ඉදිරි සතිය
ඩීසී ෆෑන්ලාට සතුටුදායක සතියක් වෙනවා වගේම පසුගිය සතිය මාවල් ෆෑන් කෙනෙක් වෙන්නත්
හොදම සති කිහිපයක්.. සිවිල් වෝර් ට්‍රේලරෙන් ස්පයිඩ මෑන්වත්, ඩෙයාඩෙවිල් දෙවනි
සීසන් එකත් වගේම 17 බ්‍රහස්පතින්දා හවස එක්ස් මෙන් ඇපොකලිප්ස් දෙවනි ට්‍රේලර්
එක ආවා.. (ඒ එක්කම එදා උදේම තමයි එක්ස්ට්‍රෝඩිනරි එක්ස් මෙන් #8 ඇපොකැලිප්ස් වෝ
ආවෙත්)
එහෙනම් මම පුළුවන් උපරිමයෙන් අළුත් එක්ස් මෙන් ඇපොකලිප්ස් දෙවනි ට්‍රේලර් එකෙත් රූපරාමු පැහැදිළි කරන්න උත්සාහ කරනවා..
X-Mansion
එක්ස් මැන්ශන් එක හා ඉඩමේ දර්ශනයකින් ට්‍රේලර් එක පටන් ගන්නේ.. ඇත්තටම එක්ස් මැන්ශන් එක එක්ස් මෙන්ලා සමාජයෙන් කොයිතරම් පිටස්තරද කියලා පෙන්නන්න සිම්බල් එකක්..
එක්ස් මැන්ශන් එක පෙන්නන අතරතුර එරික් ඔරිජිනල් එක්ස් මෙන්වල අවසානයෙන් සෘජු ගෙන හැර පෑමක් දක්වනවා..
“Doesn’t it ever wake you up in the middle of the night, the feeling that some day they’ll come for you and your children?”
එරික් ඉන්නේ එක්ස් මැන්ශන් එක ඇතුලේ.. එරික්ගේ කතාව අතරෙම අපි කොණ්ඩෙ තියෙන චාල්ස් එක්සේවියර්ව දකිනවා..
Children of Atom (Charles Children)
අපි ස්කොට් සහ කර්ට් දකිනවා..
ස්කොට් ඕල් නිව් එක්ස් මෙන්වල ස්කොට්ට ගොඩක් සමාන ගතියක් පේනවා.. ඒ
එක්කම කර්ට්ගේ ඇදුම දැක්කම මොකක් හරි මතක් වෙනවද? මට නම් මයිකල් ජැක්සන්ගේ ත්‍රිලර් ජැකට් එක
මතක් උනා..
මේ දර්ශන කිහිපය අතරේ ප්‍රොෆෙසර් එක්ස් “I feel a great swirl of pity for the poor soul that comes to my school looking for trouble” කියලා කියනවා..
ඒක කියන්නේ නම් CIA එක ඇතුලේ ඉදන්.. ඒ නිසා ඒ දෙබස ෆිල්ම් එකේ තැන් දෙකක දෙබස් දෙකක්..
ට්‍රේලරයේ පළවෙනි තත්පර 15 අවසානයේ එක්ස් මැන්ශන් එක ඇතුළේ පඩිපෙළ ළග ළමයි කිහිපදෙනෙක්ට චාල්ස් එක්සේවියර් උගන්නනවා..
එතන තියෙන පඩිපෙළ DNA ද්විත්ව හේලික්සීය ආකෘතිය වගේ පෙනුනේ මට විතරක් නම් වෙන්න බෑ.. ඒක මියුටන්ට්ලා අනික් මිනිස්සුන්ගෙන් වෙනස් වෙන හේතුව DNA වලට එකතු වෙච්ච එක්ස් ජානය නිසා කියන එක දක්වන සිම්බල් එකක් වෙන්න පුළුවන්..
The
First Mutant
CIA එකේදි මොයිරා මැක්ටැගර්ට් “Some believe that the first mutant was born thousands of years ago” කියලා කියනකොට මොයිරා ඒක මිත්‍යාවක් කියලා ඔප්පු කරන්න හදනවා වගේ හැගීමක් දැනුණේ.. කලින් ට්‍රේලරේ දැකපු ඊජිප්තුවේ දර්ශනයම දකින්න පුළුවන්.. ඊළගට අපි දකින්නේ පිරමීඩයක් ඇතුලේ කෙරෙන චාරිත්‍රමය උත්සවයක්..
CIA එකේදි මොයිරා මැක්ටැගර්ට් “Some believe that the first mutant was born thousands of years ago” කියලා කියනකොට මොයිරා ඒක මිත්‍යාවක් කියලා ඔප්පු කරන්න හදනවා වගේ හැගීමක් දැනුණේ.. කලින් ට්‍රේලරේ දැකපු ඊජිප්තුවේ දර්ශනයම දකින්න පුළුවන්.. ඊළගට අපි දකින්නේ පිරමීඩයක් ඇතුලේ කෙරෙන චාරිත්‍රමය උත්සවයක්..
Poe Dameron himself
මෙන්න ඔස්කා අයිසැක්..
මේක ඇපොකලිප්ස්ගේ ඔරිජින් එක ගැන අතීතාවර්ජනයක් වෙන්න පුළුවන්.. කොමික්වල නම් එන් සබාහ් නුර් උපතින්ම බාහිර ස්වරූපය විකෘති වෙච්ච මියුටන්ට් කෙනෙක්.. ඒත් පේන විදියට සාමාන්‍ය බාහිර මනුශ්‍ය ස්වරූපයක් තියෙන ඇපොකලිප්ස්ගේ විඥානය අමරණීය ශරීරයකට ඇතුල් කරනවා වගේ පේන්නේ.. නිල් දම් පාට ආලෝක දහරාවන් ඇපකැලිප්ස්ගේ ශරීරය වටේට ගමන් කරනවා.. මේ අලුත් ශරීරය ටෙක්නෝ ඕගනික් වෛරසයෙන් හදපු එකක් කියලාවත් හිතහදාගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්.. ඇත්තටම කොමික් සම්බන්ධ ෆිල්ම් එකක් කරනකොට කොමික්වලට අනුවම කරන්න අමාරුයි තමයි.. ඒත් මට නම් Only the strong will survive කියන අදහස එන් සබාහ් නුර්ගේ ඔළුවට ඇතුල් කරලා ඇපකැලිප්ස් නිර්මාණය කරන්න මූලිකව දායක වෙච්ච බාල්ව ෆිල්ම් එකේදි දකින්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.. කේබල් කාලය හරහා ඇවිත් ඇපකැලිප්ස් එක්ක කරන සටනත් දකින්න ලැබෙන එකක් නැති වෙයි.. ඇපකැලිප්ස්ගේ ඔරිජින් එක පිළිබද අපි ලිපියක් දුන්නා..
එන් සබාහ් නුර්ගේ නැවත නැගිටීම වෙනුවෙන් කරන දෙයක් කියලා හිතන්න පුළුවන්..
මේ ට්‍රේලර් එකේදි ඇපකැලිප්ස් හෝර්ස්මන්ලාව එකතු කරගන්න අවස්ථාවන් ගැන ඉගිත් දෙනවා..
ස්ටෝර්ම්ව කයිරෝවෙදි රිකෲට් කරගන්න හැටි දකින්න ලැබෙනවා ඊළගට..
එහෙනම් ඇපකැලිප්ස් ස්ටෝර්ම්ගේ බලයන් වැඩිදියුණු කලාට පස්සෙ වෙන්න ඕන කොණ්ඩේ සුදු පාට වෙන්නේ.. ඒත් කොමික්වලට අනුව ඔරෝරෝගේ කෙන්යානු ගෝත්‍රයේ සුදු පාට කොණ්ඩ හා නිල් ඇස් තියෙන පූජකවරියන්ගේ පරම්පරාවකින් පැවතගෙන ආපු නිසා ඔරෝරෝට උපතින්මයි සුදු කොණ්ඩේ ලැබෙන්නේ.. ඔරෝරෝගේ කොණ්ඩේ අව්ල එක්කම තවත් දෙයක් සම්බන්ධයි.. එක්ස් මෙන් ෆස්ට් ක්ලාස් එකේදි චාල්ස් මුලින්ම සෙරීබ්‍රෝ එක ටෙස්ට් කරන වෙලාවෙදි තරුණ මියුටන්ට්ලා කිහිපදෙනෙක්ව පැහැදිලිව පෙන්නනවා.. ඒ අතරේ ස්ටෝර්ම් කියලා ගොඩක් දෙනෙක් විශ්වාස කරපු තරුණ මියුටන්ට් කෙනෙක් ඉන්නවා..
එක්ස් මෙන් ෆස්ට් ක්ලාස් එකේ ඉන්නේ ස්ටෝර්ම් නම් ස්ටෝර්ම්ගේ කොණ්ඩේ සුදු පාටයි කියලා පෙන්නලා ඉවරයි.. ටයිම්ලයින් වෙනස ෆස්ට් ක්ලාස් ෆිල්ම් එකට බලපාන්නේ නෑ.. ඒ හිටියේ ස්ටෝර්ම් නම්(ස්ටෝර්ම් තමා -_- ) RIP Earth 10005
No More False Gods
ස්ටෝර්ම් රිකෲට් කරගන්න අතරේ ඇපකැලිප්ස්ගේ කටහඩ ඇහෙනවා.. "You are all my children and you are lost because you follow blind leaders" ඒ කතාව අතරේ චාල්ස් හෑන්ක් එක්ක සෙරීබ්‍රෝ එක ඇතුළට යනවා..
ඇපකැලිප්ස්ගේ කතාවේ බ්ලයින්ඩ් ලීඩර්ස් කියන කොටසෙදි චාල්ස් එක්ස් මැන්ශන් එක ඇතුළේ ඉන්නවා පෙන්නනවා..
මුල් ට්‍රේලරේදිත් අපි දැක්ක බිං ගෙයකින් පිටතට යන මොයිරාව ආයෙත් දකින්න ලැබෙනවා..
නෝ මෝ ෆෝල්ස් ගෝඩ්ස් කියනකොට ඇපකැලිප්ස්ගේ මූණ..
ඒ මූණේ තියෙන්නේ ලෝකයේ පාලනය අතට ගන්න ඕන කියන එකට අමතරව ලෝකයේ, මිනිස්සුන්ගේ පාලනයේ බලය තමන්ට තියෙනවා කියලා හිතන අයව විනාශ කරන්න ඕන වගේ හැගීමක් ඒ වචනවලයි, මූණෙයි තියෙන්නේ..
ෆෝල්ස් ගෝඩ්ස් කියනකොට මට තවත් දෙයක් මතක් උනා..
ඩී සී ෆෑන්ලා මේ ලිපිය බලන්න ඒතරම් උනන්දු වෙන්නැති වෙයි කියලා හිතන නිසා ඒ ගැන වැඩිය කතා කරන්න නම් බලාපොරොත්තුවක් නෑ..
Recruiting
Magneto
ඇපකැලිප්ස් ඉන්නකොට එරික් කොහෙද මේ ඉන්නේ? යකඩ වැඩ කරන කර්මාන්ත ශාලාවක් වෙන්න ඕන ශුවර් එකටම.. එරික්ගේ වැඩපලේ සගයො ඔක්කොම ඇපකැලිප්ස් දිහා බලාගෙන ඉන්නේ එරික්ට මොකක් හරි කලොත් ගහන්න බලාගෙන වගේ.. :v
“I’m here now” කියලා ඇහෙන අතරේ එරික්ගේ සගයන් ඔක්කොම මරලා දානකොට ඇපකැලිප්ස්ගේ ඇස් දෙක.. ඇපකැලිප්ස්ගේ බලයන් ගැන පැහැදිළිව පෙන්නපු අවස්ථාවක්..
ඇපකැලිප්ස් මැග්නීටෝට හෙල්මට් එක දෙනවා.. මැග්නීටෝ හෙල්මට් එක පාවිච්චි කරන මූලික පරමාර්ථය චාල්ස්ගේ මානසික පාලනයෙන් මිදෙන්න කියන එක හැමෝම දන්නවනේ.. එහෙනම් ඇපකැලිප්ස් කරන්න යන වැඩේදි චාල්ස් බාධකයක් කියලා ඇපකැලිප්ස් දන්නවා හෝ චාල්ස්ව යොදාගන්න හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්.. කලින් හෙල්මට්වලට වඩා දිලිසෙන ගතිය වැඩි අළුත් හෙල්මට් එකේ
මැග්නීටෝ ඇන්ටි විලන් කෙනෙක්.. එහෙම කියන්නේ මැග්නීටෝ මනුශ්‍ය වර්ගයා එක්ක සටන් කරන්නේ මියුටන්ට්ලා සහ මියුටන්ට්ලාගේ අයිතිවාසිකම් වෙනුවෙන්.. ඒ නිසා ඇපකැලිප්ස්ගෙන් හෙල්මට් එක ගන්නකොට මැග්නීටෝගේ මූණේ තියෙන හැගීමෙන් පෙන්නන්නේ තමන්ගෙම අදුරු කොටස එක්ක සටන් කරනවා වගේ..
The Horsemen
අපි මුල් ට්‍රේලරේදිත් අහපු මොයිරාගෙයි, හැවොක්ගෙයි දෙබස අතරේ හෝර්ස්මන්ලා 4දෙනා පෙන්නනවා..
මුලින්ම සයිලෝකුයි, ඒන්ජලුයි එක්ස් ජෙට් එක එහෙම නැත්තන් එක්ස් මෙන්ලාගේ බ්ලැක්බර්ඩ් ජෙට් එක ඇතුළට කඩාවදිනවා දකින්න පුළුවන්..
ඒන්ජල් ආක් ඒන්ජල් උනාට පස්සේ මූණේ තියෙන සළකුණු පැහැදිලිව දකින්න පුළුවන්..
ඊළගට සයිලෝක්ව පෙන්නනවා..
මේ දර්ශනය තියෙන්නේ සයිලෝක්ගේ ඔරිජින් එකේ කොටසක හෝ ඇපකැලිප්ස් සයිලෝක්ව රිකෲට් කරගන්න එන කොටසක වෙන්න ඕන..
ස්ටෝර්ම්ගේ කොණ්ඩේ ඇති යන්තම් සුදු පාට වෙලා.. :3
ස්ටෝර්ම් නම් විනාශ කිරීමෙන් සතුටක් ලබනවා වගේ පෙණුනත් මැග්නීටෝ නම් එහෙම නෑ වගේ..
Together we will cleanse
the Earth, for the strongest
නයිල් ගගයි, ඊජිප්තුවයි ලස්සනට පේන තැනක ඇපකැලිප්ස් හෝර්ස්මන්ලා හතරදෙනා එක්ක එකතු වෙලා අනාගතය සැලසුම් කරනවා වගේ..
Another show of power
මේක ඇපකැලිප්ස්ගේ බලය විදහා පෑමක් වෙන්නත් පුළුවන්.. රථවාහන, ගොඩනැගිලි , හැම දෙයක්ම වගේ දූවිලි වගේ විනාශ වෙලා යනවා.. ඇපකැලිප්ස්ගේ බලාපොරොත්තුව නම් මහා පරිමාණයේ සංහාරයක්.. හෙණම ගහලා(ස්ටෝර්ම්) අකුලෝලම යනවා කියන්නේ මේවට වෙන්නැති..
We’ll take everything from
them
මැග්නීටෝ කාටද මෙහෙම කියන්නේ? සමහරවිට ඇපකැලිප්ස්ට..
Shocked X-Men
ඊළගට බිදුණු කටහඩකින් චාල්ස් “He means to destroy our world” කියනකොට කම්පනයට පත් වෙච්ච එක්ස් මෙන්ලා කිහිපදෙනෙක් දැකගන්න පුළුවන්.. බීස්ට් සහ ක්වික්සිල්වර්ට පිටිපස්සෙන් මිස්ටීක් සහ තවත් ළමයි කිහිපදෙනෙක් ඉන්නවා..
මුලින් කියපු මිස්ටීක්ගේ දර්ශනය සම්බන්ධ වෙන්නේ මෙතනට..
එක්ස් මැන්ශන් එකේ විනාශයෙන් බේරුණ අය විනාශ වෙච්ච මන්දිරය දිහා බලාගෙන ඉන්නවා.. මිස්ටීක්ගේ මූණේ නම් අනික් අයටත් වඩා ලොකු කම්පනයක් දකින්න පුළුවන්.. අර්ත් 10005දි පොඩි කාලේ ඉදන් රේවන් හැදිලා වැඩුණේ මේ මන්දිරය ඇතුලෙනෙ..
ඊළගට දකින ජීන්, සයික්ලොප්ස් හා නයිට්ක්‍රොව්ලගේ දර්ශනය සමහරවිට එක්ස් මැන්ශන් එකේ බේස්මන්ට් එකේ තියෙන කොරිඩෝවක් දිගේ යන දර්ශනයක් වෙන්න පුළුවන්..
Threat level: Judgement
Day
මිනිස්සු අහස දිහා බලන් ඉන්නවා.. මොකක් දිහාද මේ බලන් ඉන්නේ?
මේ ෆිල්ම් එක 80 දශකය පාදක කරගෙන යන ෆිල්ම් එකක්.. සීතල යුද්ධය පවතින කාලය.. ෆස්ට් ක්ලාස් ෆිල්ම් එකේදි සෙබස්තියන් ශෝ පොඩියට කරන්න උත්සාහ කරපු දෙය ඇපකැලිප්ස් මහා පරිමාණයෙන් කරනවා.. න්‍යෂ්ඨික යුද්ධයක්.. ශක්තිමත්ම අයටත් රැකෙන්න පුළුවන් වෙයිද මන්දා..
චාල්සුත් ඒ අතරේ කියනවා “billions of people killed” කියලා..
Don’t Panic
ඩෝන්ට් පැනික් Clairity කවර් එක පටන් ගන්නවා න්‍යෂ්ඨික බෝම්බ අහස පුරා යනකොට.. මිස්ටීක් බිත්තියකට මුවාවෙලා බය වෙලා වගේ බලන් ඉන්නවා.. කෝ අපි මිස්ටීක්ගේ කලින් දැක්ක මොරාල් එක?
Ka-BOOM
එක්ස් මැන්ශන් එකේ පිපිරීම.. මැන්ශන් එකේ හැම තැනක්ම වගේ එකම වෙලාවේ පුපුරලා යනවා..
The world needs the X-Men
හෑන්ක් රේවන්ව එක්ස් මෙන් කණ්ඩායමට එකතු කරගන්න උත්සාහ කරනවා.. ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් ෆිල්ම් එකේදි චාල්ස්(අනාගතයේ චාල්ස්) කියනවා රේවන් මිස්ටීක් කියන හතුරා බවට පත් වෙන්නේ ප්‍රංශයේදි ඇය ට්‍රාස්ක්ට වෙඩි තියලා පළවෙනිපාරට කරන ඝාතනය නිසා කියලා.. ඒක නවත්තපු නිසා රේවන් ඇතුළේ තවමත් යහපත් බව, කරුණාව ඉතුරු වෙලා ඇති කියලා අපිට හිතන්න පුළුවන්..
ඒ එක්කම රේවනුයි, හෑන්කුයි බ්ලැක්බර්ඩ් ජෙට් එක ළගට යනවා දකින්න පුළුවන්..
You’re going to join them,
aren’t you?
එක්ස් මෙන් ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් එකෙන් අවුරුදු 10කට පස්සේ සිදුවෙන සිදුවීමක් විදියට ඇපකැලිප්ස් කතාව ගලාගෙන යන්නේ.. ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් එකේදි චාල්ස්ලට උදව් කරලත් පීටර් තාමත් අම්මගේ ගෙදරද ජීවත් වෙන්නේ?පීටර්ටත් ඒක තේරිලා අනික් පැත්තට “You wanted me to get out of the house more, right” කියනවා..
The New (Old) X-men
බ්ලැක්බර්ඩ් ජෙට් එක තියෙන තැනට හෝ බීස්ට්ගේ ලැබ් එකට කණ්ඩායම යන්නේ.. වරහන් ඇතුළෙන් ඕල්ඩ් කියලා දැම්මේ මුල්ම එක්ස් මෙන් කණ්ඩායමේ බීස්ට්, සයික්ලොප්ස් සහ ජීන් ඉන්න නිසා..
මේ කණ්ඩායමේ මිස්ටීක්, ජීන්, සයික්ලොප්ස්, ක්වික්සිල්වර්, නයිට්ක්‍රොව්ලර් සහ බීස්ට් ඉන්නවා.. හෑන්ක් මේ වෙලාවේ බීස්ට් ස්වරූපයට ආවේ මොකද කියන හේතුව නම් අපැහැදිළියි.. මෙතන හැවොක්, ප්‍රොෆෙසර් එක්ස්, ජුබිලී නෑ..
Professor X vs. Apocalypse: Mind Battle
චාල්ස් සහ ඇපකැලිප්ස් අතර මේ වෙන්නේ මානසික සටනක් කියන එක බොහෝදෙනෙක් පිළිගන්න මතය.. චාල්ස් ගහන පන්ච් එකක් නවත්තන ඇපකැලිප්ස්ගේ ඇස් කලින් මැග්නීටෝගේ සගයො මරන වෙලාවේ වගේ සුදු වෙලා.. ඇපකැලිප්ස්ගේ ශරීරය ක්‍රමයෙන් විශාල කරගෙන චාල්ස්ව කුරුමිණියෙක් වගේ පොළවට තද කරනවා..
මානසික සටනක් උනත් නොවුනත් චාල්ස්ට පෘථිවියේ බලවත්ම මනස තිබ්බත් ඇපකැලිප්ස් චාල්ස්ට මදි නොකියන්න පහර දෙනවා වගේ.. චාල්ස්ව බිත්තියට දමලා ගහන එක දැක්කාම ආපු හැගීම පැහැදිළි කරන්න වචන නෑ මට නම්..
It’s all of us against a god
හත්තිලව්වේ The world needs the x-men කියලා කියපු මනුස්සයාම මෙහෙම කියනකොට මල පනිනවා චාමර.. හෑන්ක්ගේ මේ වචන නිසාම රේවන් Let’s go to war කියලා නායකත්වය අතට ගන්න ආකාරයක් තමා අපිට පේන්නේ..
ඒ වගේම ඒ දර්ශනයෙන්ම අපිට එක්ස් මෙන්ලාගේ අළුත් කොස්ටියුම් කිහිපෙකුත් පෙන්නනවා..
ඊළගට බීස්ට්, සයික්ලොප්ස් සහ ජීන් විනාශ වෙච්ච පාරක හිටගෙන මොකක් හරි දිහා බලාගෙන ඉන්නවා සටනට ලෑස්ති වෙලා..
ක්වික්සිල්වර් එක්ස් මැන්ශන් එක හරහා වේගයෙන් දුවගෙන යන දර්ශනය අපි කලින් ට්‍රේලර් එකෙත් දැක්කා.. එක්ස් මැන්ශන් එක පුපුරන අවස්ථාවේ මන්දිරය ඇතුළේ ඉන්න ළමයි බේරගන්න ක්වික්සිල්වර් උපරිම උත්සාහයක් ගන්නවා වගේ පේන්නේ.. මේ දර්ශනයෙදි පීටර් පඩිපෙළේ ඉන්න ළමයෙක්ව බේරගන්න පුපුරාගෙන එන පොළවේ කැඩීගෙන යන කොටස් උඩින් දුවගෙන එනවා..
Angel
vs. Nightcrawler : Cage Fight
ට්‍රේලරේ ආසම හිතුන තැන්වලින් එකක් මේක.. මේක වෙන්නේ බොහෝවිට ජර්මනියෙදි වෙන්න ඕන.. මොකද කර්ට් ඉපදුනේ ජර්මනියේ.. ඒත් ඒන්ජල් කොහෙන්ද ජර්මනියට ආවේ? මියුටන්ට්ලා දෙන්නෙක් මිනිස්සු ගොඩක් ඉන්න තැනක පවර්ස් පෙන්නනවා.. ඒක පොඩ්ඩක් පැටලිලි සහගතයි.. සමහරවිට මේ මියුටන්ට්ලා දම්මලා බලෙන් කරවන සටනක් වෙන්නත් පුළුවන්.. බලෙන් කරවන දෙයක් නම් නයිට්ක්‍රොව්ලර්ට ටෙලිපෝට් වෙලා පැනලා යන්නත් පුළුවන්.. ඒත් නයිට්ක්‍රොව්ලර්ගේ ඇදුම දැක්කම වෙන මතයකට එළඹෙන්නත් පුළුවන්..
නයිට්ක්‍රොව්ලර්ගේ ඇදුම සර්කස් ඇදුමක් වගේ.. නයිට්ක්‍රොව්ලර්ගේ ඔරිජින් එකට සර්කස් එකක් සම්බන්ධයි.. සමහරවිට නයිට්ක්‍රව්ලර් තමන්ගේ ජීවිකාව විදියට අලුතෙන් අල්ලගන්න මියුටන්ට්ලා එක්ක කූඩුව ඇතුළේ සටන් කරනවා වෙන්න පුළුවන්..
මේ කේජ් ෆයිට් එක සිද්ධ වෙනකොට ඇපකැලිප්ස් ඒන්ජල්ව රිකෲට් කරගෙන නෑ.. මොකද තවම ඒන්ජල්ට තියෙන්නේ සාමාන්‍ය තටු යුගලයක්.. මේ කේජ් ෆයිට් එකට ඒන්ජල්ව බලෙන් අල්ලලා ගෙනත් දැම්මා වෙන්න පුළුවන්.. ඇපකැලිප්ස් මේ සටන මැද්දට හෝ සටනෙන් පස්සේ පරාද වෙලා පාරට ඇදලා දාලා(ඒන්ජල් පරාද උනොත්) ඉන්න ඒන්ජල්ව හෝර්ස්මන් කෙනෙක් විදියට රිකෲට් කරගනියි..
Psylocke
vs. Beast
සයිලෝක් සහ බීස්ට් අතරේ සටන දරුණුවටම සිද්ධ වෙනවා.. බීස්ට් යන්තන් පණකෙන්ද බේරගෙන ඉන්නවා වගේ පේන්නේ.. සයිලෝක් එක දිගට පහරදෙනකොට උදව් ලැබෙනකන් වෙන මොනා කරන්නද?
Stryker
මෙන්න විලියම් ස්ට්‍රයිකර් හෙලිකොප්ටරයකින් එනවා.. එක්ස් මෙන් ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් එකේ අන්තිමට අපි විලියම් ස්ට්‍රයිකර් විදියට ශේප් ෂිෆ්ට් කරගෙන හිටපු මිස්ටීක් වුල්වරීන්ගේ ශරීරය ගගෙන් ගොඩගන්නවා දැක්කේ.. මේ එන්නෙත් මිස්ටීක්ම වෙන්නත් පුළුවන්..
Prison Break
අපි පළවෙනි ට්‍රේලරේ දැක්කා කොළ පාට ආලෝකයක් විහිදෙන බහු අස්‍ර හැඩයකට හදපු කූඩුවක්.. ඒක ඇතුළේ හිටියේ ක්වික්සිල්වර්, ජීන්, බීස්ට් හා මිස්ටීක්..
අළුත් ට්‍රේලරේදි ඒ කූඩුවේ පැත්තක් විනාශ වෙනවා දකින්න පුළුවන්..
ඒ විනාශ වෙන තැන රතු පාට ආලෝකයක් යන්තම් දකින්න පුළුවන්.. ඒ නිසා මේ කූඩුව විනාශ කරලා කට්ටියව බේරගන්නේ සයික්ලොප්ස් වගේ.. කලින් ඒන්ජල් සහ නයිට්ක්‍රොව්ලර් සටන් කල කූඩුවෙත් මේ වගේම කොළ පාට ආලෝකයක් තිබ්බා.. බොහෝවිට ඒ කේජ් ෆයිට් සංවිධානය කරන අය අල්ලගෙන එන මියුටන්ට්ලාව රදවලා තියන්නේ මේ කූඩුවේ වෙන්න පුළුවන්..
You’re not students anymore. You’re X-men
මිස්ටීක්ගේ කතාව මැද යානයක් වැහි වළාකුළුවලින් අහස වැහුණු ඊජිප්තුවේ පිරමීඩ පැත්තට යනවා.. ඒ වැහි වළාකුළු ඇති කරන්නේ ස්ටෝර්ම් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ මම හිතන්නේ.. ඇපකැලිප්ස්ගේ වැඩිදියුණු කිරීම් එක්ක ස්ටෝර්ම්ගේ බලය කොයි තරම්ද?
මේ යානය බ්ලැක්බර්ඩ් එකේ අලුත් වර්ශන් එකක්ද? ඒක එහෙම නම් හෑන්ක් මිස්ටීක්ට පෙන්නන බ්ලැක්බර්ඩ් ජෙට් එකට මොකද උනේ?
'You're X-Men" කියලා කියනකොට මිස්ටීක්ගේ යුනිෆෝම් එක.. කොමික් ඇදුමට සමාන නොවුනත්, ආසන්නයටවත් ඇවිත් තියෙනවා..
ක්වික්සිල්වර්ගේ ඇදුමේ නම් රිදී ඉරි දෙකක් ගිහින් තියෙනවා..
Round 1
Storm vs.
ස්ටෝර්ම් ජීන්ටයි, සයික්ලොප්ස්ටයි, බීස්ටයි පහරදෙනවා.. මම කලිනුත් කිව්වා ජීන්, සයික්ලොප්ස්, බීස්ට් තුන්දෙනා මුල්ම එක්ස් මෙන් පස්දෙනාගෙන් තුන්දෙනෙක්.. ඒ නිසා ඇපකැලිප්ස්ගේ වැඩි දියුණු කිරීම් එක්ක උනත් ස්ටෝර්ම්ට ලේසි වෙන්නෑ..
දෙයිහාන්දුර්වනේ ඒ ඔප්ටික් බ්ලාස්ට් එක.. ^_^
සයික්ලොප්ස්ට පිටිපස්සෙන් ජීන් හිටගෙන ඉන්නවා.. ජීන් සයික්ලොප්ස්ගේ ඔළුව අල්ලගෙන ඉන්නේ.. ස්කොට්ට ඔප්ටික් බ්ලාස්ට් එක හසුරුවන්න ජීන් උදව් වෙනවා වගේ..
ඒ ඔප්ටික් බ්ලාස්ට් එක ඉස්සරහට එනකොට ස්ටෝර්ම් සීන් එකෙන් එළියට දුවන්නේ අත් උස්සන් රෙදි කරේ තියාගෙන :3
Round 2
Psylocke
සයිලෝක් කටානා එකෙන් වාහනයක් දෙකට කපාගෙන පනින එක නම් ගොඩක් දෙනෙක්ගේ කතාබහට ලක් උනා.. සයිලෝකුත් කඩාපාත් වෙන්නේ ජීන්, ස්කොට් සහ හෑන්ක් ඉන්න තැනටමයි
Round 3
Archangel vs.
මුල් ට්‍රේලර් එකේ ආක් ඒන්ජල්ගේ ඇස්පර්සියෝ එක එල්ල වෙන්නේ ජීන්, ස්කොට් සහ හෑන්ක් සෙට් එකටම තමයි..
ඒන්ජල්ගේ ටෙක්නො ඕගනික් පිහාටුවලින් බේරෙන්න ජීන් ටෙලිකනීසස්වලින් අවට තියෙන දේවල් එකතු කරලා ශීල්ඩ් එකක් හදනවා.. ට්‍රේලරේ ජීන්ගේ පවර්ස් දැකපු පළවෙනි වතාව..
Raising Hands
“Everything they’ve built will fall” කියලා මේ පාර කියනකොට නම් කටහඩේ අලුත් වෙනසක් තේරෙන්න අති හැමෝටම.. ඒ කියන ගමන් ඇපකැලිප්ස් අත් විහිදුවනවා..
ඒත් අත් විහිදුවන එකම කෙනා ඇපකැලිප්ස් නෙමේ.. ස්ටෝර්මුත් ආදරේ මේ තරම් කියලා පෙන්නන්න වගේ අත් විහිදුවලා පෙන්නනවා..
Havok/ Havoc
ඩෑම්න්.. පොඩ්ඩක්වත් බලාපොරොත්තු නොවිච්ච දෙයක්.. ඇලෙක්ස් මොකක් නිසාද මේ බ්ලාස්ට් එක ඇති කරන්නේ? කොහොම උනත් ඒ බ්ලාස්ට් එක නිසා චාල්ස්ට නම් අමාරුයි වගේ.. අපි මුල් ට්‍රේලරයෙදි සිහි නැති වෙච්ච චාල්ස්ව පුටුව පිටින්ම මැග්නීටෝ ඇදලා ගන්නකොට එතන ඉන්න කට්ටිය අතරේ ඉන්න ඇලෙක්ස්ගේ කමිසයේ ඉස්සරහා පිච්චුණ සළකුණක් දැක්කා..
ඒ සළකුණ ඇති උනේ කොහොමද කියන එක නම් දැන් දැනගත්තා..
Prof. X in Trouble
මේ දර්ශනය බොහෝ විට චාල්ස් සහ ඇපකැලිප්ස් අතරේ වෙන මානසික සටනේ අවසානය වෙන්න පුළුවන්..
The Destroyed X-Mansion
ස්ලිම් ඔයා පරක්කු වැඩියි.. ඇත්තටම එක්ස් මැන්ශන් එක බිමට සමතලා වෙනකන් ස්කොට් කොහෙද ගිහින් හිටියේ..
Phoenix
ඇත්තට සොෆී චරිතෙට හොද සාධාරණයක් ඉෂ්ඨ කලොත් අපිට බ්‍රයන් සින්ගර්ගෙන් ඩාක් ෆීනික්ස් සාගා එකක් බලන්නත් පුළුවන් වෙයි
Apocalypse choking Mystique
අපි මේ දර්ශනය සුපර්බෝල් ටීවී ස්පොට් එකෙත් දැක්කා.. චාල්ස් වෙනුවට එක්ස් මෙන් කණ්ඩායමට නායකත්වය දෙන මිස්ටීක්ගේ අවසන් හුස්මද?
ෆිල්ම් එක බලලම තමයි හොයාගන්න වෙන්නේ
එහෙනම් ට්‍රේලරේ දර්ශනයෙන් දර්ශනයට පැහැදිළි කලා..
ට්‍රේලර් අනුකණ්ඩනය ඩෝන්ට් පැනික් එකේ පද කිහිපෙකින් අවසන් කරන්නම්
Bones, sinking like stones,
All that we fought for,
And homes, places we've grown,
All of us are done for.
And we live in a beautiful world,
Yeah we do, yeah we do,
We live in a beautiful world.
ජය වේවා!!
#ආර්කේඩ්
waw
ReplyDeleteනියමයි පට්ට
ReplyDeleteසුපර්බ් ..ඇඩෙනවා
ReplyDeletePatta don.
ReplyDelete