මන් හිතනව ඔයාලා හැමෝම
flash episode 1 බලලා ඇති කියලා. මන් දන්නවා මේ පෝස්ට් එක දාන්න ගොඩක් පරක්කුයි කියලා. කෙලින්ම episode 10 පටන්ගන්නවට වඩා අපි හිතුවා පලවෙනි එකේ ඉදලම පටන් ගන්න මොකද එක episode එකකින් ගොඩක් දේවල් මගහැරෙන්න පුලුවන් නිසා.
ඔයගොල්ලො කතාව
බැලුවනන් දන්නවනෙ බැරිට අවුරුදු 11දි කවුද කෙනෙක් බැරීගෙ අම්මව මරනව. ඒකෙට සැකපිට එයාගෙ තාත්ත හිරේ යනව. කාටවත්
බැරී එදා දැකපු දේ විස්වාස කරන්න බෑ මොකද හැමෝම හිතුවෙ බැරී එදා
දැක්ක දේ එයා බොරුවට මවාගත්ත විකාරයක් කියලා. බැරී එදා ඉදන් හැම දේම කරේ මේ ප්‍රස්නෙ
විසදල එයාගෙ තාත්තව හිරෙන් එලියට ගන්න. ඒත් අවුරුදු ගානක් තිස්සෙ
විසදගන්න බැරිවුණ මේ ප්‍රස්නෙ එක අකුණු පාරකට විසදන්න පුලුවන් වෙයිද? මම මුලු කතාවම කියන්න යන්නෑ මොකද කාතාව බලපු නැති කට්ටියට ඒක අසාධාරණයක් වෙන
නිසා. කතාව දැනගෙන බලනකොට කිසි ගතියක් නෑනෙ.
අපි බලමු කතාවෙ ඉන්න
කට්ටිය ගැන, බැරී ගැන හැමෝම දන්නවනෙ ඒක නිසා අපි පටන්ගමු බැරීගෙ තාත්තාගෙ
හෙන්රි ඇලන් ( පින්තූරය #1) මේ චරිතයරගපාන John Wesley Shipp කියන කෙනා තමයි 1990 සිට 1991 වෙනකන් ගිය ඔරිජිනල් flash tv series එකේ බැරීට එහෙමත් නැත්තන් flashට රගපෑවෙ (පින්තුරය #2) . නොරා ඇලන්, බැරීගෙ අම්මාගෙ මරණය සහ reverse flash. (පින්තුරය #3) comic වල professor zoom(reverse flash) කාලය හරහා ගිහින් බැරීගෙ අම්මව මරනව. මේක නිසා තමයි බැරීට අකුණ වදින්නෙ.
ඒත් ඇයි zoom
බැරීගෙ අම්මව මරන්නෙ? Zoom එහෙම නොකර හිටියනන් බැරී කවදාවත් flash වෙන්නෑනෙ, බැරී flash වෙන්නෑ කියන්නෙ zoomට flashගෙන් කරදරයක් නෑනෙ ? Zoom බැරීගෙ අම්මව මරන්නෙ මොකද බැරී flash නොවුනොතින් zoom කවදාවත් reverse flash නොවෙන නිසා. බැරී flash විදිහට කරනයම් කිසි දෙයක් නිසා තමා zoomට බැරීගෙ පවර්ස් ලැබෙන්නේ.
කේට්ලින් ස්නෝ (
පින්තූරය #5)
කේට්ලින් ස්නෝ කියන්නෙ comics වල villain කෙනෙක්, killer frost.ලොකුම ප්‍රස්නෙ තමා particle accelerator එක පිපිරුණු දවසෙ කේට්ලින්ට පවර්ස් හම්බෙලා එයා ඒක
රහසක් විදිහට තියන් ඉන්නවද කියන එක. ඒත් එයාගෙ පෙම්වතා
රොනී රේමන්ඩ් ( පින්තූරය #6) එදා මැරුණ කියල තමා හැමෝමහිත්න් ඉන්නෙ.
Green lantern හල්
ජෝඩන්ගෙ පෙම්වතිය කැරොල් ෆෙරිස් තමා ferris air (පින්තූරය #7) එකේ අයිතිකාරිය.
මම
හිතන්නෑ flash
එකට green lanternව ගෙනෙයි කියලා දැන්ම. අපි ප්‍රාර්ථනා කරමු ඉස්සරහට මෙයාල flash එකට GLව ගේයි කියල. ඊලගට Grodd (පින්තූර #8,#9) ගොරිල්ල ග්‍රොඩ් කියන්නෙ flashගෙ හතුරෙක්. මන් හිතන්නෑ මේ සීසන් එකේ අපිට ග්‍රොඩ්ව බලාගන්න පුලුවන් වෙයි කියලා ඒත් මට හිතෙන්නෙ
ඉස්සරහට අපිට ග්‍රොඩ්ව දැක බලාගන්න පුලුවන්වෙයි කියලා.
Clyde Mardon (පින්තූරය #10) එහෙමත් නැත්තන් Weather Wizard, flashගෙ හතුරෙක්, the rogues ( flashගෙ හතුරො සෙට් එක ඉන්න ගෘප් එකක්) එකේ member කෙනෙක්. Eddie thawne ( detective pretty boy ) (පින්තුරය #11) thawne කිව්වාම අපිට මතක් වෙන්නෙ professor zoom එහෙමත් නැත්තන් eobard thawne. මෙන්න ඊලග ප්‍රශ්නෙ reverse flash eddie වෙන්න පුලුවන්ද එහෙමත් නැත්තන් eddieගෙ මුණුබුරෙක්ද? Harrison Wells තමා මේ සීසන් එකේ ලොකුම අභිරහස. ඔයාලා වෙල්ස් ගැන
මොකද හිතන්නෙ එයා අනාගතෙන් වෙන්න පුලුවන්ද ?
Dr. Harrison Wells කියන්නෙ
එයාගෙ ඇත්ත නමද ? එහෙමත් නැත්තන් එයාට වෙන නමක් තියෙන්න පුලුවන්ද ? එයා eddieගෙ මුණුබුරෙක් වෙන්න පුලුවන්ද ?
Kyle_Rayner
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න