කොමික් කිව්වාම අපි හැමෝටම මතක් වෙන්නෙ DC සහ Marvel කියන නම් දෙක. 1933දී ආපු කොමික් පොත් අද සිනමා කර්මාන්තය, රූපවාහිනී කතාමාලා වගේම පරිඝනක ක්‍රීඩා දක්වා වැඩි දියුණු වෙලා තියෙනවා. අද මේ කොමික් චරිත ලෝකේ ඉන්න ලොකු කුඩා ඕනෑම කෙනෙක්ගේ වීරවරයන් බවටද පත්වන්නට සමත්වී තිබෙනවා.
අයන් මෑන්, තෝර්, කැප්ටන් ඇමරිකා, හල්ක්, වුල්වරීන්, මැග්නීටෝ වගේ සුපිරි චරිත දහස් ගණනකට අයිතිවාසිකම් කියන Marvel සමාගම ගැන මුලින්ම අපි හැමෝම දැනගැනීම වැදගත්.
වර්ෂ 1939දී Timely Comics සමාගම ලෙසින් ආරම්භ වූ Marvel සමාගම දැනට Walt Disney සමාගමට අනුබද්ධිතව පවත්වාගෙන යනවා. 1960 දී Marvel Comics ලෙසින් තම නාමය වෙනස් කරගත් ඔවුන් වර්තමානයේ Marvel Studios, LLC සහ Marvel Entertainment, LLC දක්වා සිය පුළුල් වී තිබෙනවා. Marvel Studios හරහා සිනමාපට සහ රූපවාහිනී කතා මාලා ඉදිරිපත්කිරීමටද, Marvel Entertainment හරහා කොමික් පොත් ඇතුලු සියල්ලගේම එකතූන් ඉදිරිපත් කිරීමටද ඔවුන් යුහුසුළුව තිබේ.
Marvel සමාගම සතු විශේෂිතම හැකියාවක් වන්නේ සුපිරි වීරවරයන්ට තර්ජනයක් ඇතිකිරීමට අවශ්‍යය සුපිරි දුශ්ඨයන්ද විශිෂ්ඨ ලෙස නිර්මාණ කිරීමයි. එලෙස නිර්මාණය වූ මැග්නීටෝ, තානෝස්, රෝනාන්, ලෝකි, ඩොක්ටර් ඩූම් වැනි දුෂ්ඨ චරිත පවා ජනතාවගේ ආකර්ෂණය හිමිකරගෙන ඇත්තේ ඒ නිසාය. එනම් විශ්ව කේන්ද්රීය වීරවරයන් සහ දුෂ්ඨයන් ඔවුන් සතුවීමයි.
1944න් ඇරඹි Marvel සිනමාව අද වර්තමානයේ වාර්තා පිට වාර්තා තබමින්, ආදායම් වාර්තා බිඳලමින් ජනතා ප්රසාදය වඩ වඩාත් දුයුණු කරගනිමින් පවතී. 1944 සිට 2014 වසර අවසානය වන විට සිනමාපට 40ක් පමණ නිපදවා ඇති ඔවුන්ගේ චිත්රකතා පොත් ප්රමාණය 3000කට වැඩිය.
Marvel සිනමාපට ගැනත්, රූපවාහිනී කතාමාලාවන් ගැනත්, ඔවුන්ගේ ඉදිරි වැඩපිලිවෙලවල් ගැනත් අපිත් එක්කම ඉදිරියට රැඳීසිටීමෙන් හැමෝටම දැනගන්න පුලුවන්වෙයි.
SmAsHeR
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න