1 - Justice Buster
නමෙන්ම තේරෙනවා වගේ මේක හදලා තියෙන්නෙ ජස්ටිස් ලීග් එකට විරුද්ධව පාවිච්චි කරන්න.. ඒත් කව්ද මේක හදන්නේ?? වෙන කව්රුත් නෙමේ බෲස්ම තමා මේක හදන්නේ.. එක වෙලාවකට හිතෙනවා ජස්ටිස් ලීග් එකට ඉන්න ප්‍රධානම විලන්ලා ඩාක්සයිඩ්, ඇමේසෝ වගේ කට්ටිය නෙමේ බෲස්මයි කියලා.. ජස්ටිස් ලීග් ඩූම් ෆිල්ම් එක එහෙම බැලුවා නම් මේක හොදට පැහැදිලි වෙන්නැති.. මන් අද කතා කරන්න යන්නේ ඒ වගේම බෲස්ගේ ප්ලෑන් එකක් ඇතුලේ තියෙන ප්ලෑන් වලින් එකක් වෙන ජස්ටිස් ලීග් එක පරද්දන්න පුලුවන් විදිහට හදපු ජස්ටිස් බස්ටර් එක ගැන..
බෲස් කියන විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ආරක්ෂාව වෙනුවෙන් යොදන මුදලට සාපේක්ෂව බෲස් මේ ආමර් එක හදන්න ඒ මුදලින් 60%ක් යොදවනවා.. බෲස් කොච්චර සල්ලි කාරයෙක්ද කියලත් මේකන් පැහැදිලි වෙනවා.. මේ ආමර් එක හදලා තියෙන්නේ ලෝකයේ ඉන්න බලවත්ම සුපර් හීරෝස්ලා කණ්ඩායම පරද්දන්න.. ඒ වගේම බෲස් මේක හදද්දි අවධානය යොමු කරපු දෙයක් තමයි ඉක්මනින්ම එක හීරෝ කෙනෙක්ව ඉවර කරල ඊලග විරුද්ධ වාදියා එක්ක සටනට යන්න පුලුවන් විදිහට හදන එක..
බැට්සි මුලින්ම මේක යොදා ගන්නේ එයාට මුලින්ම ඩයනාගෙන් ප්‍රහාරයක් එල්ල වෙච්ච අවස්ථාවෙදි.. බැට්මෑන් ඊජිප්තු යුධ දෙවියාව සහ මරණයේ දෙවියව අපායෙදි පරාජය කරපු ඩයනාව පරාජය කරන්න යොදා ගන්නේ "Bind of Veils".. මේක හින්දා ඩයනා විශ්වාස කරනවා තමන් බෘස්ව පරාජය කරා කියල එහෙම නොවුනත්.. ෆ්ලෑශ් බෲස්ව අටෑක් කලාම බෲස් යොදා ගන්නවා ෆ්ලෑශ්ගේ ස්පීඩ් එකට අනුව වැඩ කරන්න පුලුවන් ආමර් එකේ වෙපන් සිස්ටම් එක.. ඇක්වාමෑන්ව පරාජය කරන්න යොදාගන්නේ එයා නිෂ්පාදනය කරන උගුලක්.. ඒකෙන් බේරිලා යන්න ආතර් උත්සහ කරන හැම අවස්ථාවකම ආතර්ගේ ශරීරයේ තෙතමනය ඒක උරා ගන්නවා.. ඒ වගෙම ආමර් එකෙ සයිබෝග්ට විරුද්ධව කටයුතු කරන්න පුලුවන් තාක්ෂණයකුත් GLට විරුද්ධව සටන් කරන්න පුලුවන් වෙපන් සිස්ටම් එහෙකුත් පිහිටලා තියෙනවා.. වැදගත්ම දේ තමයි මේ ආමර් එකට සුපර්මෑන්ගේ සුපර් පන්ච් වලින්වත් හානියක් කරන්න බෑ.. ඒ වගේම මේ ආමර් එක හීට් විෂන් එකට සහ කෝල්ඩ් බ්‍රෙත් එකට උනත් ප්‍රතිරෝධතාවයක් දක්වනවා.. ඊට අමතරව මිය යන සූර්යකින් ලබා ගත් රෙඩ් සන් කිරණ මගින් නිපදවෞ කිරණ පවා ජස්ටිස් බස්ටර් එකේ වෙපන් සිස්ටම් එකේ තියෙනවා..
අපි හැමෝටම මතකයි JL Doom එකේ අන්තිමට සුපී ඇහුවම බෲස් කියනවා බැට්මෑන්ව නවත්තන්න තියෙන ප්ලෑන් එක ජස්ටිස් ලීග් එකලු.. මට නම් හිතෙන්නේ ඒ වෙලාවේ බෲස් පුන්චි විහිලුවක් කරලා තියෙන්නේ ක්ලාක්ට.. ඒත් එක ස්ටෝරි එහෙක එහෙම උනත් ඉන්ජස්ටිස් කියවන, ගේම් එක ගහපු අය දන්නවා බෲස්ට තනියෙන් සුපීවවත් පරද්දන්න අමාරුයි කියලා.. මේක කතාව ලියන රචකයාගෙන් රචකයාට වෙනස් වෙනවා.. ඒත් කියන්න ඕනේ බෲස් මගේ ආසම චරිතය උනත් බෲස්ට තනියෙන් ජස්ටිස් ලීග් එක පරද්දන්න අමාරුයි.. ඊට වඩා මම කැමතිම ටීම් එකම එකට වැඩ කරන කතා කියවන්න.. එතකොට ජස්ටිස් ලීග් කියන්නේ ඕනම යුනිවර්ස් එහෙක තියෙන සුපර්හීරෝ කණ්ඩායම් අතරින් බලවත්ම කණ්ඩායම අවිවාදයකින් තොරව..
2 - Hellbat Armour
බෲස් විසින් නිෂ්පාදනය කරන හොදම වගේම බලවත්ම ආයුධය එහෙමත් නැත්තම් ආමර් එක විදිහට හදුන්වන්න පුලුවන් දෙයක් තමයි බැට්මෑන්ගේ හෙල්බැට් ආමර් එක.. මේක අවිවාදයකින් තොරවම හොදම ආමර් එක..
බැට්මෑන් මේක නිර්මාණය කරන්නේ දෙවිවරු වගේ කස්ටිය 6 දෙනෙක් එක්ක ඉද්දි තමන් ගැන ඇති වන හීන මානය වලක්වා ගන්න වෙන්නැති.. මේක හදන්න JL ටීම් එක ෆුල් සප් එක දෙනවා.. කෙටින්ම කියනවා නම් මේකේ පෑස්සුම් කටයුතු එහෙම කරලා තියෙන්නේ සුපර්මෑන් විසින් සූර්යයා මධ්‍යයේ..
බැට්මෑන් Batman and Robin කතා මාලාවෙදි ඩේමියන්ගේ මල සිරුර ලබා ගන්න අපෝකිලිප්ස් වලට ගිහින් මේ ඇදුම ඇදගෙන තනියෙන් ඩීසීලගේ බලවත්ම චරිතයක් වන ඩාක්සයිඩ්ව පරද්දනවා..
ඒත් මේ ඇදුමේ තියෙන ප්‍රධානතම දුර්වලතාවය තමා මෙකේ තියෙන ශක්තිය සහ බලය වැඩිකමටම මේක වැඩි වෙලා ඇදන් හිටියොත් බෲස්ව මැරෙනවා.. ඒත් වොයිස් කමාන්ඩ් මගින් ඇදුමේ කෑලි ඉවත් කිරීමේ හැකියාව තියෙන නිසා ආමර් එකේ කෑල්ලෙන් කෑල්ල ඉවත් කිරීමෙන් ආයුෂ දීර්ඝ කර ගන්න පුලුවන්..
ඒත් අවාසනාවකට වගේ තවමත් අපිට මෙ හෙල්බැට් ආමර් එක ආයෙත් දැක ගන්න ලැබුන්නෑ..
#PJ
elma
ReplyDeleteela
ReplyDeletedigatama dannana supiri
ReplyDelete