Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Fantastic Beasts: The Crimes of Grindelwald Movie Review

Fantastic Beasts: The Crimes of Grindelwald Movie Review


Wizarding World එකේ දහවන චිත්‍රපටය. අපි පොඩි කාලේ ඉදන් බැලුව හැරි පොටර් සිරිස් එක කතාවේ තත්වය අතින් මෙන්ම අදායම් වාර්තා අතිනුත් අතිසාර්ථකයි කියල අපි දන්නවා. ඉතින් මේ දැන් එන Fantastic Beasts සිරිස් එකත් ඒ වගේ සාර්ථක වෙයිද? Fantastic Beasts 1 චිත්‍රපටය නම් ඉතාමත් සාර්තකයි මට හිතෙන විදිහට. මිලියන 814ක box office එකෙන් අපිට හිතා ගන්න පුලුවන් ලොව වටා ඉන්න රසිකයෝ පලවන චිත්‍රපටයට ආදරය කලා කියලා. දෙවන චිත්‍රපටයත් එතරම් සාර්ථක වෙයිද? මට හිතෙන විදිහට Box Office පැත්තෙන් අනවාර්යෙන් සාර්ථක වේවි. නමුත් චිත්‍රපටයක් විදිහට එය අසාර්ථක බවයි මගේ පෞද්ගලික හැගිම. අඩු තරමේ අනෙක් Wizarding World චිත්‍රපටවලට සාපෙක්ශව.
මෙම චිත්‍රපටය සුපුරුදු පරිදි අධ්‍යක්ෂණය වන්නේ David Yates විසින්. තිර රචනය J.K.Rowling මහත්මිය විසින්. මැය කවුද කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. පළමුවන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරුපණය කරන Eddie Redmayne මෙහිදිත් ප්‍රදාන චරිතය රගපානවා. Katherine Waterston, Ezra Miller, Dan Fogler, Alison Sudol ඇතුළු පිරිස සහය රංගනයෙන් දායක වෙනවා. ඒත් අපි හැමෝම දන්නවා මෙම කතා පෙළ ගෙතිලා තියෙන්නේ Dumbledore සහ Grindelwald කියන චරිත දෙක වටා කියලා. මෙම චරිත දෙක රගපාන්නේ අති දක්ෂ නළුවන් දෙදෙනෙක් වන Jude Law සහ Johnny Depp විසින්. කියන්න වරදක් නැහැ මේ ෆිල්ම් එකේ ඉන්න සැම නළුවෙක් වගේම තමන්ගේ උපරිමයෙන් මෙම ෆිල්ම් එකට දායක වෙලා තියෙනවා. රගපෑම පැත්තෙන් මම කිසිම අඩුවක් දැක්කෙ නැහැ. ෆිල්ම් එකේ අධ්‍යක්ෂණයත් David Yates හොදට කරල තිබුන කියන එකයි මගේ මතය. ඒ වගේම ෆිල්ම් එකේ ඕපනින් ජවනිකාවත් සුවිශේෂී එකක් කියලා සඳහන් කරන්න ඕනි. ඊට වඩා දෙයක් කිව්වොත් ඒකත් ස්පොයිල් වෙයි. ෆිල්ම් එකේ music කලේ James Newton Howard විසින්.
ෆිල්ම් එකේ මට දැනුනු ප්‍රධානතම අවුල වුනේ ෆිල්ම් එකේ editing සහ screenplay එකේ තිබුනු පොඩි පොඩි ප්‍රෂ්ණ කිහිපයක්. ෆිල්ම් එක කිසිම ප්‍රශ්නයක් නැතුව තව විනාඩි විස්සක් විතර කෙටි කරන්න හැකියාවක් තිබුණා. චිත්‍රපටය ඇතුලත තිබුනු sub plots සහ Characters ප්‍රමාණය තව දුරටත් ටිකක් අඩු කල යුතු බවක් දැනුනා. මට හිතෙන විදිහට ඉතා දරුණු Harry Potter geek කෙනෙක් වෙන මට ඒක දෑනුනා නම් සාමාන්‍ය පුද්ගලයෙකුට ඊටත් වඩා දරුණුවට ඒක දැනෙන්න පුලුවන්. හැබැයි මේ ප්‍රශ්නයට හේතුව නම් ඉතා සරලයි. J.K.Rowling ට තියෙන අත්දැකීම් රහිතකම තමා මේකට හේතුව විදිහට මම දකින්නේ. J.K.R. kiyanne ලෝක ප්‍රකට කතුවරියක්. හැබැයි ඇය තිර රචනයට අලුත්. අර චරිත කිහිපයක් වැඩිකම, sub plots කිහිපයක ප්‍රධාන Story-line එකට ඇති නොගැළපීම Harry Potter සිරිස් එක වගේ පොත් වලදි ප්‍රශ්නයක් වන්නේ නැහැ. ඒත් ඒක පැය දෙකක වගේ ගුවන් කාලයකට සීමා වන චිත්‍රපටයකදී ප්‍රශ්නයක් වනවා.
හැබැයි ඇය චිත්‍රපටයේ අවසානයට වන්න සුපුරුදු පරිදි ප්‍රේක්ෂකයාව මවිත කලා කිව්වොත් නිවැරදි. මොකද අන්තිමට එන plot twists ටික මුරලි දාන දග පන්දුවකට සමයි. Spoil කිරිමේ ආසාවක් නැති නිසා නොකිව්වත් මට හිතෙන විදිහට හැම Harry Potter රසිකයෙක්ටම පුන්චි සතුටක් ගෙන දෙයි. මේකේ තියෙන අනිත් අඩු පාඩුව තමා Jude Lawගේ (Dumbledore) තිබිච්ච අඩුව. ඉතාමත් අඩු කතා කාලයක් හිමි උනත් පහසුවෙන්ම චිත්‍රපටයේ හොදම චරිතය ලෙස මා දැක්කේ Dumbledoreගේ චරිතය. Johnny Deppට (Grindelwald) ලොකු කතා කාලයක් හිමි උනත් චරිතයේ ගොඩ නැගිම මදි බවක් දුටුවා. කෙටියෙන්ම “Crimes of Grindelwald” යන නම චිත්‍රපටයට නොගැලපෙන බවක් හැගුණා. නමුත් ලබාදුන් තිර පිටපතට Depp සාදාරණය ඉෂ්ට කර තිබුණා. උදාහරණයක් විදිහට පුර්ව ප්‍රචාරක පටවල පෙන්වන Grindelwald කතාව Depp සුපිරියටම කරල තිබ්බ කිව්වොත් නිවැරදි. Depp සහ Jude Law සුසන්යෝගයට Foglerගේ Jacod Kowalski එකතු වූ විට මේ ෆිල්ම් එක තවත් සුන්දර වෙන්න තිබුනා කියන එකයි මගේ අදහස.
කෙසේ නමුත්, පළමුවන ෆිල්ම් එකට ආදරය කලා නම් ලොකු ප්‍රශ්නයක් නැතුව මෙම චිත්‍රපටය බැලිය හැකි බවයි මගේ මතය. නමුත් පළවන චිත්‍රපටයට ලොකු කැමැත්තක් නැත්නම් මේක සිනමාහල් වල බැලීමෙන් වැලකී සිටියත් හොදයි කියන එකයි මගේ අදහස.
Rating : 6.5/10
- Legal Notice -
Wizarding World Publishing and Theatrical Rights © J.K. Rowling. Wizarding World is a trademark of Warner Bros. Entertainment Inc. Wizarding World characters, names and related indicia are ™ and © of Warner Bros. Entertainment Inc. All rights reserved. All product names, logos, and brands are property of their respective owners. All company, product and service names used in this article are for identification purposes only.
2014 - 2018© CS Corp All Right Reserved

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න