Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow S04E10 Review

Arrow S04E10 Review
Arrow S04E10 - Blood Debts

Full of Spoilers. Read at your own risk
ඔන්න ආපහු ඇරෝ කතා මාලාව විකාශය වෙන්න පටන් ගත්තා. මතකනේ අවසාන වතාවට ෆෙලිසිටි ට වෙඩි වැදුණු තැනින් නේ කතාව ඉවර උනේ. හැබැයි ඉතින් ෆෙලිසිටි එහෙම ලේසියෙන් මැරෙන්නේ නෑ කියලා අපි පැහැදිලි කිරීමක් කෙරුවා නේ. ඒ පැහැදිලි කිරීම හරි කියලා අපිට මේ සතියේ කොටසින් බලා ගන්න පුළුවන් උණා. එහෙනම් අපි බලමු මේ සතියේ උණු දේවල් ටිකක් කතා කරලා.

Feliciy is not dead, Just wounded
සීසන් 4 වින්ටර් බ්‍රේක් ෆිනාලේ ක්ලිෆ්හැන්ගර් එකක් උනේ ෆෙලිසිටි ට වෙඩි වැදිලා රෝහලට ගෙනියන සිදුවීම. හැබැයි ෆෙලිසිටි ඒකෙන් මැරෙන්නේ නෑ. එයාගේ ශුෂුම්නාව හානි වෙලා ෆෙලිසිටි බේරෙනවා. ඒකෙන් සදාකාලික අබ්බගාත තත්ත්වයට පත් වෙනවා. ෆෙලිසිටි ට පිස්සු හැදිලා හිටිය අපේ යාළුවන් ට නම් මේක ගොඩක් සුභ ආරංචියක්.


Will Felicity become Oracle?
මේ ගැන නම් දැන් කතා කරලා තේරුමක් නෑ. මොකද 11 වෙනි කොටස බලපු කට්ටිය දන්නවා නේ ෆෙලිසිටි ඔරකල් වෙන්නේ නෑ කියලා. අපි බලමු මෙහෙම දෙයක් ඇති උනේ ඇයි කියන කාරණය. CW ෂෙයාර්ඩ් යුනිවර්ස් එකට එහෙමත් නැතිනම් ඇරෝවර්ස් එකට සමහර දේවල් වල අයිතිය දෙන්නේ නෑ. මේකට ප්‍රධාන හේතුව තමයි DCEU එකේ ජනප්‍රිය තාවයට හානියක් වෙයි කියන භය. මොකද දැනටම ගොඩක් රසිකයෝ DCEU එකේ ෆ්ලෑෂ් දකින්නේවත් නැතුව එයාව ප්‍රතික්ෂේප කරන තැනට ඇවිත්. ඒ තරමටම අරෝවර්ස් එකේ ෆ්ලෑෂ් කට්ටියගේ ආකර්ශනය දිනා ගෙන තියෙන්නේ. ඒ හින්දා DC ආයතනය ප්‍රධාන චරිත ඇරෝවර්ස් එකට ලබා දෙන්නේ නෑ. ඔයාලට මතක ඇති හාර්ලි කුයින් ව ඇරෝ කතාවට ගේන්න සුදානමක් තිබ්බා. ඒත් අන්තිම මොහොතේ ඒ තීරණය වෙනස් කරන්න සිද්ධ උණා DC ආයතනයෙන් එල්ල වුණු බලපෑම හින්දා. මොකද අලුතෙන් නිකුත් වන SS ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයේ ආකර්ෂණය රදවා ගන්න. මේ කාරණය ම තමයි ෆෙලිසිටි සම්බන්ධයෙනුත් උනේ. මුල දී ෆෙලිසිටි ව Oracle කරන්න තමයි සුදානම් වෙලා තිබ්බේ. 
කවුද මේ Oracle කියන්නේ. ඔරකල් කියන්නේ බාබරා ගෝර්ඩන්. ඒ කියන්නේ ජිම් ගෝර්ඩන් ගේ දුව. මෙයා බැට්ගර්ල් විදිහට තමයි මුලින් ජනප්‍රිය උනේ. පස්සේ කිලින් ජෝක් කතාවේ දී ජෝකර් අතින් මෙයා ආබාධිත තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ තමයි මෙයා ඔරකල් විදිහට පරිඝනකය පිටිපස්සේ ඉදන් ක්‍රියාන්විත මෙහෙයවන්නේ. 


දැන් අපි බලමු මේක ෆෙලිසිටි ට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මුලින් ම මේ ගැන ඉඟියක් දුන්නේ සීසන් 2 වල දී. ඒ බර්ඩ්ස් ඔෆ් ප්‍රේ කියන කොටසින්. බර්ඩ් ස් ඔෆ් ප්‍රේ කියන්නේ ඔරකල් සහ බ්ලැක් කැනරි දෙන්නා එකතු වෙලා නිර්මාණය කරන ගැහැණු අය විතරක් ඉන්න කණ්ඩායමක්. මීට අමතරව කටානා, හන්ට්‍රස් වගේ ගොඩක් කාන්තා චරිත මේකේ සාමාජිකයෝ වෙලා හිටියා. ඇරෝ එකේ මේ කොටසේ දී අපිට හන්ට්‍රස් සහ බ්ලැක් කැනරි දකින්න පුළුවන් උණාට ප්‍රධාන චරිතය වුණු ඔරකල් දකින්න හම්බුනේ නෑ. එතන දී තමයි ගොඩක් අයට ෆෙලිසිටිව ඔරකල් කරයි කියන අදහස ආවේ. මේක තවත් වැඩි උණා සීසන් 3 වල The Secret Origin of Felicity Smoak කියන කතාවේදී. මුලින්ම මේ කොටස නම් කරලා තිබ්බේ Oracle කියලා. ඊට පස්සේ තමයි ෆෙලිසිටි ට වෙඩි වැදුනේ. ඉතින් හැමෝම හිතුවේ ෆෙලිසිටි ව ඔරකල් කරයි කියන එක. හැබැයි ගොඩක් DC ෆෑන්ස් ලා මේකට කැමති උනේ. මොකද සමහරක් DC ෆෑන්ස් ලා මුල ඉදන්ම ෆෙලිසිටි චරිතයට කැමති උනේ නෑ එයා ග්‍රීන් ඇරෝ කොමික් වල දකින්න ලැබෙන චරිතයක් නොවන හින්දා. එහෙම කෙනෙක් ඔරකල් කරනවා කියන එකට ගොඩක් අය විරුද්ධ උණා. ඒ වගේම ෆෙලිසිටීට කැමති රසිකයොත් ෆෙලිසිටි, ෆෙලිසිටි විදිහට ඉන්නවාට තමයි කැමති. අනික කොමික් වල එන ඔරකල් චරිතය වෙනස් කරන්න ඒ අය කැමති නෑ. කොහොම හරි මේ සේරම දේවල් හින්දා අපිට ෆෙලිසිටි ඔරකල් විදිහට දකින්න ලැබෙන්නේ නෑ. අනික තව කාරනයක් තමයි මේකෙන් අපිට ඉඟියක් දෙනවා ඉස්සරහට DCEU එකේ දී අපිට බාබරා ගෝර්ඩන් ව දකින්න ඉඩ තියනවා කියලා. 

Arrow is back in business 
වින්ටර් බ්‍රේක් එකෙන් පස්සේ පළවෙනියට විකාශය වුණු මේ කතාවේ දී අපිට සීසන් 4 වල දකින්න ලැබුණු ආකර්ශනීය ගතිය තිබ්බේ නෑ. ගොඩක් අඳුරු විදිහට තමයි නිරුපනය කරලා තිබ්බේ. ඒ වගේම කතාවේ ගලා යෑම ඉක්මන් වැඩියි කියලා තමයි හිතුනේ. ගොඩක් වෙලාවට ෆෙලිසිටිගේ අනතුර හින්දා ඔලිවර් ගේ වෙනස් වීම පෙන්නුම් කරන්න මේ ක්‍රමය අනුගමනය කෙරුවා වෙන්නත් පුළුවන්. මොකද අපිට ආපහු දකින්න ලැබුනේ සීසන් 3 දී දකින්න ලැබුණු ඇරෝ කෙනෙක්. ඒ වගේම අවශ්‍ය නම් ඕනෑම සීමාවක් ඉක්මවා යන්න උණත් ලෑස්ති කෙනෙක් තමයි දකින්න හම්බුනේ. 


Brothers
ජෝන් එයාගේ සහෝදරයා ගෙන් තොරතුරු ලබා ගන්න හැම ක්‍රමයම අත්හදා බලනවා. ෆෙලිසිටිගේ සිද්ධිය හින්දා ජෝන්, ඇන්ඩි ට පහරදීලා හරි විස්තර ගන්න බලනවා. හැබැයි ඒකත් හරියන්නේ නෑ. අවසානේ දී සහෝදරයෙක් විදිහට කතා කරපුවාම එයා සහයෝගය දෙනවා (කතාවේ තිබුණු අසාර්ථකම තැනක්). 


Anarky is back
Lonnie Machin එහෙමත් නැතිනම් කොමික් වල විදිහට නම් ඇනාකි ආයෙමත් කතාවට ආවා. අපිට ඇරෝ කතාවේ දී මෙයාගේ නම ඇනාකි විදිහට ඉදිරිපත් කෙරුවේ නැති උණාට එයාගේ සංඛේතය වෙන A අකුර දකින්න පුළුවන්. 


ඒ වගේම Anarchy කියන වචනය අවස්තා කිහිපයක දීම යොදා ගෙන තිබ්බා.   මෙයා මුලින්ම ආවේ සීසන් 4 දෙවෙනි කොටසින්. එතන දී තියා ගේ අතින් මෙයාගේ මුහුණ පිච්චෙන හින්දා මාස්ක් එකක් දාගෙන ඉන්නේ. 


ඔලිවර්, ඩේමියන් හොයාගෙන මුලස්තානයට යනකොට ඇනාකි ඊට කලින් එතනට ඇවිත් ඉන්නේ. ඇරෝ ට නීතිය උණත් අවශ්‍ය නම් ඉක්මවා යන්න පුළුවන් කියන තැනට ආවේ එයා ඇනාකි ව නිදහස් කරලා ඩේමියන් හොයා ගන්න එයාව යොදා ගත්ත අවස්ථාවේ දී.


Lance is the new comedian?
ෆෙලිසිටි ගේ අම්මා හින්දා දැන් ලාන්ස් තමයි කතාවේ විහිළු කාරයා වෙලා තියෙන්නේ. අනේ මන්දා ඒකත් ජය සිරි මංගලම් කිව්වා ලු. 


Olicity 
ෆෙලිසිටි ට මුහුණ දෙන්න වුණු සිදුවීම හින්දා ඔලිවර් ට මුලින් එයාට මුහුණ දෙන්න බැරී වෙනවා. ඒ හැමදේම උනේ තමන්ගේ වරදින් කියලා ඔලිවර් විශ්වාස කරන හින්දා. ෆෙලිසිටි ව ආපහු හොද කරන්න බෑ කියලා දැනගත්තාම ඔලිවර් ෆෙලිසිටි ගේ උදව්වට එනවා. ඔලිසිටි සම්බන්ධයේ ඉතාම සංවේදී අවස්ථාවක් තමයි මේ අවස්තාව.


What is the Alex's role
ඇලෙක්ස් ගේ චරිතය ගැන දැන් අළුත් මතයක් ඇවිත් තියනවා. ඒ තමයි ඇලෙක්ස් කියන්නේ ඩේමියන් ගේ රහස් නියෝජිතයෙක් කියන එක. මොකද මෙයාගේ චරිතය කතාවේ දී ටිකක් අවධාරණය කරලා පෙන්වනවා.


Going after the Damian
ඔලිවර් ගේ අරමුණ වෙන්නේ ඇනාකි භාවිතා කරලා ඩේමියන් ඉන්න තැන හොයා ගන්න. ඒ උපක්‍රමය සාර්ථකයි කියලා කියන්න පුළුවන්. අපිට කොමික් වල දී හම්බෙන ඇනාකි ට වඩා ටිකක් වෙනස් කෙනෙක් තමයි ඇරෝ වල නම් ඉන්නේ. තමන් ට කරපු දේ වෙනුවෙන් එයා ඩේමියන් ට රිද්දවන්න එයාගේ දරුවාට හිංසා කරන්න පවා පෙලබෙනවා. 


හැබයි ඇරෝ ඇවිත් ඒක වලක්වනවා. ඒ වගේම පරදවන්න බෑ කියපු ඩේමියන් ව එක සුළු මොහොතකට අභිබවා යන්න ඔලිවර්ට පුළුවන් වෙනවා. කතාවේ මුල දී ඩේමියන් ව මරන්න පවා සුදානම් වෙලා හිටිය ඔලිවර් මෙතන දී ක්‍රියා මාර්ගයක් ගන්නේ නෑ. ඒ හින්දාම ආපහු ඩේමියන් ඒ අවස්ථාව තමන්ගේ වාසියට හරවා ගන්නවා. හැබැයි දුව බේරපු හින්දා ඩේමියන්, ඇරෝට අවස්ථාවක් දෙනවා. 
ඇනාකි බේරිලා ගියපු හින්දා ඉස්සරහට ආපහු දකින්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. 

The new beginning
ඩේමියන් ගේ මාස්ටර් ප්ලෑන් එක ගැන අපිට ආයෙමත් ඉඟියක් දෙනවා. හැබැයි ඒ මොකක් ගැනද කියන දේ තවම අභිරහසක්.  


Flashback
කොන්ස්ටන්ටීන් ඇවිත් ගියාට පස්සේ ආපහු අතීත කතාව රසවත් වෙන්න යන්නේ. ඔලිවර් ට කසෙන් ගහන කොට කොන්ස්ටන්ටීන් ඇති කරපු අමුතු සලකුණු දිලිසෙන්න ගන්නවා. ඒ කියන්නේ අද්භූත දෙයක් සිද්ධ වෙන්න වගේ යන්නේ. 


ග්‍රීන් ඇරෝ ඉයර් වන් කතාව කියවපු කෙනෙක්ට මතක ඇති ඔලිවර් අසාධ්‍ය තත්ත්වයට වැටිලා ඉන්න කොට ටටියනා උදව් කරනවා එයාට.


මෙතන දී ත් අපිට එහෙම දෙයක් දකින්න පුලුවන් උණා.


Whose grave is that?


සීසන් 4 වින්ටර් බ්‍රේක් ෆිනාලේ ක්ලිෆ්හැන්ගර් එකක් උනේ ෆෙලිසිටි ට වෙඩි වැදිලා රෝහලට ගෙනියන සිදුවීම. හැබයි කතාව අවසානේදී දකින්න හම්බෙන ෆ්ලෑෂ්ෆෝවඩ් එකේ දී ෆෙලිසිටි ජිවත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ මැරෙන කෙනා ෆෙලිසිටි නෙවේ කියලා හොදටම තහවුරු වෙනවා. හැබැයි ඒ කවුද කියන එක ගැන නම් තවම තියෙන්නේ විවෘත අදහසක්. 


එහෙනම් අපි ඉක්මනින් සීසන් 4 11 වෙනි කොටසින් මුණ ගැහෙමු.

#attila_THE_hun

2 comments:

  1. එකෙන්ම මැරෙන්නෙ ජෝන්.නැත්නම් ෆෙලිසිටි ට මෙච්චර මලපනින්නෙනෑ

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න