Marvel's Agents of S.H.I.E.L.D. Season 3 Episode 02
*** >> Spoiler Alert << ***
Spoilers Evreywhere.. Read at Your own Risk
සතියක විරාමයකට පස්සේ ඔන්න ඊයේ Agents Of S.H.I.E.L.D. එකේ ඊලඟ episode එක අපිට බලාගන්න පුළුවන් වුණා. මුලින්ම දෙයක් කියලා ඉන්න ඕනේ කියලා හිතුණා. Page එකට like කරපු සමහර fanලා SHIELD කථා මාලාව ගැන එක් එක් දේවල් කියලා තිබ්බා. ඒ ගොල්ලන්ට මුලින්ම SHIELD Season 1 ඉඳන් බලලා කථා කරන්න කියලා කියන්න කැමතියි. මොකද SHIELD කථාමාලාව බලන අය දන්නවා ඒකේ hype එක කොහොමද වෙන්නේ කියලා. ඒක නිසා කථා . මේ සතියේ episode එක කලින් සතියටත් වඩා පට්ට. එහෙනම් මේ සතියේ මොකද වුනේ කියලා අපි හොයා බලමු.
01 - Back in 1839
Episode එක ආරම්භ වෙන්නේ 1839දී එංගලන්තයේ Gloucestershire වලදී සිදුවන flashback සිදුවීම් පෙළක් සමඟිනුයි. වංශවත් ලෙස හැඳපැළඳගත් පිරිසක් කිසියම් මල්ලකින් එක්තරා ආකාරයක ගල් කැට අහඹු ලෙස ඉවතට ගන්නා දර්ශන පෙළකිනුයි. එලෙස ඉවතට ගන්නා ගල් කැට වලින් සුදු පැහැති ගල් කැටය ඉවතට ගන්නා ලද පුද්ගලයාව ඔවුන් කිසියම් කර්තව්‍යයක් සඳහා සූදානම් කරනු ලබනවා. අවශ්‍ය කරන ආහාරපාන සහ කඩුවක් ඒ පුද්ගලයා අතට දෙන ඔවුන් ඔහුව කිසියම් සංකේතයක් කැටයම් කොට ඇති දොරක් තුළින් ඇතුළට යවා ඒ දොර අඟුලු දමනවා. මේ දොරෙන් වසා ඇත්තේ කුඩා කුටියක තබන ලද monolith එකකුයි. මේ පුද්ගලයා monolith එක අසලට පැමිණි විටම monolith එක මේ පුද්ගයලාව ඒ තුළට ඇද ගන්නවා. දොරෙන් එහා සිටින අයට මොහුගේ කෑ ගැසීම ඇහෙනවා. ඒත් එක්කම මේ පිරිසෙන් එක් අයෙක් ඉතිහාසයේදී මේ තුළට ගිය කිසි කෙනෙක් යළි නොපැමිණි බවද සඳහන් කරනවා. මේ කොටස මම විස්තර කළේ අතීතයේ සිටම aliensලා පෘථිවියට පැමිණි බව මේ කථාමාලාවේදී සඳහන් කිරීමටයි. ඒ වගේම එහෙනම් Inhumansලාත් ඒ වකවානුවේ ඉඳන්ම ඉඳලා තියෙනවා. ඒ බව මේ episode එකේ අන්තිමට පැවසෙනවා. මෙහි තිබෙන්නා වූ විශේෂම කරුණ වන්නේ ඒ කාලයේ සිටම Monolith එකක් මිනිසුන් සොයාගෙන තිබීමයි. මේ නිසාම අතීත සිදුවීම් එක්ක කථාව ගොඩ නැගේවි කියලයි මට හිතෙන්නේ. සමහර විට අතීතයේ සිදුවූ දෙයක් නිසා වර්තමාන ගැටළු මතුවනවා වෙන්නටත් පුළුවන්.
02 - “impossible sand”
කලින් episode එකේදි අපි දැක්කා Fitz අර Monolith එක ගාවට ගිහින් කේන්තියෙන් Monolith එකට පහර දෙනවා. Team එකේ අනිත් කට්ටිය දුවගෙන ඇවිත් ආයෙත් Monolith එක දියරයක් වී Fitzව ඇදගන්න කළින් ඉවතට ගෙන යනවා. මේ අතරේ Fitzගේ මුහුණේ කිසියම් වැලි වගයක් තැවරී ඇති බව Bobby දකිනවා. මේ වැලි ස්වල්පය පරීක්ෂා කරන විට ඒවා පෘථිවියේ වැලි වලට වඩා වසර බිලියන ගණනක් පැරණි බව ඔවුන් සොයා ගන්නවා. ඒ නිසා Fitzගේ තර්කය වුණු Jemma වෙනත් ග්‍රහලොවකට teleport වී ඇතැයි කියන සංකල්පය Coulson ඇතුළු පිරිස පිළි ගන්නවා. මේ නිසාම මේ ගැන වැඩි විස්තර දැනගන්න Randolphව හමුවෙන්න Coulson තීරණය කරනවා. Marvel Comics වලදී සමහර තැන් වල මේ impossible sand කියන වචනය භාවිතා වෙලා තියෙනවා.
03 - Dr. Elliot Randolph, the Asgardian
Season 1 බලපු අයට නම් මෙයාව හොඳට මතක ඇති. මෙයා portal එකක් හරහා පෘථිවියට ඇවිත් මෙහේ හැංගිලා ඉන්න කෙනෙක්. කොහොම වුණත් බොහොම බුද්ධිමත් කෙනෙක්. ශත වර්ෂ ගණනාවක් තිස්සේ සිදුවූ විවිධාකාර වූ සංසිද්ධි ගැන හොඳ මතකයක් තියෙන කෙනෙක් තමයි මෙයා. දැනට මෙයා බීලා වැඩිවෙලා තමන්ගේ Asguardian Strength එක වොදා ගනිමින් පොදු දේපල වලට හානි කරා කියලා නඩු වැටිලා සිර භාරයේයි ඉන්නේ. ඉතින් Fitz, Bobbi එක්ක Coulson මෙයාව හමුවෙලා මේ teleporation device එක / monolith එක ගැන විස්තර කියනවා. Coulson මේ වැඩේට උදව් නොකළොත් ATCU එකට Randolph ගැන විස්තර පවසන බව කියා පොඩ්ඩක් තර්ජනය කරනවා. මේ නිසාම බියෙන් Dr. Randolph විසින් monolith එක ගැන සොයන්න එන්න කැමතිවෙනවා. ඊට පස්සේ Dr. Randolphගේ මතකයන්ට අනුව අර එංගලන්තයේ Gloucestershire වලදී පෙන්නපු තැනට හැමෝම පිටත් වෙලා යන්නේ. Dr. Randolph කියන්නේ Comics වලට සම්බන්ධ චරිතයක් නෙවෙයි. ඔහු Cinematic versions සඳහා නිර්මාණය වුණු චරිතයක්.
04 - A Better, Badder HYDRA
කලින් season එකේ අවසානයේදී අපි දැක්කා Ward ආයෙත් Hydra එක ගොඩනගන්න පිරිස් සොයනවා. මේ පාර නම් Ward අපි හිතුවට වඩා වෙනස් කෙනෙක් වේවි වගේ. Wardට සෑහෙන පිරිස් බලයක් හමු වෙලා තියෙනවා. ඒ වගේම ඔහුට ඕනෙ වෙලා තියෙන්නේ HYDRA එක හරියට හදන්න කියලා කියනවා. ඒ දේවල් වලට Ward යොදා ගන්න ක්‍රියා පිළිවෙත නම් තාම වෙනස් වෙලා නැහැ. මේ නිසාම Season 3 වලදී Wardට විශේෂ තැනක් හිමි වේවි. ඒ වගේම Civil War movie එකට HYDRA එක සම්බන්ධ වෙනවා නම් ඒකෙදී ගොඩක් දුරට Wardව දැකගන්න හෝ ඔහු ගැන විශේෂ සඳහනක් කෙරේවි.
05 - Melinda's Life
මේ season එකේදී අපිට Agent Melinda Mayගේ පුද්ගලික ජීවිතයේ විස්තර ගොඩක් දැනගන්න ලැබේවි. අපිට ඇයගේ පියාව මේ episode එකේදී හමුවනවා. Agent Mayගේ කුඩා කාලය ගැනත්, ඇගේ මවගේ සහ ඇයගේ සමානතා ගැනත් මෙහිදී කියවෙනවා. දැනට තියෙන rumors වලට අනුව අපිට May SHIELD එකෙන් ඉවත් වේවි කියලා තමයි ඉඟි ලැබෙන්නේ. සමහර විට May සහ Dr. Garner දෙන්නා ආයෙ එකතු වෙන්නත් ඉඩක් තියෙනවා.
06 - Hunter is on a Hunt
මං කලින් episode එකේදි කිව්වා වගේම ඔන්න Hunter දැන් සූදානම් වෙන්නේ Wardගෙ පස්සෙන් පන්නන්න. හරියටම කිව්වොත් Wardව පොළොවෙන් අඩි 6ක් යටට තැන් පත් කරවන්න. මේදේට Hunterට උදව් ඕනෙ වෙන නිසාම ඔහු Agent May ඉන්න තැන telephone එකෙන් tap කරලා එතනට ගිහින් ඇයගෙන් උදව් ඉල්ලනවා. Wardව මරන්න වගේම HYDRA එක නැගිටීම වළක්වන්නට ඔහුට උවමනා බව ඔහු Mayට පවසනවා. Mayගේ හිතෙත් Ward ගැන කේන්තියක් තියෙන නිසාම දෙන්නා Wardව hunt කරන්න යන්න සූදානම් වෙනවා.
07 - Werner Von Strucker
ඔන්න ඊයෙ episode එකේ තිබ්බ තවත් හිතාගන්න බැරි තැනක් තමයි මේක. තමන්ට ලද රහස් ආරංචි වලට අනුව Ward විසින් එක්තරා තරුණයෙක් පැහැරගෙන එනවා. ඔහු පෙනුමෙන් ධනවත් සෙල්ලක්කාර තරුණයෙක්. ඒත් පස්සේ Ward මෙයාගේ සැබෑ අනන්‍යතාව හෙළි කරනවා. ඒ මෙයා හිටපු HYDRA නායක Baron Wolfgang Von Struckerගේ පුතා කියලා. මෙතනදී Baron Von Strucker, Avengers: Age of Ultron චිත්‍රපටියේදී මිය ගිය ආකාරය ගැන Ward විසින් විස්තර කරනවා. මේ නිසාම මෙතනදීත් Marvel සමාගමෙන් කියන It's All Connected කථාව සම්බන්ධ වෙනවාතේ වගේම පේන විදියට නම් Wardට ඕනේ මේ Werner Von Struckerව ඊලඟ HYDRA නායකත්වයට සූදානම් කරන්න වගේයි. එහෙම වෙනවා නම් අනිවාර්යයෙන්ම Civil War movie එකේදී අපිට Wardව දකින්න ලැබේවි. ඒ වගේම ඉස්සරහට අපි Werner Von Strucker ගැනත් ලිපියක් ගේන්න සූදානම්.
08 - Daisy’s Secret Warriors
ඔන්න දැන් අපිට කථාමාලාවේ ප්‍රධාන තේමාව ගැන ඉඟි ගොඩක් ලැබිලා තියෙන්නේ. ඊයේ episode එකේදී මේ දේ confirm වුණ නිසා සෙමෙන් සෙමෙන් කථාමාලාව Secret Warriors theme එකට සම්බන්ධ වෙමිනුයි පවතින්නේ. Joeyව දැනටමත් SHIELD එක යටතේ ඉන්න නිසාත් ඉස්සරහට තවත් Inhumanලා එකතු වෙන්න තියෙන නිසාත් කථාමාලාව එන්න එන්නම ජනප්‍රිය වේවි. ඒ වගේම තමයි Dr. Garner සහ Daisy අතරේ සිදුවන කතාබහේදී ඇය කියනවා '' මට ඕනේ Inhumansලා SHIELD එකත් එක්ක එකට වැඩ කරනවා දකින්න'' කියලා. මේක ගොඩක් දුරට Civil War කාලෙට සම්බන්ධ වෙන දෙයක් වේවි. SHIELD එකත් එක්ක වැඩ කරන Inhumansලා සහ Lashගේ Inhumansලා අතර හෝ SHIELD එකත් එක්ක වැඩ කරන Inhumansලා සහ රජය අල්ලා ගන්නා/පක්ෂපාතී Inhumansලා අතර ඇතිවන සටනක් ගොඩක් දුරට Civil War කාලෙට සම්බන්ධ වේවි. ඒ වගේම තමයි Comic වලට අනුව Daisy කියන්නේ SHIELD එකේ Director වෙන කෙනා. මේ නිසාම ඇයගේ නායකත්ව ලක්ෂණ වඩාත් ඉස්මතු කරන්නට අධ්‍යක්ෂකවරුන් උත්සුක වෙලා තිබෙන අයුරු දකින්නට පුළුවන්.
09 - Fitz the Genius
අපි දන්නවා Fitz කොච්චර Simmonsව ආපහු monolith එකෙන් ගෙන්න ගන්න උත්සාහ කරනවද කියලා. Dr. Randolph සමඟ එක්ව Gloucestershire වලට යන Fitz ඇතුළු පිරිස එහිදී රහස් දොරටුවක් සොයා ගන්නවා. ඒ දොරටුව විවෘත වන කුටියේ තිබෙන්නේ monolith එක ක්‍රියා කරවන යන්ත්‍රයක්. මේ යන්ත්‍රය යළි වැඩ කරවගන්නට Fitz සමත් වෙනවා. පළමු උත්සාහයේදී යන්ත්‍රය කැඩී අක්‍රිය වුවත් ඔවුන් portal එක වැසීයාමට මත්තෙන් Lightgun එකකින් ඒ තුළට වෙඩි තබනවා. Simmonsව බේරා ගැනීමේ දැඩි උත්සාහය නිසා Skyeගේ උදව්වෙන් යළි මේ prtal එක විවෘත කළ හැකි බව Fitz පවසනවා. ඒ ප්‍රකම්පන තරංග තීව්‍රතාව වැඩි කරමින්. (සරලවම කිව්වොත් Subwoofer එකකින් ශබ්දය නිකුත් කරන තීව්‍රතාවය වගේ ) මෙතනදී අපිට දැකගන්න පුළුවන් මේ Portal එක විවෘත් වුණු ගමන් ඉඳන්ම Daisyගේ නහයෙන් ලේ ගලන්නට පටන් ගන්නවා. මේ monolith එක Kree Object එකක් නිසාත්, Daisy Inhuman කෙනෙක් නිසාත් මේ දේ වුණා වෙන්නට පුළුවන්. ඒ නිසා අපිට මේ විවෘත වුණු Portal එක Inhumanලාව විනාශ කෙරෙන තැනක් කියලත් හිතන්න පුළුවන්. Daisy තමන්ගේ බලයන් යොදාගෙන මේ portal එක විවෘත කළ විට drone camera එකක් යවලා දත්ත පරීක්ෂා කරලා ඉමු කියලා Bobby පවසනවා. නමුත් portal එක විවෘත කළ විගසම Fitz, camera cable එක තමන්ගේ belt එකේ සවිකර ගෙන ඒ Prtal එක තුළට පනිනවා.
10 - Simmons gets back Home
Portal එක තුළට පනින Fitz, Simmons සිටි ග්‍රහලොවට පිවිස සිටිනවා. ඔය අතරේ කලින් Fitz විසින් තබන ලද Lightgun bullet එකේ ආලෝකය සොයා Simmons පැමිණෙමින් පවතිනවා. Fitz Simmonsගේ නම කෑ ගසනවා. ඒත් එක්කම Fitz Simmonගේ අතින් අල්ලා ගන්න උත්සහ කරනවා. ඒ අතරේ Skyeට Prtal එකේ බලපෑම නිසා බලය දරාගෙන ඉන්න අපහසු වෙනවා. Coulson Mackට Fitzගේ cable wire එකෙන් උඩට අදින ලෙස කෑ ගසනවා. Daisyට සිදුවන බලපෑම නිසාම Fitzව ඇතුලේ ඉන්නකොට Portal එක වැසී monolith එක විනාශ වී යනවා. කොහොම හරි Fitz, Simmonsව අල්ලගෙන මේ monolith එක තිබුණු තැනින් නැගී සිටිනවා. පසුව Simmonsව SHIELD base එකට ගෙනල්ලා ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර කරනවා. පේන විදියට නම් ඇයට මුකුත් වෙලා නැහැ. නමුත් ඇගේ අතේ කිසියම් උල් හැඩැති වස්තුවක් තිබෙනවා. මට නම් හිතෙන්නේ ඒ දේ අර portal එක විවෘත වූ තැනින් Simmons ගෙනාපු එකක් කියලායි. ඒක කවුරුන් හෝ පුද්ගයලෙක්ගේ දෙයක් වෙන්නත් පුළුවන්. හරියටම ඒ ගැන යමක් කියන්න අමාරුයි
Past credits scene එකේදී අපිට Werner Von Strucker විසින් Daisyගේ psychology adviser වන Andrew Garnerව හමුවන්නට ගොස් ඔහුගේ psychology class එකට ලියාපදිංචි වෙන දර්ශනයකුයි පෙන්වන්නේ. ඒ කියන්නේ Werner Von Struckerව Ward විසින් මෙහෙයවන බවකුයි මට නම් පේන්නේ. ඒ වගේම කලින් Season දෙකටම වඩා මේ season එකේ කුතුහලය වැඩි වෙන විදියට කථාව රචනා කරලා තියෙනවා. මැද කොටසේදී කථා රසය තීව්ර වෙන විදියට කථාව සමන්විත වෙනවා. කුතුහලය ත්‍රාසය පිරුණු විදියට මේ කථාමාලාව රචනා වී තිබීම නිසා ගොඩක් fansලා දැනටමත් SHIELD කථාමාලාව වටේ එකතු වලා තියෙනවා. කොහොම උණත් 9.5/10ක rating එකක් මේ සතියේ episode එකට දෙන්න පුළුවන්.
ඔන්න ලබන සතියේ Linconව ATCU එකේ කට්ටිය අල්ලගන්න හදනවා. Daisyට සහ SHIELD එකට Linconව බේරගන්න පුළුවන් වේවිද? නැතිනම් Lash ඇවිල්ලා Linconව මරලා දාවිද? Lincon SHIELD එකට එකතු වේවිද? මේවා දැන ගන්න නම් ඉතින් 3 වෙනි episode එක එනකන් ඉන්න වෙනවා.
#SmAsHeR
Comic Script ලිපිය

thank you
ReplyDelete