Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Guardians of the Galaxy - Part 01

Guardians of the Galaxy - Part 01

Guardians of the Galaxy Part 1


මාවල්’ චිත්‍රකතා ආශ්‍රයෙන් සුපිරි වීර චිත්‍රපට තැනීම හොලිවුඩයට අලුත් දෙයක් නොවේ. දැන් එවැනි චිත්‍රපටයක් ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබෙන්නේ ‘ගාර්ඩියන්ස් ඔෆ් ද ගැලක්සි’ යන නමිනි. මාවල් චිත්‍රකතාව පළ වී ඇත්තේ ද එම නමින්. මාවල් චිත්‍රාගාරයේ නිෂ්පාදනයක් වන මෙම සිනමාපටය ජේම්ස් ගන්ගේ නිෂ්පාදනයකි.
            

1988 වසරේ ඇමෙරිකාවේ රෝහලක අමුත්තන්ගේ කාමරයට වී පමා වෙමින් සිටින කුඩා පීටර් හමුවට පැමිණෙන්නේ ඔහුගේ සීයාය. පීටර් ඔහුගේ මවට සමුදිය යුතුව ඇතැයි සීයා පවසයි. පීටර් ගේ මව පිළිකාවකින් පීඩා විඳිමින් මරණාසන්නව සිටියි. සීයා පීටර්ව ඔහුගේ මව වෙත කැඳවාගෙන යයි. මව ඔහුට තිළිණයක් දෙමින් පවසන්නේ පීටර්ගේ පියා දේවදූතයකු බවය.

“ඔයාත් කවදාහරි ඔයාගේ තාත්තා වගේ දේවදූතයෙක් වෙන්න ඕනෙ” පීටර්ගේ මව පවසයි. “මට ඔයාගේ අත දෙන්න”
එහෙත් මරණාසන්නව සිටින මවට සිය සුරත දීමට පීටර් බිය වෙයි. ඒ සමඟම ඔහුගේ මව අවසන් හුස්ම හෙළයි. මහත් ශෝකයෙන් රෝහලෙන් පිටතට දිව යන කුඩා පීටර්ව පැහැරගනු ලබන්නේ පිටසක්වළ යානයක් මඟිනි.
වසර විසිහයකට පසු තරුණ වියට පත් පීටර් ‘මොර්ග්’ නමැති ග්‍රහලෝකයට වී සොයමින් සිටින්නේ අද්භූත ගෝලයකි. ඔහු එම ගෝලය සොයා ගෙන අලෙවි කිරීමට තීරණය කරන නමුත් යොන්ඩු නමැත්තා පීටර්ට බලපෑම් එල්ල කරන්නේ ගෝලය තමාට දිය යුතුය කියායි. පීටර් ඊට කැමැති වන්නේ නැත. ඒ සමඟම මහත් කරදර හා බාධක රැසකට මුහුණ දීමට පීටර්ට සිදුවෙයි.

ගෝලයේ සැඟවුණ අභිරහස කුමක්ද? එය විශ්වයේ පැවැත්මට තර්ජනයක් වන අභිරහසක් ද? තමා අර්ධ වශයෙන් පෘථිවි වාසියකු හා අර්ධ වශයෙන් ඉතා ඈත අතීතයේ නාඳුනන ජීවියකු බව වටහාගන්නා පීටර් සිය අනාගතයට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන් ද?

පසුගිය ජූලි 28 දා ලොව පුරා ප්‍රදර්ශනය ඇරැඹූ ‘ගාඩියන්ස් ඔෆ් ද ගැලක්සි’ චිත්‍රපටය පසුගිය අගෝස්තු 10 ඉරිදා වන විට ඩොලර් ලක්ෂ 3130කට වැඩි ආදායමක් උපයා තිබිණි. පළමු සති අන්තයේ දී එය, මාවල් චිත්‍රකතා ඇසුරෙන් නිර්මාණය වූ සෑම චිත්‍රපටයක්ම ප්‍රදර්ශනයේ පළමු සති අන්තයේ ඉපැයූ ආදායමට වැඩි ආදායමක් ලැබූ චිත්‍රපටය ලෙස ‍ෙබාක්ස් ඔෆිස් වාර්තා අතරට එක්වී තිබේ. විදේශයන්හී ප්‍රදර්ශනයෙන් පසුගිය අගෝස්තු 10දා වන විට චිත්‍රපටය වැඩිම ආදායමක් උපයා තිබුණේ රුසියාවෙනි.

ක්‍රිස් ප්‍රැට්, සෝ සල්දනා, ඩේව් බැටිස්ටා, වින් ඩිසල් බ්‍රැඩ්ලි කූපර්, ලී පේස්, මයිකල් රූතර් ආදී නළු නිළි පිරිසක් රඟන ගාර්ඩියන්ස් ඔෆ් ද ගැලක්සි චිත්‍රපටයේ දිගුවක් 2017 වසරේ තිරගත කිරීමට ද දැනටම ‘මාවල් ස්ටුඩියෝස්’ කටයුතු සැලසුම් කර තිබේ.

SmAsHeR

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න