Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

කවුද මේ Hellstrom කියන්නේ?

කවුද මේ Hellstrom කියන්නේ?
ගෝස්ට් රයිඩර් වගේ එන්න තිබ්බ සීරීස් කැන්සල් වෙලා මාවල් tv ඩිවිෂන් එකෙන් කරන අන්තිම සීරීස් එක ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් අන්තිම සීසන් වෙයි කියලා හිතුවට අන්තිම මොහොතේදි ග්‍රීන් ලිට් වෙච්ච සිරිස් එකක් තමයි හෙල්ස්ට්‍රෝම් සිරිස් එක. මේ සීරීස් එකත් එන්න ඔන්න මෙන්න වගේ තියෙන වෙලාව හින්දා අපි හිතුවා මේ සීරීස් එකේ ප්‍රධාන චරිතය වන ඩේමන් හෙල්ස්ට්‍රෝම් ගැන කතා කරන්න. 1972 Ghost rider #1 කොමික් එකෙන් පළමු වරට හඳුන්වලා දීපු මේ ඩේමන් හෙල්ස්ට්‍රොම් චරිතය එළියට එන්නෙ කොමික් ලෝකයේ හොරර් කතා ප්‍රසිද්ධ වෙච්ච වගේම වැඩිවැඩියෙන් එළියට එන කාලෙක. මාවල් ලගෙ ගෝස්ට් රයිඩර්, ඩ්‍රැකියුලා වගේ කතා වලට සෑහෙන හොඳ ප්‍රතිචාර හම්බුනාට පස්සෙ ස්ටෑන් ලීට ඕන වෙනවා සාතන්ව දම්මලා කොමික් සීරීස් එකක් කරන්න. එවකට ප්‍රධාන කර්තෲවරයා වෙලා හිටපු Roy Thomas යෝජනා කරනවා කෙලින්ම සාතන්ව දාන්නෙ නැතුව සාතන්ගෙ පුතාව දාලා කට්ටියගෙ ප්‍රතිචාර කොහොම වෙයිද කියලා බලමු කියලා. ඊට පස්සෙ තමයි Roy Thomas (writer) සහ Gary Friedrich (artist) කියන දෙන්නා මේ චරිතය නිර්මාණය කරන්නෙ. සාතන්ගෙ පුතා කියලා කිව්වට සාතන්ටයි මනුෂ්‍ය අම්මා කෙනෙක්ටයි දාව උපදින ඩේමන් හෙල්ස්ට්‍රොම් කියන්නෙ හොඳ කොල්ලෙක්. මෙතනදී සාතන් කියලා කියන්නෙ කෙලින්ම අපි හිතන සාතන් කියන කෙනාම නෙවෙයි. මෙයා සාතන්වරුන්ගෙන් එක්කෙනෙක් විතරයි. මාවල් විශ්වයේ අපාය පාලනය කරන්නෙ මේ සාතන්වරුන්ගෙන් සැදුම්ලත් සමිතියක් විසින්. හරියට අපායෙ ඩිරෙක්ටර් බෝඩ් එකක කියලා කියන්න පුළුවන්. මෙයාලා හඳුන්වාගන්නෙ හෙල් ලෝර්ඩ්ස්ලා කියලා. මේ හෙල් ලෝර්ඩ්ස්ල අපායෙ realms එහෙම නැත්තං නොයෙකුත් අංශ පරිපාලනය කරනවා. සමහර අවස්ථාවන්වලදී සඳහන් වෙලා තියෙනවා මෙයාලටත් උඩින් කෙනෙක් ඉන්නවා කියලත්. එහෙම වුනත් කොමික් වලින් මේ වෙනකන් ඒ චරිතය, ඒ සාතන් ලොක්කව තවම හඳුන්වලා දීලා නම් නෑ. මේ හෙල් ලෝර්ඩ්ස් අතරින් හෙල්ස්ට්‍රෝම්ට වගකියන්න ඕන සාතන් විදිහට කැනන් කරලා තියෙන්නෙ මාඩක් කරියෝස් (Marduk Kurios) කියන පුරාණ ඩීමන් කෙනෙක්. මෙයාටත් අපායේ වෙනම අංශයක් භාරව තියෙනවා. පොඩිකාලෙදි ඩේමන් තමන්ගෙ තාත්තා කවුද කොයිවගේ කෙනෙක්ද කියලා දන්නෙ නෑ. ඒ බව දැනගන්න ලැබෙන්නෙ අවුරුදු ගානකට පස්සෙ අම්මගේ දිනපොතක තිබිලා. ඩේමන් තමන්ගෙ තාත්තා හම්බවෙලා තමන්ට උරුම වුනු හැකියාවන් වගේම පියාගෙන් මායාකර්ම ගැනත් ඉගෙනගන්නවා. ඊටපස්සෙ ඩේමන්ගෙ තාත්තා මනුෂ්‍ය වර්ගයාට විරුද්ධව කරන සටනට එකතු වෙන්න කියලා ඩේමන්ගෙන් ඉල්ලලා හිටියට ඩේමන් කැමති වෙන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, ඩේමන් මනුෂ්‍යයින් වෙනුවෙන් සටන් කරන්නත් පෙළඹෙනවා. මාවල් විශ්වයේ නොයෙකුත් චරිතවල බලයන් නොයෙකුත් අවස්ථාවන්වලට අනුව වෙනස් වෙනවා, විශේෂයෙන්ම ඩීමන්ලගෙ (demonic beings). මේ අයගේ බලයන් අඩුවැඩි වශයෙන් නොයෙකුත් අවස්ථාවනවලදී දකින්න ලැබුනට මේ අයගේ වාසස්ථාන වලදී උපරිම වශයෙන් දකින්න ලැබෙනවා. හෙල්ස්ට්‍රෝමුත් මේ වගේමයි. පෘථිවිය මතුපිටටදී ඔහුට කාය ශක්තිය වේගය වගේ දේවල් තිබුනට හල්ක් වගේ චරිතයන් පරද්දන්න තරම්ම නං නෑ. ඒත් හෙල්ස්ට්‍රෝම්ට ඔහුට අයත් නරකාදියෙදි ඔහුගේ බලයන් හිතාගන්න බැරිතරම් ඉහළයි. කොහොමවුනත් හෙල්ස්ට්‍රෝම්ට තමන්ගෙම මායා ත්‍රිශූලයක් තියෙනවා ඒකෙන් පුළුවන් පෘථිවිය මත වුනත් අපායෙ ගිනිදැල් පාලනය කරන්න. මේ ගිනිදැල් විශේෂයට කියන්නෙ soulfire එහෙම නැත්තං hellfire කියලා මේකෙන් ආත්මයන් පුච්චලා දාන්නත් පුළුවන්. ගෝස්ට් රයිඩර් තමන්ගෙ ආයුධ වලට වගේම වාහන පණගන්වන්නත් පාවිච්චි කරන්නෙත් මේ ගිනිදැල් විශේෂයම තමයි. මීට අමතරව ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේ මායාකර්මත් පුළුවන්. ඩේමන් තම පියාගෙ පැත්තෙන් මනුෂ්‍යත්වය ආරක්ෂා කරන්න සටන් කරනවා වුනාට අපායෙ පාලකයෙක් විදිහට සමහර ඩීමන්ලා එක්ක එකතුවෙලා වැඩකරන අවස්ථාවලුත් තියෙනවා. හරියට ඩෝර්මාම්මු වගේ එන්ටිටීස්ලට විරුද්ධව සටන් කරන්න වුනොත් වගේ. ඩේමන් හෙල්ස්ට්‍රෝම්ගෙ අපාය සහායකයො ඇරුණම ඩේමන් පෘථිවියේ ඉන්න සමහර සුපර්හීරෝස්ලා විලන්ස්ලා වගේ කට්ටිය එක්කත් එකතු වෙලා වැඩකරලා තියෙනවා. මිඩ්නයිට් සන්ස්, මාස්ටර්ස් ඔෆ් ඊවල්, ඒ වගේම විශේෂයෙන් ඩිෆෙන්ඩර්ස් කණ්ඩායමේ සාමාජිකයෙකුත් වෙනවා. මාවල් වල සුපර්නැචුරල් බලවේග ගැන ඩීල් කරන කණ්ඩායමක් වෙන ඩිෆෙන්ඩර්ස්ලට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේ සාමාජිකයො හිටියත් සමහර වෙලාවල්වල ඩේමන් හෙල්ස්ට්‍රෝමුත් ඒ මිස්ටිකල් බලවේග හා සටන් කරන්න උදව් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඩේමන්ට අපායෙ වැඩකටයුතු වෙන විදිහ වගේම හැමෝම වගේ අඳුරන නිසාත් මැජික් සම්බන්ධ ගැටළුවලදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ් පවා උපදෙස් ගන්න කෙනෙක් විදිහට ඩේමන් හෙල්ස්ට්‍රෝම් කටයුතු කරනවා. මීට අමතරව හෙල්ස්ට්‍රෝම් එකට වැඩකරපු අයගෙන් විශේෂ තැනක් ගන්න චරිතයක් තමයි සේටැනා (Satana) මෙයා තමයි ඩේමන් හෙල්ස්ට්‍රොම්ගෙ සහෝදරිය. ඩේමන් හැදිලා වැඩුනෙ පෘථිවිය මත වුනාට මෙයා අපායෙම හැදිලා වැඩුණු කෙනෙක්. මුලදී සේටැනා තාත්තගෙ පැත්ත ගත්තා වුණාට පස්සෙ කාලෙ මෙයත් ඩේමන් වගේම මනුෂ්‍ය පැත්ත ගන්නවා. තාත්තා සාතන් වුනාට තමනුත් ඒවගේම වෙන්න ඕන කියලා නෑනෙ. කොහොමහරි හූලු එකෙන් හෙල්ස්ට්‍රෝම් ටීවී සීරිස් එකකුත් එනවා. මේ සීරීස් එකේදි නම් ඩේමන් කියන්නෙ එක්සෝසිස්ට් කෙනෙක්, මෙයාගෙ තාත්තා සීරියල් කිලර් කෙනෙක් කියලයි කියවෙන්නෙ. කොමික් වල වගේ ඩේමන් තමන්ගෙ තාත්තා හුදෙක් සීරියල් කිලර් කෙනෙක්ට වඩා සංකීර්ණ චරිතයක් කියලා හොයාගන්න එක මේ සීසන් එකේදි වෙනවා වෙන්න පුළුවන්. මේකෙදි ඩේමන් හෙල්ස්ට්‍රෝම්ගෙ චරිතය බැට්මෑන් ආර්කැම් VR ගේම් එකේ ටිම් ඩ්‍රේක්ට හඬකවපු Tom Austenනුත් ඔහුගේ මව වෙන වික්ටෝරියා හෙල්ස්ට්‍රෝම් චරිතය ලින්කන්, හවුස් ඔෆ් කාඩ්ස්, හෝම්ලෑන්ඩ් සීරීස්වල රඟපාපු Elizabeth Marvelත්, ඔහුගේ සහෝදරියගේ වන ඇනා හෙල්ස්ට්‍රෝම්ගේ චරිතය hbo වල සක්සෙෂන් සීරීස් එකේ එහෙමත් රඟපාපු Sydney Lemmonනුත් රංගනයෙන් දායක වෙනවා. කොහොම වුනත් කොමික්වල වගේ සෑහෙන බලවත් හෙල්ස්ට්‍රෝම් කෙනෙක් අපායෙ සගයොත් එක්ක ඉන්න හැටි නම් මේ සීරීස් එකෙන් දැකගන්න බැරිවේවි, අඩුමගානෙ මේ සීසන් එකෙන්. කොහොමින් කොහොම වුනත් මේක tv ඩිවිශන් එකෙන් ජෙෆ් ලෝබ් කරන්න හිටපු ඇඩ්වෙන්චර් ඉන්ටු ෆියර් කියන හොරර් සීරීස් මාලාවෙන් කැන්සල් නොවී ආපු එකම සීරීස් එකත් වෙනවා. අපි එහෙනම් අපි බලමු මාවල් TV ඩිවිෂන් එකේ අන්තිම ලයිව් ඇක්ෂන් සීරීස් එක හෙල්ස්ට්‍රොම් කොමික් වලට කොයිතරම් දුරට සාධාරණයක් ඉටු කරනවද කියලා. කාලෙකට පස්සෙ ගෙනාපු මේ ලිපිය ගැන අදහස් දක්වන්නත් අමතක කරන්න එපා ! #Tony

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න