Vengeance of the God
DC කොමික් යුනිවර්ස් එක මැවුම් වාදය මත පදනම් ව තියෙන්නේ. ඒකට අනුව විශ්වයේ සියල්ලටම ඉහලින් ඉන්නේ පැවැත්ම (Presence) කියන මුල ධාතුව. එයාගේ අණට යටත්ව ක්‍රියාත්මක වෙන්න විවිධ බලවේග තියනවා. ඒ අතරින් උදහස (Wrath) ක්‍රියාවට නංවන්නේ Eclipso කියන බලවේගය. දයාව (Mercy) ක්‍රියාවට නංවන්නේ Radiant. Spectre කියන්නේ ඒ විදිහට පළිගැනීම (Vengeance) ක්‍රියාවට නංවන බලවේගය.
DC කොමික් යුනිවර්ස් එක මැවුම් වාදය මත පදනම් ව තියෙන්නේ. ඒකට අනුව විශ්වයේ සියල්ලටම ඉහලින් ඉන්නේ පැවැත්ම (Presence) කියන මුල ධාතුව. එයාගේ අණට යටත්ව ක්‍රියාත්මක වෙන්න විවිධ බලවේග තියනවා. ඒ අතරින් උදහස (Wrath) ක්‍රියාවට නංවන්නේ Eclipso කියන බලවේගය. දයාව (Mercy) ක්‍රියාවට නංවන්නේ Radiant. Spectre කියන්නේ ඒ විදිහට පළිගැනීම (Vengeance) ක්‍රියාවට නංවන බලවේගය.
Presence |
Wrath සහ Vengeance කියන බලවේග ගොඩක් වේලාවට එකට ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ දේව උදහසත් එක්ක පලිගැනීමත් ක්‍රියාත්මක උණා. හැබැයි Eclipso ගේ උදහස ගොඩක් වේලාවට පුද්ගලික කාරණා හරහා. ඒකට කියන්නේ Revenge කියලා. පස්සේ කාලෙක Eclipso යහපත වෙනුවෙන් පෙනී සිටින එක නවත්තලා අඳුරට එකතු උනාට පස්සේ Spectre ඒ තැනට පත් කෙරුවා. ඊට පස්සේ එයා තමයි උදහස සහ පලිගැනීම කියන දෙකම නියෝජනය කෙරුවේ. ඊට පස්සේ පුද්ගලික පලිගැනීම වෙනුවට යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන බලවේගය විදිහට Spectre කටයුතු කෙරුවා.
ඔය අතරේ තමයි Presence ගේ ආධිපත්‍යට අභියෝග කරන්න කට්ටියක් ඉදිරිපත් උනේ. මේ අයව සාර්ථකව මෙල්ල කෙරුවාට පස්සේ එයාලව නරකාදියට (Hell) පිටුවහල් කළා. පස්සේ කාලේක සාමන්‍ය මිනිස්සු අමනුෂ්‍ය ආත්ම කියලා හැදින්නුවේ මේ අයව. මේ අතරේ හිටියා Aztar කියලා කෙනෙක්. තමන් කරපු වැඩේ ගැන මෙයාට තිබ්බේ පසුතැවීමක්. එයා Presence හම්බෙලා තමන් ගේ වරද පිලිගන්නවා. ඒ වගේම දෙන ඕනෑම දඩුවමක් පිලිගන්නත් කැමති වෙනවා. Presence මෙයාට අවස්තාවක් දෙනවා. හැබයි ඒ වෙනුවෙන් කරන්න වෙන කැප කිරීම ගොඩක් වැඩියි. එයාගෙන් අහනවා Spectre දරාගෙන ඉන්න පුළුවන් ද කියලා. හැබයි ඒ දේ කරන්න කැමති වෙනවා නම් Aztar ගේ සියලුම මතකයන් සඳහටම ඉවත් ව යනවා. Aztar අකමැත්තෙන් උනත් මේකට කැමති වෙනවා. Spectre, Aztar ගේ සිරුරට අථූ වෙනවා. ඒ Aztar ගේ සියලුම දේවල් විනාශ කරගෙන.
මේ ක්‍රියාවලිය උණාට පස්සේ භාෂ්මාවේශ ටිකක් විතරයි Aztar ගෙන් ඉතුරු උනේ. ඒ ටික Spectre ට අවශෝෂණය වෙනවා. මේ විදිහට Aztar ගේ සිරුර ප්‍රයෝජනයට අරගෙන Spectre, Presences ගේ අණ ක්‍රියාත්මක කරනවා. පෘථිවිය මත එක වර උදහස සහ දයාව කියන දෙකට පවතින්න බෑ. සමහර කාල තිබ්බා පෘතුවිය මත දයාව ක්‍රියාත්මක වුනු. ඒ කාල වලදී Spectre ව තාවකාලිකව Limbo කියන අතුරු අවකාශයේ හිරකරනවා. අවසානෙට පෘතුවිය මත දයාව ක්‍රියාත්මක උණු කාලේ දී සිදු නොවිය යුතු දෙයක් උණා. ඒ දයාව ක්‍රියාත්මක කරන්න උපකාරී උණු පුද්ගලයා ව ඝාතනය වුණා. ඒ හින්දා ආයෙමත් Spectre ට පෘථිවියට එන්න අවස්ථාවක් ලැබුණා. හැබයි එයා ගොඩක් තරහෙන් හිටියේ සිදු වුනු දේට. එයා ලැස්ති උණා මනුෂ්‍ය වර්ගයා ගෙන් පළිගන්න. ඒත් Presence, Spectre ට අණ කෙරුවා ඒ වැඩේ නවත්වන්න කියලා. ඒ වගේම බලවේගයක් විදිහට සෘජුවම ක්‍රියාත්මක වෙන්නේ නැතුව මනුෂ්‍ය ශරීරයක් එක්ක බද්ධ වෙලා කටයුතු කරන්න කියලා. ඊට පස්සේ තමයි අපි වර්තමානයේ දන්න Spectre බිහිවෙන්නේ. මෙච්චර දවසක් පළිගැනීමේ බලවේගය විතරක් වෙලා හිටපු Spectre මෙතනින් එහාට දේව පළිගැනීම (Vengeance of God) සහ දරා සිටින කෙනා Host කියන දෙන්නා ගේ එකතුවක් විදිහට පෙනී සිටින්නේ.
මුලින්ම මෙයා තෝර ගත්ත කෙනා තමයි Charaka කියන්නේ. මෙයාගේ පවුලම ඝාතනය කරනවා. මෙයා යුක්තිය ඉල්ලලා කෑ ගහද්දි Spectre මෙයාගේ ඇඟට බද්ධ වෙනවා.
Charaka |
මේ විදිහට කාලයත් එක්ක එක එක අය එක්ක Spectre එක්ක එකතු උණා. ඒ අයගේ අවශ්‍යතාවය ඉෂ්ට උණාට පස්සේ පළිගැනීමේ බලවේගය ඉන්න ඕනේ නැති හින්දා එයා වෙන කෙනෙක් කරා යනවා. ඒ හින්දා කිසිම කෙනෙක් මෙයා ගැන දැනගෙන හිටියේ නෑ. හැබැයි මේ සිද්ධිය වෙනස් වෙනවා. ඒ Spectre තමන්ගේ Host විදිහට තෝරා ගන්න කෙනෙක් හින්දා. එයා තමයි ලෝකයා ඉදිරියට ආපු පලවෙනි කෙනා.
James Brendan 'Jim' Corrigan
Jim Corrigan කියන්නේ නිව්යෝර්ක් වල රහස් පරීක්ෂකයෙක්. එයාව බිහිසුණු විදිහට ඝාතනය කරනවා. මෙයා මැරෙන්නේ පළිගැනීමේ අදහසින්. ඒ හින්දා පළිගැනීමේ බලවේගය මෙයාත් එක්ක එකතු වෙලා ලෝකයා මුලින්ම දන්න Spectre බිහිවෙනවා. හැබයි මෙයාත් එක්ක එකතු උනාට පස්සේ අනිත් අය වගේ වැඩේ ඉවර උණු ගමන් Jim ව අතහැරලා යන්නේ නෑ. එයා නිතිය අරක්ෂා කරන්න හිටිය කෙනෙක් හින්දා ද මන්දා තමන්ගේ පුද්ගලික අරමුණු වලින් එහාට Jim ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා එයාව සුපිරි වීරයෙක් විදිහට ලෝකයා ඉදිරියට එනවා. එයා Justice Society of America වල ආරම්භක සාමාජිකයෙකුත් වෙනවා. Jim තමයි Spectre විදිහට ගොඩක් ජනප්‍රිය උනේ. ඒ වගේම වැඩිම කාලයක් Spectre විදිහට හිටියෙත් එයා.
Jim, Spectre විදිහට ඉද්දී අවස්තා කිහිපයක දීම පළිගැනීමේ ආත්මය ඉවත් වෙලා ආපහු එකතු වීම සිද්ධ උණා. ඒ වගේ ඉවත් වුනු අවස්ථාවක Jim තවදුරටත් Spectre වෙන්න කැමති උනේ නෑ. ඊට පස්සේ තමයි වෙන කෙනෙක් මෙයත් එක්ක සම්බන්ධ උනේ.
Hal Jordan
Jim තවදුරටත් Spectre වෙන්න අකමැති උනාට පස්සේ තෝරා ගන්න කෙනා තමයි Hal. හැබයි මේකට Hal පොඩ්ඩක් වත් කැමති වෙන්නේ නෑ. එයා Will Power එක භාවිතා කරලා Spectre අයින් කරන්න උත්සාහ කරනවා. හැබයි මේකෙන් වෙන්නේ Hal ග්‍රීන් ලැන්ටර්න් කෙනෙක් විදිහට වගේම Spectre විදිහටත් අසාර්ථක වෙන එක. අන්තිමේ දී එයා Spectre වෙන්න කැමති වෙනවා.
හැබයි පස්සේ Hal ට තේරුම් යනවා Spectre මේ දේ කරන්නේ එයා ඇතුලේ තවමත් ඉතිරි වෙලා තියන Parallax ගේ මුල ධාතු අයින් කරලා දාන්න කියලා. ඒ වැඩේ ඉවර උණාට පස්සේ පළිගැනීමේ ආත්මය Hal ගෙන් ඉවත් වෙලා යනවා.
Hal ගෙන් ඉවත් වුනාට පස්සේ ටික කාලයක් පළිගැනීමේ බලවේගය host කෙනෙක් නැතිව තනියම ක්‍රියාත්මක වෙනවා. අවසානේ දී එයා තව කෙනෙක් තමන්ගේ host විදිහට තෝරා ගන්නවා. ඒ තමයි දැනට ඉන්න Spectre.
Crispus Allen
Crispus කියන්නෙත් රහස් පරික්ෂයෙක්. මෙයා ඝාතනයට ලක් වුනු වෙලාවේ පළිගැනීමේ බලවේගය මෙයාට අවස්ථාවක් ලබා දෙනවා ආයෙමත් සැරයක් ජිවත් වෙන්න. ඒ Spectre විදිහට. මේ අදහසට Crispus එකඟ වෙනවා. එදා ඉදන් අද දක්වාම Spectre විදිහට ඉන්නේ Crispus Allen.
මෙතන කතා කරපු තුන් දෙනාවම අපිට පැහැදිලිව හොයා ගන්න පුළුවන්. Crispus Allen හැම වෙලාවෙම එයාගේ රැවුලත් එක්ක නිරුපනය වෙන්නේ.
දැනට මේ දක්වා අපිට Spctre ගේ චරිතය රූපමය මාධ්‍ය වලින් දැක ගන්න පුළුවන් උනේ ඉතාම අඩුවෙන්. 2010 දී DC කොමික් වලින් නිකුත් කෙරුවා කෙටි වීඩියෝ එකක් DC Showcase: The Spectre කියලා. මෙතන දී අපිට දැක ගන්න පුළුවන් Jim Corrigan, Spectre විදිහට.
හැබයි අපිට Spectre ගේ චරිතය දැක ගන්න තිබ්බ හොඳම අවස්තාවක් නැති උණා. ඒ තමයි NBC ආයතනය නවත්වපු Constantine කතා මාලාවේ දී. අපිට මේකේ දී Jim රහස් පරීක්ෂකයෙක් විදිහට දකින්න පුළුවන් උණා. Spectre නිතරම අඳුරු මායාවන් එක්ක සම්බන්ධ කෙනෙක්. ඒ වගේ කෙනෙක් ට සුදුසුම කතා මාලාව තමයි Constantine. Jim ගේ චරිතයට අමතරව මීට කලින් Wrath වෙලා හිටිය Eclipso ට සම්බන්ධ ඉඟි පවා අපිට කතාව තුලින් දැක ගන්න ලැබුණා. ඇත්තටම ඒක කොමික් වලට වුනු ලොකුම අලාභයක්.
ඒ වගේම තමයි ගෝතම් කතා මාලාවේ දී අපිට Crispus Allen ව දකින්න හම්බුනා. හැබයි වැරදිලාවත් ගෝතම් කතාවේ දී නම් අපිට Spectre දකින්න ලැබෙන්නේ නැති වෙයි.
Spectre කියන්නේ ගොඩක් බලවත් කෙනෙක්. Injustice: Gods Among Us කියවපු අයට මතක ඇති Year 3 වල දී Spectre කරපු විනාශය. දැනට පිළිගන්න විදිහට Spectre තමයි මේ මුළු මහත් විශ්වයේම ඉන්න දෙවෙනියට බලවත් කෙනා. එයා දෙවෙනි වෙන්නේ Presence ට විතරයි. Presence ගේ අණ ක්‍රියාත්මක කරන කෙනා විදිහට මෙයාට අසීමිත බලයක් තියනවා. ඒ වගේම යථාර්තය පාලනය කරන්න වගේම විශ්වයේ තියන ඕනෑම දැනුමක් ලබා ගැනීමේ හැකියාව තියනවා. DC කොමික් වලට අනුව Atlantis මුහුදට යට වෙලා තියෙන්නේ Spectre ඒ නගරයට උඩින් අඩිය තියපු හින්දා. Spectre ගේ බලය සීමා වෙනවා එයා දරාගෙන ඉන්න කෙනා ගේ සහයෝගය ලැබුනේ නැති උණාම. හැබයි එහෙම විරුද්ධත්වයක් ඇති උනේ නැතිනම් එයාව නවත්වන්න ලේසියෙන් කෙනෙකුට බෑ.
#attila_THE_hun
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න