Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

DC's Legends of Tomorrow S01E01 Review

DC's Legends of Tomorrow S01E01 Review
DC's Legends of Tomorrow - 01x01 - Pilot, Part 1

කතාවේ හදුන්වා දෙන අලුත් චරිතය තම රිප් හන්ටර්. රිප් හන්ටර් ගේ මුල් එලිදැක්ම සිද්ද වෙන්නෙ 1959 Showcase#20 තුලින්.  ඒ විද්‍යාත්මක ගවේශනයන් කරන ටීම් එකක් සමගින්. ටීම් එකෙ මෙම්බර්ස්ලාගෙ නම් LoT පුරා අපිට මෙන්ශන් කරල පෙන්නන්න තියන ඉඩකඩ වැඩි.... අපි බලමු 


අපි දැක්කා රිප් කවුන්සිල් එකක් ඉස්සරහ කරුණු දැක්වීමක් කරනවා, හරියට වැනිශින් පොයින්ට් එකේ වගෙ (එක නමක් නෙමේ 1971 තිරගත උනු ෆිල්ම් එකක් ),කොහොම වෙතත් Time Masters/linear Men සීරියස් එකෙ ස්ටොරී එකට ගොඩක් බලපාවී. 


පොඩි කුතුහලයක් ආවා නේ කවුද Linear Men කියන්නෙ කියලා... කොටින්ම කිව්වොත් Linear men ලා, ටීම් එකක් ....... මෙගොල්ලො කරන්නෙ විවිධ කාලයන් වලට ගිහිල්ලා Time paradox වල ඇතිවෙන ප්‍රශ්න නිරාකරණය කරන එක ,ඒ කියන්නෙ ටයිම් ලයින් එකෙ සුරක්ශිතභාවය රැකීම.......රිප් තමන්වම ටයිම් මාස්ටර් කෙනෙක් විදියට හදුන්වගන්නවා ,ඒ ඇයි දන්නවද ? Linera Men ලගෙ ෆවුන්ඩින් මෙම්බර් කෙනෙක් තමා රිප් හන්ටර් කියන්නේ.රිප් ව කැප්ටන් කියලා හදුන්වන්නෙ LoT සිරියස් වල විතරයි,රිප් ට එහෙම තනතුරක් Comic වලදිනම් තිබ්බෙ නැ,ඒත් ඔහු යම්කිසි දේකට කැප්ටන් කෙනෙක් අපි බලමු ... එ මොකද්ද කියලා. 

හා හා මේ තියෙන්නෙ .. මේ ස්පෙශ් ශිප් එකෙන් තමා රිප් කාල තරණය කරන්නේ... 


නම් කරල තියෙන්නෙ Waverider කියල, ඒ නම විශේෂයි, මොකද රිප් හන්ටර් ගේ මුල්ම ටීම් එකේ මෙම්බර්ස් ලා 6 දෙනාගෙන් කෙන්ක් තමා Waverider කියන්නෙ. එ කාරනාව සිහි කරන්න තමා ශිප් එකට ඒ නම දීලා තියෙන්නෙ.
මෙ ඉන්නෙ 90 දශකයෙ Waverider. 


තව පොඩ්ඩෙන් අමතක වෙනවා ගිඩියන් ගැන කියන්න , ශිප් එකෙ Al එක තමා ගිඩියන්,ගිඩියන් අපිට ගොඩක් ෆැමිලියර් ... මොකද ෆ්ලැශ් සීරියස් එක නිසා.. අපිට මුලින් මුණගැහෙන්නෙ හැරිසන් වේල්ස් ගේ රහස් කාමරෙදි, සාමවෙන්න ගිඩියන් ගැන ගොඩක් විස්තර comic වල නැ... 

වැන්ඩල් සැවෙජ් ගැන කට්ටිය දන්නවා ඇතිනෙ.එත් මන් එක දෙයක් ගැන අනුමාණ කරනවා....... ශෝ එකට ස්කැන්ඩල් සැවෙජ් එයි කියලා ....... හා හා ,දන්නෙ නෑ නේද ඒ වැන්ඩල් සැවෙජ් ගෙ එකම දොණියැන්දා කියලා... 


ස්කැන්ඩල් ව LoT වලදී දැක්කම මට පිස්සු නොහැදි තිබෙවා කියල ප්‍රාර්ථනා කරනවා.

Rip කවුන්සිල් එක ඉස්සරහ කරන කරුණු දැක්වීමේදි වැන්ඩල් ව කෙනෙක්ට සමාන කරනවා ඒ Per Degaton .Per කියන්නෙ DC universe එකෙ ඉන්න ඉතාම පරණ විලන් කෙනෙක්,ගොඩක් වෙලාවට සීසන් 2 එකේදි මෙයාව දැකගන්න පුලුවන් වෙයි



අනිත් චරිත ගැන ඔගොල්ලො දන්නවනේ, ඒ නිසා ඒ ගැන කියලා ලිපිය දික් කරගන්න ඔන නැ කියලා හිතනවා ,අපි අනිත් Bad Guy දිහාවට හැරෙමු


Chronos කියන්නෙ ඇටොම් ගෙ විලන් කෙනෙක් එලිදැක්වීම කරන්නෙ 1962 The Atom#3 තුලින්. 


දර්ශනයෙ ආරභයෙ වසර සටහන් වෙන්නෙ 2166 කියලා,එ කියන්නෙ අපිට අවුරුදු 150 එහා අනාගතේ.සිහියේ තියා ගන්න Eobard Thawne ( Reverse Flash) ආවෙත් 22nd Century එකෙන් ඒ කියන්නෙ Eobard අවුරුදු 15ක් විතර බාල වෙන්න ඔනේ..මන් කියන්නෙ නැ තරුන Eobard Thawne කෙනෙක් අපිට දැකගන්න ලැබයි කියල.... ඒත් ඕනම දෙයක් වෙන්න පුලුවන් මල්ටිවර්ස් එකක් මේක.

Aldus Boardman කියන්නේ LoT වලටම හදපු චරිතයක්....ඒත් බොර්ඩ්මන් ලදරු අවදිය සහ හොක් කපල් එක ඉන්න පින්තුරේ සදහන් වෙන ස්ථානය සහ වර්ශය වෙන්නේ 1939 world's Fair - New york. 1939 දී තමා හෝක් ගර්ල් සහා හෝක් මෑන් ගෙ 1st Appearance එක Flash Comic#1 න් වෙන්නේ .... 

Easter eggs:- ලොකුම එක ගිඩියන් ........... Eobard Tawane ගෙ Al එකත් ගිඩියන්,එහෙම වෙන්නෙ කොහොමද ?එතකොට Flash සීසන් one වලට රිප් හන්ටෙර්ගෙත් සම්බන්දයක් තිබුනඩ ? , ඒ එක්කම Eobard කියන්නෙ Time master කෙනෙක් ද ? තව එකක් Flash season ෆයිනල් එකේ Reverse Falsh ආපහු යන්න හදන්නෙ රිප් හන්ටර් ගේ යානකින් , එතකොට මේ ඔක්කොම එකට සම්බන්ද ද , පේජ් එකත් එක්කම ඉන්න වැඩිදුර විස්තර එක්ක ආයෙ හම්බෙන්නම් 

අඩුපාඩු ඇති ..... තිබ්බොත් කියන්න ....... පරක්කු උනාට ෆෑන්ස්ලා තරහා වෙන්න එපා.

#TMT

2 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න