Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash S02E11 Review

The Flash S02E11 Review
The Flash S02E11 - The Reverse-Flash Returns

ෆ්ලෑෂ් කතාවේ රිවිව් එක අපේ Shazam ඇඩ්මින් ටම දීලා තියෙන්නේ ඒ වැඩේට ගැලපෙනම කෙනා එයා හින්දා. මෙච්චර පරක්කු වෙනකල් හිටියේ අන්තිම මොහොතේ හරි රිවිව් එක දෙන්න පුලුවන් වෙයි කියලා. ඒත් අධ්‍යාපනික වැඩත් එක්ක  Shazam ඇඩ්මින්  කාර්යය බහුල උණු හින්දා මට ඒක ලියන්න භාර උණා. අපි බලමු මේ සතියේ කතාවේ සිදුවුණු දේවල් මොනවාද කියලා.


Timeline Remnant
මම හිතනවා මෙතනින් අද කතාව ගැන කතා කරන්න ගත්තොත් හොදයි කියලා. මොකද ගොඩක් අයට පැටලුනු තැනක් තමයි මේක. මේකෙ තේරුමක් ඕනේ නම් අපිට කාල රේඛාවේ අවශේෂය කියලා ගන්න පුළුවන්. තේරුනේ නෑ නේද? කමක් නෑ අපි කතාවේ කියන සිදුවීමත් එක්ක මේක තේරුම් ගමු.


වෙල්ස් රුපසටහනක් ඇදලා මේක පැහැදිලි කරනවා. මම ඒකම තව ටිකක් විස්තරාමත්කව කතා කරන්නම්. අපි මේ දක්වා සිදුවීම් ගමු. අපි ඉන්න ටයිම් ලයින් එකේ ආරම්භක අවස්තාව ඇතිවුනේ නෝරා ඇලන් ගේ මරණයත් එක්ක නේ. ඒ ගැන පැහදිලි මදි නම් අපි ෆ්ලෑෂ් සීසන් 01 අවසානය ගැන ලියපු ලිපියේ පලවෙනි සහ දෙවෙනි කොටස් දෙක කියවන්න වෙනවා. දැන් අපි එතන ඉදන් කතාව බලමු.
හිතන්න කාලය කියන්නේ එක දිගට තියන ලණුවක් කියලා. මේකේ මුල හොයා ගන්නත් බෑ අග හොයා ගන්නත් බෑ ඒතරම්ම දිගයි. දැන් මේ ලණුවේ එක තැනක් අපි දන්නවා. ඒ  ඉයෝබාර්ඩ් ත්වේන් නෝරා මරපු ස්ථානය. (දැන් දෙන්නෙක් ඉන්න හින්දා අපි කලින් කෙනාට ඒ කියන්නේ මුලින් හැරිසන් වෙල්ස් වගේ ආපු කෙනාට වෙල්සොබාර්ඩ් කියමු. අනිත් කෙනා ඒ කියන්නේ දැන් ඉන්න කෙනා ඉයෝබාර්ඩ් ත්වේන් කියමු). අපේ ටයිම් ලයින් එකට අනුව ඒක ස්ථාවර වෙලා තියෙන්නේ.
එතකොට මේ ස්ථානයට අනාගතයෙන් එන වෙල්සොබාර්ඩ් ත්වේන් සම්බන්ධ වෙනවා නේ. ඒ කියන්නේ හරියට ලණුවේ තැන් දෙකක් අතරේ රෙදි පටියක් ගැට ගැහුවා වගේ. මේ රෙදි පටිය ඇති වුනේ ස්පීඩ් ෆෝර්ස් එක යොදාගෙන වෙල්සොබාර්ඩ් අනාගතයේ ඉදන් අතීතයට ගියාට පස්සේ.
ඊළගට  සීසන් 01 අවසානයේ දී singularity එක හින්දා මේ එක දිගට යන ලණුව වෙනස් උණා. ඒක හරියට කෙනෙක් මේ ලණුව මැද තැනකින් ගිණි තිබ්බා වගේ. මේ ගින්න දිගටම තියෙන්න ඇරියා නම් දෙපැත්තට ඇවිලිලා යනවා. ඒත් බැරි එහෙම වෙන්න දෙන්නේ නැතුව මේක හරි ගැස්සුවා. ඒ හරියට මේ දෙක එකට කරලා ආපහු ගැටගහනවා වගේ දෙයක් කලේ. හැබැයි මෙතන දී තව දෙයක් උණා. ඒ තමයි එඩී සියදිවි නසා ගත්තා. එතකොට මෙතනින් එහාට තියෙන්නේ කලින් තිබ්බ ලණුව නෙවේ. අළුත් ලණුවක්. ඒ කියන්නේ බැරී පිච්චුනු ලණුවේ අතීතයේ කොටසට අලුතෙන් ලණුවක් ගැටගැහුවා වගේ වැඩක් කෙරුවේ.
එතකොට පරණ ලණුවේ අනාගතයේ කොටසට මොකද වෙන්නේ? හරි නම් ඒක අතුරුදහන් වෙලා යන්න ඕනේ. ඒකයි වෙල්සොබාර්ඩ් ත්වේන් අතුරුදහන් උනේ.


දැන් මෙතන තියන ගැටලුව මේකයි. අතුරුදහන් වුණු ඉයෝබාර්ඩ් ත්වේන් ආපහු ආවේ කොහොමද? ඒ ගැන අපිට හැරිසන් වෙල්ස් පැහැදිලි කරනවා. අළුත් ඉයෝබාර්ඩ් ත්වේන් ඇවිත් ෆ්ලෑෂ් ගැන කරුණු හොයනවා. එයා තවම දැන් තමයි ෆ්ලෑෂ් ඉන්න ටයිම් ලයින් එක හොයා ගෙන තියෙන්නේ. එහෙනම් මේ ඇවිත් ඉන්නේ අපි කලින් ලිපියේ කතා කෙරුවා වගේ අතීතයට ගිහින් ෆ්ලෑෂ් ව මරලා එන්න ඕනේ කියලා හිතාගෙන ආපු (ෆ්ලෑෂ් මැරුවොත් තමනුත් නෑ කියන එක තවම අවබෝධ වෙලා නැති) ඉයෝබාර්ඩ් ත්වේන් කෙනෙක්. මෙයා තවම ෆ්ලෑෂ් කවුද කියලා දන්නේ නෑ වගේම, ෆ්ලෑෂ් ගේ අම්මා මරන්න ඕනේ කියලා හිතලාවත් නැති කෙනෙක්. ඉයෝබාර්ඩ් ඉන්න ටයිම් ලයින් එක හරිනම් අතුරුදහන් වෙන්න ඕනේ. ඒත් ඒ ටයිම් ලයින් එකේ ඉන්න කෙනෙක් ස්පීඩ් ෆෝර්ස් එක හරහා අතීතයට ගියපු හින්දා ඒ ටයිම් ලයින් එක තවම අතුරුදහන් වෙලා නෑ. ඒකයි කාල රේඛාවේ අවශේෂ එහෙමත් නැතිනම් Timeline Remnant කියලා හදුන්වන සංසිද්ධිය ආවේ. මේකේ ඉන්න ඉයෝබාර්ඩ් ස්පීඩ් ෆෝර්ස් එක හරහා ආපහු එනවා. මෙතන දී ජෝ අහනවානේ ඇයි බැරී ඒ අම්මා බේරා ගන්න බැරී ඉයෝබාර්ඩ් මරලා කියලා. ඒකට හේතුව තමයි මේ ඉන්න ටයිම් ලයින් එක හැදිලා තියෙන්නේ නෝරා ගේ මරණයත් එක්ක. ඒ මුල ලක්ෂ්‍ය වෙනස් කරන්න අපිට බෑ.

මම හිතනවා ඔයලාගේ ගැටලු වලට පැහැදිලි කිරීමක් එන්න ඇති කියලා. මේ කරුණ ගැන කතා කරන්න ගොඩක් කාලය ගිය හින්දා ඉතුරු දේවල් ගැන අපි කෙටියෙන් කතා කරමු.

Dead turtle
එතකොට කාටවත්ම හොයාගන්න බැරී ද මේකට වග කියන්න ඕනේ හැරිසන් කියලා.


Becoming Vibe
අපි දැක්කා සිස්කෝ, එයාගේ බලය පලවෙනි වතාවට පාලනක් ඇතිව යොදා ගන්නවා. තවම කොමික් වල ඉන්න Vibe අපිට දකින්න හම්බුනේ නෑ. හැබැයි කොමික් වල දාගෙන ඉන්නවා වගේ ගොගල්ස් දෙක නම් මෙයාට හම්බුනා.


Wells Family
මේ කණ්ඩායම ගැන නම් විශේෂ දෙයක් කියන්න නෑ. අපිට මේ කට්ටිය වැදගත් වෙන්නේ වොලී සෙන්ට්‍රල් සිටි වල නතර වෙන පැත්තට කතාව ගොඩනැගෙන එක.


Travel through walls
මේ වෙලාවේ අවධානය වෙනස් අතකට ගිහින් තිබ්බ හින්දා දැක්කා ද දන්නේ නෑ ෆ්ලෑෂ් බිත්තිය හරහා තමයි ඇතුලට එන්නේ.

Flash catched Reverse-flash
අපි දැන් ඉන්නේ Zoom ලෙවල් එකේ. ඒ හින්දා රිවර්ස් ෆ්ලෑෂ් ලෙවල් එක ලේසියෙන් ම ගහන්න පුළුවන්. මෙතන දී අපි දකිනවා ආවේග ශීලී ෆ්ලෑෂ් කෙනෙක්. පැටි ගේ වෙන්ව යාම, zoom ගේ තර්ජනය, මවගේ මරණය වගේ දේවල් හින්දා තද කරගෙන හිටිය සේරම ටික රිවර්ස් ෆ්ලෑෂ් ගේ පිටින් දාලා ඇරියා වගේ තමයි පෙනුනේ.


Ramification and Time paradox
මේකෙන් කියන්නේ කෙනෙක් කාලය හරහා ගිහින් වෙනසක් ඇති කරන්න හදනවා නම් එකේ අතුරු ප්‍රථිපල තියනවා කියලා. මෙතන දී අපිට දකින්න ලැබුණු ප්‍රධාන දේ තමයි සිස්කෝ අතුරුදහන් වෙන්න හදපු එක.


ඇයි මෙහෙම දෙයක් උනේ. ඉයෝබාර්ඩ් ත්වේන් ආවේ පවතින්න බැරී ටයිම් ලයින් එකකින්. හැබයි දැන් මෙයා ඉන්න හින්දා ටයිම් ලයින් එක හදනවා ඉයෝබාර්ඩ් ත්වේන් ගේ ටයිම් ලයින් එක පිළිවෙලකට ගෙනියන්න. මෙතන ඉන්න අනිත් අයටත් ඉයෝබාර්ඩ් ගේ ටයිම් ලයින් එක හින්දා බලපෑම් ඇති උණාට සිස්කෝ ට තමයි ලොකුම බලපෑම ඇති උනේ. ඒ එක ටයිම් ලයින් එකක දී එයා ඉයෝබාර්ඩ් (වෙල්සොබර්ඩ්) අතින් මැරෙන හින්දා. මෙතන දී අපි පැහැදිලි කරන්න දෙන්නෙක් කියලා ගත්තාට ඇත්තටම ඉන්නේ එකම පුද්ගලයා විවිධ කාල රාමු ඔස්සේ බද්ධ වෙලා. ඒකයි හැරිසන් වෙල්ස් කියන්නේ අනාගතයේ පහළවෙන ඉයෝබාර්ඩ් ආපහු ඇවිත් ෆ්ලෑෂ් ගේ අම්මා මරන්නේ, හැරිසන් වෙල්ස් ව තෝරා ගෙන එයාගේ සිරුර භාවිතා කරන්නෙත් මෙතන දී කරන දේ හින්දා කියලා.
ඉයෝබාර්ඩ් ව ආපහු අනාගතේ ට යවලා තමයි යන්තම් මේක විසදා ගත්තේ.


Hunter Zoloman
කොමික් ගැන පොඩ්ඩක් හරි දන්න කෙනෙක් ට නම් මේක දැක්ක ගමන් මේ මොන විකාරයක් ද කියලා හිතෙනවා. හන්ටර් සොලොමන් කියන්නේ වොලී ගේ රිවර්ස් ෆ්ලෑෂ්. ගොඩක් අය ගේ මතයක් තියනවා මෙයා තමයි සූම් කියලා. ඒත් ඒක වෙන්න තියන ඉඩ කඩ ගොඩක් අඩුයි. මොකද සූම් කියන්නේ Earth 2 කෙනෙක්. හන්ටර් Earth 1 කෙනෙක්. සූම් කියන්නේ ජේ කියන මතය ඉවත් කරන්න පුළුවන් හින්දා (තවම හැබැයි 100% ෂුවර් කරන්නත් බෑ). අපිට මේ දෙන්නා වම සමීකරණයෙන් අයින් කරන්න පුළුවන්. ඒ හින්දා තවම වැඩි වාසි තියෙන්නේ Earth 2 වල බැරී, වොලී, හෙන්රි සහ එඩී කියන අයගෙන් කෙනෙක් වෙන්න පුළුවන් කියන එක. හැබැයි මේ හදුන්වා දීමෙන් පොඩි ඉගියක් නම් ආවා. අපේ Shazam ඇඩ්මින් තමයි කිව්වේ මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියනවා කියලා. ඒ තමයි හන්ටර් සොලොමන් කියන්නේ වොලී ගේ හතුරෙක්. Earth 1 වල හන්ටර් සොලොමන් ගේ Earth 2 ඩෝප්ල් ගැන්ගර් තමයි ජේ කියන්නේ. ඒ කියන්නේ Earth 2 වල ෆ්ලෑෂ්. කොමික් වල විදිහට හන්ටර් සොලෝමන් සහ වොලී දෙන්නා හතුරෝ කියන සාධකය විතරක් හිතුවොත් මුලින් කියපු හතර දෙනාගෙන් වොලී සූම් වෙන්න තියන අවස්තාව ගොඩක් වැඩියි. ඒත් ඉතින් කවුද දන්නේ අන්තිම මොහොතේ මොනවා වෙයිද කියලා.


Patty knows
ඔන්න අන්තිම මොහොතේ පැටි දැනගත්තා බැරී කියන්නේ ෆ්ලෑෂ් කියලා. හැබයි ඉතින් ඒ වෙද්දී පරක්කු වැඩියි. බැරී තීරණයක් අරගෙන ඉවරයි. ආයේ අපිට ෆ්ලෑෂ් කතාවේ පැටි ව දකින්න ලැබෙන එකක් නැතිවෙයි කියලයි කියන්නේ. ගොඩක් වෙලාවට ආපහු අයිරිස් ව බැරී ට සෙට් කරන්න වගේ හදන්නේ.


හොදටම නම් පරක්කු උණා තමයි මේ ලිපිය ගේන්න. බලමු ඊලඟ කොටස ඉක්මනටම ගේන්න.

attila_THE_hun



6 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න