Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow Season 4 Episode 01

Arrow Season 4 Episode 01
Arrow S04E01 Review - Green Arrow

********************************
Who the f*** is dead????

Lance, Are you kidding???

Damian Darhk’s Forth Wall Break

>>>>>>>> Full of Spoilers. Read at your own risk<<<<<<<<<<<<<

ආපහු කොමික් වසන්තය ඇවිත් තියෙන්නේ. දැනට සති දෙකක වගේ කාලයක් තිස්සේ දැනෙන්න පටන් ගත්ත උණුසුම උපරිමයට ආවේ මේ සතියේ. ඒ සතිය ආරම්බයේ දීම හැමෝම නොහිතපු දෙයක් සිද්ධ වුනු ගෝතම් කතාවෙන්. ඊට පස්සේ එකිනෙකට නොදෙවෙනි විදිහට ආපු ෆ්ලෑෂ් කතාව සහ ශිල්ඩ් කතාව හින්දා ඒ උණුසුම දෙගුණ තෙගුණ උණා. හැබයි ඒක පරිසමාප්ත තත්ත්වයට ගෙනාවේ ඇරෝ කතාවෙන්. ඒකට කතාව පුරා හැංගිලා තිබ්බ Easter eggs වලටත් වඩා අවසානයට දකින්න හම්බුනු සිදුවීම් දෙකක් හින්දා. මේ හින්දාම සීසන් 3 පුරාවටම ඇරෝ කතාවෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් වුනු ප්‍රේක්ෂකයින් එක රැයින් ආපහු ඇරෝ කතාව වටා එකතු උණා. අපි බලමු මේ සිදුවීම් එකින් එක අරගෙන.

සීසන් 4 පටන් ගන්නේ සීසන් 3 ඉවර වෙලා මාස 6 කට පස්සේ. ගිය පාර සීසන් එක නතර වෙද්දී ඇරෝ කියන චරිතය මිය ගිය විදිහට තමයි ලෝකයා දැනගත්තේ. ඒ මතයට ඉඩ දීලා ඔලිවර් සහ ෆෙලිසිටි කෝස්ට් සිටි වලට යනවා. රේ පාමර් මිය යනවා. (දැනට තියන සාක්ෂි අනුව). එයාට කරන ගරු කිරීමක් විදිහට ස්ටර්ලින් සිටි ස්ටාර් සිටි විදිහට නම් කරනවා. ඒ කියන්නේ කොමික් වල තියන නම දැන් භාවිතා වෙනවා කෙලින්ම. ස්ටාර් සිටි වල ආරක්ෂකයෝ විදිහට තියා, ලෝරල් සහ ඩිගල්ස් වැඩ කරනවා.
සීසන් 4 වල කතාව පටන් ගන්නේ මෙතන ඉදන්. අපි බලමු ඒ කරුණු මොනවා ද කියලා.



01. ඔලිවර් සහ ෆෙලිසිටි දෙන්නා සමඟි සමාදානයෙන් ජිවත් වෙනවා. මහත්තයා මහන්සි වෙලා එද්දී නෝනා කෑම උයාගෙන බලාගෙන ඉන්නවා. මෙන්න මේක ගොඩක් වැදගත් තැනක් කොල්ලනේ. කසාදයක් කරගත්ත දවස ක දී අපිට උයාගෙන ම කන්න වෙනවා. කොම්පියුටර් එක බදාගෙනම ඉන්න කෙල්ලෝ කොච්චර ලස්සන උනත් බිත්තරයක් ඔම්ලට් දා ගන්න දන්නේ නෑ. කතාව අන්තිම වෙනකල් ඔලිවර් ට මුද්ද දී ගන්න බැරි උණත් ඔලිසිටි සම්බන්ධය දැන් උපරිම මට්ටමකට ඇවිත් කියන්න හොදම උදාහරණයක්. ඒ වගේම ඔලිවර් වෙනුවෙන් ෆෙලිසිටි කරපු විද දරා ගැනීම් උනත් පුදුම හිතෙනවා.

02. ඒ අතර තුරේ දී ස්ටාර් සිටි වල ලෝරල් සහ තියා, කැනරි සහ රෙඩ් ඇරෝ විදිහට අයුක්තියට එරෙහිව සටන් කරනවා. මේ දෙන්නාට උදව්වට ඉන්නේ අපේ ඩිගල්ස් උණාට අපිට දැන් කලින් විදිහට එයා දිහා බලන්න බෑ. ඒකට හේතුව තමයි එයාගේ අලුත් ඇදුම ටිකක් විතර අවුල්.

03. ඔලිවර් ආපහු ස්ටාර් සිටි වලට ඇතුල් වෙන තැන තියන මේ පුවරුව අපිට මතක් කරලා දෙනවා ඇයි ස්ටාර්ලින් සිටි ස්ටාර් සිටි උනේ කියන කාරණය.

04. ඔලිවර්ට තේරෙනවා මේ පහුගිය කාල සීමාව තුල ලොකු වෙනස් කම් වෙලා කියලා එයාගේ කණ්ඩායමේ. ලෝරල් එහෙමත් නැතිනම් කැනරි නායකයෙක් විදිහට දියුණු වෙලා තියනවා. එතකොට ඩිගල්ස් තාමත් සමාව දීලා නෑ ඔලිවර් ට. වැඩි දෙයක් ඕනේ නෑ පහුගිය කාලේ පුරාම ෆෙලිසිටි පවා ඔලිවර් ට රහසින් ටීම් ඇරෝ එකට උදව් කරලා තියනවා. හැබයි ඔලිවර් ගොඩක් දැනෙන්නේ තියා ගේ වෙනස. එයාට තරහා පාලනය කරගන්න බෑ. ඒ කියන්නේ ලාසරස් ෆිට් එකේ බලපෑම තවමත් තියා ට තියනවා වෙන්න පුළුවන්.

05. KORD Industries එහෙමත් නැතිනම් Kord Omniversal Research and Development Industries කියන්නේ DC යුනිවර්ස් එකේ තියන ගොඩක් ප්‍රසිද්ධ සමාගමක්. මේක ගැන අවස්ථා කිහිපයක දීම අපිට දකින්න ලැබුනා. ඒ වෙලාවට අපි ඒ ගැන සඳහනක් කෙරුවා ඔයලාට මතක ඇති. හැබයි මේ කොටසේ දී ටිකක් වැඩි අවධානයක් දුන්නා මේ සමාගමේ නමට. මේ සමාගමේ අයිති කාරයා තමයි Ted Kord. ඒ කියන්නේ දෙවෙනි Blue Beetle. මෙයත් එක්කම එකට යන නමක් තියනවා. ඒ තමයි Booster Gold. බ්ලු බිට්ල් සහ බුස්ටර් ගෝල්ඩ් දෙන්නා ඉස්සරට DC යුනිවර්ස් එකට සම්බන්ධ කරනවා කියලා මේ වෙද්දී තහවුරු වෙලා ඉවරයි නේ. හැබයි ගැටලුව තියෙන්නේ ඒ CW යුනිවර්ස් එකේ නම් නෙවේ. DCEU එකේ දී. එහෙනම් ඇයි ඇරෝ කතාවේ දී මේක ගැන වැඩි අවධානයක් දෙන්නේ. මේකට දෙන්න පුළුවන් ගැලපෙනම පැහැදිලි කිරීම තමයි මේක නිෂ්පාදනය කරන්නෙත් ඇරෝ, ෆ්ලෑෂ්, ලෙජන්ඩ් ඔෆ් ටුමෝරෝ, සුපර් ගර්ල් (අවසානාවකට වගේ ග්‍රීන් ලැන්ටර්න් ෆිල්ම් එකත්) නිෂ්පාදන කරපු/ කරන Greg Berlanti කියන කටකතාව මේ වෙද්දී සෑහෙන දුරකට ඇත්ත වෙලා තියනවා කියන කාරණය.

06. ෆ්ලෑෂ් කතාව තවමත් මීට සමගාමිව සිද්ධ වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ලාන්ස් මතක් කරන ෆ්ලෑෂ් ඩේ එක. මතක නේ අපි කලින් දවසේ ෆ්ලෑෂ් එකේ මේ ගැන දැක්කා. ඒ වගේම අපේ සිස්කෝ ගැන ත් සඳහනක් කෙරුණා අවස්ථා දෙකක දීම.

07. පුරුදු විදිහටම මේ පාරත් අතීත කතාවක් අපිට දකින්න පුළුවන්. මේ වෙද්දී ඔලිවර් ඇවිත් ඉන්නේ කෝස්ට් සිටි එහෙමත් නැතිනම් ග්‍රීන් ලැන්ටර්න් වරුන් ගේ නගරය වෙතට. කෝස්ට් සිටි නගරය ගැන විස්තර කරලා තිබ්බ නාම පුවරුවේ තියන,
In brightest day
In blackest night
Comes to Coast City
When money’s tight
කියන වාක්‍ය කාණ්ඩය අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. ග්‍රීන් ලැන්ටර්න් වරු පිළිබඳව ඒ හෝඩුවාව මදි නම් ඔලිවර්, වොලර් එක්ක බාර් එකට යද්දී එතන හිටපු හමුදා ජැකට් එකක් දාගෙන හිටිය පුද්ගලයා ගේ සාක්කුවේ JORDAN කියලා ගහලා තිබ්බ එක ගන්න පුළුවන්. ඒ ඉතින් අපි හැමෝම දන්න කියන Hal Jordan නෙවේ කියලා කාටද කියන්න පුළුවන්. අපිට ඉස්සරහට මේ පිළිබඳව වැඩි පුර දකින්න පුළුවන් වෙයි. ARGUS විසින් ඔලිවර් බලෙන් ම වගේ එයා හිර වෙලා හිටපු දුපත සම්බන්ධ මෙහෙයුමකට දැම්මත් ආපහු කෝස්ට් සිටි වලට එන්න පුළුවන් වෙයි.

08. වර්තමාන කතාවේ දී ටීම් ඇරෝ එක දුම්රියෙන් වෙන්න ගිය විනාශය නවත්වලා ආපහු එද්දී ඩිගල්ස් කියන්නේ ආපහු ඔලිවර් ට Ivy Town වලට යන්න කියලා. එතකොට ඒ වෙද්දී ඔලිවර් සහ ෆෙලිසිටි හිටියේ කෝස්ට් සිටි වල නෙවේ ද? මොකක්ද මේ Ivy Town කියන්නේ. කොමික් වලට අනුව නම් මේ නගරය තමයි රේ පාමර් එහෙමත් නැතිනම් ඇටොම් ගේ නගරය. මේක පිහිටලා තියෙන්නේ Connecticut ප්‍රාන්තයේ පහලම කෙලවරේ නිව් යෝර්ක් නගරය දිහාවට වෙන්න. ඒ කියන්නේ කෝස්ට් සිටි පිහිටලා තියන බටහිර වෙරල තිරයේ නෙවේ. නැගෙනහිර වෙරළ තිරයේ. මේ දෙන්නා මෙච්චර දුරක් ගෙවා ගෙන Ivy Town වලට ආවේ රේ පාමර් සම්බන්ධ කාරණයකට ද?

09. Damien Darhk කියන්නේ මේ සීසන් එකේ ඉන්න ප්‍රධාන දුෂ්ටයා. අපිට සීසන් 3 එකේ දී මෙයා ගැන යාන්තමට අහන්න හම්බුනා. හැබයි මෙයා මෙච්චර බලසම්පන්නයි කියලා දැනගෙන හිටියේ නෑ. එයා මෙටා හියුමන් කෙනෙක් නෙවෙයි කියලා ඔලිවර් කියනවා. ඒ කියන්නේ අතීතයේ දී ඔලිවර් මීට සමාන කෙනෙක් මුණ ගැහිලා තියනවා. අපිට ඒ කියන්නේ ඒ පිළිබඳව ඉස්සරහට දැන ගන්න පුළුවන් වෙයි. ඩේමියන් ට තියන හැකියාවන් අතර කෙනෙක් ස්පර්ශ කරලා මරණයට පත් කරන්න පුලුවන් වීම, ඊතල අහසේ නතර කරන්න පුළුවන් වීම අපි දැක්කා. අපි කොමික් වල ඉන්න චරිතය පොඩ්ඩක් හොයලා බැලුවොත් එයාට HIVE එකත් එක්ක සම්බන්ධ කමක් තියනවා. ඒ වගේම එයා මරණයෙන් ගොඩ ආපු කෙනෙක් (මේ කාරණය පොඩ්ඩක් වැදගත්. ඒ ඇයි කියලා තව ටිකකින් කියන්නම්). ඒ Adeline Kane ගේ රුධිරය භාවිතා කරලා. මේ රුධිරය ට අමරණීයත්වය ලබා දෙන්න පුළුවන් කියලා කියන්නේ.

10. අපි මෙතැන දී පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මොකක්ද මේ HIVE කියන්නේ කියලා. අපිට කලින් අවස්තා වල ඩිගල්ස් ගේ සහෝදරයා ගේ මරණය සම්බන්ධයෙන් වගකියන්න ඕනේ මේ කට්ටිය කියලා දැන ගන්න ලැබුනානේ. මේ HIVE (මි වදය) එහෙමත් නැතිනම් The Hierarchy of International Vengeance and Eliminations කියන්නේ දරුණු සංවිධානයක්. මෙයාලගේ පහල මට්ටමේ කට්ටිය තමයි අපරාධ වල නියැලෙන්නේ. එතකොට සේරටම ඉහලින් ඉදන් පාලනය ගෙනියන්නේ එයාලගේ රැජින නැතිනම් නායිකාව. කොමික් වලට අනුව Adeline Kane සහ Queen Bee කියන දෙන්නා මේ තනතුර දරලා තියනවා. ඒ අතරින් අපිට වැදගත් වෙනවා Adeline Kane කියන කෙනා. ඒ කොමික් වලට අනුව ඩේමියන් ට බලය ලබා දීපු රුධිරය අයිති කෙනා හින්දම නෙවේ. මෙයා තමයි ඇරෝ එකේ දී අපිට හම්බුනු ස්ලෙඩ් විල්සන් එහෙමත් නැතිනම් ඩෙත්ස්ට්‍රෝක් ගේ බිරිඳ. එහෙම බලද්දී මේ සේරම පිටිපස්සේ අපිට නොතේරන වෙන සිද්ධියක් තියෙන්න පුළුවන්. හැබයි ඩිගල්ස් HIVE එක ගැන තමන් දන්න දේවල් කිව්වේ නෑ. ඒ කියන්නේ එයාට වෙනම මෙහෙයුමක් කරන්න හිතාගෙන ඉන්නවා ද දන්නේ නෑ.

11. අන්තිමේ දී ඔලිවර් ග්‍රීන් ඇරෝ උණා. කොමික් වල තියන විදිහේ ඇදුමක් තමයි දැන් තියෙන්නෙත්. ඒ වගේම අපිට මෙච්චර කාලයක් දකින්න හම්බුනු අඳුරු චරිතේ වෙනුවට පොඩ්ඩක් හිනා වෙලා ඉන්න චරිතයක් (අඩු ගානේ ටික කාලෙකට හරි) දකින්න පුළුවන් වෙයි. සීසන් 3 ගොඩක් අයට එපා උනේ එකේ තිබ්බ අඳුරු ගතිය වැඩි හින්දා නේ. මේ සීසන් එකේ දී අපිට ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි.

12. මේ පාර කතාව අන්තිමේ දී දැකපු දර්ශන දෙකක් හින්දා ගොඩක් අය අවුලෙන් ඉන්නේ. එතනින් පලවෙනි එක තමයි ලාන්ස් සහ ඩේමියන් දෙන්නා එකට වැඩ කරන එක. හැබයි මෙතන සිද්ධ වෙන්නේ ලාන්ස් කරන්න දෙයක් නැති කමට ඩේමියන් එක්ක එකතු වෙන එක. මොකද එයා ග්‍රීන් ඇරෝ කවුද කියලා ඩේමියන් ට කිව්වෙත් නෑ. ලාන්ස් ට මේ ලෝකෙන්ම වටින්නේ එයාගේ දුවලා දෙන්නා. ඒ අතරින් දැනට ජිවත් වෙන්නේ ලෝරල් විතරයි. එක්කෝ ඩේමියන් ලෝරල් ගේ ජීවිතය නැති කරනවා කියලා තර්ජනය කරලා තියනවා. හැබයි ඉතින් ඒ අවධානම කලිනුත් තිබ්බා නේ. එහෙනම් අපිට තියන්නේ එක අනුමානයක් විතරයි (මේක අනුමානයක් විතරමයි ඔන්න). ඒ තමයි එයාගේ අනිත් දුව සේරා සම්බන්ද දෙයක්. එයා දැනට මිය ගිහින් නේ ඉන්නේ. ඉතින් එයාව ආපහු ගෙන්වන්න පුළුවන් නම්. කෙනෙක් මරණයෙන් ආපහු ගෙන්වන්න ලාසරස් ෆිට් එකම ඕනේ නෑ. මම පස්සේ කියන්නම් කියපු කාරණය මෙතන දී වැදගත් වෙනවා. මොකද ඩේමියන් කියන්නේ මරණයෙන් ගොඩ ආපු කෙනෙක්. කවුද දන්නේ එයා ලාන්ස් ට පොරොන්දු උනා ද කියලා සේරා ආපහු ගෙන්වන්න.

13. ඔන්න මේ සිද්ධිය තමයි හැමෝටම ගැටලුව වුනු එක. මේ සීසන් එක අවසානේ දී කෙනෙක් මැරෙනවා. ඒක වෙන්නේ මාස හයකට පස්සේ. කවුද ඒ කෙනා. හැබයි මේකේ පිටපත ලියන අය නම් කියන්නේ තවම ඒ කෙනා කවුද කියලා තීරණය කරලා නෑ කියලා. අපි පොඩ්ඩක් බලමු සම්භාවිතා ව හොයලා. මේ කෙනා ඔලිවර්ට ගොඩක් සමීපයි. ඒ කියන්නේ තියා, ඩිගල්ස්, ලෝර්ල්, ෆෙලිසිටි, (තව ඕනේ නම් ලාන්ස්). හැබයි මේ පුද්ගලයා නැතිවීම හේතුවෙන් ඔලිවර් ට තියෙන්නේ තරහකට වඩා උපේක්ෂා සහගත ගතියක්. එයා අදුරෙන් එලියට එන්න හැදුවට ඒක කරන්න බැරි වෙන තරමට මේ පුද්ගලයා ගේ මරණය බලපානවා. මේ සිද්ධියට බැරි එනවා කියන්නේ මිය ගිය පුද්ගලයා බැරි ටත් ගොඩක් සමීපයි. එහෙනම් මේ ලිස්ට් එකෙන් අපිට තෝරා ගන්න වෙන්නේ ෆෙලිස්ටි විතරයි. හැබයි මේක මෙහෙමයි කියලා ඔප්පු කරන්න අපිට සාක්ෂි නෑ. මේ කිසිම කෙනෙක් නොවී අලුත්ම කෙනෙක් වෙන්නත් ඉඩ තියනවා. ඒක දැනගන්න නම් අපිට සීසන් එක ඉවර වෙනකල්ම ඉන්න වෙනවා.

එහෙනම් අපේ යාළුවන් ට කියනවා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඇරෝ කතාව පුරාවටම.

>>>>>>>>>>>>>Bonus<<<<<<<<<<<<<

Damian Darhk’s Forth Wall Break
ෆෝර්ත් වෝල් බ්රේක් එහෙමත් නැතිනම් සිව්වෙනි මානය අබිබවා යෑමේ හැකියාව හොදටම තියෙන්නේ අපේ deadpool ට කියලා කට්ටිය දන්නවා නේ. මේකෙන් කියන්නේ එයා දන්නවා තමන් කොමික් චරිතයක් කියලා. මේ වගේ සිදුවීමක් අපිට අද කතාවේ දී දකින්න පුළුවන් වෙනවා. ඩේමියන් මෙහෙයුම අසාර්ථක වෙලා ආපු කණ්ඩායම ඉස්සර කතා කරද්දී කියනවා,
You know, I love this town in the fall. I mean, yes, it looks pretty much the same as it does in the other
3 seasons.

කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ කියන්නේ සෘතු ගැන කියලා. ඒත් මට නම් හිතෙන්නේ මේ කියන්නේ ඇරෝ කතාවේ සීසන් ගාන ගැන කියලා. ඒ කියන්නේ ඩේමියන් දන්නවා ඇරෝ කතාවේ මේ දක්වා තිබුනේ සීසන් 3 යි කියලා. එයාට ඒ අවබෝධය තියෙන්න නම් සිව්වෙනි මානයෙන් ඔබ්බට යන්න එහෙමත් නැතිනම් ෆෝර්ත් වෝල් එක බිඳින්න හැකියාව තියෙන්න ඕනේ.



‪#‎attila_THE_hun‬


Comic Script ලිපිය

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න