****** Spoiler alert******
වැඩ නිසා පොඩ්ඩක් පරක්කු උනා මේ පාරත් ගෝතම් රිවිව් එක ගෙන්න.. ඔයාල දන්නවා ඇති අපේ සයිට් එක හරහා තමයි මේ දවස් වල අපි අපේ ලිපි ඔයාලට ගේන්නේ, තවමත් පරීක්ෂණ මට්ටමේ තියෙන නිසා ඔයාලගේ අදහස් අපිට වැදගත් වෙනවා.. ඒත් පොඩි ඉල්ලීමක් කරනවා ඉක්මනින් නිගමනයකට එන්නේ නැතුව සයිට් එකෙන් පොස්ට් කියවන එක බුකියෙන් කියවනවට වඩා හොඳද නැද්ද කියල ටිකක් බලන්න කියල..
01 - king of gotham is back - ජෙරොම් වටා ගෙතුන කොටස් ත්‍රිත්වයෙන් ලැබිච්ච පන්නරයත් එක්ක ඔන්න හතරවෙනි කොටසේ ඉඳන් අපිට ආපහු සුපුරුදු ගෝතම් කතාමාලාවට අවතීර්ණ වෙන්න පුළුවන්.. වෙනත් විදිහකින් කියනවා නම් කලින් වගේ ආපහු අපිට පෙන්ගුයින් ගේ දැවැන්ත භූමිකාව බලාගන්න පුළුවන් වෙයි.. කලින් කතාවේ අන්තිමට අපිට මේ ගැන ඉඟි කළා මතක ඇතිනේ.. පෙන්ගුයින් නියම මොබ් බොස් කෙනෙක් විදිහට එයාලගේ ව්‍යාපාර වලට හානි වෙච්ච මේ සිදුවීම පිටිපස්සේ ඉන්නේ කවුද කියල හොයා බලනවා.. තව දෙයක් තමයි මෙතන පෙන්ගුයින් ෂොට් ගන් එක තියාගෙන ඉන්න විදිහ හරියට කුඩයක් ඉහලාගෙන ඉන්නවා වගේ.. කියන්න හදපු දේ තේරෙන්න ඇතිනේ..
02 - Captain Barnes - කැප්ටන් නැතෑනියල් බාර්න්ස් කියන්නේ නම් කොමික් වලදී අපිට දැකගන්න ලැබෙන චරිතයක් නෙමෙයි.. ගෝතම් වෙනුවෙන්ම හදපු චරිතයක්..(වොන්ඩර් වුමන් කතාවල නම් නැතෑනියල් කියල කෙනෙක් ඉන්නවා,ඒත් කොහොමටවත් මෙයා නෙමෙයි) කතාවට ආපු ගමන්ම ලොකු වෙනසක් ඇති කරන්න හදන බවක් පෙන්නේ,එත් බලමු ඉස්සරහට කොහොම වෙයිද කියල.. ඔතන දුෂිත පොලිස් නිලධාරියන්ගේ නම් කියන තැන කෝල්සන් කියල කියද්දී හිනා ගියේ මට විතරද? ( අපේ ඩිරෙක්ටර් කෝල්සන් අයියට මොනවත් කියල අහුවෙන්න එපා හැබැයි! )
මේක නිකන් මට හිතෙන දෙයක් විතරයි,වෙනදාට වඩා ගෝතම් පොලිසිය ඇතුලේ තියෙන ඔරලෝසුවේ එලිය වැඩිද මන්දා? ඉස්සරහට හොඳ කාලයක් ඒවිද ඒ කියන්නේ?
03 - the Right Hand - කතාවේ ඉස්සරහට අවශ්‍යම වෙන සිදුවීමක් තමයි මේක.. ගෝර්ඩන් ව දෙවනියා විදිහට පත් කර ගත්තට පෙන්ගුයින් එක්ක තියෙන සම්බන්ධය නිසා මේ අලුත් හවුලට මොනවා වෙයිද කියල අපිට ටිකක් ඉවසල බලන්න වෙනවා.. මෙතැනදී අපිට කියනවා බාර්න්ස් කියන්නේ හිටපු "ජාර්-හෙඩ්" එහෙමත් නැත්තම් මැරීන් සෙබලෙක් කියල..මැරීන් සෙබළු කියන්නේ ටිකක් තද සහ ගොඩක් ආමාරු පුහුණුවීම් වලට ලක්වෙච්ච සටනක් ලේසියෙන් අත්හරින්නේ නැති ජාතියක් කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..ඒත් අපි හොඳටම දන්නවා ගෝතම් කියන්නේ ඒ වගේ කෙනෙක්ටත් සැරිසරන්න ටිකක් අමාරු නගරයක් කියල..
04 - Gotham doesn't have straight lines - බුලොක් ගේ හැසිරීම ටිකක් අමුතුයි,සමහර විට එයාට බාර්න්ස් ගැන පොඩි ඉරිසියාවක් ඇති. එහෙමත් නැත්තම් ගෝතම් වලට මෙහෙම ආපු අය වෙනස් වෙච්ච විදිහ ගැන දන්න නිසා ඒ ගැන සලකන්නේ නැතුවත් ඇති.. මතකනේ ගෝර්ඩන් ට උනත් ආපු දවස් වල කරපු නැති දේවල් කොච්චරක් නම් පස්සේ කරන්න උනාද.. අනික බුලොක් මෙතන කියන දේ නම් සහතික ඇත්ත.. ගෝතම් වලදී කෙලින් වැඩ කරන්න කෙනෙක් හිටියේ නැති නිසා සහ ඉන්න බැරි නිසා තමයි බැට්මෑන් වගේ කෙනෙක්ව අවශ්‍ය වෙන්නේ..
05 - a deadly Penguin - මෙතැනදී අපිට මතක් කරනවා ගියපාර සීසන් එකේදී පෙන්ගුයින් ලබාගත්ත දියුණුව ගැන.. මගේ උපදේශය තමයි ටැබතා,හැම පෙන්ගුයින් කෙනෙක්ම අහිංසක නෑ..
06 - the Plan - අපිට දැන් පැහැදිලියි තියෝ ගේ සැලසුම.. කලින් කතාවකදී කිව්වා වගේ තියෝ ගේ පවුලේ නම ගෝතම් වලින් නැති වෙච්ච නිසා එයාගේ සුදානම අලුතින්ම නමක් හදාගන්න.. නගරාධිපති සහ අංක එකේ ව්‍යාපාරිකයා විදිහට එන්න ඕනේ නම් එයාට පෙන්ගුයින් ගේ උදව්ව නැතුවම බැරි දෙයක්.. එත් ඒ වෙනුවෙන් ගත්ත පියවර නම් මට ටිකක් විශ්වාස මදි.. මොකද පෙන්ගුයින් ව අතකොළුවක් කරගන්න හදපූ අයට වැඩි වාසියක් නම් ලැබුනේ නෑ..
07 - The Past and The Present - අපිට ගෝර්ඩන් ගේ පොලිස් ඇකඩමි අතීතය ගැන පොඩි විස්තරයක් දෙනවා.. පේන හැටියට ඒ කාලේ ඉඳන්ම ලොකු අමාරුකාරයෙක් වගේ.. මෙතැනදී කැප්ටන් බාර්න්ස් ගේ සැලැස්ම ගොඩක් හොඳයි කියල තමයි මටනම් හිතෙන්නේ..
08 - The Play - තියෝ කරන හැම දෙයක්ම නාට්‍යමය විදිහට කරන්නේ.. හරියට නිකක් කලින් සීසන් එකේ මිස් මුනි වගේ.. තියෝ ගේ සැලැස්මේ පිටපත ගැන එයාට හොඳ විශ්වාසයක් තියෙනවා, එයාට තියෙන්නේ ඒකෙ රඟදැක්වීම ගැන හොඳ අවධානයෙන් ඉන්න එක.. ෆිෂ් මුනි ටත් පලවෙනි කොටස තිබුනා,එත් අවාසනාවට රඟදැක්වීම කරන්න ගිහින් වරද්දගත්තා..
09 - The Hat - කලින් කමිශ්නර් ලෝබ් ව භය කරන තැන අපිට මේ තොප්පිය පැත්තක තියල තියෙනව පෙන්නුවා. ඔන්න අද අපිට පෙන්ගුයින් ඒක දාගෙන ඉන්නවා පෙන්නනවා.. අපි දන්නවා පෙන්ගුයින් ගේ ප්‍රතිරුපේ ගැන කතා කරද්දී අපිට මුලින්ම මතකෙට එන්නේ කුඩේ සහ ටොප් හැට් එක. ටොප් හැට් එක ගෝතම් වලට උනත් ටිකක් පරණ විලාසිතාවක් කියල හිතුන නිසාද මන්දා "බුල් ඩෝග් හැට්" එකක් පෙන්ගුයින්ට දීලා තියෙනවා.. මොනවා උනත් කෙලින්ම ටොප් හැට් එකකට යනවට වඩා මෙහෙම කරපු එකට මම නම් කැමති..
ඒ මොනවා උනත් කතාවේදී මම දකින අඩුපාඩුවක් තමයි පෙන්ගුයින් ගේ මේ නොසැලකිල්ල.. ඇවිදින විදිහ නිසා තමන්ව මේ සම්බන්ධයෙන් අහුවෙනවා කියල හොඳටම දැනගෙනත් මෙහෙම කරපු එක නම් මෝඩ වැඩක්.. සමහරවිට ගෝතම් වලදී තමන්ට අභියෝග කරන්න කෙනෙක් නෑ කියල පෙන්ගුයින් හිතන් ඉන්නවා ඇති,නැත්තම් අම්මව හිරකරගෙන ඉන්න නිසා වැඩිය හිතන්නේ බලන්නේ නැතුව මේ දෙ කරන්න ඇති..ඒ මොනවා උනත් මේ පියවර නම් ටිකක් හොඳ මදි..
10 - The Cat Slap - මේක ගැන නම් කතා කරලත් බෑ නොකරත් බෑ.. අල්ෆ්රෙඩ් මෙහෙම හැසිරිච්ච එක සාධාරණද,අසාධාරණද කියන දේ තීරණය කරන්න මම ඔයාලට භාර දෙනවා..
11 - it's Training time - ඔන්න අල්ෆ්රෙඩ් සහ බ්රුස් අතරේ ඇතිවෙච්ච ගිවිසුමේ කොන්දේසි පාර්ශව දෙකෙන්ම ඉටු කරනවා.. බ්රුස් කියපු විදිහටම ඉස්කෝලේ යනවා සහ අල්ෆ්රෙඩ් බ්රුස් ව පුහුණු කරවන්න පටන් ගන්නවා..
12 - Grundy - ඇතුලාන්තයෙ ඉන්න වෙනස් නිග්මා පරණ බියගුළු එඩී ව වෙනස් කරමින් ඉස්සරහට එනවා වගේ.. ක්‍රින්ගල් එක්ක වචන දෙක තුනක් අමාරුවෙන් කතා කරපු කෙනා භය නැතුව ඇවිත් දිනයකුත් වෙන් කරගත්තා.. එඩ්වර්ඩ් නිග්මා රිඩ්ලර් වෙන ගමනේ වැදගත් සිදුවීමක් තමයි මේක..
ඔයාල දැක්කද දන්නේ නෑ එඩී දුන්න ලිපිනයේ තියෙන නම.. එකේ තියෙන්නේ ග්රන්ඩි (ස්ට්‍රීට්?) කියල.. මේ අපිට සොලමන් ග්රන්ඩි ගැන දෙන ඊස්ටර් එග් එකක්.. සොලමන් ග්රන්ඩි කියන්නේ කවුද කියල මතක ඇතිනේ? අර සුදු, යෝධ, සින්දු කියන සොම්බි තමයි ග්රන්ඩි.. ග්රන්ඩි වගේ කෙනෙක් ගේ නමකින් ගෝතම් වල තැනක් නම් කරලා තියෙනවා කිව්වහම ටිකක් පුදුමයි තමයි,එත් ඉතින් ගෝතම් වල මෙහෙම දේවල් වෙන්නේ නැත්තම් වෙන කොහේ කියල වෙන්නද?
13 - Strike Force - මේ පාර කතාවේ නමත් ස්ට්‍රයික් ෆෝර්ස්.. මේ නම කොමික් වලදී අහන්න ලැබෙනවා නම් තමයි, එත් ඉතින් වැඩි විශේෂයක් නෑ. මොකද මේවා සාමාන්‍ය භාවිතයේ තියෙන දේවල්..
14/15 - Silver st. Cloud - මෙතනදී අපිට දැකගන්න ලැබෙන්නේ බ්රුස් වේන් ගේ තවත් එක ආදරවන්තියක්.. සිල්වර් ක්ලවුඩ් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි.. බ්රුස්/බැටා විවාහ වෙන්න කැමැත්ත පවා ඉල්ලපු කෙනෙක්(මට මතක විදිහට එකම කෙනාද කොහෙද) මේකත් ඉස්සරහට ගොඩක් වැදගත්වෙන සිදුවීමක්..
මිට කලින් තියෝ සහ බ්රුස් ගේ හමුවේදී, බ්රුස් ගේ දෙමව්පියන්ගේ ඝාතනය ගැන තියෝ දක්වපු උනන්දුවත් වැදගත් දෙයක්..
16 - Loyal Servant - බුච් සහ ඔස්වල්ඩ් එහෙමත් නැත්තම් පෙන්ගුයින් අතරත් දැන් අමුතු බැඳීමක් ඇතිවෙලා වගෙයි.. මේ වෙන දේවල් ගැන එයා සේරම බලාගන්නම් කියල මෙතැනදී පෙන්ගුයින් කියන නිසා හිතෙනවා එයාගේ නම බලෙන්ම මේ දේවල් වලට ගෑවෙන විදිහට වැඩ කරනවද කියල.. එහෙම නම් මේ සේරම පෙන්ගුයින්ගේ සැලැස්මක්ද? ඒකත් ඉතින් ඉස්සරහට තමයි බලාගන්න වෙන්නේ..
17 - Vic is Back in business - කලින් කියපු දේ තවමත් විශ්වාස නැති නිසා මේ කොටසත් පෙන්ගුයින් කරගත්ත අනවශ්‍ය දෙයක් කියල හිතුනත් ඇත්තටම එකෙන් වෙන්නේ මගේ මතයට ආපහු හිත යන එකම තමයි.. පෙන්ගුයින් මේ අනවශ්‍ය ආකර්ශනය ඇති කරගන්නේ හිතලමද?
18 - Strike Force in Action - පලවෙනි මෙහෙයුම අසාර්ථකම නෑ. කොහොම හරි නගරාධිපති අපේක්ෂකයාව සෑස් ගෙන් බේර ගත්තා.. සෑස් ගෙනුත් හානියක් නැතුව බේරුනා..
19 - That's how you get the Girl - මිස් ක්‍රින්ගල් එහෙමත් නැත්තම් ක්‍රිස්ටිනා එඩිට තියෙන කැමැත්ත පෙන්නගෙන අව විතරයි වැරදි වචනයක් දාලා තව පොඩ්ඩෙන් වැඩේ විනාස කරගන්නවා.. එත් ඇතුලාන්තයෙන් ආපු බලපෑමත් එක්ක අන්තිමේදී එඩී දිනනවා.. සුභ පැතුම් එඩී..
20 - Friends? - මොනවා උනත් ජිම් පෙන්ගුයින් ගැන ටිකක් හිතනවා.. එක නිසා එයාටත් හොරෙන් යාලුවෙක් විදිහට පෙන්ගුයින්ව හම්බවෙන්න අවේ.. අපි කලින් දැක්ක පෙන්ගුයින් යාලුවෙක් වෙන්න හදද්දී ජිම් ආඩම්භාරකම පෙන්නන්නවා,මේ පාර එකේ අනිත් පැත්ත උනේ.. කොහොම උනත් ෆිෂ් මුනි, ෆැල්කන්, මරෝනි, ලෝබ් වගේ අයටවත් කරගන්න බැරි වෙච්ච ජිම් ව පාලනය කරන එක පෙන්ගුයින් කළා..
ඉස්සරහට මේ දෙන්නගේ සම්බන්ධයට මොනාව වෙයිද? ජිම් ගැන කැප්ටන් බාර්න්ස් ගේ තියෙන විශ්වාසය පලුදු වෙයිද? පෙන්ගුයින්ට එයාගේ අම්මව බේරගන්න පුළුවන් වෙයිද? පෙන්ගුයින් ගේ සැලැස්ම මොකක්ද? කියන දේවල් ගැන බලාගන්න නම් ඉතින් ලබන සතිය වෙනකම් ඉවසන්න වෙනවා..
#Gotham_sIIeIV_Review
#ClownPrinceOfCrime
සයිට් එක සුපිරි මෙහෙම පොස්ට් දාන එක හොදා. Fb account එකෙන් ලොග් වෙලා මෙකට කමෙන්ට්ස් දාන්න බරිද.
ReplyDeleteමේක blog based template එකක් නිසා එහෙම අමාරුයි මචෝ. ඉස්සරහට ඒකට පිළියමක් යොදන්න අපි බලන්නම්
DeleteBlog ඒක නියමයි...
ReplyDeleteFB ඒෙකයි Blog ඒකයි දෙකේම reviews දාන්න මචංලා.. ඒ්ක ගොඩක් හොද වෙයි..
මොකද Blog ඒකට කට්ටිය ඒනවට වඩා FB ඒකෙන් කට්ටිය කියවනවා..
ඒ් ගමන්ම Blog ඒක ගැන Publish කරන්න..
ජයවේවා.!!