Arrow S04E12 - Unchained
Full of Spoilers. Read at your own risk
Talibah
Full of Spoilers. Read at your own risk
මේ සතියේ ඇරෝ කතාව කියන්නේ ගොඩක් දේවල් උණු එකක් නේ. අලුතෙන් කට්ටිය වගේම පරණ කට්ටිය එහෙමත් ආපහු එකතු උණා. ඒ වගේම කතාවේ ගලාගෙන යන ආකාරය වෙනස් වෙන්න පුලුවන් තැන් කිහිපයකුත් සිද්ධ උනා. අපි එහනම් බලමු මොකද උනේ කියලා මේ සතියේ.
අපිට මෙයාව මුලින්ම හම්බෙන්නේ Arrow: Season 2.5 කොමික් වල දී. මෙයාගේ නම තමයි Mesi Natifah. රහසිගත මෙහෙයුමක් අතර තුරදී නිසා සහ සේරා ට මෙයාව හම්බෙනවා. ඊට පස්සේ තමයි මෙයා ලීග් එකට එකතු වෙන්නේ. අපිට මෙයාව ඊට පස්සේ මුණ ගැහෙනවා සීසන් 3 වල 16 වෙනි කොටසේ දීත්. මෙයා නිසා ට පක්ෂපාති වෙලා වැඩ කරන්නේ තමන් ව බේරා ගත්ත හින්දා වෙන්න ඇති. මෙතන දී හොදට බැලුවා නම් දකින්න ඇති නිසා ට අරගෙන එන්නේ බත් පිරිසියක්.
Nyssa Al Ghul
අපිට නිසා ව දකින්න හම්බුනේ ගොඩක් කාලෙකින්. මර්ලින් ට එරෙහි උනාට පාස්සේ මෙයා හිර කරලා තියෙන්නේ. මැල්කම් තියා ගැන කරදර වෙන අතරේ දී මෙයා සිර කරලා තියන තැනින් පනිනවා. ඒ යන්නේ Lotus කියලා හදුන්වන රහසිගත ආයුධය හොයාගෙන.
Lotus and Crescent Order
Lotus කියන්නේ Crescent Order කියන රහසිගත සංවිධානය විසින් League of Assassins ට එරෙහිව යොදාගන්න හදපු ආයුධයක්. මේ දෙකම ගැන අපිට කොමික් වල නම් විස්තරයක් හම්බෙන්නේ නෑ. Lotus එකේ ආරක්ෂාවට ඉන්නේ Tatsu එහෙමත් නැතිනම් කටානා.
Roy is back
ඇරෝ කතාවේ ගොඩක් අයගේ ආකර්ශනය දිනා ගත්ත රෝයි ආපහු කතාවට එකතු වෙනවා. හැබැයි එයා වෙන කෙනෙක් ගේ බලපෑමකට යටත් ව වැඩ කෙරුවේ. පස්සේ තමයි මේ පුද්ගලයා කැල්කියුලේටර් කියලා හෙළිදරව් වෙන්නේ. මෙයාව නවත්වන්න ඔලිවර්ට ඊතලයෙන් විදින්න පවා සිද්ධ උනා.
ආපහු රතු පාට කිට් එක ගහගෙන ඉද්දි නම් සිරාවට ආස හිතුනා. මෙතන දී මතු කරන්නේ ස්පීඩි වත් ආසනල් වත් නෙවේ වගේ. ගොඩක් වෙලාවට රෙඩ් ඇරෝ විදිහට රෝයි හදුන්වා දීමක් වෙයි වගේ.
Cirque Du Soleil
රෝයි ගේ වැඩ කෑලි ටික දැකලා කැනරි අහනවා නේ මේවා ඉගෙන ගන්න ඇත්තේ කොහෙන්ද කියලා. එතකොට ඩිගල්ස් කියනවා Cirque Du Soleil වලින් කියලා, Cirque Du Soleil එහෙමත් නැතිනම් සුර්යය සර්කස් කියන්නේ ලෝකයේ විශාලම විනෝද ප්රසාංගික ආයතනය.
Amertek
රෝයි පලවෙනි සැරේට හොරකම් කරන්නේ මේ ආයතයනයෙන්.
අපිට කොමික් වල දී මේ ආයතනය හදුන්වලා දෙන්නේ හමුදා නිෂ්පාදන වලට ප්‍රසිද්ධ සමාගමක් විදිහට. Steel එහෙමත් නැතිනම් John Henry Irons සේවය කෙරුවේ මේ ආයතනයේ.
Cadmus
රෝයි ඊළඟට හොරකම් කරන්නේ Cadmus ආයතනයෙන්. කොමික් කියවන අයට නම් මේ නම ගොඩක් හුරුයි. අඩුගානේ Young Justice බලපු අයට උණත් මේක මතක ඇති. කොමික් වල දී අපිට මේ ආයතනය මුණ ගැහෙන්නේ Project Cadmus කියලා. මේ ආයතනය ගොඩක් ප්‍රසිද්ධ ජාන ඉංජිනේරු තාක්ෂනය එක්ක. සුපර් මෑන් ගේ ජාන වලින් සුපර් බෝයි නිර්මාණය කෙරුවේ මේ ආයතනය.
Rise of Felicity
අද කතාවේ අපි දැකපු විශේෂ දෙයක් තමයි ෆෙලිසිටි කොහොමද එයාගේ ආත්ම විශ්වාසය ගොඩ නගා ගන්නේ කියන එක. එයා උත්සාහ කෙරුවත් සුපුරුදු රටාවට එන්න ලේසි වෙන්නේ නෑ. හැබැයි අවසානේ දී එයාට පුළුවන් වෙනවා බිද වැටිලා තිබුණු ආත්ම විශ්වාසය හදා ගන්න.
Blood lust
තියා ට ආපහු ලේ පිපාසාව ඇවිල්ලා. එයා ඒ ආශාව යටපත් කරගෙන හිටපු හින්දා එයා දුර්වල උනා කියන එක තමයි අපිට පැහැදිලි කෙරුවේ. මෙතන දී මැල්කම් කියනවා සේරා ව හොඳ කෙරුවේ කොන්ස්ටන්ටින් හින්දා සේරා ගේ තත්ත්වය වෙනස් කියලා. ඇයි දෙවියනේ පොර ආපු වෙලේ තියාව හොඳ කර ගත්තේ නැත්තේ. අනික පොරට වැඩකුත් නෑනේ මේ ටිකේ. මොනවා උණත් තියා කැමති නෑ මිනිස්සු මරලා ඒ ආශාව සංසිදුවා ගන්න එකට වගේම ඩේමියන් ගෙන් උදව් ඉල්ලන එකටත්.
Run for Mayor
ඔලිවර් ට පොඩ්ඩක් වයර් මාරු වෙලා. කොස්ටියුම් එක නැතුව තමයි රෝයි පස්සේ යන්නේ. හෙට අනිද්දා චන්දෙ ට යන්න ඉන්න කෙනා මේ විදිහට දුවන එක හරි නෑ කියලා යි හිතෙන්නේ.
Political Opponent
මෙච්චර දවසක් ඔලිවර් විතරනේ නගරාධිපති තනතුරට ඉල්ලුවේ. අලුතෙන් එයාට ප්‍රතිවාදියෙක් ඇවිත්. ඒ වෙන කවුරුත් නෙවේ. ඩේමියන් ගේ බිරිඳ. මෙතනින් එහාට ඔලිවර් ට ලේසි වෙන්නේ නැතිවෙයි වගේ මැතිවරණ ව්‍යාපාරය.
T-Spear
පලවෙනි වතාවට කතාවේ දී ඔන්න T-Spear එක යොදා ගන්නවා.
Hub City
DC යුනිවර්ස් එකට අනුව ඇමරිකාවේ තියන තවත් නගරයක් ගැන අපිට අහන්න හම්බුනා. ඒ තමයි හබ් සිටි. මේක වැදගත් වෙන්නේ Victor Sage එහෙමත් නැතිනම් Question ජිවත් වෙන්නේ මේ නගරයේ.
Shado
මේක නම් අනපේක්ෂිත සිදුවීමක් මැරුණු Shado ආපහු එනවා. හැබැයි ඒ ඔලිවර් ට පෙනුණු මායාවක් කියලා පස්සේ කියනවා. එහෙම හරි පරණ චරිතයක් දකින්න ලැබුණු එක නම් ලොකු සතුටක්.
Katana
මතක ද අපි කලින් කිව්වා SS ෆිල්ම් එක එන්න කලින් අයින් කරගෙන යන ලිස්ට් එකේ ඊලඟට ඉන්නේ කටනා කියලා. ඒ හින්දාම කොහේදෝ ඉදලා මෙයාව ආපහු කතාවට ගෙන්නුවා. හැබැයි අපිට මෙයාට මොකද උනේ කියලා පැහැදිලි කරන්නේ නෑ. ඒ වෙනුවට අපිට හිතාගන්න අරිනවා. කටානා මරන්නේ නැතුව එයාව ඉවත් කරන්න තමයි මේ විදිහ යොදා ගත්තේ.
Perfect Couple
ඇරෝ කතාව පුරාම රෝයි සහ තියා ගේ ආදරේ ගලා ගෙන ආවා. ඒ දෙන්නා එකිනෙකාට හොදටම ගැලපෙනවා කියලා අපිට තේරෙන කොට ඒ දෙන්නාට වෙන් වෙන්න උණා. ආපහු දෙන්නා එකට එකතු උණු මේ වෙලාව ගොඩක් දුක හිතෙනවා. විශේෂයෙන්ම කතාව අවසානයට දකින්න ලැබුණු දර්ශනය.
Calculator
අපිට මේ සතියේ දී කතාවට අලුත් දුෂ්ටයෙක් හදුන්වා දෙනවා. ඒ තමයි කැල්කියුලේටර්.
කොමික් වල නම් මෙයා ගේ නම Noah Kuttler. මෙයාත් බැට් මෑන් ගේ විලන් කෙනෙක්. මෙයාට තියනවා ඉහල පරිඝනක දැනුමක්. ලඟදි ආපු Batman Badblood ෆිල්ම් එකෙත් අපිට මෙයාව හම්බුනා.
Like Father Like Daughter
කතාවේ දකින්න හම්බුනු තවත් විශේෂම තැනක් උනේ කැල්කියුලේටර් කියන්නේ ෆෙලිසිටි ගේ තාත්තා කියලා හදුන්වා දීපු අවස්ථාව. මේ සීසන් එකට ෆෙලිසිටි ගේ තාත්තා ගේනවා කියලා කලින්ම කියලා නේ තිබ්බේ. අවසානේ දී ඔන්න ඒ අවස්ථාව ආවා. ඉස්සරහට මේ තාත්තා හින්දා කතාව වෙනස් පැතිවලට යන්න ඉඩ තියෙනවා.
මෙතන දී තව දෙයක් කියන්න ඕනේ. කොමික් වල කැල්කියුලේටර් ට ඉන්නවා වෙන්ඩි කියලා දුවෙක්. මෙයා ටත් හොදට පර්ඝනක දැනුම තියනවා. මෙයා ඔරකල් ගේ උදව්වට ඉදලා තියනවා වගේම අනතුරක් වෙලා ඔරකල් වගේම ඉණෙන් පහල පණ නැති වෙනවා. ඊට පස්සේ එයා යන්නේ රෝද පුටුවක. මෙහෙම කියන කොට කාව ද මතක් වෙන්නේ? ඇත්තටම ෆෙලිසිටි ඔරකල් කරන්නේ නෑ කියන ආරංචිය ආවාට පස්සේ මම හිතුවේ කොමික් වල වෙන්ඩි යොදා ගත්ත නම වුනු ප්‍රොක්සි කියන නම ෆෙලිසිටී ට දෙයි කියලා. ඒත් ඒක ඒ විදිහට උනේ නෑ.
It is always a dilemma
කතාවේ තීරණාත්මක ම අවස්තාව උනේ නිසා ඇවිත් තියාව බේරා ගන්න ඕනේ නම් මැල්කම් මරන්න කියලා කියන එක. ඒ කියන්නේ ලබන සතියේ කතාව ගොඩක් සංකීර්ණ එකක් වෙන්න ඉඩ තියනවා. ලබන සතියේ ට්‍රේලර් එක බැලුවා නම් ඒ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්.
More grave theories
මේ සතියේ සිද්ධ වුනු දේවල් එක්ක අපිට මැරුණේ කවුද කියන එකට අමතර මත දෙකක් එකතු වෙනවා. එකක් තමයි කැල්කියුලේටර් අතින් ෆෙලිසිටි ගේ අම්මා මැරෙන එක. අනික තමයි මැල්කම් කරන දෙයක් හින්දා තියා ගේ ජීවිතය බේරා ගන්න බැරි වෙන එක. මේ දෙකම වෙන්න පුළුවන් දේවල් උණාට අපිට තවම ස්ථිර අදහසක් ගන්න බෑ. ඒ හින්දා අපිට බලාගෙන ඉන්නම වෙනවා.
එහෙනම් ලබන සතියේ කතාවත් එක්ක ඉක්මනින් හම්බෙමු.
#attila_THE_hun

ela
ReplyDeleteThanx.....
ReplyDeleteHamme... post ekak dakka kal
ReplyDelete