ෂේප් ශිෆ්ටින් මියුටන්ට් කෙනෙක් වෙන මිස්ටීක් ජර්මන් වංශවත් කාන්තාවක් විදියට වෙස්වලාගෙන බාරෝන් ක්‍රිස්ටියන් වැග්නර් කියන සාමාන්‍ය මනුශ්‍යයා සමග විවාහ වෙලා හිටියේ.. මේ අතරේ ලා අයිලා ඩෙස් ඩීමනස්වලින් ආපු අසීසල් කියන ගුප්ත ජීවියා එක්ක මිස්ටීක්ගේ සම්බන්ධයක් තියෙනවා.. (මේ අසීසල්ට එයාගේ දරුවෝ ගොඩාක් බිහි කරන්න පුදුම උවමනාවක් තියෙනවා..) මේ සම්බන්ධේ දුර දිග ගිහින් මිස්ටීක්ට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම අසීසල් මිස්ටීක්ට කියනවා වැග්නර්ගේ දරුවෙක් විදියට දරුවව හදාගන්න කියලා.. මිස්ටීක්/ රේවන් මේකට එකග වෙනවා.. ඒත් ක්‍රිස්ටියන් වැග්නර්ට මේ ලැබෙන්න ඉන්න දරුවා ගැන සැක හිතෙනවා.. ඒත් ක්‍රිස්ටියන් වැග්නර්ගේ හදිසි මරණය හේතුවෙන් කාටවත් මේ සැකය පිළිබද දැනගන්න ලැබෙන්නේ නෑ.. දරුවා ඉපදෙන්නේම බාහිරවත් විකෘති ස්වභාවයක් ඇතිව.. හැම තැනම නිල් පැහැ ලොම්, උල් වූ දෙසවන්, මුතු පැහැ දෑස් සහ පාලනය කල හැකි වලිගයක් ඇතිව ඉපදෙන දරුවා දැක්කාම ඇති වෙන කම්පනය නිසා රේවන් එයාගේ ඇත්ත නිල් පාට ස්වරූපයට ඉබේම වෙනස් වෙනවා.. මේක දකින අයගෙන් ගම පුරාම ප්‍රවෘත්තිය පැතිරිලා යනවා.. අම්මයි පුතයි යක්ශයෝ කියලා හිතලා ගමේ අය මේ දෙන්නව අල්ලගන්න කට්ටිය ගිනි පන්දම් අරන් එනවා.. මිස්ටීක් පැනලා යන ගමන් එයාගේ අලුත උපන් දරුවව ගගකට දාලා පැනලා යනවා..
ළදරු කර්ට් වැග්නර්ව මිරාගුලි සාර්ඩොස් කියන අහිකුන්ඨක කාන්තාවක් බේරගන්නවා ගගේ පාවෙලා යනකොට.. මිරාගුලි ඒ වෙනකොට සර්කස් එකක අනාගතය කියන මායාකාරියක් විදියට රැකියාව කලේ.. මිරාගුලිගේ අරන් හදාගත් දරුවා විදියට කර්ට් වැග්නර් මැක්ස් ගෙට්මන්ගේ සර්කස් එකේ ජීවත් උනා.. කර්ට්ගේ හොදම යාළුවෝ උනේ මිරාගුලිගේ ඇත්ත දරුවන් වෙච්ච ස්ටෙෆන් හා ජිමේන් සාර්ඩොස්.. ස්ටෙෆන් දැනගෙන හිටියා එයාගේ මායා උරුමය දවසක එයාව නපුරු කෙනෙක් කරනවා කියලා.. ඒ නිසා කර්ට්ගෙන් ලේ පොරොන්දුවක් ගත්තා ස්ටෙෆන් කවදා හරි කාව හරි මැරුවොත් කර්ට් ස්ටෙෆන්ව මරන්න ඕන කියලා..
කර්ට්ට පොඩි කාලේ ඉදන්ම වලිගය නිසා සුපිරි සමබරතාවයක් තිබුණ.. ඒ නිසා ඇක්රොබැට් කෙනෙක් විදියට සර්කස් එකේ රැකියාවක් ලැබුණා.. ඒත් වැඩිවියට පත් වෙනකොට කර්ට්ගේ තිබ්බ යක්ෂ පෙනුම නිසා සර්කස් එකට එන මිනිස්සු ගාන අදු වෙනකොට ගෙට්මන් කර්ට්ව විකුණන්න තීරණය කරනවා.. ඒක දැනගත්තාම කලබල වෙන කර්ට් අතින් සර්කස් එක ගිනි ගන්නවා.. ඒක නිසා කර්ට් සර්කස් එකෙන් පැනලා යනවා..ගෙට්මන් ඇතුළු පිරිසක් කර්ට් පස්සෙන් පන්නගෙන එනවා.. කැලේ ඇතුලෙදි කර්ට්ට වෙඩි තියනකොටම පළවෙනි පාරට කර්ට් ටෙලිපෝට් වෙනවා.. කර්ට් පල්ලියකට ඇතුල් වෙනවා.. පාදිලිතුමා කර්ට්ව ගෙට්මන්ගෙන් බේරගන්න උත්සාහ කළත් සර්කස් එකේ අය පල්ලියටත් ගිනි තියනවා.. කර්ට් ළග තියෙන ගොවිපළකට පාදිලිතුමා එක්ක ටෙලිපෝට් වෙනවා.. ගෙට්මන් කර්ට්ව හොයාගන්නවා.. කේන්තියට කර්ට් ගෙට්මන්ව මරන්න හදනකොට පාදිලිතුමා කර්ට්ට එයාගේ මනුශ්‍යත්වය තියාගන්න කියනවා.. කර්ට් ගෙට්මන්ව මරන්නේ නැතුව අත අරිනවා.. පාදිලිතුමායි, කර්ට්වයි මරන්න තමන්ගේ පිරිස එක්ක ආයේ එන ගෙට්මන් හා පිරිසව ප්‍රොෆෙසර් චාල්ස් එක්සේවියර් නවත්තනවා.. ප්‍රොෆෙසර් ඒ අයට තමන් කර්ට්ව මැරුවා කියලා මතකයක් ඒ අයගේ මතකයට එකතු කරලා කර්ට්ව බේරගන්නවා..
අවුරුදු කිහිපෙකට පස්සේ කර්ට් ජර්මනියේ වින්සෙල්දොර්ෆ්වලට යනවා ස්ටෙෆන් හොයාගෙන.. ඒ නගරයේදී ස්ටෙෆන් කලින් කියපු විදියටම ළමයි පැහැරගෙන මරන කෙනෙක් වෙලා.. ස්ටෙෆනව නවත්තන්න යන කර්ට් අතින් ස්ටෙෆන් මැරෙනවා.. මේ නිසා ඒ ගමේ මිනිස්සු ළමයින්ගේ මියයෑම්වලටත් හේතුව මේ යක්ශයා කියලා හිතාගෙන කර්ට්ව මරන්න එනවා.. මේ වතාවෙත් ප්‍රොෆෙසර් එක්සේවියර් ඇවිත් ඒ මිනිස්සුන්ව මානසිකව පැරලයිස් කරලා කර්ට්ව එක්ස් මෙන් කණ්ඩායමට එකතු කරගන්නවා..
#ආර්කේඩ්
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න