The Flash season 2 episode 10- Potential energy
ගොඩ කාලෙකට පස්සෙ ඔන්න මම ආයෙත් ෆ්ලෑශ් රිවීව් එක ලියන්න ගත්තා. මේ episode එකේ තේමාව තමයි moving forward කියන එක. තව ඉස්සරහට යන්න කලින් කියන්න ඕනා spoilers ගැන. තාමත් episode එක බැලුවෙ නැත්ත හිමින් සැරේ මාරුවෙන්න දැම්ම. බැලුවනම් ඉතින් කියන්න දෙයක් නෑනෙ දිගටම කියවන් යමු. එහෙනම් හරිනෙ ඔන්න අපි පටන් ගමු.
අපෙ කතාව පටන් ගන්නෙ බැරී සහ පැටිත් එක්ක. දෙන්න හෙන සතුටෙන්. ඒකට හේතුව තමයි පැටී දන්නව ෆ්ලෑශ් කියන්නෙ බැරී කියලා. ඒකෙන් තමා අපිට පැහැදිලි උනේ මේක අනිවා හීනයක් කියලා මොකද කලින් එපිසෝඩ් එකේවත් ඊට කලින්වත් අපිට දකින්න ලැබෙන්නෙ නෑ බැරී එයාගෙ රහස පැටීට කියනවා. කොහොමහරි මේ දෙන්නගෙ සතුටු මොහොත එක තප්පරයෙන් වෙනස් වෙනවා සූම් ආවම. සූම් පැටීව පැහැරගෙන යනවා ගොඩනැගිල්ලක් උඩට, ඊටපස්සෙ සූම් පැටීව බිමට තල්ලු කරනවා. මේකෙන් බැරීට විතරක් නෙවේ අපිටත් පෙන්නන්නෙ බැරී පැටීට එයාගෙ රහස හෙලි කරොත් ඉස්සරහට වෙන්න පුලුවන් දෙයක්. සමහර විට බැරීගෙ මේ හීන සාමාන්‍ය හීන නොවෙන්න පුලුවන්. සමහර විට එයා දකින්නෙ අනාගතයෙ වෙන්න තීන දේවල් වෙන්න පුලුවන්. බැරීට පුලුවන් සිදුවීමක් වෙන්න කලින් වෙන්නෙ මොකද්ද කියලා දකින්න. හැබැයි ඒ ඒ සිදුවීම වෙන්න මොහොතකට කලින් විතරයි. ඒක නිසා සමහර විට මේවා නිකන්ම හීන විතරක් වෙන්න ඇති එයාගෙ හිතේ තීන බය හීනයක් විදිහට දකිනව වෙන්න ඇති. අනික පැටීව බිමට වැටෙන්න දීලා බැරී බිල්ඩිම උඩ ඉදන් බලන් ඉදීද ඇත්තටම බැරී. අනික එයාටෙ බිත්තිය දිගේ පල්ලෙහාට යන එක එච්චරම අමාරු දෙයක් නෙවේනෙ. ඒක නිසා අපිට කියන්න වෙන්නෙ ඒක හීනයක් විතරයි කියලා.
- ඊලගට අපිට වොලීව දකින්න ලැබෙනව පොලිස් ස්ටේශන් එකේ. කොහොම උනත් වොලීගෙ වැඩි කැමැත්තක් පෙන්නුම් කරන්නෑ ජෝට. මොකද ඉතින් වොලීට මේ වෙනකන් තාත්තා කියන්න කෙනෙක් හිටියෙ නෑනෙ.
- වොලී එතනින් ගියාට පස්සෙ පැටී එනවා සීන් එකට. කොහොමහරි මෙතන තාත්තගෙයි දූගෙයි රිලේශන් ශිප් එක සීසන් 1 වලට වඩා ගොඩක් හොදයි කියලා මට හිතෙන්නෙ. ජෝ මාව කොහෙහරි ඕන ඇති කියලා යන කොට හිනාව නවත්ත ගන්න බැරි උනේ මට විතරද ?
- ඊලගට අපිට දකින්න ලැබෙන්නෙ පැටි සහ අයිරිස් අතර ඇතිවෙන කතා බහ. මේ දෙන්න ඉතින් බැරී ඇරෙන්න වෙන කා ගැන කතාකරන්නද. කොහොමහරි මේ දෙන්නම කොමික් වල බැරීගෙ පෙම්වතියො කියල ඔයාලා දන්න ඇතිනෙ. ඒක නිසා මේ දෙන්නා බැරී ගැන කතා කරද්දි ටිකක් විතර අමුතුයි වගේ ඔයගොල්ලො හිතන්නෙ කවුද බැරීට හරියන ගෑනු ලමයා අයිරිස්ද පැටීද ?
- සිස්කො සහ හැරී අතර තියෙන රිලේශන් ශිප් එක තමා සුපිරිම. එයාගෙ බඩු පොලේ ගහන්න එපා කිව්වම හැරී වෙන තැනකට ගිහින් ඒ දේම කරපු සීන් එක තමා මේ එපිසෝඩ් එකෙ මගෙ ආසම සීන් එක. කොහොමහරි මෙතනදි මෙයාලට තේරුන් යනව මේ වෙනකන් එයාල අහල තියෙන්නෙ වැරදි ප්‍රශ්න කියලා. බෑරිගෙ වේගෙ වැඩි කරනව වෙනුවට සූම්ගෙ වේගෙ අඩු කරන්න පුලුවන් කියලා තේරුන් යනවා.
- කොහොමද සූම්ගෙ වේගෙ අඩුකරන්නෙ ? මෙතනදි තමයි අපිට ටර්ටල් ගැන දැනගන්න ලැබෙන්නෙ.
- ටර්ටල් ගැන ඇයි බැරීට කිව්වෙ නැත්තෙ කියලා ඇහුවම සිස්කොගෙ ප්‍රතිචාරය ප්රයිස්ලස්
- මෙතනදි අපිට දැන ගන්නව ටර්ටල්ගෙ පවර් එක ගැන. ඒ තමයි තමන්ගෙ වටපිටාවෙ කාලයෙ වේගෙ අඩු කරන එක. මේ දේ කරන්න පුලුවන් ටර්ටල්ට විතරක් නෙවේ හැබැයි. තව කාටද මේක කරන්න පුලුවන් ?
- හන්ටර් සලමන් එහෙමත් නැත්තන් සූම්ටත් ( කොමික් වල ) පුලුවන් මේ දේ කරන්න. ඒවගේම නිව් 52 වල ප්‍රොෆෙසර් සූම් එහෙමත් නැත්තන් රිවර්ස් ෆ්ලෑශ් එහෙමත් නැත්තන් ඒබාර්ඩ් තෝන්ටත් පුලුවන් කාලයෙ වේගෙ අඩු කරලා තමන් වේගවත් වගේ පෙන්නන්න. මේක අපි ෆ්ලෑශ් ශෝ එකේ සූම්ටත් කරන්න පුලුවන් කියලා හිතනව.
- ටර්ටල් වැඩිය කොමික් වල දකින්න ලැබුන චරිතයක් නෙවේ හැබැයි මෙයා ජේ ගැරික්ගෙ විලන් කෙනෙක්.
- මේ වෙනකන් අපිට දකින්න ලැබුනෙ බැරී සහ ජෝ අතර තාත්තා සහ පුතා වගේ සම්බන්දයක්. ඒත් එකපාරටම මේ දෙන්න යාලුවො දෙන්නෙක් වගේ උනේ ඇයි? දැන් ජෝට එයාගෙම පුතෙක් ඉන්න නිසාද ?
- නින්ජා ටර්ටල් ? හහ්
- කොහොමහරි කට්ටිය හොයාගන්නවා ටර්ටල්ගෙ ඊලග සොරකම සිද්දවෙන තැන ගැන. ඒවගේම බැරී තීරනය කරනවා පැටීට එයාගෙ රහස හෙලිකරන්න හොදම තැන ඒක කියලා. මට හිතෙන්නෙනන් මේක කිසිම තේරුමක් නැති දෙයක් කියලා. බැරීට ඇත්ත කියන්න ක්‍රම ඕන තරන් තිබුනත් ක්රියිම් සීන් එකක් සිද්ද වෙන තැනකට එයාගෙ ගෑනු ලමය අරන් යන එක හොද අදහසක් නෙවේ කියලයි මටනන් හිතෙන්නෙ. අනික පැටී එයාලගෙ ප්ලෑන් කිසිම දෙයක් දන්නෑ, එයා පොලිස් කාරියක් නිසා කොහොමත් හොරකමක් සිද්ද වෙනවා දැක්කම ඒක නවත්තන්න හදනව එක ආපහු හිතන්න දෙයක් නෙවේනෙ. මේකෙන් උනේ හැම දේම වැරදි අතට ගිය එක විතරයි. ඕ ඒවගේම බැරී අටට හම්බෙමු කිව්වම හැමෝම හතට කියලා කියපු විදිහනම් පට්ට.
- හැරී බැරී කරන්න යන දේ ඇහුනම එයා ට ඒක කරන්න එපා කියනවා. එයා ඇයි එහෙම කිව්වෙ කියලා ඉතින් ආපහු අහන්න දෙයක් නෑනෙ.
- මෙතනදි අපිට දැනගන්න ලැබෙනවා සූම්ට එයාගෙ නම හම්බුන විදිහ. සූම් අපි මේ වෙනකන් අහලා තීන හැම සීරියල් කිලර් කෙනෙකුටම වඩා වෙනස් කියලා තේරෙනවනෙ ගොඩක් දුරට. වෙන අය හැමෝවම මරලා එක්කෙනෙක් විතරක් ඉතුරු කරනව වෙච්ච දේ මුලු ලෝකයාටම කියන්න. සූම් ඉතින් එයාගෙ මැසේජ් එක වටේ පැතිරුනට පස්සෙ ගිහින් අන්තිම එක්කෙනාවත් මැරුවනෙ.
- පැටීව මෙතනට අරන් නොඑන්න තිබුනෙ බැරී කොහොමහරි බැරී පෙන්නනවා එයාට පුලුවන් කියලා කාලයෙ වේගෙ කොච්චර අඩු කරත් ඕනකම තියෙනවනම් එයාට ඉස්සරහට යන්න පුලුවන් කියලා. ( ආ ආ තේරුනද මන්ද ඉස්සරහට යන්න මොකද මේ සතියෙ තීම් එක මූවින් ෆෝවර්ඩ් සික් කාටවත් අපෙ විහිලු තේරෙන්නෑ unsure emoticon )
- ඒනිවේ සූම්ටත් කලින් කිව්ව වගේ කාලයෙ වේගෙ අඩු කරන්න පුලුවන් උනොතින් සමහර විට බැරීට පුලුවන් වෙයි ඕනකම තිබ්බොත් සාමාන්‍ය හොද සටනක් දෙන්න. හැබැයි ඉතින් අපි අමතක කරන්න හොද නෑ සූම් එක්ක බැලුවම මේ ටර්ටල් කියන්නෙ නිකන්ම නිකන් නිකමෙක් කියලා.
- කවුරුත්ම බලන් නැද්ද අඩුම තරමෙ පැටී තාමත් ජීවතුන් අතරද කියලවත්.
- ආව් සෝක් කපල් එක , රොනී ආපහු එනකන්.
- මිඩ්වේ සිටි තමයි කාලයක් හොක්ගර් සහ හොක්මෑන්ගෙ නගරය.
- ආයෙත් කියනවා බැරී, පැටීව අතනට එක්කන් නොගිය හිටියනම් මේ කිසි කරදරයක් නෑනෙ.
- කවද ඉදන්ද ෆ්ලෑශ්, ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් උනේ ? එනිවේ වොලීව ශෝ එකේ දකින හැම පාරකම මට මතක් වෙන්නෙම new 52 වොලීව. ලෙඩ දාගන්න එකයි දඩබ්බර කමයි වගේ ගොඩක් දේවල් අපිටව්දකින්න පුලුවන්. කොහොමහරි කොමික් වල වගේම මේකෙත් අපිට වොලීගෙ ලොකු වෙනසක් දකින්න ලැබෙයි. අන්තිමේදි අපිට ඒක යාන්තමට වගේ දකින්න ලැබුනනෙ.
- කීස්ටෝන් වල කවුරුත් එයත් එක්ක රේස් කරන්නෙ නෑලු. සමරහවිට තව ඉස්සරහට වොලීට කාර් එකක් නැතුවම කාත් එක්ක හරි රේස් කරලා ලේසියෙන්ම දිනන්න පුලුවන් වෙයි තේරුනද මන්දා
- ඕ පැටී මාව වැරදියට තේරුන් ගන්න එපා ඒත්........................ what are those ( කූල් කිඩ්ස්ලට විතරයි කලින්න්කිව්ව එක තේරෙන්නෙ ^_^) එනිහූ ගෙයි ඇතුලෙ සපත්තු දාන් ඉන්නෙ ඇයි මෙයා ? හෙන ප්‍රශ්නයක් අප්පා.
- පැටීටමයි වෙන්නෙ. මෙයා දැනන් හිටියද මන්දා ටර්ටල් එනවා කියල එයාව පැහැර ගන්න. ඒක නිසා වෙන්නැති ගේ ඇතුලෙ සපත්තු දාගෙන රෙඩි වෙලා ඉන්න ඇත්තෙ.
- අම්........ මට තීන එක ප්‍රශ්නෙ මෙයා තාමත් ජීවතුන් අතරද කියන එක....... මූවින්ග් ඔන්
- අම්..... මන් මුකුත් කියන් නෑමයි.
- සුපර් ස්පීඩ් එක නැතිවීමෙන් මෙයාට අසනීප වෙන්න බෑනෙ? ඒක නිසා මට හිතෙන්නෙ මේ අසනීතෙ එයාට එයාගෙ පවර්ස් ලැබෙන්න කලින් ඉදන් තිබුන එකක්. ගොඩක් දුරට එයාගෙ ෆාස්ට් හීලින් පවර්ස් නිසා වෙන්න ඇති මෙච්චර කල් හොදට ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ.
- ආව් සෝක් ලස්සන හැපි එන්ඩින් එකක්....... හැ මොකක් තාම ඉවර නෑ ?
ඕ............ අම් ............................. මන්....... විනාඩියක් දෙන්න කදුලු පිහදාගන්න........ඩියර් cw,
පැටී සහ බැරී තමයි මන් මේ වෙනකන් ෆ්ලෑශ් එකේ දැක්ක හොදම රිලේසොන් සිප් එක. ඇයි මේම කරන්නෙ? මන් පව් නැද්ද .. නෑ මන් කිව්වෙ බැරී පව් නැද්ද ?
මීට,
ෆෑන්බෝයි කෙනෙක්
- ඕ තාමත් ඉවර නැද්ද ? හහ් ඒකියන්නෙ වෙල්ස් ටර්ටල්ගෙ පවර්ස් උස්සලා සූම් එක්ක සටනට යන්නද හදන්නෙ? පව් අරරන ටර්ටල් ටීවී ඉතිහාසයේ කුජීතම මරනය. ( ස් ස් ටර්ටල් මලානෙ හරියටම සුවර් නෑ )
මේකෙ කිසි සප්‍රයිස් එකක් නෑනෙ. ට්‍රේලර් එක බලපු හැමෝම දන්නවෙනෙ රිවර්ස් ෆ්ලෑශ් ආපහු එනව කියලා. සික් අපරාදෙ ට්‍රේලරේ නොබලා ඉන්න තිබ්බෙ එහෙනන් මේ සීන් එකේදි මන් පුටුවෙනුත් වැටිලා. අනිවේ මෙයා කෝමද ආපහු ආවෙ. ටයිම් ලයින් එකෙන් මකලා දැම්මනෙ එඩී මෙයාව. මේක ගැන කතාරද්දි ඔලුව විකාර වෙනවා. කෙටියෙන්ම කිව්වොතින්(මටභිතෙන හැටියට) මේකට ලෙජන්ඩ්ස් ඔෆ් ටුමෝරෝ එකේ සීන් එකක් තියෙනවා. අපි බලමුකො ඉස්සරහ මොකද වෙන්නෙ කියලා. රිවර්ස් ෆ්ලෑශ් ආපහු එන එක ගැන මන් කාලෙකට කලින් පිස්සු තියරියක් දැම්මා. ඒකෙ මන් පැහැදිලි කරා රිවර්ස් ෆ්ලෑශ් ආපහු එන හැටි. කැමතිනම් බලන්න පල්ලෙහා ලින්ක් එකට ගිහින්. ( ඒවගේම කියන්න ඕනා මේ තියරිය දැම්මෙ හෙන කාලෙකට කලින් ඒ හින්දා ඇත්තට සිද්ද වෙන්නෙ ඒක කියලා කියන්න බෑ. ඒ කාලෙ මේ වෙනකොට අපිට දැනගන්න ලැබුනු තොරතුරු දැනන් හිටියෙත් නෑනෙ) එහෙනම් අපි වෙන පෝස්ට් එකකින් කතා කරමු මන් ඇයි රිවර්ස් ෆ්ලෑශ් ආපහු එන එකට ලෙජන්ඩ්ස් ඔෆ් ටුමෝරෝ එකේ බලපෑමක් තියෙන්නෙ කියලා.
#Scarlet _Speedster
Niyamai!!
ReplyDeleteNiyamai!!
ReplyDeleteEla Ela
ReplyDeleteThank You
ReplyDeleteNiyami. Wenas wediyakata liyapu eka hodai.
ReplyDeleteThanks... Review eka denakam balan hitiye..... Arrow ikmanata denna.....
ReplyDeleteඑලකිරි මචෝ.
ReplyDeleteමේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.