන්නාව අපිට ඇරෝ එකේ දී දකින්න හම්බෙනවා කියන එක.
7. Jeremy Tell aka Double Down
අපිට මේ සතියේ හදුන්වාලා දීපු චරිතය තමයි ජෙරමි ටෙල් එහෙමත් නැතිනම් ඩබල් ඩවුන්. කොමික් වල දී නම් මෙයා ගැන සඳහන් වෙන්නේ මෙයා කාඩ් ගහලා පැරදිලා ඒ තරහට දිනපු කෙනා මරනවා කියලා. එතන දී ශාප කරපු කාඩ් කුට්ටමක් මෙයාගේ ඇඟේ ඇලෙනවා. මෙයාට තියෙන්නේ ඇත්තටම මැජික් බලයක්. ඒ මැජික් බලයෙන් තමයි මෙයා ඇඟේ තියන කාඩ් විසි කරන්නේ.
හැබැයි ඇරෝ කතාවට එද්දී මෙයා මැජික් වලින් අයින් කරලා කෙලින්ම මෙටා හියුමන් කෙනෙක් කරනවා. ඇත්තටම මේක නම් විහිළුවක්. DC කොමික් වල චමත්කාරයක් තමයි සුපිරි වීරයන්ට බලයන් ලැබෙන ආකාරය හිතා ගන්න බැරි තරමටම අමුතු වීම. මෙහෙම විද්‍යාත්මක පැහැදිලි කිරීම් දෙන්න ඕනේ නෑ ඔරිජින් එකකට. අඩු ගානේ කොන්ස්ටන්ටයින් කතාවට එකතු වෙන හින්දාවත් මේ දේ නොකර ඉන්න තිබ්බා. මොනවා උණත් අපිට මෙයා ගේ හැකියාව විද්‍යාත්මක අර්ථ දැක්වීමකින් ලැබෙනවා. කතාව අවසානයේ එයාගේ නවාතැන වෙන්නෙත් ෆ්ලෑෂ් ගේ මෙටා හියුමන් සිර මැදිරිය. මෙයා කතාවට අහසින් කඩා පාත් වෙලා වගේ ඇවිත් එක පාරටම යන්න ගියාට එක හොඳ දෙයක් කරලා දීලා ගියේ. ඒ තමයි ඔලිවර් සහ ඩිගල්ස් අතර සහයෝගය ආපහු ඇතිකරපු එක.
8. Damien Darhk the villain of the week (month or year)
ඩේමියන් කියන්නේ ඇත්තටම ඇරෝ කතාවට ලොකු සම්පතක්. මේ චරිතය කරන Neal McDonough තමන් ගේ වගකීම නියම විදිහට ඉෂ්ට කරනවා වගේම කතාව තුලින් එයාට ලබා දීලා තියන ස්ථානයත් ගොඩක් වැදගත්. එයාගේ පෞර්ෂත්වය වගේම කුරිරු කම කතාවට ගොඩක් වටිනවා. ඒ වගේම ඉදලා හිටලා විතරක් පෙන්වන මෙයාගේ හැකියාවන් වලිනුත් මෙයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා තමයි පේන්න තියෙන්නේ.
9. Felicity the Badass
එන්න එන්නම ෆෙලිසිටි විශේෂ වෙනවා. අද ඔලිවර් සහ ඩිගල්ස් අතර ගැටුමේ දී ෆෙලිසිටි හැසිරුණු විදිහ හිත ගන්නත් බැරි තරම්. එයා ඔලිවර් ට පවා කට වැහෙන්න කතා කරනවා. (පොඩ්ඩක් ඉන්න හැබයි. මේ දෙන්නා බැන්දේ නැති උනාට එක ගෙදරනේ ඉන්නේ. එතකොට කොහොමත් ඉතින් ඕන පිරිමියෙකුට ඔලුව නවන්න වෙනවා නේ).
හැබයි එයා ඩබල් ඩවුන් ආපු වෙලාවේ හැසිරුණු විදිහ තමයි ගොඩක් ම නිර්භීත. එතන හිටපු Curtis ට පවා වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරි උණා. කලින් හිටපු අහිංසක කෙල්ල ද දැන් ඉන්න චණ්ඩි කෙල්ල ද වඩා හොඳ කියලා දැන් නම් හිතා ගන්න බැරිව ඉන්නේ.
10. T-Spheres
මේ ගැන නම් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මේ තියෙන්නේ මිස්ටර් ටෙරිෆික් භාවිතා කරන T-Spheres.
10. Oliver's Flash back
වෙනදා වගේම මේ පාරත් ෆ්ලෑෂ් බෑක් එකෙන් අපිට අතිරේක කතාවක් දකින්න පුළුවන් උණා. ඔලිවර් කොහොමද විශ්වාසය දිනාගෙන වැඩ කරන්නේ, ඒ වගේම පවරපු රාජකාරිය කරන ගමන් අහිංසක කට්ටිය ට පිහිට වෙන්නේ කියන කාරණය ගැනත් එයා හිතනවා.
Bonus
Who send the massage?
අපිට දකින්න හම්බෙනවා ෆෙලිසිටි ගේ ෆෝන් එක අමුතු ආකාරයට හැසිරෙනවා. ෆෙලිසිටි ෆෝන් එක ඕෆ් කරලා ආපහු ඔන් කෙරුවත් වෙනස් වෙන්නේ නෑ. පස්සේ වෙලාවක අපිට Matrix ෆිල්ම් එකේ දැකපු විදිහේ රහස් කේත ක්‍රමයකින් පණිවිඩයක් එනවා පේනවා ෆෙලිසිටි ගේ ෆෝන් එකට. අන්තිමේ ඒක නතර වෙන්නේ Felicity කියලා ෆෝන් එකේ සටහන් වෙලා. කවුද මේ විදිහට ෆෙලිසිටි ට මැසේජ් එවන්න ඉන්නේ. මේ වෙන කවුරුවත් වෙන්න විදිහක් නෑ රේ පාමර් හැරුනාම. මොකද අපි හොදටම දන්නවා නේ එයා මැරිලා නෑ කියලා. එයා ක්ෂුද්‍ර අනුක තත්ත්වයට පත් වෙලා ඉන්නේ. එයාට පණිවිඩයක් එවන්න ඉන්න විශ්වාසම කෙනා වාගේම සංකීර්ණ පණිවිඩයක් තේරුම් ගන්න දක්ෂ කෙනා වෙන්නෙත් ෆෙලිස්ටි විතරනේ. ඒ හින්දා සැකයක් නැතුවම මේ නම් රේ පාමර් ආපහු ගෙන්වන කරන උත්සාහයක්. එක අතකට මේක කොමික් වල දී Atom ගේ හැකියාවක් වෙන ටෙලිෆෝන් එකක් හරහා යන්න පුළුවන් කියන එකට පොඩි ඉඟියක් දෙනවා. ඉක්මනටම අපිට රේ පාමර් එකතු වෙනවා බලා ගන්න පුළුවන් වෙයි.
ඇරෝ ඊළඟ සතියේ කොටසේ ට්‍රේලර් එක නිකුත් වෙලා තියෙන්නේ. ගොඩක් දේවල් වෙන්න ඉඩ තියනවා වගේ එකේ දීත්. මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා එහෙනම්.
attila_THE_hun
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න