Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow S04E11 Review

Arrow S04E11 Review
Arrow S04E11 - A.W.O.L Review

Full of Spoilers. Read at your own risk
මේ සතියේ ඇරෝ කතාව හැම පැත්තෙන්ම ගොඩක් සාර්ථක කතාවක් කියලා කියන්න පුළුවන්. කතාව ඇතුලේ ගොඩක් දේවල් සිද්ධ උණා. අපි බලමු ඒ දේවල් එකින් එක.


A.W.O.L.
AWOL එහෙමත් නැතිනම් Absent Without Official Leaving කියන යෙදුම භාවිතා කරන්නේ කෙනෙක් කොහේද ගියේ කියලා හොයා ගන්න බැරී වුණු අවස්ථාවක දී. අද කතාවට ඒ නම භාවිතා කරන්න හේතුව නම් පැහැදිලි නෑ. සමහරක් විට මේ දක්වා කතාවේ ප්‍රධාන දුෂ්ටයා විදිහට හිටපු ඩේමියන් ගැන සඳහනක් කෙරුවේ නැති හින්දා වෙන්නත් පුලුවන්.

Alan Chang
මතකනේ සීසන් 4 තුන්වෙනි කොටසේ දී ෆ්ලොයිඩ් ගේ මරණය ගැන ARGUS එකෙන් විස්තරයක් අරගෙන ආවේ මෙයා. එතකොට නම් මෙයාගේ නම අපිට මොකක්ද කියලා පැහැදිලි කෙරුවේ නෑ. ඒත් මේ සතියේ කතාවේ දී ඒ Alan Chang කියලා එලි උණා. හැබයි ඉතින් ඒකෙන් වැඩි වෙනසක් වෙන්නේ නෑ. මොකද ඊට ටික වෙලාවකට පස්සේ මෙයා පැහැරගෙන ගිහින් මරනවා. ඒ එයාගෙන් ගන්න තියන හැම ප්‍රයෝජනයම අරගෙන.


Oliver 2.0
මෙතන පොඩි දෙයක් තියනවා. අපි දන්නවා ඇරෝ 2.0 කියන්නේ ග්‍රීන් ඇරෝ විදිහට පෙනී හිටිය අවස්තාව නේ. එතකොට ඔලිවර් 2.0 කියන්නේ මොකක්ද? බැන්දට පස්සේ ඔලිවර් ද?


Olicity
මේ සතියේ කතාවේ අපිට දකින්න හම්බුනු ප්‍රභලම අවස්ථාවක් තමයි ඔලිවර් සහ ෆෙලිසිටි අතර සම්බන්ධය. ෆෙලිසිටි අසීරු අවස්ථාවක ඉන්න කොට එයාව මානසිකව ඉහල නංවන විදිහ, දෙදෙනා අතර තියන අන්‍යෝන්‍ය අවබෝධය වගේ හැම කාරණයක් ගැනම සියුම් ව කතා කෙරුවා.


Big Belly Burger
ජෝන්, ඇන්ඩි ට ගෙනිහින් දෙන්නේ බිග් බෙලි බර්ගර් සමාගමේ බර්ගර් එකක්.


මේක අපිට DC කොමික් වල දී හම්බෙනවා. ඇත්තම කියනවා නම් මේකේ හිමිකාරිත්වය තියෙන්නේ ලෙක්ස්කොර්ප් එකට.


Blood is thicker 
මේ සතියේ අපිට දකින්න විශේෂම දෙයක් තමයි ඩිගල්ස් සොහොයුරන් ගේ සම්බන්ධය. මේ සතියේ අතීත සිදුවීම් පවා කතා කෙරුවේ ඒ දෙන්නාට සම්බන්ධ කරලා. දෙන්නා අතර විශ්වාසය ක්‍රමයෙන් ඇතිවෙන විදිහ. වගේම ඒක නැති උනේ ඇයි කියන එකත් කතාවෙන් විස්තර කරලා දෙනවා.


A ghost from the past
අපිට ෆෙලිසිටි ගේ චරිතයේ දකින්න ලැබුණු ප්‍රභලම අවස්ථාවක් තමයි අද දකින්න පුළුවන් උනේ. මේ සිදුවීම ඇතිවෙන්නේ බෙහෙත් පෙති දෙකක් වෙනුවට පෙති තුනක් ගත්ත එකෙන් ඇතිවෙන මානසික ව්‍යාකූලතාවයත් එක්ක. ෆෙලිසිටි ට පේනවා එයාගේ අතීත ස්වරුපය ඇවිත් ඉන්නවා වගේ. ෆෙලිසිටි කියන්නේ තාක්ෂණික දැනුම අතින් ඉහලම ඉන්න කෙනෙක්. එයා ට ගැලපෙන්නේ විද්‍යාත්මක දැනුම තියන කෙනෙක්. ඒ හින්දා තමයි එයා බැරී ඇලන්, රේ පාමර් වගේම කර්ටිස් ට පවා අකාර්ශනය උනේ. එහෙම කෙනෙක් ඔලිවර් ආකර්ශනය වෙනවා කියන එක ගැලපෙන්නේ නැති දෙයක් කියන එක ෆෙලිසිටි ගේ හිත ඇතුලේ තියනවා. ඔලිවර්ට ආදරේ කෙරුවා උණත් අර අදහසින් මිදෙන්න පුළුවන් වෙලා නෑ එයාට. මේ සතියේ කතාවේ දී ඒ කාරණය අපිට මතු කෙරුවේ ඉස්සර හිටපු ෆෙලිසිටි හරහා. හැබැයි අවසාන යේ දී ෆෙලිසිටි තේරුම් ගන්නවා එයා ඔලිවර් ට දක්වන ආදරය වගේම අයුක්තියට එරෙහිව ගෙනියන මේ වැඩ පිළිවෙල එයාට අමතක කරන්න බෑ කියන එක.


Shadowspire
කොමික් වල විදිහට නම් Shadowspire කියන්නේ අපරාධ කණ්ඩායමක්. මේ කණ්ඩායම ලෝකය පුරාම විහිදිලා ඉන්නේ. මත් ද්‍රව්‍ය, අවි ආයුධ ජාවාරම මහා පරිමාණයෙන් කරන මේ කණ්ඩායම ගැන අපිට මුලින්ම අහන්න හම්බෙන්නේ Deathstroke #53 කලාපයේ න්. මේ අයගේ ලෝගෝ එක වෙන්නේ රතු පාට අහසට විහිදුනු කළු පාට කුලුනක්. මේ කණ්ඩායමේ නායකයා තමයි Baron Blitzkrieg කියන්නේ.


හැබැයි අපිට ටීවී සිරිස් එකේ දී මේ කාරණා පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. Shadowspire කියන්නේ එක්සත් ජනපද හමුදාවේ කණ්ඩායමක් මුලික වෙලා ඇති කරන සංවිධානයක්. ඒ පිටිපස්සේ ඉන්න කෙනා විදිහට හදුන්වා දෙන්නේ Baron Blitzkrieg ගේ ටීවී සිරිස් එකේ ස්වරුපය වෙන Baron Reiter.


The Shining
ෆෙලිසිටි කියව කියව හිටිය පොතේ නම තමයි The Shining කියන්නේ. මේක Stephan King නිර්මාණයක්. Jack Torrence කියන මානසික විකෘති පුද්ගලයෙක් සහ ඔහුගේ පවුල වටා ගෙතුණු කතාවක්. පස්සේ කාලේක  Jack Torrence DC කොමික් වල ට පවා එකතු උණා. ඒ Feature Comics 1 වෙනි වෙළුමේ 75 කලාපයේ දී දුෂ්ටයෙක් විදිහට.


Attack on Belle Reve
Belle Reve කියන්නේ DC කොමික් යුනිවර්ස් එකේ විදිහට නම් ආරක්ෂාව ඉහලම මට්ටමේ තියන රැඳවුම් මධ්‍යස්ථානයක්. ඒකට ප්‍රහාරයක් එල්ල කරන්න ලේසි නෑ. Shadowspire ලා ඒ අවසාන සැලැස්ම වෙලා තිබ්බේ මේකේ පාලනය අල්ලා ගන්න එක.

Death of Amanda Waller
මේ වෙලාවේ මගේ නම් හුස්ම හිර උණා වගේ උණා. කවුද හිතුවේ මේ වගේ දෙයක් වෙයි කියලා. එක පාරටම වොලර් මරලා දැම්මා. ඇත්තටම Cynthia Addai-Robinson කියන නිළිය වොලර් ගේ චරිතය නියමටම කරනවා. එහෙනම් ඇයි එයාව එකපාරටම මේ විදිහට ඉවත් කෙරුවේ. ඒකට අපිට හිතාගන්න තියන පිළිතුර තමයි ලඟදි එන SS ෆිල්ම් එක. DC ආයතනය එක චරිතයක් වෙනුවෙන් එක පුද්ගලයෙක් පමණක් යොදාගන්න උත්සාහ කරනවා වගේ තමයි පේන්නේ. මීට කලින් අපි දැක්කා ෆ්ලොයිඩ් ව අයින් කරනවා. ඒ වගේම හාර්ලි ව ඇරෝ එකට ගේන එක අවසාන මොහොතේ දී අයින් කෙරුවා. තව අපිට කටානා සහ කැප්ටන් බුමරන්ග් ඉන්නවායුනිවර්ස් දෙකේම. මේ දෙන්නත් අයින් කරයි ද කියන ගැටලුව දැන් මතු වෙනවා. මට නම් හිතෙන්නේ එක යුනිවර්ස් එකක යහපත වෙනුවෙන් වෙන යුනිවර්ස් එකක් මේ විදිහට කැප කරන එක නම් හරිම අපරාධයක්. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ ඇරෝවර්ස් එක ආරම්භ කෙරුවාට පස්සේ තමයි DCEU එක සකස් වෙන්න ඕන විදිහ ගැන තීරණය උනේ. හැබැයි මේ සේරම හින්දා උනේ නොහිතපු වෙලාවක වොලර් කතාවෙන් ඉවත් වුණු එක. ඒ වගේම මෙතනින් එහාට ARGUS එකේ පාලනය ලයිලා ට හිමිවෙනවා කියලා තමයි කතාව තියන්නේ.



Oracle was taken
ඇරෝ කතාව පුරාම අපි දැක්කා සියුම් ගනයේ දරුණු උපහාස එල්ල කරනවා. මතකනේ NBC එකට කියපු කතාව. අද ඔලිවර් කියපු කතාවත් ඒ වගේ. ෆෙලිසිටි ව ඔරකල් කරන්න අදහසක් තිබ්බා උණාට ඒක වෙනස් කරන්න සිද්ධ උණනේ අන්තිම මොහොතේ. ඒ හින්දා තමයි ඔලිවර් කිව්වේ ඔරකල් කියලා නම දාන්න හිතාගෙන හිටියා උණත් ඒ නම වෙන කෙනෙක් අරගෙන කියලා.

Overwatch
ෆෙලිසිටි ගේ අළුත් කෝඩ් නේම් එක තමයි Overwatch කියන්නේ. මේ නම ඇත්තටම භාවිතා කරනවා ක්‍රියාන්විත වල දී. ඒ කුඩා මෙහෙයුම් කණ්ඩායමක් හසුරුවන තාක්ෂණික දැනුමක් තියන දුරස්ථ නිලධාරියාට කියන නම. ෆෙලිසිටි කියන්නෙත් මේ රාජකරියම කරන කෙනෙක් හින්දා ගැටලුවක් නෑ එකේ.


තව දෙයක් තමයි ඇරෝ කතාවේ නිර්මාතෘවරයෙක් වෙන Marc Guggenheim ගේ පලවෙනි නවකතාවේ නමත් Overwatch.

Spartan
මේක නම් මීට කලින් කියන්න තිබ්බ එකක්. ජෝන් අරගෙන තියන අළුත් නම තමයි Spartan කියන්නේ.

මේ නමින් DC ආයතනයේ Wildstorm යුනිවර්ස් එකේ කෙනෙක් ඉන්නවා. ඒත් ජෝන් ඒ නම ගත්තා උණාට ඒ චරිතයට කිසිම සම්බන්ධයක් නෑ.


එහෙනම් අපි ආයේ ඊළඟ සතියේ කොටසින් හමුවෙමු.

#attila_THE_hun

3 comments:

  1. ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න