කැප්ටන් ඇමරිකා සිවිල් වෝර් ෆිල්ම් එකත් එක්ක මාවල් සිවිල් වෝර් කොමික් සීරිස් එකට ලොකු අවධානයක් යොමු වුණා. ඒ ජනප්‍රියතාවය පවතින අතරම මාවල් ආයතනය සිවිල් වෝර් II එකක් අලුතෙන් පටන් ගත්තා. මේක කලින් සිවිල් වෝර් එකත් එක්ක සම්බන්ධයක් නෑ. ඒ හින්දා අලුතෙන්ම කෙනෙක් ට මේ කතාව කියවන්න පටන් ගන්න පුළුවන්. DC Rebirth ගැන විස්තරයක් ගෙනාවා වගේ අපි හිතුවා සිවිල් වෝර් II ගැනත් ඔයාලට විස්තරයක් ගේන්න. ඒ වගේම මේක කියවන්නේ කොහොමද කියලා ඔයාලට පොඩි අවබෝධයක් ලබා දෙන්න.
මේක ක්‍රොස් ඕවර් ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ ප්‍රධාන කතාවට අමතරව තවත් චරිත වල දෘෂ්ටි කෝණයෙන් කතාව ගලාගෙන යනවා. ඒ හින්දා එකපාරටම කෙනෙක් ට කියවන්න පටන් ගන්නේ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි. ඒ හින්දා මුලින්ම තීරණය කරන්න ඕනේ තමන්ට සිවිල් වෝර් II කතාවේ කොච්චර දුරට කියවන්න ඕනේ ද කියලා.
ඊට කලින් සිවිල් වෝර් II ඇති වෙන්නේ මොකක් හින්දා ද කියලා පොඩ්ඩක් කතා කරමු. මම මේක පුළුවන් තරම් ස්පොයිලර් නැතුව කතා කරන්න හදන්නේ. මොකද ඒකෙන් කතාවේ රසයට හානියක් වෙන හින්දා. කලින් සිවිල් වෝර් එකේ දී දෙපැත්තේ නායකත්වය ගත්තේ අයන් මෑන් සහ කැප්ටන් ඇමරිකා උණාට මේ සිදුවීමේ දී නායකත්වය ගන්නේ අයන් මෑන් සහ කැප්ටන් මාවල් දෙන්නා. නායකයන් තෝරා ගන්න එකෙන්ම මේක ටිකක් බරපතල තැනකට ගේනවා, මොකද කලින් එක පැත්තක නායකත්වය ගත්තේ කැප්ටන් ඇමරිකා හින්දා සිද්ධ වෙන්න තිබුණු විනාශයන් වැලකුනා කියලා කියන්න පුළුවන්. ඒත් මේ අවස්ථාවේ දී ටෝනි ගැටුම් ඇති කරගන්න යන්නේ පෘතුවියේ ඉන්න බලසම්පන්නම කෙනෙක් වෙන කැප්ටන් මාවල් එක්ක. ඒ වගේම එයා සෘජු තීරණ ගන්න පැකිලීමක් කරන්නෙත් නෑ. ඒ හින්දා මේ සිවිල් වෝර් එක කලින් එකට වඩා බරපතල වෙන්න හොදටම ඉඩ තියනවා.
එතකොට මොකක් වෙනුවෙන් ද මේ සිවිල් වෝර් එක ඇතිවෙන්නේ. මේකට මුල්වෙන්නේ යුලිසීස් කියන ඉන්හියුමන්. එයාට අනාගතයේ වෙන්න තියන සමහර දේවල් ගැන කලින් දැනෙනවා. ඒක හරියට හීනයක් පේනවා වගේ. ඉතින් ඇයි මේක සටනටකට මුල් වෙන්න තරම් හේතු වෙන්නේ. මේ දක්වා සිද්ධිය සරලව කියනවා නම් කල්තියා දැන ගත්ත ආක්‍රමණයක් නවත්වන්න ගිහින් ටෝනි ට සමීප කෙනෙක් නැති වෙනවා. ටෝනි ගේ අදහස වෙන්නේ අනාගතය කියන්නේ අපේ බලපෑමෙන් තොරව සිද්ධ වෙන්න ඕනේ දෙයක් කියලා. ඒත් කැප්ටන් මාවල් ට අනුව නම් අනාගතයේ සිද්ධ වෙන්න තියන විනාශයන් අද දවසේ වළක්වන්න උත්සහ කලාට කමක් නෑ. හැබයි අපි තවම සිවිල් වෝර් ආරම්භයේ ඉන්න හින්දා දෙපාර්ශ්වයේ නිවැරදි මතවාදය ගැන දැනුවත් නෑ.
සිවිල් වෝර් II කියන්නේ මොකක්ද කියලා මුලික අවබෝධයක් ගත්ත හින්දා අපි බලමු මේක කියවන්න පටන් ගන්නේ කොහොමද කියලා. තමන්ගේ රුචිකත්වය සහ කාල වෙලාව අනුව මේක ආකාර 3 කින් කියවන්න පුළුවන්.
1. ප්‍රධාන කතාව
2. ප්‍රධාන කතාව + සිවිල් වෝර් II වෙනුවෙන් ප්‍රකාශිත අමතර කතා
3. ප්‍රධාන කතාව + සිවිල් වෝර් II වෙනුවෙන් ප්‍රකාශිත අමතර කතා + අනෙකුත් කතා වල සිවිල් වෝර් II වෙනුවෙන් පළවෙන ප්‍රකාශන.
මෙහෙම කියපුවාම පැටලෙනවා වගේ ද? අපි එකින් එක කතා කරමු. ඒවාට අයිති වෙන්නේ මොනවාද කියලා.
1. ප්‍රධාන කතාව
මේක තමයි සිවිල් වෝර් එකේ ප්‍රධාන හරය. මේ ටික විතරක් කියෙව්ව්වත් කෙනෙක් ට මේක තේරුම් ගන්න පුළුවන්. මේකට අයිති වෙනවා,
Civil War II (#0 - #7) - ප්‍රධාන කතාව
Civil War II: Ulysses (#1 - #3) - මේක කියෙව්වේ නෑ කියලා ප්‍රධාන කතාව තේරුම් gannබැරි කමක් නෑ. හරි නම් මේක එන්න ඕනේ දෙවෙනි කාන්ඩේ ට. ඒත් සිවිල් වෝර් II ඇතිවෙන්න හේතු වුනු කෙනා ගැන දැන ගෙන ඉන්න එක වටිනවා නේ කොහොමත්.
ඩයි-හාර්ඩ් DC ෆෑන්ස් ලා ගෙන් මම ඉල්ලනවා අඩු ගානේ මේ ටික වත් කියවලා බලන්න කියලා.
2. ප්‍රධාන කතාව + සිවිල් වෝර් II වෙනුවෙන් ප්‍රකාශිත අමතර කතා
ප්‍රධාන කතාවට අමතරව සමගාමී ව ගොඩක් සිදුවීම් වෙනවා. එක එක කට්ටිය බෙදෙන විදිහ, එයාලගේ අත්දැකීම් විස්තර කිරීම මේ අමතර කතා එහෙමත් නැතිනම් Tie-in වලින් සිද්ධ වෙනවා. ප්‍රධාන කතාව අනවශ්‍ය විදිහට දිග වැඩි එන එක වෙනස් වෙන එක මේකෙන් වැළකෙනවා.
Civil War II: Amazing Spider-Man (#1-#4) - පීටර් පාකර් ස්පයිඩර් මෑන් ගේ කෝණයෙන් සිවිල් වෝර් II විස්තර වෙන විදිහ
Civil War: X-Men (#1-#4) - සිවිල් වෝර් II එකත් එක්ක X-men ලාගේ ඇතිවන ගැටළු කාරී ස්වභාවය විස්තර වෙන කතාව
Civil War II: Choosing Sides (#1-#6) - පාරශව දෙකට කට්ටිය බෙදෙන විදිහ විස්තර වෙන කතාව
Civil War II: Kingpin (#1-#4) - සිවිල් වෝර් එක අතර තුරේ දී කින්ග් පින් තමන්ගේ වාසියට වැඩ කරන එක ගැන කතාව
Civil War II: The Accused - තවම විස්තර හෙළිදරව් කරලා නැති වන් ෂොට් එකක්
Civil War II: The Fallen - මේකත් තවම මොකක්ද කියලා විස්තර වෙලා නැති වන්ෂොට් එකක්
3. ප්‍රධාන කතාව + සිවිල් වෝර් II වෙනුවෙන් ප්‍රකාශිත අමතර කතා + අනෙකුත් කතා වල සිවිල් වෝර් II වෙනුවෙන් පළවෙන ප්‍රකාශන
ඔන්න මේක නම් ඩයි-හාර්ඩ් මාවල් ෆෑන් ලාට විතරක් රෙකමන්ඩ් කරන්නේ. මේකෙන් සිවිල් වෝර් එකට සම්බන්ධව සේරම විස්තර කරනවා. ඒ වගේම මේ දක්වා මාවල් ආයතනය නිකුත් කරන ප්‍රකාශන කිහිපහයක් හැරුනාම අනිත් සේරම වගේ මේකට සම්බන්ධ වෙනවා. ඇත්තටම මේ උපක්‍රමය යොදා ගන්නේ ජනප්‍රිය නැති අනෙක් කොමික් ප්‍රකාශන කට්ටිය අතරට ගෙනියන්න. උදාහරනයක් විදිහට කෙනෙක් Ms Marvel කොමික් සිරිස් එක නිකමට වත් බලලා නෑ. ඒත් සිවිල් වෝර් එකට සම්බන්ධ නිසා Ms Marvel #8 වෙනි කොටස බලනවා. ඒක හිතට ඇල්ලුවොත් එයා දිගටම Ms Marvel කියනවා වගේම මීට කලින් නිකුත් වුනු ඒවාත් කියවනවා. මේ වගේ දේවල් වෙන්න හොදටම ඉඩ තියනවා. මොකද ක්‍රොස් ඕවර් ඉවෙන්ට් එකක දී මේ අමතර කතා වෙනදටත් වඩා නිර්මානශිලිව ඉදිරපත් කරනවා.
මේ කාණ්ඩය විදිහට කියවනවා නම් ටිකක් දිගයි. ඒ හින්දා වැඩේ ටිකක් අමාරුයි. Marvel ෆෑන් ලගෙනුත් ඩයි හාර්ඩ් ෆෑන් ලාට විතරක් මේක කියවන්න කිව්වේ ඒකයි. ඇත්තටම මේ කාලේ එක්කෝ DC විතරක් එහෙමත් Marvel විතරක් ෆෑන් කෙනෙක් වෙන තමයි වඩා හොඳ. මොකද DC Rebirth සේරම ප්‍රකාශන සහ Civil War II සේරම ප්‍රකාශන කියවනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්.
මේකෙදි උඩ කියපු ලිස්ට් දෙකට අමතරව මේ ලිස්ට් එකත් කියවන්න වෙනවා. ආයෙත් සැරයක් කියනවා මේ සේරම කියෙව්වේ නෑ කියලා ප්‍රධාන කතාව තේරුම් ගන්න බැරි වෙන්නේ නෑ.
International Iron Man (#3,#4) - ටෝනි එයාගේ ඇත්ත දෙමව්පියෝ හොයාගෙන යන කතාව
All-New Wolverine (#8,#9,#10,#11) - අලුත් වොල්වරින් ගේ කතාව. මෙයා නම් Smart badass girl කෙනෙක්
Ms. Marvel (#7,#8,#9,#10) - නිව් ජර්සි වල ඉන්න අලුත්ම වීරවරිය. අම්මපා මේකිට නම් භාගෙට පිස්සු
The Ultimates (#7,#8,#9,#10) - දැනට පෘථිවියේ පහල වුනු බලසම්පන්නම කණ්ඩායමගේ කතාව. බොරු කියන්න ඕනේ නෑ මේ කට්ටියගේ වැඩ පුංචි අපේ ඔළුවලට බර වැඩි
New Avengers (#12,#13,#14,#15) - භාගෙට භාගයක් දන්නේ නැති කට්ටිය ඉන්නේ. හිතාගන්න බැරි විදිහේ දේවල් වෙන්නේ මේකේ
Captain Marvel (#6,#7,#8) - පාර්ශව දෙකේ එක පැත්තක නායකත්වය දරණ කැප්ටන් මාවල් ගේ කතාව. මෙයා ඇල්ෆා ෆයිට් එකත් එක්ක කරන වැඩ ගැන තියෙන්නේ
Nova (#8,#9) - සෑම් ඇලෙක්සැන්ඩර් එහෙමත් නැතිනම් හියුමන් රොකට් ගේ කතාව. පොරගේ පොඩි ක්‍රෂ් එකක් තියනවා Ms Marvel ගැන
Deadpool (#14,#15,#16,#17) - එක Deadpool කෙනෙක් මදි නම් මේකේ ඉන්නවා Deadpool ලා 7 ක් 8ක්. හැබැයි පුද්ගලිකව මම මේකට ආස නෑ
Captain America: Sam Wilson (#10,#11,#12) - අලුත් කැප්ටන් ඇමෙරිකා ගේ කතාව
Totally Awesome Hulk (#7,#8,#9,#10) - මතකනේ පෘථිවියේ 7 වෙනියට බුද්ධිමත් ආමඩියස් චෝ. දැන් නම් එයා 8 වෙනි තැන ද කොහෙද ඉන්නේ. හැබැයි පෘථිවියේ ඉන්න ශක්තිවන්තම කෙනා දැන්. ඒ අර මොළෙත් එක්කම. චෝ හල්ක් විදිහට නරක නෑ. ඒත් මම නම් පරණ සෙල්ලක්කාර පොඩි එකාට තමයි ගොඩක් කැමති
Uncanny Inhumans (#11,#12,#13) - සිවිල් වෝර් II එක පටන් ගන්නේ ඉන්හියුමන් වරුන් හින්දා නේ. ඒ හින්දා ඒ අයට තැනකුත් දෙන්න ඕනේ. මේ ඒ කට්ටිය ගැන කතාව.
Captain America: Steve Rogers (#4,#5) - ඔව් ඔව් මේ හැමෝම කතාකරපු හේල් හයිද්‍රා සීරිස් එක තමයි
Spider-Woman (#9, #10) - අනේ මන්දා මේක නම්. ස්පයිඩර් වුමන් අම්මා කෙනෙක් වෙන්න යද්දී උණත් අසාදරණයට එරෙහිව සටන් කරනවා
Power Man and Iron First (#6,#7) - මේ දෙන්නා ගැන ඉස්සරහට අපිට ගොඩක් කතා කරන්න වෙයි නේ
Agents of S.H.I.E.L.D. (#7,#8) - නික් ෆියුරි හොදයි කියලා හිතෙනවා ඩිරෙක්ටර හිල් එක්ක බලනකොට
Patsy Walker, A.K.A. Hellcat! (#8) - අපිට මෙයා ජෙසිකා ජෝන්ස් එකේ දී මුණ ගැහුනා
Spider-Man (#6,#7) - මේ පීටර් පාකර් ගැන නෙවේ, මයිල්ස් මොරාලෙස් ගැන කතාව
Squadron Supreme (#9,#10) - ඇවෙන්ර්ස් අසෙම්බල් බලලා තියන අය නම් මේ කට්ටිය ගැන දන්නවා නේ
All New, All-Different Avengers (#13) - අලුත් ම අලුත් වෙනස් ම විදිහේ ඇවෙන්ජර්ස් ලා කණ්ඩායම. සේරම ඉන්නේ දන්න කියන වීරයෝ. හැබයි අලුත් අය ඒ තනතුර දරන්නේ. ටෝනි සහ විෂන් නම් ඉන්නවා පරන විදිහටම
Scarlet Witch (#9) - බලසම්පන්න ම ගැහැණු කෙනාගේ කතාව කිව්වත් වැරැද්දක් නෑ
Mockingbird (#6) - ශිල්ඩ් කතාවේ දී අපිට මුණ ගැහුණු බොබී මෝර්ස් ගේ කතාව
A-Force (#8) - ගෑණු ළමයි විතරක් ඉන්නේ මේකේ
Spider-Man 2099 (#13,#14) - අනාගතයේ ඉන්න ස්පයිඩර් මෑන්, Miguel O'Hara ගේ කතාව
Guardians of the Galaxy (#11,#12) - පරන කණ්ඩායම තමයි, අලුත් කට්ටිය එකතු වෙලා. සමහර අය ඒ කියන්නේ ස්ටාර් ලෝර්ඩ් වගේ පොඩි චරිත (මාවල් ලට පිස්සු කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට) මාරු කරලා.
Venom: Space Knight (#11) - ෆ්ලෑෂ් තොම්සන් ගේ කතාව
Uncanny Avengers (#13,#14) - දැනට ඉන්න ඇවෙන්ජර් කණ්ඩායම් තුනෙන් අපි දන්න කියන අය ගොඩක් ඉන්නේ මේකේ. ඒත් ඉතින් අනිත් කණ්ඩායම් දෙකත් එක්ක බලද්දී නම් මේක පොඩ්ඩක් අවුල් වගේ
The Astonishing Ant-Man (#11) - මේ ස්කොට් ලෑන්ග් ගැන කතාවක්
Rocket Raccoon and Groot (#8) - අපි දන්න කියන දෙන්නෙක් ගැන කතාව
ලේසි නෑ වැඩේ. ලිස්ට් එක දිගයි. හැබයි ඉතින් මේ සේරම කියවන්න ඕනේ නෑ. තමන් ආස කරන කතා ටිකක් තෝරාගෙන කියෙව්වා නම් ඒ ඇති.
දැන් අපි බලමු මේ ටික කියවන්න ඕනේ පිළිවෙල මොකක්ද කියලා. දැනට කතාව ආරම්භ වුනා විතරයි. මේක සැප්තැම්බර් මාසේ දක්වාම යනවා. ඒ හින්දා අපිට හරියටම දැන්ම මේකේ අවස්ථානුකුල පෙළගැස්මක් හදා ගන්න බෑ. මොකද පස්සේ එන කතාවක මුල් ම අවස්ථාවේ වුනු දෙයක් තියෙන්න පුළුවන්. උදාහරනයක් විදිහට Civil War II: Ulysses කතාව ගොඩක් මුල සිද්ධ වෙන්නේ. ඒත් ඒක ප්‍රකාශයට පත් උනේ සිවිල් වෝර් දෙවෙනි ප්රකාශනය ත් එක්ක. ඒ හින්දා හොදම දේ තමයි ප්‍රකාශයට පත්වුණු පිළිවෙලට කියවන එක.
උඩ තියන කතා වලට අමතරව තවත් කතා කිහිපයක් එකතු වෙන්න තියනවා කියලා ආරංචියක් තියනවා. ඒ හින්දා අපිට තවම නිකුත් වෙන දවස පිළිවෙලට හදාගන්නත් අමාරුයි. අනික මේ මුළු ලිස්ට් එකේ ම එක එක කතාව එලියට එන දවස සඳහන් කරන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. ඒ හින්දා අපි හිතුවා දැනට ඇවිත් තියන කතා විතරක් මතක් කරන්න. මෙතනින් එහාට සති පතා අපි මතක් කිරීමක් කරන්නම් ඒ ඒ සතියේ නිකුත් වෙන කොමික් ගැන.
සාමාන්‍යයෙන් මේ වගේ ලොකු සිදුවීමක් වෙන්න කලින් ඒකට අදාළ පසුබිම සකස් වෙනවා. Road to Civil War II කියලා තමයි මෙතන දී මේවා හදුන්වලා තියෙන්නේ. මේවගේ සිවිල් වෝර් එකට අදාළ ලොකු විස්තරයක් නෑ. ඒත් මේ සිදුවීම් වල බලාපෑම මත තමයි ප්‍රධාන කතාව ගොඩ නැගෙන්නේ. අපි බලමු ඒවා මොනවාද කියලා.
Road to Civil War II
- Invincible Iron Man #6 - 03 Feb 2016
- Invincible Iron Man #7 - 02 Mar 2016
- Invincible Iron Man #8 - 06 Apr 2016
- Invincible Iron Man #9 - 04 May 2016
- Free Comic Book Day Civil War II - 07 May 2016
- The Ultimates #7 - 11 May 2016
- International Iron Man #3 - 18 May 2016
- Civil War II #0 - 18 May 2016
- All-New Wolverine #8 - 18 May 2016
- Ms. Marvel #7 - 25 May 2016
- All-New Wolverine #9 - 01 Jun 2016
- Invincible Iron Man #10 - 01 Jun 2016
ඔන්න මෙතන ඉදලා තමයි හරිනම් සිවිල් වෝර් II පටන් ගන්නේ. මේකේ මුල් අදියර නම් කරල තියෙන්නේ Civil War II Begins කියලා.
Civil War II Begins
- Civil War II #1 - 01 Jun 2016
- Civil War II: Gods of War #1 - 08 Jun 2016
- New Avengers #12 - 08 Jun 2016
- Civil War II: Amazing Spider-Man #1 - 08 Jun 2016
- Nova #8 - 15 Jun 2016
- International Iron Man #4 - 15 Jun 2016
ඊලඟ කොටස තමයි The Seeds of War කියන්නේ.
The Seeds of War
- Civil War II #2 - 15 Jun 2016
- Civil War II: X-Men #1 - 15 Jun 2016
- Deadpool #14 - 15 Jun 2016
- Civil War II: Ulysses #1 - 15 Jun 2016
#attila_THE_hun
Plz Me Comic Kiyawanna Widiyak Kiyannako
ReplyDeleteකොමික් ගන්න පුළුවන් ටොරන්ට් සයිට් වලින්. කියවන්න පටන් ගන්න පුළුවන් මේ ඉවෙන්ට් එකේ ඉදන්
Deletethanx mcn
ReplyDelete