Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Storm / Ororo Munroe

Storm / Ororo Munroe
ඕරෝරෝ මුන්රෝ අප්‍රිකාවේ පූජකවරියන්ගෙන් පැවතගෙන එන පෞරාණික පරම්පරාවක් මිණිබිරියක්.. ඒ පූජකවරියන්ටත් ඔරෝරොට වගේම සුදු කොණ්ඩයකුයි, නිල් දෑසකුයි තිබුණා.. ඒ වගේම ඒ පූජකවරියන්ට මායාවන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා.. ඔරෝරොගේ අම්මා කෙන්යාවේ ගෝත්‍ර රාජ්‍යයක කුමාරිකාවක් වන N'Daré .. තාත්තා ඩේවිඩ් මුන් රෝ කියන ඇමරිකාවේ ඡායාරූප මාධ්‍යවේදියෙක්.. N'Daré හා ඩේවිඩ් විවාහ වෙලා ඇමරිකාවේ මෑන්හැටන්වලට යනවා.. එහෙදි තමයි ඔරෝරො ඉපදෙන්නේ.. ඔරෝරොට වයස මාස හයේදි තුන්දෙනාම ඊජිප්තුවේ කයිරෝ නගරයේ පදිංචි වෙන්න යනවා..


ඔරෝරොට වයස අවුරුදු පහේදී ප්ලේන් එකක් කඩන් වැටිලා ගෙදර විනාශ වෙනවා.. ඒකෙන් බේරෙන්නේ ඔරෝරො විතරයි.. ඒ බේරෙන්නෙත් අම්මා ඔරෝරොව අම්මාගේ ඇගෙන් වහගෙන ආරක්ශා කල නිසයි.. ඒ සිදුවීමේ කම්පනය නිසා ස්ටෝර්ම්ට තවමත් ක්ලස්ට්‍රෆෝබියාව තියෙනවා.. (ක්ලස්ට්‍රෆෝබියා කියන්නේ කුඩා ඉඩක ඉන්නකොට දැනෙන භය - ප්ලේන් එකක් ඇතුලේ, පොඩි කාමරයක් ඇතුලේ ඉන්නකොට ක්ලස්ට්‍රෆෝබියාව තියෙන අයට කරකැවිල්ලක් දැනෙනවා..)
ඔරෝරො ගෙදරයි, ප්ලේන් එකයි සුන්බුන් අතරෙන් කොහොම හරි උඩට එනවා.. ඔරෝරො ළග ඉතිරි වෙලා තිබ්බේ ඇදුම් ටිකකුයි, අම්මාගේ පෞරාණික රතු මැණිකයි.. 

අනාථ වෙලා ඉබාගාතේ පාරේ යන ඔරෝරොව පොඩි කොල්ලො ටිකක් ඉන්න වීදි කල්ලියකට හම්බෙනවා.. කොල්ලො ටික ඔරෝරොව එයාලගේ ස්වාමියා අහමඩ් එල් ගිබාර් ළගට අරන් යනවා.. ගිබාර් ඔරෝරොට හොරකම් කරන්න පුරුදු කරවනවා.. ඔරෝරො පික්පොකට් ගහන්න දක්ශයෙක් වෙනවා ඉක්මනට..
දවසක් ඔරෝරො කයිරෝවට ආපු ඇමරිකන් සංචාරකයෙක්ගේ පොකට් එකට විදින්න හදනවා.. ඒ සංචාරකයා ප්‍රොෆෙසර් චාල්ස් එක්සේවියර්.. ප්‍රොෆෙසර් එක්සේවියර් මානසික බලයෙන් ඔරෝරො තමන්ගේ පොකට් එක ගන්න කලින් නවත්තනවා.. අමහ්ල් ෆාරුක් ( ඒ.කේ.ඒ ශැඩෝ කින්ග්) ප්‍රොෆෙසර් එක්ස්ට ටෙලිපතික්වලින් බාධා කරනවා.. ඔරෝරො එතනින් පැනගන්නවා.. චාල්ස් ඔරෝරොගේ මානසික තරංග හරහා දැනගන්නවා ඔරෝරොගේ මියුටේශන් එක.. ඒත් ඔරෝරො තවම පොඩි නිසා කම්පනයට පත් වේවි කියලා හිතලා මුකුත් කියන්නේ නෑ..

අවුරුදු ගානකට පස්සේ ඔරෝරොට දකුණට(කෙන්යාව පැත්තට ) යන්න ලොකු උනන්දුවක් ඇති වෙනවා.. ඉතින් ඔරෝරො කයිරෝවෙන් පිටත් වෙනවා.. ඒ මග අතරතුර ඔරෝරොට ආගන්තුකයෙක් අතවර කරන්න හදනවා.. ඔරෝරො ඒ මනුස්සයාව මරනවා(තවම බලය ක්‍රියාත්මක වෙලා නෑ..).. ඒ මිනී මැරුමෙන් පස්සේ ඔරෝරො තමන්ටම දිවුරාගන්නවා ආයෙ නම් මිනිස්සු මරන්නේ නෑ කියලා..
ඔරෝරො සැතපුම් දහස් ගානක් යනවා.. කාන්තාරේ හරහා යනකොට ඔරෝරො වතුර නැතිව විජලනය වෙනකොට ඔරෝරොගේ බලය ක්‍රියාත්මක වෙලා වැහි වළාකුළුවලින් කාන්තාරයේ අහස වැහිලා වැස්සක් වහිනවා..
මේ අතරේ වකන්ඩාවේ කිරුළ හිමි කුමාරයා වන ටි'චලා කුමාරයාව පැහැරගත්ත පිරිසක් මේ කාන්තාරය මැදින් යනවා.. ඔරෝරො තමන්ගේ බලයෙන් කුමාරයාව බේරගන්නවා.. මේ දෙන්නා අතරේ ආදරයක් ඇති වෙන්නේ දකින මුල් අවස්ථාවෙදිමයි.. ඒත් කුමාරයාට ආපහු වකන්ඩාවට යන්න ඕන වෙන නිසා ඒ දෙන්නට වෙන් වෙන්න වෙනවා..
ඔරෝරො තමන්ගේ මුතුන්මිත්තන්ගේ රාජ්‍යයට යනවා.. කෙන්යාවේ කිලිමජාරෝ මිටියාවතේ සෙරෙන්ගෙටි තැන්නේ තියෙන රාජ්‍යයේ අයිනෙට් නම් ජ්‍යේෂ්ඨ කාන්තාවක් ඔරෝරොව තමන්ගේ භාරයට අරගෙන කුමාරිකාවක් විදියට ඔරෝරොට තියෙන වගකීම, යුතුකම්, හැකියාව ගැන කියලා දෙනවා.. ඉකමන්ටම ඔරෝරොගේ බලය ගැන දේශීය ගොත්‍රික කණ්ඩායම් දැනගන්නවා.. ඒ මිනිස්සු ඔරෝරොට දේවතාවියකට වගේ සලකනවා..


අවුරුදු කිහිපයකට පස්සේ අප්‍රිකාවේ ගම්මානයක කාළගෞණ පාලනය කරන ඩිලූජ් නමින් තමා හදුන්වාගත්ත මියුටන්ට් කෙනෙක් ඒ ගම ගංවතුරෙන් යට කරනවා.. එතනදී තමයි ස්ටෝර්ම්ට එක්ස් මෙන්ලාව මුලින් හම්බෙන්නේ.. ඩිලූජ්ට ශක්තිය උරාගන්නත් පුළුවන්.. ඒ නිසා මාවල් ගර්ල්(ජීන් ග්‍රේ) සහ බීස්ට් ඩිලූජ් සයික්ලොප්ස්ගේ ඔප්ටික් බ්ලාස්ට් එකේ ශක්තිය උරාගන්න ඩිලූජ්ව පොළඹවනවා.. ඒ ශක්තිය දරාගන්න බැරුව ඩිලූජ් පුපුරලා යනවා.. එක්ස් මෙන්ලා ගැන පැහැදුනාට ස්ටෝර්ම් ආයෙ තමන්ගේ රාජ්‍යයට යනවා..

මාස කිහිපයකට පස්සේ ප්‍රොෆෙසර් චාල්ස් එක්සේවියර් ඔරෝරොව එක්ස් මෙන් කණ්ඩායමට එකතු කරගන්නවා..

පවර්ස්: ස්ටෝර්ම්ගේ ප්‍රධාන බලය විදියට කාළගුණය පාලනය දක්වන්න පුළුවන්.. පෘථිවියේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය හරහා තමයි මානසිකව කාළගුණය පාලනය කරන්නේ..
ස්ටෝර්ම් ටෙලිපතික් රෙසිස්ටන්ස්.. ඒ වගේම පෘථිවිය සමග මානසික සම්බන්ධයක් තියෙනවා.. ඒකෙන් පොළවේ තියෙන ජීව ශක්තීන් හදුනාගන්න ස්ටෝර්ම්ට පුළුවන් වෙනවා.. 
ස්ටෝර්ම්ට භෞතික ලෝකයේ තියෙන ශක්තීන් දකින්න පුළුවන් දෘෂ්ඨියක් තියෙන්නේ.. ඒ එනර්ජි විශන් එකට මනුශ්‍ය සිරුර ස්නායු පද්ධතියත් දකින්න පුළුවන්..
මුතුන්මිත්තන්ගේ හැකියාවන්ගේ උරුමයක් විදියට සුළු මැජික් ටිකකුත් දන්නවා..
ස්ටෝර්ම් ඔමේගා ලෙවල් විභවයක් තියෙන ඇල්ෆා ලෙවල් මියුටන්ට් කෙනෙක්..

ගැම්බිට් වගේම ස්ටෝර්මුත් සුපිරි හොරෙක්.. ඇරබික්, ස්වාලි, යොරුබා, වකන්ඩන්, ජැපනීස්, මැන්ඩරීන්, රශියන් වගේ භාශාවන් ගොඩක් දන්නවා..

මීට අමතරව අම්මාගෙන් ලැබුණ රතු මැනික අකුණක් එක්ක සම්බන්ධ කලාම ස්ටෝර්ම්ට මාන හරහා ටෙලිපෝට් වෙන්නත් පුළුවන්..

ස්ටෝර්ම් මුලින් හදන්න ඉදලා තියෙන්නේ බ්ලැක් කැට් කියලා හියුමනොයිඩ් පූසෙක් විදියට වෙනස් වෙන්න පුළුවන් මියුටන්ට් කෙනෙක් විදියට.. ස්ටෝර්ම් වගේම ඒත් කේප් එක නැතුව අදින්න සැලසුම් කරලා තිබ්බේ.. තව පූසෝ වගේ පවර්ස්, හැකියාවන් තියෙන කාන්තා චරිත ගොඩක් තියෙන නිසා ආටිස්ට් කාළගුණය පාලනය කරන්න පුළුවන් පිරිමි කෙනෙක් විදියට "ටයිෆූන්" නමින් හදන්න යෝජනා කරලා.. ඊළගට තමයි ස්ටෝර්ම්ගේ අදහස ඇවිත් තියෙන්නේ..
ඒ වගේම ස්ටෝර්ම් තමා ප්‍රධාන ධාරාවේ කොමික් කතා මාලාවලට ආපු පළවෙනි කළු කාන්තා සුපිරි වීර චරිතය..
ස්ටෝර්ම්ගේ කොණ්ඩය සුදුවට හදන්න තීරණය කලාම ගොඩක් අය හිතලා තියෙන්නේ ස්ටෝර්ම් ආච්චිඅම්මා කෙනෙක් වගේ පෙනේවි කියලා.. 
ස්ටෝර්ම්ගේ ඇත්ත නම ඔරෝරො කියන එකේ තේරුම ලස්සන, මෘදු කියන එක..

Halle Berryට කලින් ස්ටෝර්ම් චරිතයට ගෝතම් එකේ ෆිශ් මූනි නොහොත් Jada Pinkett-Smithට ආරාධනා කරලා තියෙනවා.. ඒත් එයා ඒක ප්‍රතික්ශේප කරලා..




‪#‎ආර්කේඩ්‬

2 comments:

  1. ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.

    ReplyDelete
  2. Well written. Read some of Black panther comics. got a great idea. awesome work guys

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න