Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Upside Down World

Upside Down World



ඔයාලා ඉල්ලපු විදිහට අපි මේ පාර upside down ලෝකය ගැන තමයි කියන්න යන්නේ.

අපි ජීවත් වෙන ලෝකයට අමතරව වෙනත් මානයක තිබෙන සමාන්තර ලෝකයක් තමයි මේ upside down ලෝකය කියන්නේ. අමුතුම ජීවීන් වාසය කරන මේ ලෝකයේ ඒ ජීවින් පාලනය කරන්නේ Mind Flayer නම් අධි ක්‍රියාකාරී මනසකින් යුතුදැවැන්ත ජීවියෙකු විසිනුයි.

1983 දි Hawking's national laboratoryහි විද්‍යාඥයින් සිදුකල පරික්ෂණ කටයුතු වලදි උන වැරැද්දකින් upside-down සහ අපේ ලෝකය අතර නිර්මණය උන දොරටුව හරහා තමයි මොවුන් පැමිණෙන්නේ.

මෙම දොරටුව භාවිතා කරමින් Mind Flayer, upside down ලොව හරහා Hawking නගරය තුල සිය ආධිපත්‍යය පතුර වන්නයි උත්සාහ කරන්නේ අවසානයේ මුළු ලෝකයම ආක්‍රමණය කිරිම මුලික අරමුණ උන Mind Flayer ගේ සැලසුම් season 02 හි දි Eleven විසින් දොරටූව වසා දැමීමෙන් අසාර්ථක වෙනවා.

කොච්චර දුරකට මෙම ලෝකය පැතිරී යනවද? කොච්චර කාලයක් පැවතුනාද?? බිහිවූයේ කෙසේද??? යන කරුණු නම් තවමත් අභිරහසක්.

1983 දි Hawking's lab එක තුල Elevan ගේ විශේෂ හැකියාවන් සහ අධි මානසික තත්වයන් යොදා ගනිමින් Dr. Brenner රුසියානු සතුරගේ රහස් සාකච්ඡාවක් වලට සවන් දෙනවා

ඒ අතරතුර අහම්බෙන් හමුවන Demogorgon ගැන විස්තර සෙවීමට Dr. Brenner Elevan ව පොලඹවනවා. Demogorgan සමඟ සම්බන්ධ වීමට උත්සාහ කරන අවස්ථාවේ Elevan පලමු ස්පර්ශ කළ අවස්ථාවේදීම මානයක් දෙක අතර දොරටුව විවෘත වෙනවා. ඒත් සමඟම ඇති වූ භීතීය හා ව්‍යාකූල තත්වය නිසා කලබල මැද්දේ Elevan පැන ගන්නවා. ඒත් සමගම අපේ ලොවට ඇතුළු වෙන Demogorgon සතුන්ගේ සහ මිනිසුන්ගේ සිරුරු ආහාරයට ගනිමින් සහ ගබඩාකර තබා ගනිමින් මානයන් හරහා ගමන් කරනවා.

Season 01 හි දී එක් අවස්ථාවක Nancy ගසක් පාමුල තිබු තාවකාලික දොරටුවකින් upside down ලොවට ඇතුළු වෙනවා. එහි රැඳී සිටි සුළු කාලය තුලදී එහි ඇති භයානක කම තේරුම් ගන්නා ඇය Demogorgonට හසු නොවී නැවතත් අපේ ලොවට ඇතුළු වෙනවා.

Will දින කීපයක් upside down තුල සිරවී සිටියද Demogorgon ගෙන් සැඟවී Joyce ට විදුලි බුබුළු මගින් සන්නිවේදනය කිරීමට පවා හැකි වෙනවා

ස්වභාවය
මූලින්ම upside down සහ අපේ ලොව අතර සම්බන්ධය ගැන දැනගන්නේ Elevan දොරටුව විවෘත කල නිසයි. අපේ ලොවට සමාන ගොඩනැඟිලි ස්ථාන සියල්ලම තිබුනද දැඩි මීදුමකින් වැසුන සීතල අපැහැදිලි වටපිටාවකින් යුතු වෙනවා. එමෙන්ම වාතය හරහා සංසරණය වන බීජානු වලින් යුතු වායු ගෝලයක්ද upside down ලොව සහ අපේ ලෝකය වෙන් කරන ලණු නූල් වැනි ජීව පටලයක් ද තිබෙනවා

තවම නිවැරදි තොරතුරු නැති මෙම අභිරහස් ලොව සහ අපේ ලොව අතරද හදුනා ගත් යම් සමානකම් දකින්න පුළුවන්. ආලෝකය, ගුරුත්වාකර්ෂණ බලය,ශබ්දය ආදිය අපේ ලොව තුල මෙන්ම ක්‍රියා කරනවා. Hawking lab හි විද්‍යඥයන් ට අනූව upside down හි වායු ගෝලය මිනිසුන්ට විස සහිත වෙනවා. තවද upside down ප්‍රධාන වශයෙන්ම චුම්බක ක්ෂේත්‍රයට බලපෑම් ඇති කරනවා. Season 01 හි දී Dustin ගේ මාලිමාව සැබෑ උතුර වෙනුවට විද්‍යාගාරය පෙන්වූ හැටි ඔයාලට මතක ඇතිනේ. ආලෝකය ගැන කතා කරනවා නම්, Eill සහ Joyce විදුලි බුබුළු මගින් සන්නිවේදනය කිරීම, Demogorgon ඇවිදින විට විදුලි බුබුළු දැල්වීම, ආදි සිදුවීම් දක්වන්න පුළුවන්.

Upside down වල වාසය කරන ජීවීන් ගැන කියනවා නම්,
01. Mind flayer
Upside down ලොව තුල වෙසෙන ජීව විද්‍යාත්මක වර්ධනයක් ඇති සියලුම ජීවන් පාලනය කරන දැවැන්ත ජීවියා මෙම නමින් හදුන්වයි. Upside down තුල වෙසෙන බලවත්ම ජීවියා මොහු වේ. මොවුන්ගේ ප්‍රධානතම දුර්වලතාවය තමයි තාපය. විශේෂයෙන් ම ගින්දර මොවුන්ට දැඩි බලපෑමක් කරයි. තාපය හමුවේ Mind flayerට පමණක් නොව ඔහූට නතු වී සිටින සියලූම දෙනාටම එම වේදනාව දැනේ. Season 02 වලදි නිශ්චිත ශරිරයක් නැති Shadow Monster යනු Mind flayer ම වන අතර season 03 හි දි මිනිස් සහ සත්ව විලෝපිකයන්ගෙන් සැදුම්ලත් දැවැන්ත ජීවියෙකු බවට පත් වේ

02. Demogorgon
Demogorgon නමින් හදුන්වන මෙම ජීවින් Mind Flayer ගේ හමුදාවක් ආකාරයෙන් ක්‍රියාත්මක වේ. අදියර 06 ක ජීවන චක්‍රයක් සහිත මොවුන් උභය ජීවීන්ට තරමක් සමාන වේ. season 02 හි දී Dustin විසින් සුරතලයට අති කරන්නේ ජීවන චක්‍රයේ පළමු අදියරෙ සිටින Demogorgon කෙනෙකි.සමිපුර්න වර්ධනයට පෙර අතරමැදි ජීවින්ට Demodog යන නම season 02 හි දී භාවිතා කරයි.
#merida

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න