The Flash tv series එක මේ දවස් වල ගොඩක් අයගෙ කතාබහට ලක්වූ tv series එකක්. මේ tv series එකේ ප්‍රධාන චරිතය තමා The Flash එහෙමත් නැත්තන් Barry Allen. ඒත් කවුද මේ flash. DC comics වල මේ flash කියන නම අයිති පුද්ගලයන් ගොඩක් ඉන්නවා. ඒත් ඒ හැමෝම ගැන කතා කරන්න ගියොත් කතාකරල ඉවර කරන්න දවස් ගානක් යයි. ඒක නිසා අපි ප්‍රධාන හතර දෙනා ගැන කතාකරමු.
Jay Garrick තමා මුල්ම Flash. මෙයා මුලින්ම ආවෙ Golden age Flash comics #1 (1940 ජනවාරි වල ) Jason Peter '' Jay '' Garrick කියනෙ college student කෙනෙක්. එක දවසක් එයා ලැබ් එකේ එක එක chemicals එක්ක වැඩ කර කර ඉන්න කොට එයාට නින්ද ගියා. උදේ නැගිටල බලද්දි එයා තේරුනා එයාට වේගෙන් ගොඩක් වේගෙන් දුවන්න පුලුවන් කියල. පස්සෙ එයා lightning bolt එකක් තීන රතු shirt එකක් සහ පිහාටු තියෙන metal helmet එකක් හොයාගෙන නගෙරෙ ඉන්න හොරු අල්ලන්න පටන් ගත්තා.
Barry Allen, ගොඩක් අය Flash කිව්වවම අදහස් කරන්නෙ මෙයාව. මෙයා තමා දෙවැනි flash. කලින් කිව්වා වගේ The Flash tv series එකේ ප්‍රධාන චරිතය. Barry කියන්නෙ central city වල police scientist කෙනෙක්. දවසක් Barry වැඩ ඇරිල යන්න හදනකොට අකුණක් වැදුනා ඒ වෙලාවෙම එතන තිවුන chemical වගයක් එයාගෙ ඇගට හැලුනා පස්සෙ බලද්දි එයාටත් jayට වගේ ගොඩක් වේගෙන් දුවන්න පුලුවන්. එක එක කාලෙට මේ කතාවෙ පොඩි පොඩි දේවල් වෙනස් වෙනව. උදාහරණයකට ගත්තෙ The Flash tv series එකේ S.T.A.R. Labs particle accelerator එකේ පොඩි වැරදීමක් නිසා සිදුවූ පිපිරීමකින් තමා Flashට වැදුනු අකුණ හැදුනෙ. ඒත් comic වල ඒක නිකම්ම අකුණක්. කොහොම හරි Barryගෙ පොඩි කාලෙ සුපිරී වීරයා ( Jay Garrick Flash) ට පස්සෙ Flash කියන නම ගත්තා. ආයෙත් Flash tv series එකේ Flash ට flash කියන නම දැම්මෙ Arrow ( Green Arrow ) ඒත් අපි මෙතනදි තේරුම් ගන්න ඕනා comic සහ tv universe කියන්නෙ දෙකක්. එකම දේ සිද්ද උනාට පොඩි පොඩි වෙනස් කම් තියෙනව. මන් දන්නව ගොඩක් පැටලිලි සහගතයි නේද.
Flash කියන්නෙ Justice League එකේ founding member කෙනෙක්. ඔයාලා බලලා ඇතිනෙ Justice League සහ Justice League Unlimited Cartoon එක. ඒකෙ ඉන්නෙ Jay Garrickවත් Barry Allen flashවත් නෙවෙ එහෙනන් කවුද ? ඊලග කොටසෙන් අපි දැනගමු ඒ කවුද කියලා.
Shazam
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න