Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Gotham S02E14 Review

Gotham S02E14 Review

Gotham s02e14 -This Ball of Mud and Meanness Review
******* Spoiler Alert *******


පහුගිය සතිය සම්පුර්නයෙන්ම වගේ  Daredevil එක තනි අයිතියට ගත්ත හින්දා අපි හිතුවා ගෝතම් කතාව ගැන පොඩ්ඩක් පරක්කු වෙලා කතා කරන්න. මොකද ගෝතම් වල මේ සතියේදී ආපු කොටසත් මේ වෙනකම් ආපු හොඳම එපිසෝඩ් අතරට කිසිම සැකයක් නැතුවම තියන්න පුළුවන්.. ගෝතම් කතාවට ආවේනික වෙච්ච වෙනස් නාට්‍යමය ගතිය හොඳින්ම මේ පාරත් අපිට දැකගන්න ලැබුනා.. වැදගත් දේවල් ගොඩක්ම වෙච්ච නිසා ඉක්මනට ඒ දේවල් ගැන පැහැදිලි කරගමු..

01. the Ice Cream test :


පෙන්ගුයින් ගේ දර්ශන කිහිපයකින් තමයි මේ පාරත් කතාව පටන් ගන්නේ. එතැනදී පෙන්ගුයින් දකින දේ ගැන කතා කරන්න අවශ්‍ය නෑ,එයාට ඇත්තටම ඒ දේ පෙන්නේ මොකද කියල අපිට කියන නිසා.. ඩොක්ටර් ක්‍රෙන් ගේ ෆෝමියුලා එක භාවිත කරලා වැඩි දියුණු කරපු REM ෆෝමියුලා එකකට ලක් කරපු නිසා කියල මෙතැනදී ස්ට්‍රේන්ජ් කියනවා තේරෙන්න ඇතිනේ.. (REM ෆෝමියුලා කියන්නේ මොකක්ද කියල නම් දන්නේ නෑ හැබැයි.. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න)
ක්‍රෙන් ගේ ෆියර් ෆෝමියුලා එක නිසා වෙන්නේ අපේ යටි හිතේ තියෙන භය ඉස්මතු කරලා පෙන්වන එකනේ. මෙතැනදී ඒ දේ භයට වඩා භයත් එක්ක මුසු වෙච්ච පසුතවීම් ඉස්මතු කරනවා වගේ දෙයක් පෙන්න තිබුනේ..ඉතින් පෙන්ගුයින්ම තමන්ගේ අම්මට බේස් බෝල් පිත්තකින් ගහනවා දැකපු එකේ තේරුම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑ කියල හිතෙනවා..

කලින් එපිසෝඩ් දෙකේ තිබ්බ "සීතල" තාම හරියටම අයින් වෙලා නෑ වගේ :3 අයිස් ක්‍රීම් ටෙස්ට් එකට පෙන්ගුයින් මුහුණ දුන්න විදිහට එයා ඇත්තටම වෙනස් වෙලාද?

පස්සේ මේ ගැන කතා කරද්දී හියුගෝ තවත් ටෙස්ට් කිහිපක් කරන්න තියෙනවා කියල කියපුවහම පෙන්ගුයින් ගේ මුහුණේ ඉරියව් වෙනස් වෙච්ච විදිහට හිතෙනවා මේ සේරම තවත් බොරු රංගනයක්ද කියලත්..

දවස් ගානක ඉඳන් කියන්න හිටියේ.. කොමික් වලදී අංක වලින් පොඩි පොඩි වචන හංගල තියෙනවා අපේ ඇස්දෙක ඉස්සරහම.. උදාහරණයක් විදිහට ජෝකර් ගේ ආකම් සිර කුටියේ අංකෙ වෙන්නේ 8181. මේකේ ඉලක්කම් ටික අකුරු වලට හැරෙව්වම (ඒ කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ අටවෙනි අකුර වෙන්නේ H,පලවෙනි අකුර වෙන්නේ A කියල ගත්තම) එන්නේ HAHA කියල..


ඉතින් ඔන්න ඔය විදිහට කොමික් වලදී සහ කොමික් බේස්ඩ් කතා වලදී අංක පෙන්නකොට මම ඒවා පුරුද්දක් වශයෙන් අකුරු වලට/වචන වලට හරවන්න හදනවා.. ඒක නිසා පෙන්ගුයින් ගේ සෙල් නම්බර් එක B-113 කියන එක ඕනේ නම් BAM කියල ගන්න පුළුවන්.. එච්චර වැදගත්කමක් නම් නෑ තමයි.ඒත් BAM (බෑම්) කියන වචනය කොමික් පැනල් වලදී පහරක් එල්ල කරනොට එන ශබ්ධය විදිහට පෙන්නලා තියෙනවා.. මට කියන්න ඕනේ කලේ ඔයාලත් මේ දේ උත්සාහ කරලා බලන්න කියල..

02. Mutanats and Solomon Grundy: 
මියුටන්ට්ස් කියන නම ඇහිච්ච ගමන් ෆ්‍රෑන්ක් මිලර් ව මතක් වෙන්න ඕනේ. මොකද මියුටන්ට්ස් කියන කණ්ඩායම ෆ්‍රෑන්ක් මිලර් තමයි ඩාර්ක් නයිට් රිටන්ස් කොමික් එක වෙනුවෙන් නිර්මාණය කලේ.. batman කොමික්ස් අතර විචාරක පැසසුම් වැඩිම ප්‍රමාණයකට ලක් වෙච්ච කතාවක් කියල මම අමුතුවෙන් කියන්න ඕනේ නැනේ..


අල්ෆ්රෙඩ් සහ බ්රුස් ගේ කතාබහේ ඉඳන් මියුටන්ට්ස් ල ගැන පෙන්වන්න සුදානම් කරන දර්ශනය අතරේදී දෙපාරක්ම මේ නම ඇහෙනවා.. මිට කලිනුත් ග්‍රන්ඩි කියන නම අපිට දැකගන්න ලැබුනට සොලමන් එක්කම අහු වෙච්ච පලවෙනි අවස්ථාව මේක. මෙතැනදී මෙහෙම කියන්නේ මොකද කියල නම් අදහසක් නෑ..

03. pick your battles :

කට පරිස්සම් කරගන්න බැරි වෙච්ච නිසා වලියකුත් දාගත්තා.. කොහොම ඉනත් මෙතැනදී වටිනා කියන උපදෙස් වගයක් ලැබුනා.. බ්රුස් ට batman වෙන්න අවශ්‍ය කරන ගමන හරියටම පටන් ගත්තේ මේ පාර කියල කියන්නත් පුළුවන්..


බේන්, කිලර් ක්රෝක්, ග්‍රන්ඩි වගේ අය එක්ක ඉස්සරහට සටන් කරන්නත් තියෙන නිසා මේ පාඩම් ගොඩක් වැදගත්..
බට්ලර් මහත්තයාගේ වැඩ ටිකත් නරකම නෑ නේද.. ආරංචියක් තියෙනවා පෙනිවර්ත් කියල ගෝතම් එකේ ස්පින් ඕෆ් එකක් හදන්න සැලසුමක් තියෙනවා කියලත්..

තව මෙතැනදී උන ලස්සනම දෙයක් තමයි මේ වගේ ලොකු අය එක්ක සටන් කරද්දී අන්තිම වෙනකම් අල්ලන් ඉන්න එකයි වැදගත් වෙන්නේ කියපු අල්ෆ්රෙඩ් සටන ඉවර උනාට පස්සේ කලන්තේ දාල වැටෙනවා.. ඉස්සරහට ඔය වගේ ආමාරු සටන් ගොඩ දාගත්තම බැටා ව ඒකකන් යන්න අල්ෆ්රෙඩ් ට එන්න වෙනවා කියන එකට පොඩි හින්ට් එකක් තමයි මේ කලේ කියලයි මට හිතෙන්නේ..

04. I'm strong as a rock, but a word can destroy me :
කාලෙකට පස්සේ නිග්මා ගේ රිඩ්ල් එකක් අහන්න ලැබුනා. ක්‍රිස්ටීන් එයාගේ අන්තිම පේ චෙක්ස් දෙක සල්ලිවලට හරවල නෑ කියල හොයාගත්ත නිසා ජිම් ට ඒ ගැන හොයන්න කියනවා මතක ඇතිනේ.. අනාගත රිඩ්ලර් ගේ කපටි මොළෙත් එක්ක ජිම් ට මේ දේ කොච්චර දුරට සාර්ථක කරගන්න ලැබෙයිද කියල ඉස්සරහට දැකගන්න ලැබෙයි..



05. Welcome to the Jerome valeska fan club -


ජෙරම් මැරෙන එපිසෝඩ් එකේදී අපිට ඇහුන නේද හිනාව තරම් පැතිරෙන දෙයක් වෙන නෑ කියල.. මේ කතාවේදී අපිට පෙන්නනවා ඒ දේ කොච්චර ඇත්තක්ද කියල.. ජෙරම් කරපු දේවල් සහ මේනියැක්ස් කණ්ඩායමට පිස්සු වැටිච්ච ෆෑන්ස් ල ගෝතම් වල ඉන්නවා කියන එක එච්චර අමුතු දෙයකුත් නෙමේ ඉතින්..

ජෝකර් ටත් මෙහෙම ෆෑන්ස් ල ඉන්නවා. ගෝතම් තුල විතරක් නෙමේ.. හාලින් කුයින්සිල්,ඩුලා ඩෙන්ට් දෙන්න ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැනේ ඉතින්..

මෙතන බ්රුස් එන තැන බිල්බෝර්ඩ් එකක මේනියැක්ස් කියල ගහල තියෙනවා පේනවා ඇති.


තව මෙතන ක්ලබ් එකේ නම තියෙන්නේ සෙලෙස්ටියල් ගාඩ්න් කියල..


ක්ලබ් එක ඇතුලේ දර්ශන ටික හොඳටම තිබ්බ සහ එතැනදී බ්රුස් ගේ හැසිරීම පෙන්වපු විද්හත් නියමෙටම තිබුනා..

06. J for Joker :


ජෙරී ගේ චරිතය මේ විනාඩි පහට දහයට හොඳටම හිතට අල්ලලා ගිය චරිතයක් උනා කිව්වොත් මම හිතන්නේ හරි. ජෙරොම්,ජෙරී වගේ අයගෙන් ආභාෂය ලැබුන ජෝකර් ඉස්සරහට එන්න ඉඩ තියෙනවා..
හැබැයි මෙතැනදී අහපු දැකපු දේවල් නිසා මිස්ටිකල් රිෆරන්සස් නිසා ජෙරොම් ම ආපහු ජෝකර් විදිහට ගෙන්න වැඩපිළිවලක් ගැන ගෝතම් වලින් ඉඟි කරනවද කියල හිතෙනවා.. සෙලෙස්ටියල් ගාඩ්න් කියන නම කෙලින්ම ඔය වගේ දේවල් වලට සම්බන්ද වෙනවා.. 


ජෙරී ගේ කාමරේ දොර ගාව ගහල තිබ්බ පෝස්ටරේ මායාකර්ම වලට යොදාගන්න තරු සලකුණ එක්ක තවත් සලකුණු වගයකුත් දැකගන්න ලැබුනා..මේක DC කොමික් ගැන විතරක් හිතුවොත් නම් එන්චාන්ට්‍රස් ගේ සලකුණක් වෙන්න පුළුවන්. ඒ පෝස්ටරේ තියන Sol Invictus කියන වචනය තමයි ගැටළුව. 


සොල් ඉන්වික්ටස් කියන්නේ රෝම අධිරාජ්‍ය බිඳ වැටුනාට පස්සේ බිහිවුණු බයිසැන්ටයින් අධිරාජයේ සුර්යය දෙවියා. හැබැයි මෙතන තරු සලකුණක් තියන එක තමයි ගැටලුව. ඒ වගේම Deathmatch කොමික් වල අපිට මේ නම තියන කෙනෙකුත් මුණ ගැහෙනවා. 


මේ සම්බන්ධයෙන් උනන්දු ඇඩ්මින් උසස් පෙළ විභාගය නිසා වැඩ වලින් නිවාඩු අරගෙන තියෙන නිසා සහ ඒ නිසාම ගෝතම් බලන එක නවත්තල තියෙන නිසා මේ ගැන නිවැරදිව පැහැදිලි කරගන්න ලැබුනේ නෑ.. මිස් යූ බඩි..

කලින් පාරක අන්තිමට හියුගෝ ගේ පර්යේෂණාගාරයේ ජෙරම් කියල සැක කරන්න පුළුවන් සිරුරක් තිබුන නිසා endgame ආර්ක් එකේදී ගෙනාපු ජෝකර් ඔරිජින් ස්ටෝරි එක වගේ එක, ගෝතම් වලටත් ගන්න සැලසුම් කරනවද දන්නෙත් නෑ හැබැයි.. ( කලින් ලිපියකදී පොරොන්දු උනා වගේම ඉක්මනට ජෝකර් ඔරිජින්ස් සහ වර්ශන්ස් ගැන ලිපිය ගේන්නම් )


නැත්තම් මේ දෙකම එකට එකතු කරලා මොනවා හරි කරන්න හදයිද දන්නෙත් නෑ..මේ පාර මියුටන්ට්ස්,සොලමන් ග්‍රන්ඩි, සෙලස්ටියල් ගාඩ්න්, මිස්ටිකල් පෙන්ටග්‍රෑම් වගේ දේවල් එක්කම ජෝකර් රිෆරන්ස් එකතු කරපු එක ටිකක් සැක සහිතයි.. මොකද මියුටන්ට්ස් ලව දැකගන්න ලැබෙන දැක් නයිට් රිටන්ස් වලදී ජෝකර් ගේ සම්බන්ධය, සොලමන් ග්‍රන්ඩි කියන සොම්බි විලන් එහමත් නැත්තම් පරාද කරන්න කරන්න ආපහු රි ජෙනරේට් වෙන විලන් ගැන සහ මිස්ටිකල් ආර්ට්ස් ගැන එකම කතාවක් පෙන්නන එක..
( මේ තියරිය මගේ හිතේ හැදිච්ච එකක්.. වැරදිච්ච තැන්,අඩුවෙච්ච තැන් fb පොස්ට් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා)

07. Chill out, Malone :


කලිනුත් කියපු විදිහටම මේ පාර කතාව මෙතෙක් ආපු හොඳම කතා වලින් එකක් වෙන්න මැලෝන් ගෙනුත් ලොකු දායකත්වයක් ලැබුනා. විලන්ස් ලගේ ඉමොෂනල් පසුබිම ගෝතම් වලින් ගොඩක් වෙලාවට පෙන්නන්න හදන්නේ කියල අමතුවෙන් කියන්න ඕනේ නෑනේ.. මෙතනත් උනේ ඒ දේම තමයි.. බ්රුස් ගේ සහ මැචස් මැලෝන් ගේ හැසිරීම් ඉහලම තැනක තිබුනා.. නාට්‍යමය ගතිය වගේම මේ කතාව තුලත්,කලින් කතාවලත් ආපු සම්බන්ධතාවය සාර්ථකව පෙන්නුවා..


මම කලින් පාර කරපු අනාවැකිය ඔන්න හරි ගියා..තමන්ගේ දෙමව්පියන්ව මරපු කෙනාව අතහරින කෙනා විකාර ඇඳුමක් හදාගත්තට පස්සෙත් අපරාධකාරයන්ව නිතිය ඉදිරියට භාර කරන්න විතරක් හිතාගන්නේ කොහොමද කියන දේ අපිට පෙන්නුවා.. ( හරි හරි ඉතින්,ඒක හෙන පැහැදිලි කරුණක් තමයි.. :3 )

මෙතනදී ගොඩක්ම උනේ අපරාධකාරයන්ගේ මානසික ස්වභාවය ගැන වැටහීමක් ලැබිච්ච එක.. batman වෙන කාලෙට ගොඩක් වැදගත් විෂයක් කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..

හැබැයි පොඩි සැකයක් එනවා බ්රුස් ගේ දෙමව්පියන්ගේ ඝාතනයේ පිටිපස්සේ ඉන්නේ ඇත්තටම ඉන්නේ මැචස් මැලෝන් මැද කියල.. ඝාතනයේ සැලසුම් කරුවන්ගේ ඉත්තෙක් විතරද දන්නෙත් නෑ මේ මැලෝන්.. එතකොට නියම අපරාධකාරයා මෙයා නෙමෙයිද,සැලසුම් කරුවන්ගේ අනන්‍යතාවය  ගැන හොයාගන්න බැරි වෙයිද?

කොමික් වලදී නම් සඳහන් වෙන්නේ මේ ඝාතනය කරන්නේ ජෝ චිල් කියන පුද්ගලයා කියල.. ( මම දාපු සබ්ලයින් එක ආපහු පාරක් කියෙව්වනම් :3 )

08. Letting the bird go :
අන්තිම පරික්ෂයෙනුත් ඔස්වල්ඩ් චෙස්ටර්ෆිල්ඩ් කොබල්පොට් සමත් වෙනවා.. ඒ නිසාම සුව වෙච්ච පුද්ගලයෙක් විදිහට ආපහු සමාජයට යන්නත් ලැබෙනවා.. පෙන්ගුයින් මේ කරන්නේ බොරුවක්ද? ස්ට්‍රේන්ජ් දන්නවද මේ බොරුවක් කරන්නේ කියලා? මේ දේවල් දැනගන්න ලැබෙයි ඉස්සරහට..


09. In to the darkness - 
මම කලිනුත් කිව්වා වගේ ඔන්න මේ පාර ඉඳන් තමයි බ්රුස් කොලුවා batman වෙන්න යන ගමන පටන් ගන්නේ.. එකේ පලවෙනි පියවර තමයි තමන්ගේ නගරය ගැන අවබෝධයක් ලබාගන්න එක..ගෝතම් නගරේ සැලැස්ම,පාරවල්,මිනිස්සු හිතන විදිහ,ජිවත් වන විදිහ batman හොඳින්ම දැනන් ඉන්න ඕනේ.. ඉතාමත් සාර්ථක ආරම්භයක්..

10. Time to solve a puzzle :
තමන්ට තර්ජනයක් වෙන්න ඉඩ තියෙන නිසා නිග්මා ගේ සුදානම "ජිම්බෝ" ගේ සංගවිච්ච දේවල් තේරුම් ගන්න.. රිඩ්ලර් කියන්නේ මිනිස්සුන්ව ඉතාම ඉක්මනට තේරුම් ගන්න,කියවන්න පුළුවන් විලන් කෙනෙක් නේ.. ඉස්සරහට රසවත් දේවල් ගොඩක් දකින්න ලැබෙයි..

***************************************


#Gotham_sII_eXIV_Review


#ClownPrinceOfCrime

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න