කොමික් වල චරිත ගැන කතා කරද්දී අපි මුහුණ පාන ලොකුම ගැටලුවක් උනේ ඉදිරිපත් කරන්න ඕනේ පිළිවෙල මොකක්ද කියලා? ඒ හින්දා අපි ගොඩක් වෙලාවට යම්කිසි කාණ්ඩයක් මුලික කරගෙන කතා කරන්න උත්සාහ කෙරුවා. ඒ වගේ අපි ටික කාලේකට කලින් පටන් ගත්ත කණ්ඩායමක් තමයි ගැමා විකිරක චරිත. මාවල් යුනිවර්ස් එකේ මේ කාණ්ඩයට වැටෙන ගොඩක් අය ඉන්නවා. මේ අතරින් ගොඩක් අය හල්ක් ට සම්බන්ධ කම් කියන අය. අපි අද කතා කරන්නෙත් ඒ වගේ කෙනෙක් ගැන. ඒ තමයි Thaddeus E. Ross. හැබයි ගොඩක් අය මෙයා ගැන දන්නේ General "Thunderbolt" Ross විදිහට. අපි ඉතිහාසයේ ඉදන්ම මෙයා ග ගැන කතා කරමු.
Thaddeus E. Ross කියන්නේ ගෞරවාන්විත හමුදා නිලධාරීන් ලෝකෙට දායාද කරපු පවුලකින් පැවත එන කෙනෙක්. ඒ පුරුද්ද හින්දාම මෙයත් තරුණ කාලේ දීම හමුදාවට එකතු උනා. ඉක්මනින්ම හැකියාවන් පෙන්නපු මෙයා ක්‍රියාන්විත ගොඩක් සඳහා දායක වෙලා හමුදාවේ ඉහලම නිලයන් දක්වා උසස් උණා. කොච්චර දක්ෂ විදිහට කටයුතු කෙරුවාද කියනවා නම් තමන්ගේ ඉහල නිලධාරියාගේ දුවෙක් එක්කත් විවාහ වෙන්න මෙයාට අවස්තාව හම්බෙනවා. මේ දෙන්නට Elizabeth Ross එහෙමත් නැතිනම් "Betty" කියලා දුවෙක් හම්බෙනවා. තරුණ කාලේදීම බිරිඳ මිය ගියපු හින්දා රෝස් ට මේ ලෝකේ ඉතුරු වෙන්නේ බෙටී විතරයි.
මේ අතර කාලේ දී රෝස් හමුදාවේ ජෙනරාල් තනතුර දක්වා උසස් වෙනවා. එයාට Thunderbolt කියන නම වැටෙන්නත් හේතුව මේ අසීමිත කැප කිරීම්. තනතුරෙන් ඉහල ගියාට මෙයා කැමති නෑ එක තැනකට වෙලා පුටු රත් කර කර ඉන්න. ඔය අතර වාරෙයේ දී තමයි මෙයාට ගැමා විකිරණ යොදාගෙන සුපිරි සොල්දාදුවන් නිර්මාණය කරන ව්‍යාපෘතියක ප්‍රධානියා වෙන්න ලැබුනේ. මේ වැඩ සටහනේ මහා මොළකාරයා උනේ තරුණ විද්‍යාඥයෙක් වුනු Bruce Banner. පොඩි කාලේ ඉදන් තාත්තාගෙන් ඈත් වෙලා අධ්‍යාපනය ලබපු බෙටී තාත්තා එක්ක කාලේ ගත කරන්න ඇවිත් හිටියෙත් මේ කාලේ මයි. හමුදා කඳවුරක රළු පරුෂ මිනිස්සු අතරින් වෙනස් වුනු එකම පුද්ගලයා උන Bruce Banner ට බෙටී ගේ හිත ඇදිලා ගියේ නිකම්මයි. පරම්පරා ගත හමුදා නිලදාරීන් ගෙන් පිරුණු පවුලක කෙනෙක් විදිහට ජෙනරාල් රෝස් මේ සම්බන්ධයට පොඩ්ඩක් වත් කැමති උනේ නෑ. එයාට ඕන උනේ තමන්ගේ දුව උසස් හමුදා නිලධාරියෙක් ට විවාහ කරලා දෙන්න. හැබයි පරීක්ෂණය සාර්ථක කරගන්න එයාට බැනර් ගේ සහයෝගය ඕන හින්දා ත් තමන්ගේ දුවට ගොඩක් බල කරන්න කැමති නැති හින්දාත් රෝස් මේකට ලොකුවට විරුද්ධ උනේත් නෑ. මොකද බැනර් ගේ දැනුම ගැන මෙයාට ලොකු ගෞරවයක් තිබ්බා.
ඔය අතරේ තමයි පරීක්ෂණයක් අතර තුරේ දී හල්ක් කියන චරිතය ඇති වෙන්නේ. මේක තමන්ගේ පුද්ගලික වගකීමක් විදිහට සලකපු ජෙනරාල් රෝස් හල්ක් අල්ලන්න උත්සාහ දරනවා. ඇත්තටම පුටු රත් කර කර ඉදලා ඇතිවෙලා තිබ්බ රෝස් ට මේක ලොකු සහනයක් උණා මේ නොනවතින සටන කොච්චර දුරට ගියා ද කියනවා නම් මාවල් යුනිවර්ස් එකේ අසාමාන්‍යම ශක්තිය තියන හල්ක් ගේ ප්‍රධානම ප්‍රතිවාදියා විදිහට සලකන්නේ ජෙනරාල් රෝස්.
මුල්ම කාලේ දී හල්ක් සහ බැනර් කියන්නේ එකම කෙනෙක් කියලා රෝස් දැනගෙන හිටියේ නෑ. ඒත් බැනර් නැති වෙනකොට විතරක් හල්ක් පේන්න ඉන්නවා කියන සාධකය හින්දා මෙයාට සැක හිතෙනවා. පස්සේ ඇත්තම දැන ගත්තට පස්සේ මෙයාගේ පළි ගැනීම තවත් වැඩි වෙනවා. ඒකට හේතුව උනේ මෙච්චර දෙයක් වෙලත් බෙටී, බැනර් ට තිබ්බ ආදරය වෙනස් උනේ නැති හින්දා.
ජෙනරාල් රෝස් කොච්චර උත්සාහ කලත් එයාට හල්ක් ව අල්ලා ගන්න පුළුවන් උනේ නෑ. මේ හින්දාම ජෙනරාල් රෝස් ගේ හිතේ හල්ක් ගැන තරහක් තිබ්බට ගෞරවයකුත් ඇති උණා. මේක තවත් වැඩි උනේ Abomination වගේ රජයට මැදිහත් වෙලා බිහිකරපු සොල්දාදුවන් පවා විනාශයන් කරද්දී හල්ක් ඒවා නවත්වන්න උදව් කරපු හින්දා. මේ අතර වාරයේ දී හල්ක් තමන්ගේ තරහා පාලනය කරන්නත් හල්ක් උනාට පස්සේ විනාශ කාරී ගතිය අඩුකරගන්නත් පුරුදු වෙනවා. මේ හින්දම එයා බැනර් සහ බෙටී අතර විවාහයට අවසර දෙනවා. ඒත් විවාහ උත්සවය දවසේ හල්ක් ගේ සතුරන් එකතු වෙලා ආපහු බැනර් පරන විනාශකාරී සත්වයා බවටම පත් කරනවා. මෙතනින් පස්සේ ජෙනරාල් රෝස් තමන්ගේ සටන ආපහු පටන් ගන්නවා. මේ නොනවතින අරගලය ඉවර උනේ තමන්ගේ වැරදි තේරුම් ගන්න ජෙනරාල් රෝස් බෙටී ගෙන් සමාව ඉල්ලාලා මිය යන තැනින්.
ජෙනරාල් රෝස් මැරිලා ගියත් අපි තාම රෙඩ් හල්ක් කෙනෙක් ගැන කතා කලේ නෑනේ. ඔව් ඒකට හේතුව මාවල් යුනිවර්ස් එකේ සදාකාලිකව මැරිලා ඉන්න අවසර තියෙන්නේ අංකල් බෙන් ට විතරක් හින්දා. මිය ගිය ජෙනරාල් රෝස්ට Leader කියන හල්ක් ගේ තවත් ප්‍රධානම හතුරෙක් පණ දෙනවා. ඒ කෙරුවේ කොහොමද කියන කාරණය අපිට වැදගත් නෑ. හැබයි ප්‍රතිපලය උනේ කලින් හිටියාටත් වඩා දරුණු ජෙනරාල් රෝස් කෙනෙක් බිහිවෙන එක. මොකද Leader මෙයාගේ මනස විකෘති කරනවා. එතනින් පස්සේ ආපහු හල්ක් එක්ක සටන පටන් ගන්නවා. ඔය අතර වාරයේ දී තමයි මෙයා ඩොක්ටර් සැම්සන් එක්ක එකතු වෙලා බැනර් හල්ක් බවට පත් කරපු ක්රමයම භාවිතා කරලා රෙඩ් හල්ක් එහෙමත් නැතිනම් රල්ක් වෙන්නේ.
මෙච්චර කාලයක් සතුරාගේ ශක්තිය ට එරෙහිව කරන්න දෙයක් නැතුව හිටපු රෙඩ් හල්ක් ට පුළුවන් වෙනවා හල්ක් විනාශ කිරීමේ ක්‍රියා පිළිවෙත තනිවම කරන්න. හැබයි කාලයක් මේ සටන උනාට පස්සේ එයාම තේරුම් ගන්නවා හල්ක් කියන්නේ හිතන තරම් නරක කෙනෙක් නෙවෙයි කියලා. මෙයා ඊට පස්සේ හල්ක් ට පාඩුවේ ඉන්න දෙනවා. සමහර අවස්ථා වලදී හල්ක් එක්ක එකම පැත්තේ ඉඳගෙන සටන් කරන්නත් ඉදිරිපත් වෙලා තියනවා. ඒ වගේම කාලයක් ඇවෙන්ජර්ස්ලා එක්කත් වැඩ කරලා තියනවා. හැබයි වර්තමානේ දී නම් අපිට රෙඩ් හල්ක් කියන කෙනා දකින්න වෙන්නේ නෑ ඒකට හේතුව තමයි ඩොක් ග්‍රීන් කියලා වර්තමානේ අපි හඳුන්වන හල්ක් විසින් මෙයාව ආපහු යතා තත්ත්වයට පත් කරපු හින්දා. හැබයි ඉතින් ජෙනරාල් රෝස් කියන චරිතය එතනින් ඉවර වෙන්නේ නැති වෙයි. මොකද මෙච්චර කාලෙකට හල්ක් ට හිටපු හොඳම ප්‍රතිවාදියා තමයි ජෙනරාල් රෝස් කියන්නේ.
ජෙනරාල් රෝස් විදිහට ඉන්න කොට නම් මෙයාට තිබ්බේ තීක්ෂණ නුවනක් සහ කාටවත් භය වෙන්නේ නැති ගතියක්. හැබයි රෙඩ් හල්ක් උනාට පස්සේ නම් මෙයාට හල්ක් වගේම අසාමාන්‍ය ශක්තියක් ලැබෙනවා. ඒ වගේම අනිත් ගැමා විකිරක කට්ටිය වගේ නෙවේ. මෙයාට විශාල ප්‍රමාණයක ගැමා විකිරණ නිරාවරනයක දී උනත් ගැටලුවක් වෙන්නේ නෑ. මොකද මෙයට පුළුවන් ඒවා තමන්ගේ ඇඟට අවශෝෂණය කරගන්න.
2008 දී නිකුත් වුනු The Incredible Hulk ෆිල්ම් එකේ දී අපිට ජෙනරාල් රෝස් ගේ චරිතය දැක ගන්න පුළුවන් උණා. ඒ වගේම ලබන අවුරුද්දේ නිකුත් වෙන්න නියමිත සිවිල් වෝර් ෆිල්ම් එකේ දී ත් අපිට මේ චරිතය දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාල Hulk and the Agents of S.M.A.S.H. ඇනිමේෂන් එක බලනවා නම් රෙඩ් හල්ක් ගැන ගොඩක් තොරතුරු දැන ගන්න පුළුවන්.
#Amadeus_chO
elma
ReplyDeleteThanks bro
ReplyDelete