Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Captain America: Civil War Trailer 02 Break Down Part 02

Captain America: Civil War Trailer 02 Break Down Part 02

Frame by Frame Trailer Break Down of Captain America: Civil War Trailer #2 - Part 2



ට්‍රේලරේ එකේ  මුල් කොටස කතා කරා වගේ අපි දැන් ඉතුරු කොටසත් කතා කරන්නයි යන්නෙ. අපි මේක කොටස් දෙකකින් කරන්න හිතුවේ මුල් කොටසට වඩා අග හරියට වෙන්න තමයි හොඳම ක්‍රියාදාම මෙන්ම අපිව පුදුම කරන තැන් ගැන විශේෂයෙන්ම කතා කරන්න. අපි එහෙනම් නවත්තපු තැන ඉඳන් පටන් ගමු !

What Have They Done ?


එජ් ඔෆ් අල්ට්රෝන් එකේ වගේ සිවිල් වෝ එකෙත් සුපර්හිරෝ කෙනෙක්ගෙ මරණයක් සිදුවෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මොකද සිවිල් වෝ කොමික් වල සුපර්හිරෝස්ලා මැරුණේ දුසිම් ගණන් වලින්. ඒත් ට්‍රේලර් වලින් සාමාන්යෙන් ඒ වගේ තීරණාත්මක අවස්ථාවක් පෙන්නන්න තියෙන ඉඩකඩ අඩු නිසා අපිට යම් සහනයක් තියෙනවා රෝඩි මැරෙන එකක් නෑ කියලා. හැබයි බැරි වෙලා හරි රෝඩි ඇත්තටම මෙතන දී මැරුනොත් අපිට එන ප්‍රධානම ප්‍රශ්නය තමයි රෝඩිගෙ ජිවිතයෙන් වන්දි ගෙවන්න ඔහු කරපු වරද මොකක්ද ? තමන්ගේ පරම මිත්‍රයෙක් වෙන අයන්මෑන්ගෙ පැත්ත ගැනීමද ? කවුද මේක කරන්නෙ ? කැප්ගෙ පැත්තේ කවුරුහරිද ? ඒත් කැප්ගෙ ප්‍රතිපත්ති වලට එරෙහි ක්‍රියාවක් වෙන මේක කරන්න තරම් තියෙන තරහ මොකක්ක්ද ?
මේ සිදුවීම වෙන්නෙ ටීම් කැප් සහ ටීම් අයන්මෑන් සටන සිදුවෙන ගුවන්තොටුපල අසල වගේ. පසුබිමින් කළු දුමාරයකුත් තියෙනවා කියන්නේ ඒ සටනෙන් සිදුවෙලා ඉවරයි කියන එක වෙන්න ඕන.

Crossbone's Army


කලින් ට්‍රේලරේ පෙන්නුවා වගේ, ඒ හමුදා භාටයන්ව මෙතනදීත් දකින්න ලැබෙනවා. ඒත් ඒ තනියෙන් නං නෙවෙයි. කලින් වතාවේ යාන්තමට පෙන්වපු ක්රොස්බෝන් තමයි මේ කණ්ඩායම මෙහෙයවන්නේ. ආර්මී එකක් ක්රොස්බෝන් යටතේ හිටියට ක්රොස්බෝන් ව මෙහෙයවන්නත් ලොක්කෙක් ඉන්න ඉඩ තියෙනවා. ඒත් මෙයාලා IFID (Institute for Infectious Diseases) එකට පහර දෙන්නෙ ඇයි ?

Widow On Action 


බ්ලැක් විඩෝ සුපුරුදු විදිහට ක්රොස්බෝන්ගේ කස්ටියට පහර දෙනවා. වැදගත් ම දේ තමයි විඩෝ මේ වෙලාවෙ ඉන්නෙ නං සිවිල් ඇඳුමකින්. ඒ කියන්නේ මේ ප්‍රහාරය බලාපොරොත්තු නොවුණු එකක්.


මේ දර්ශනය 3D බලද්දී හොදටම දැනෙන තැනක් වෙයි.

"I'm Not The One That Needs to Watch Their Back"


New Avengers HQ එකේ ටෝනි එක්ක වෙන මේ දෙබස සුහද එකක් නං නෙවෙයි. ඒත්... ඒත් ???

“This doesn’t have to end in a fight, Tony,”


හැබැයි මෙහෙම කියපු කෙනාම තමයි  පළවෙනි ට්‍රේලරේ බකි එක්ක අයන්මෑන්ට ගහනවා දැක්කේ. කොහොමහරි මෙතන ඉඳන් තියෙන දර්ශන ටික එකිනෙකට සම්බන්ධයි වගේ ගතියටම එඩිට් කරලා තියෙනවා. දැන් කැප් ඉන්න මුළුතැන්ගෙය දැල් වියන පොඩි එකෙක්ගෙ ගෙදරක වෙන්නත් පුළුවන්, ඉලෙක්ට්‍රික් ඉංජිනියරින් වල මාස්ටර්ස් උපාධියක් තියෙන කුඩා පරිමාණයේ හොරෙක්ගෙ ගෙදරක වෙන්නත් පුළුවන් (If you know what I mean). එහෙමත් නැතිනම් වින්ටර් සෝල්ජර් ෆිල්ම් එකේ දී වගේ ෆැල්කන් ගේ ගෙදර වෙන්නත් ඉඩ තියනවා. 

Punch in the perfect teeth


ටෝනි ගේ හිතේ හැම වෙලාවෙම කැප් ගැන තියෙන්නේ ගෞරවයක්. ඒත් මේ වෙලාවේ ටෝනි එකතු කරලා තියන සේරම හැගීම් එකපාරටම පිට කරලා හරිනවා. ටෝනි ට මේ වගේ තරහා යන්නේ ඇයි? එයා කරන්න හදන දෙයක් වලක්වන්න කැප් උත්සාහ කරනවා. නැතිනම් කැප් උත්සාහ කරනවා ටෝනි විරුද්ධ වෙන දෙයක් කරන්න. 
මේකට ගොඩක් දුරට සම්බන්ද වෙනවා ඇත්තේ මෙතන තියන කුටිය. අධිශිතකරණයට ලක් කරලා තියෙන ඒ කුටියෙ ඉන්නේ කවුද ? මේක ඊස්ටර් එග් එකක්ද එහෙමත් නැත්තම් අපිට දකින්න ලැබෙන චරිතයක්ද ? 


ඊස්ටර් එග් එකක් කියලා ගත්තොත් මේ ඉන්නෙ පරීක්ෂණ කටයුතු සඳහා තියලා තියෙන මැරුණ කෙනෙක් වෙන්නත් පුළුවන්, මේ ගැන මුලින්ම ආපු මතය තමයි මේ තියෙන්නේ ක්වික් සිල්වර් ගේ සිරූර කියන එක. ඒත් ක්වික් සිල්වර් ගේ සිරුර කියන්නේ මේ දෙන්නා අතරේ සටනක් ඇතිවෙන්න තරම් දෙයක් නෙවේ. ඒ හින්දා අපිට හිතාගන්න වෙන්නේ මේ කතාවේ ඉන්න විශේෂ කෙනෙක් තමයි පෙන්වන්නේ කියලා. එතකොට අපිට ඉතිරි වෙන්නේ තවම First Look එකවත් දකින්න හම්බුනේ නැති Hydra වල පරණම නායකයෙක් වෙන Baron Zemo.


චරිතයක් විදියට ගත්තොත් මේ ඉන්නෙ හයිඩ්රා ලගෙ පරණම ලොක්කෙක් වෙන්න පුළුවන්. තාම අපිට First Look එකකින්වත් දකින්න ලැබුනේ නැතත් මේ ෆිල්ම් එකේ Baron Zemoත් ඉන්නවා කියලා අමතක කරන්න බෑ. කොමික් වල දී නම් Zemo කියන්නේ අවුරුදු ගානක් තිස්සේ පැවතගෙන එන ජර්මානු පෙළපතක්. ඒ පෙළපතේ Heinrich සහ එයාගේ පුතා Helmut කියන දෙන්නම බැරන් තනතුර දරනවා. මේ දෙන්නාම කොමික් වලට අනුව කැප් ගේ හතුරෝ හින්දා මෙතන ඉන්නේ කවුද කියන එක හරියටම කියන්න බෑ. ඒත් මෙතන දී ටෝනි සහ කැප් පිටිපස්සේ ඉදන් බකී කුටිය විවෘත කරන්න හෝ විනාශ කරන්න උත්සාහ කරන හින්දා මේ ඉන්නේ Helmut ද කියන සැකයත් එනවා. මොකද වින්ටර් සෝල්ජර් විදිහට බකී කරපු දේවල් හින්දා Helmut ගේ විශේෂ තරහක් තියනවා බකි එක්ක. හැබැයි අනිත් අතට මෙතන ඉන්නේ Heinrich නම් මෙතන දී බකී කරන දෙයක් හින්දා Baron Zemo විනාශ වෙලා එකේ තරහට ඉදිරියේ දී එයාගේ පුතා Helmut බකි එක්ක වෛර බැද ගන්න ඔරිජින් එක ගැන කතා කරනවා වෙන්නත් ඉඩ තියනවා. 

හැබැයි මේ දෙකටම වඩා වෙනස් මතයකුත් තියනවා. ඒ තමයි මේ ඉන්නේ Red Guardian කියලා. 


මේක ඇත්ත නම් MCU එකේ අඩු තැන් ගොඩක් පිරවෙනවා. මේ අවස්ථාවට ටිකකට කලින් ටෝනි, නටාෂා ට කියනවා "They are coming for you" කියලා. මෙතන දී "They" කියලා ටෝනි අදහස් කෙරුවේ ක්‍රොස්බෝනස් නෙවේ වෙන්නත් ඉඩ තියනවා. ඒ වෙනුවට නටාෂා ගේ අතීත කාලය ගැන සඳහන් කෙරුවා වෙන්නත් පුළුවන්. මොකද නටාෂා ගේ ස්වාමි පුරුෂයා Alexi Shostakov තමයි Red Guardian වෙන්නේ. මේ ගැන නටාෂා ගෙන් හංගලා ඇලෙක්සි මිය ගියා කියන එක විශ්වාස කරපු හින්දා තමයි නටාෂා, බ්ලැක් විඩෝ වෙන්නේ. කොමික් වල දී නම් බකි සහ රෙඩ් ගාර්ඩියන් එකට වැඩ කරලා තියනවා වගේම නටාෂා ගේ ආදරය හින්දා දෙන්නා අතරේ හිත් අමනාපයකුත් තිබ්බා.

"You just start a war"

Oops එතකොට මේක ද සිවිල් වෝර් එක නියම විදිහට පටන් ගන්න තැන. 


මේක නම් ගුවන් තොටුපලේ සටන වෙලාවේ එකක්.

How many explosions?
පලවෙනි ට්‍රේලර් එකේ දැකපු පිපිරිම ආයේ දකින්න පුළුවන්. පැහැදිලිවම කතාව ඇතුලේ තීරණාත්මක පිපිරීම් දෙකකට වැඩි ගානක් තියනවා.


The King Of Vibranium Mountains

පළවෙනි ට්‍රේලරේ බකී උස ගොඩනැඟිල්ලක ඉඳන් පනින්නෙ මෙතනට වෙන්න ඕන. බකී සහ පැන්තර් අතර සටන යනකොට හෙලිකොප්ටරයකින් වෙඩි තියන්න ගන්නවා. ඒත් වයිබ්‍රේනියම් කෙඳිති වලින් වියවලා හදපු පැන්තර් ඇඳුම ඇඳන් ඉන්න T'Challaට වැස්සක් වහින ගානටවත් දැනෙන්නෙ නැතුව ඇති. 


මෙතැනදී අපිට බ්ලැක් පැන්තර් ගේ ආමර් එක හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම වයිබ්‍රේනියම් වල Wakandan ප්‍රභේදයේ හැසිරීම හොදටම බලාගන්නවා. වයිබ්‍රේනියම් ශක්තිමත් වෙන්නේ ඒකෙ තියන ශක්තිය අවශෝෂණය කරගැනීමේ හැකියාව හින්දා. ඒ අතරින් චාලක ශක්තිය තමයි ගොඩක් ම වැදගත් වෙන්නේ. භාහිරින් ලැබෙන ශක්තියක් වයිබ්‍රේනියම් අණු අතරේ තැම්පත් වෙනවා. ඒ තැම්පත් වීමෙන් බන්ධන අතර ශක්තිය වැඩි වෙලා වයිබ්‍රේනියම් තවත් ශක්තිමත් වෙනවා. අපි මෙතන දී දැක්කේ ඒ දේ.
මෙතන ඉන්න බ්ලැක් පැන්තර් හරියට කොමික්වල, ඇනිමේටඩ් වල අපි දැකපු ඒ පැන්තර්ම හෝ ඊටත් වැඩිය හොඳට නිරුපණය කරලා තියනවා.

බකී ගැන කතා කරද්දී සෙබස්තියන් ස්ටෑන්  කිව්වා බකී ගෙ බෑග් එකේ මොකක්ද තියෙන්නෙ කියලා...


බකී ගේ මතකය ආපහු ගොඩනගා ගන්න උපකාරී වෙන දේවල් තමයි එතකොට මේ බෑග් එකේ තියෙන්නේ. 

Back To The Airport, Again


විනාශයන් අවම කරන්න කියලා පටන් අරගෙන ආයෙත් විනාශයක්මැ නේද මේ කරන්නෙ කියලා විඩෝටත් හිතෙන්න ඇති.

Kneel Before Me !

මයින්ඩ් ජේම් එකක් තියෙන තෝර් ගේ හැමර් එක උස්සන්න පුළුවන් විෂන් වගේ කෙනෙක් ව මානසිකව පාලනය කරනවා කියන්නේ වොන්ඩා ගේ හැකියවේ තරම හිතා ගන්න පුළුවන් නේ.


මේ දවස් වල කටකතාවක් යනවා නේ එක්ස්මෙන් සහ MCU යුනිවර්ස් දෙක එකට එකතු කරන්න යනවා කියලා. එහෙම එකතු කරනවා නම් ගොඩක් ම ගැලපෙන කතාවක් තමයි House of M කොමික් සිරිස් එක. එකේ දී ප්‍රධාන වශයෙන්ම වොන්ඩා වටා තමයි කතාව ගොඩ නැගෙන්නේ. 

ඇවෙන්ජස් ලෝගෝව අනුව කියන්න පුළුවන් මේ ඒජ් ඔෆ් අල්ට්රෝන් එකේ පෙන්නන නිව් ඇවෙන්ජර්ස් ගොඩනැඟිල්ල කියලා. ස්කාලට් විච් ඉස්සරහා කෙනෙක් වැටිලා ඉන්නවා පේනවා. ගොඩක් වෙලාවට මේ හෝක්අයි වෙන්න පුළුවන්. අල්ට්රෝන් ෆිල්ම් එක අවසානෙට හෝක් අයි සහ වොන්ඩා අතර සමීප සම්බන්ධයක් ගොඩ නැගෙනවා නේ ක්වික් සිල්වර් ගේ මරණය සහ අවසාන බැට්ල් එක වෙලාවේ දී දිරිමත් කරපු හින්දා. මෙතන දී විෂන් අතින් හෝක් අයිට කරදරයක් උනා නම් වොන්ඩා ඒක ලේසියෙන් අත හරින්නේ නැතිවෙයි.

Here's The Epic Tag Team Fight !


මේක හෝක් අයි සහ ඈන්ට්මෑන් එකම ෆිල්ම් එකක ඉන්නවා කියලා දැනගත්තු දවස්වල ඉඳන්ම දැකපු හීනයක්. Bless You Marvel ! 

Cap Got Crossboned !


එක නම් සැර පාරක්. වින්ටර් සෝල්ජර් ෆිල්ම් එකේ ලිෆ්ට් එකේ සටනේදී ගුටි කාපු එක බ්‍රොක් රම්ලොව් A.K.A. ක්රෝස්බෝන්ස් තාම අමතක කරලා නෑ වගේ. මෙතැනදී පසුබිම දැක්කම අප්‍රිකාවේ රටක් වෙන්න පුළුවන් වගේම කැප්ගෙ උරහිසේ තාම ඇවෙන්ජර්ස් ලෝගෝව තියෙන නිසා ෆිල්ම් එකේ මුල හරියක වෙන සිදුවීමක් කියලා කියන්නත් පුළුවන්.

"Stay Down, Final Warning"



"I Can Do This all day"

මේක නං හොඳට අහලා පුරුදු දෙබසක් වගේ නේ ?


වගේ නෙවෙයි අහලා තියෙන දෙබසක් තමා.

Cap have some moves


මෙතන දී කැප් ගහන ෂොට් ටික යාන්තමට වගේ අදුනා ගන්න පුලුවන්. ඒත් බොක්සිං පිළිබඳ දැනුම ගොඩක් අඩු උණත් අපේ ඇඩ්මින් #Lobo ගේ උදව් ඇතිව ඒ ෂොට් ටික වෙන් කරන්න උත්සහ කෙරුවා. වැරදීමක් වෙලා නම් ඒ ගැන අපිව දැනුවත් කරන්න. 

කැප් මේ කරන්නෙ සාමාන්යෙන් හතුරෙක්ටවත් නොකරන දෙයක්. එහෙම නම් ඇයි හිටපු ගමන් ප්‍රතිපත්ති වෙනස් වුණේ ? සමහර විට ඒකට හේතුව මේක වෙන්න ඉඩ තියෙනවා. 



Team Cap

ස්කාලට් විච්ට පියාඹන්නත් පුළුවන් ? ඒක නං අළුත්


Team Ironman 



Let Them Fight !!!

"Ok, I'm Running Out of Patience..."


ඉස්සරහින් ටෝනි, පිටිපස්සෙන් බ්ලැක් විඩෝ, දැන් නම් කැප්ව වට කරලා ඉන්නෙ. කෝ ටීම් කැප් ???

It's Time For A Superhero Landing

UNDEROOZE !!!"


ඔන්න ඕක වෙනුවෙන් තමයි මාවල් ස්ටුඩියෝ එක නොසැහෙන කට්ටක් කෑවෙ, ෆෑන්ස්ලා පෙරුම් පුරා බලං ඉඳියෙ. ඇති යාන්තන් අන්තිමේදී හැමෝගෙම සිහිනයන් යථාර්තයක් බවට පත් වුණා. ස්පයිඩි ගැන සහ එයේ කොස්ටියුම් එක ගැන මේ වෙද්දී ගොඩක් කතා යනව නේ. ඒ සේරම මෙතන කියන්න ගියොත් ලිපිය ඉවරයක් වෙන්නේ නෑ. ඒ හින්ද අපි හිතුවා ඒ ගැන වෙනම ලිපියක් වෙන් කරන්න. දැනට අපි මෙයා ගැන කියන්න තියෙන්නෙ රුසෝ ලා කියපු දේ. ඒ තමයි, 
"රොබට් ඩවුනි අයන්මෑන් චරිතෙ කොයි විදියට රඟපානවද අන්න ඒ විදියටම ටොම් හෝලන්ඩ් ඔහුගේ චරිතය රඟ දක්වාවි"

Is that a 4th wall breaking? 
අපි මීට කලින් 4th wall එක ගැන කතා කලානේ. මෙතන ස්පයිඩි ගේ හැසිරීමත් ඒ වගේ කියලා තමයි හිතෙන්නේ. මොකද එයා කැමරාව දිහා බලාගෙන අපිට කතා කරනවා වගේ තමයි පෙනුනේ. විශේෂයෙන්ම ඇස් දෙක පුංචි කරන සිද්දිය ඒක හොදටම තහවුරු කරනවා. 


Is spidey a movie trailer hoax? 
අපි අවසාන වශයෙන් හිතුවා විවාදාත්මක මාතෘකාවකින් ට්‍රේලර් එක ගැන කතා කරලා නවත්වන්න. ඒ තමයි අවසානෙට තිබ්බ spidey ගේ දර්ශනය trailer hoax එකක් වෙන්න ඉඩ තියනවා කියන කාරණය. ඒ කියන්නේ ෆිල්ම් එකේ දී දකින්න ලැබෙන්නේ නැති සිදුවීමක් වෙන්න පුළුවන් කියන එක. දැන් මේක අහපු ගමන් කලබල වෙන්න එපා. අපි බලමු පොඩ්ඩක් ඒ ගැන කතා කරලා. 
spidey සටන මැදට ආපු එක කොච්චර ආකර්ශනීය උණත් ඇත්තටම එයාගේ පැමිණීම එතනට ගැලපෙන්නේ නෑ. හරියටම අහසින් කඩා පාත් උනා වගේ නේ.


අනිත් කාරනය තමයි spidey එන්න කලින් කැප් පිටිපස්සේ ඉන්නවා එයාගේ කණ්ඩායම. ඒත් spidey එන වේලාවට එතන ඉන්නේ බ්ලැක් විඩෝ. සාමාන්‍යයෙන් ට්‍රේලර් වල දකින්න ලැබෙන දර්ශන දෙකක් එකට බද්ධ කරන අවස්තාවක් නෙවේ මේක. මොකද එකම තැන එකම සිදුවීම් දෙකක් විදිහට තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ මෙතනට ඕන කමින් ම spidey ඇතුල් කරලා. ගොඩක් වෙලාවට අපිට මේ දර්ශනය ෆිල්ම් එකේ දකින්න නැතිවෙන්න තමයි ඉඩ කඩ වැඩි. 

අපේ යාලුවෝ පහුගිය දවස් ටිකේම මේක ගැන මතක් කෙරුවා. විශේෂයෙන්ම විදුලි කප්පාදුව හින්දා මේකේ දෙවෙනි කොටස ලියන්න ගොඩක් පරක්කු උණා. ඊටත් වඩා අපි CS කණ්ඩායම විස්තර කිරීමක් කරද්දී ඒකට සම්බන්ධ සියලුම දේවල් ගැන කරුණු හොයලා ඉදිරිපත් කරන්නේ. ඒ හින්දා ගොඩක් වගකීමෙන් යුතුව කියනවා අන්තර් ජාලයේ තියන ලිපියක කරුණු එහෙම් පිටින්ම සිංහලට හරවලාවත් යූ ටියුබ් වීඩියෝ එකක කරුණු ගෙඩිය පිටින් කතා කිරීමක් වත් නෙවෙයි අපි ඉදිරිපත් කරන්නේ. අපි මේ ට්‍රේලර් එක ගැන මෙතනින් නතර කරන්නේ නෑ. අපේ යාළුවන් වෙනුවෙන් තවත් දෙයක් අපි දෙන්න හිතන් ඉන්නවා. ඒ තමයි පලවෙනි සහ දෙවෙනි ට්‍රේලර් දෙක එකට සලකලා බලනකොට කතාව ගොඩ නැගෙන විදිහ ගැන අපේ අදහස. හැබැයි මේ විදිහට විදුලිය විසන්ධි වෙන්න ගියොත් නම් ඒ ලිපිය ටිකක් පරක්කු වෙයි. එතකල් Daredevil සහ BvS ගැන නැවත අවධානය යොමු කරන්න කියලා ඉල්ලන ගමන් මේ ලිපිය ඉවර කරනවා.

United, We Stand !

‪#‎Tony‬

11 comments:

  1. මන් හිතන්නෙත් ස්පයිඩි එන තැන trailer hoax එකක් තමා. මොකද ඔච්චර serious situation එකක් තියාගෙන එතන ටෝනි underooze කිය කිය ජෝක් කරයිද.

    ReplyDelete
  2. Mekedi Spider Man kge ptteda bn. captain or iorn man

    ReplyDelete
  3. Mekedi Spider Man kge ptteda bn. captain or iorn man

    ReplyDelete
  4. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    ReplyDelete
  5. නියමයි නියමයි
    ලිපියට ගොඩාක් ස්තූතියි.
    ජයෙන් ජයම වේවා!!!!!

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න