Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Suicide Squad Trailer - Easter Eggs

Suicide Squad Trailer - Easter Eggs
Things you missed in Suicide Squad official trailer

දැන් කාලේ Easter eggs & hidden references කියන්නෙ ඉතාම ජනප්‍රිය දෙයක්. සමහර වෙලාවට fansලගෙ ඇහැට ලේසියෙන්ම මේවා අහු උනත් අපි හැමෝටම ලේසියෙන් මගහැරෙන හොඩක් දේවල් තියෙනවා. අපි එහෙනම් බලමු අපිට මග හැරුනෙ මොනවද කියලා මේ trailer එකේ. සේරටම කලින් ආපහු ට්‍රේලර් එක බලලා ඉමු. 


Bravo 

හැම වෙලාවෙම වගේ අපි වැඩිපුර ඇහැ යොමු කරන්නෙ සූට් එක ඇතුලෙ ඉන්න කෙනාට මිසක් සූට් එකට නෙවේ. ඒත් අපි සූට් එක දිහා හොදට බැලුවොත් පේනවා ඒකෙ ලියලා තියෙනවා bravo කියලා. Bravo කියන්නෙ belle reve prison එකට ලැබුන codename එකක්. ඒවගේම අපිට මේ prison එක මුලින්ම කොමික් වල දකින්න ලැබෙන්නෙ suicide squad #1 වල ඒ 1987 මැයි වල.


Prepare for war
මට විස්වාසයි මේ සීන් එක අනිවාරයෙන්ම මේ trailer එකේ කැමතිම සීන් වලින් එකක් කියලා. ඒත් ඔයගොල්ලො දැක්කද si vis pacem para bellum කියන එක මේ ඇදුම් දෙකේ ලියලා තියෙනවා. හැබැයි ඉතින් මේකනම් සාමාන්‍යයෙන් අපි ඇදුම් වල ලියන දෙයක් නෙවේ. මේක ලියලා තියෙන්නෙ Latin වලින් සහ මේකෙ තේරුම තමයි " If you want peace, prepare for war " (ඔයාට සාමය ඕනනම්, යුද්දෙට ලෑස්ති වෙන්න.) පොඩ්ඩක් මේ ගැන හිතුවොත් අපිට තේරෙනවා මේ Suicide squad එකේ අය යුද්දෙට ලෑස්ති වෙන්නෙ තමන්ගෙ සාමය/නිදහස ලබාගන්න කියලා.



Harley Quinn origin
අපිට මෙතනදි දකින්න ලැබෙනවා Harley Quinnගෙ new 52 origin එකට ගොඩක් සමාන දෙයක්. දැන් අපි දන්නවනෙ හාර්ලිගෙ පිස්සුව කොහෙන්ද එන්නෙ කියලා.


The subway monster
අපිට trailer එකෙන් ලැබුන දේවල් හොදටම මදී හරියටම මේ කවුද කියලා කියන්න. හැබැයි ගොඩක් අයගෙ මතයක් තමයි මේ Swamp thing කියලා. තවත් කට්ටියක් කියනවා මෙයා Enchantressට වැහෙන මායාකාරිගෙ මැරුන සහෝදරයා කියලා. මොනවා උනත් අපිට ෆිල්ම් එක එනකන් ඉන්න වෙයි වගේ මෙයා ගැන හරියටම දැනගන්න.


Mr. Frost
Johnny frost කියන්නෙ අපිට Joker graphic novel එකේ දකින්න ලැබුන චරිතයක්. ඒවගේම jokerගෙ ලගින්ම හිටය සහයකයෙක්.


Australian mail bag
Boomerangව අරන් ඇවිත් තියෙන බෑග් එක දිහා බැලුඑඔත් අපිට පේනව ඒක නිකන්ම නිකන් බෑග් එකක් නෙවේ කියලා.


Joker


Nailed it, වෙන මුකුත් කියන් නෑ

Midway city
මිඩ්වේ සිටි කියන්නෙ අපි හැමෝම දන්න හොක්ගර්ල් සහ හොක්මෑන්ගෙ නගරය.


Soultaker sword
කටානගෙ කටානා එක සාමාන්‍ය කටානා එක නෙවේ කියලා අපිට හොදටම පේනවනෙ. මේ කඩුවට පුලුවන් එයා මරන අයගෙ ආත්ම ඒ කඩුවෙ හිර කරන්න. ඕ ඒ වගේම කටානගෙ සැමියත් ඔය කඩුව ඇතුලෙම තමයි ඉන්නෙ. ඒවගේම කටානට පුලුවන් කඩුව ඇතුලෙ ඉන්න ආත්ම එක්ක කතා කරන්න ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙනවා කටානා එයාගෙ මහත්තයත් එක්ක කතා කරනවා.



Unknown Source 

මේ මොකක්ද කියලත් හරියටම විශ්වාන නෑ. පේන හැටියටනම් වෙනත් ඩිමෙන්ශන් එකකට යන පෝටල් එකක් වගේ. පේන හැටියට දේදුන්නෙ නෑ මන් කිව්වෙ emotional spectrum එකේ පාට වල එකතුවකුත් පෙන්නුම් කරනවා. මොනවා උනත් අපිට තාම හරියට කියන්න බෑ මේ මොකක්ද කියලා. 

Logos
DC, වොර්නර් බ්‍රදර්ස් සහ ෆිල්ම් එකේ ලෝගො වල වෙනදා දකින විදිහට වඩා ටිකක් වෙනස්. මේකේ තිබ්බේ ඩයමන්ඩ් ටෙක්ස්චර් එකක් සහ ෆිල්ම් එකේ හාර්ලි ගේ තීම් කලරස්.



You possessed by a witch
රික් ෆ්ලෑග් කස්ටියගෙ ප්‍රොෆයිල් ටික බලද්දි පස්සෙන් ඉන්නෙ ජූන් මූන්.. එතන කියන්නෙ You possessed by a witch කියලා. කොමික් කොන් ට්‍රේලර් එකේ දී මේ දෙන්නාගේ සෙක්ස් සීන් එකකට ආසන්න දර්ශනයකුත් තිබ්බා.



White House
එන්චාන්ට්‍රස් ව පෙන්නන වෙලාවේ  එතන පිටිපස්සෙ තියෙන ටීවි මොනිටරෙ තියෙන්නෙ වයිට් හවුස් සන්කේතෙ. ඒ කියන්නේ ඇමරිකානු රජය සම්බන්ද වෙනවා කතාවට. 


Scott Eastwood's mystery role 
ක්ලින්ට් එස්ට්වුඩ් ගෙ පුතා ස්කොට් එස්ට්වුඩ් දර්ශන දෙකක ඉන්නව.. සෙට් පොටෝස් ලීක් වෙච්ච දවසෙ ඉඳන් තිබ්බ මතේ තමයි මෙයා කරන්නේ ස්ට්ටිව් ට්‍රෙවර් ගෙ චරිතෙ හරි ඒජන්ට් 37 ඒ කේ ඒ ඩික් ග්‍රේසන් කියල.. ස්ටීව් ට්‍රෙවර් නෙමේ කියල දැන් ශුවර් නේ.. අනික ආයර් නිව් 52 වලින් ගොඩක් දේවල් අරන් තියෙන නිසා දෙවනි මතේ තවත් ජනප්‍රිය උනා.. හැබැයි මේ ඉන්නේ කොමික් වල වැඩිය කතා කරපු නැති රික් ෆ්ලෑග් එක්ක මුල් කාලයේ ඉදන්ම හිටිය සෙබලෙක් වෙන්න පුළුවන් කියලා මතයකුත් තියනවා.




#Shazam & #ClownPrinceOfCrime

5 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න