Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

The Flash S02E16 Review

The Flash S02E16 Review
The Flash S02E16 - Trajectory

BVS උණුසුම ටිකෙන් ටික ගෙවිලා යනවත් එක්කම ආයෙත් අපේ යාළුවන් ගේ අවධානය අනිත් දේවල් වලට යොමු වෙන්න පටන් අරගෙන හින්දා අපිත් හිතුවා පරණ පුරුදු වැඩ පිළිවෙලට ආපහු ගමන් කරන්න. ටිකක් පරක්කු වෙලා හරි ෆ්ලෑෂ් කතාව ගැන කතා කරන්න යන්නේ අපි.


මේ episode එකේ පටන් ගන්නෙ බැරී තමන්ගෙ ස්පීඩ් එක වැඩි කරගන්න කරන canyon jump එකෙන්. ඒවගේම මෙතදි අපිට බලාගන්න පුලුවන් "he's gonna make it, ohh nope he is not", cliché එකක්. කොහොම උනත් සිස්කොට තෑන්ක්ස් කරන්න ඕන බැරී ඩ්‍රෝන්ස්ලව අරන් ආපු එකට.


මේ වෙනකන් දැක්ක ජෙසී සහ හැරී අතර ඇති උන ෆන්ම සීන් තිබුනෙ මේ එපිසෝඩ් එකේ. ජෙසී " can i go? " කියලා ඇහුවම හැරී කට්ටිය ඉස්සරහා ඔලුව වනලා පල්ලෙහාට ආපුවම " over my dead body. " over my rotting corpse " ඒවගේම මේ එපිසෝඩ් එකේ විතරයි හැරී සාමාන්‍ය විදිහට කතා කරනව ඇහෙන්න මට මතක හැටියට. නැත්තන් වෙනදට කතා කරන්නෙ නිකන් රහසින් කතා කරනව වගේ අමුතු විදිහකට. මේකෙන් අපිට දැනගන්න ලැබෙන්නෙ හැරී දැන් ඉන්නෙ සතුටින් කියලා ඒත් අපි හැමෝම දන්නවනෙ මේ සතුට වැඩිකල් තියෙන්නෙ නෑ කියලා. ඒවගේම මේ දෙන්නගෙ ආසම සීන් එක හැරී ජෙසීට ක්ලබ් එකට යන්න අවසර දුන්නම හැරී කියනව " you should take protection ". එතකොට ජෙසී කියනවා " oh dad, I don't need.... I don't know what you thought i was gonna be doing but... " සෙක්ස් ජෝක්ස් ක්ලැසික්.


මෙතනදි ජෙසීට පලවෙනි පාරට වොලීව හම්බෙනවා. ගොඩක් අය දන්නව ඇතිනෙ කොමික් වලනම් මේ දෙන්නම ස්පීඩ්ස්ටර්ස්ල කියලා. කොහොම උනත් ජෙසීගෙ වොච් එක බීප් ගෑව වොලී ලග ඉන්නකොට. ( මන් දන්නව එතා බැරීත් හිටියා කියලා ) ඒත් මේකෙ තේරුම වොලිත් මෙට හියුමන් කෙනෙක්ද. හමහර විට තාම වොලී දන්නෙ නෑ වෙන්න පුලුවන් එයාට පවර්ස් තියෙනවා කියලා. අමතක කරන්න එපා සිස්කොටත් කාලයක් ගියා දැනගන්න එයාට පවර්ස් තියෙනවා කියලා.
ඒවගේම ජෙසීට v-9 ඉන්ජෙක්ට් කරානෙ, ඒවගේම ආරංචියක් තිබුනා ජෙසීගෙ ස්ටෝරි ලයින් එකට v-9වල ලොකු වැදගත් කමක් තියෙනව කියල. එතකොට මේක ගැනද ඒගොල්ලො කතා උනේ නැත්තන් තව ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැනද?


The funniest dance moves you've ever seen


අයිරිස් සහ බැරී එයාලගෙ අර්ත් 2 doppelgangersල ගැන කතා වෙනවා. බැරී අහද්දි " I wonder what our married doppelgangers are doing tonight" එතකොට අරිස් කියනවා " probably Earth 2's equivalent of netflix and chill" wonderful more sex jokes


මෙතනදි අපිට දකින්න ලැබෙනවා Eliza Harmon එහෙමත් නැත්තන් Trajectory. කොහොම හරි මෙයා බැරීට වඩා ගොඩක් වේගවත්. ඒකට හේතුව අපි හැමෝම දන්නවනෙ. ඒවගේම තව දෙයක් මෙයාගෙ සූට් එක ජොනී කුයික්ගෙ සූට් එක වගේ කියල හිතෙන්නෙ මට විතරද. කොහොමහරි කොමික් වලනම් මෙයාට පවර්ස් ලැබෙන්නෙ ලෙක්ස් ලූතොර්ගෙන්. ඒවගේම මෙයා කොමික් වලත් මැරෙනවා ඒ බ්ලොක්බස්ටර්ගෙ අතින්. ඒකට හේතුව වෙන්නෙ ලෙක්ස් මෙයාගෙ පවර්ස් සටන අතර තුර නවත්තන නිසා.


සිස්කොගෙ purely scientific question එක, was she good looking?


ෆ්ලෑශ් එකේ මර්කරි ලැබ්ස් පෙන්නනවා වැඩි කියලා හිතෙන්නෙ මට විතරද? මේ එපිසෝඩ් එකේම මර්කරි ලැබ්ස් සයින් එක කී පාරක් පෙන්නුවද? මේක ඉගියක් වෙන්න බැරිද තව ඉස්සරහට අපිට මැක්ස් මර්කරිවත් බලාගන්න පුලුවන් කියලා? මැක්ස් මර්කරි කියන්නෙත් ස්පීඩ්ස්ටර් කෙනෙක් හැබැයි කාලයක් මෙයා ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙලා හිටියා. ඒක නිසාද අපිට එයාව බලාගන්න බැරි තාම?


මන් මුකුත් කියන්නෑමයි කොහොමහරි තව ඉස්සරහට අපිට මේ දෙන්න අතර පොඩි පොඩි දේවල් බලාගන්න පුලුවන් වෙයි.


Opal city කියන්නෙත් dc universe එකේ fictional city එකක්. මේ නගරෙන් එන ප්‍රසිද්ද superheroesල වෙන්නෙ starman & elongated man. මතක හැටියට elongated man හිටියා සීසන් 1 එකේ මැරුන කියලා හිතන් ඉන්න කට්ටියගෙ ලිස්ට් එකේ. ඉස්සරහට මෙයාව බලාගන්න පුලුවන් වෙයි කියල හිතනවා.


ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙයාට මොකද උනේ කියලා. හැබැයි මන් හිතන්නෙ නෑ මෙයා මැරුන කියලා මොකද මෙහෙම දෙයක් අපිට මීට කලින් දකින්න ලැබිලා තියෙනවා. ඒ crisis on infinite earths storyline එකේ. මේ ස්ටොරිලයින් එකේ බැරී මීටකලින් කවදාවත්ම දුවල නැති වේගෙකින් දුවනව මල්ටිවර්ස් එක බේරගන්න. මෙතනදි තමයි බැරී මැරෙන්නෙ. හැබැයි ෆ්ලෑශ් රීබර්ත් එකේ අපිට දැනගන්න ලැබෙනවා ෆ්ලෑශ් ඇත්තටම ස්පීඩ් ෆෝර්ස් එකේ හිර වෙලා හිටියෙ කියලා. මට හිතෙන්නෙ එලයිසටත් උනේ ඒක කියලා.


Crazy fan theory- මුලින්ම කියන්න ඕනා අපිට සූම්ව පරද්දන්නෙ කොහොමද කියලා හිතාගන්න පුලුවන් කියලා මේ එපිසෝඩ් එක බැලුවම. ඒ කොහොමද? කරන්න තියෙන්නෙ එකම දෙයයි. සූම්ට ඕන දේ දෙන එක. අපි දන්නවනෙ සූම් ලෙඩින් කියලා මේකට හේතුව v-6 ( ගොඩක් දුරට) බැරී තව වේගවත් වෙනවා වෙනුවට සූම්ව තව වේගවත් කෙරුවොත් ඒගොල්ලන්ට පුලුවන් වෙයි එලයිසට උන දේම සූම්ටත් කරන්න. සූම්වත් ස්පීඩ් ෆෝස් එකේ හිර කරතැහැකි. ඕ ඒවගේම මන් තාමත් හිතන්නෙ නෑ සූම් කියන්නෙ ජේ කියලා. ඒවගේම ඒක Speed Mirage එකක් වෙන්නත් බෑ කියලා හිතෙනවා මොකද අපිට ජේ එහෙමත් නැත්තන් බොරු ජේව අර්ත් 1 වල දකින අතරතුරම සූම්ව අර්ත් 2 වල දකින්න ලැබෙනවා. ඒවගේම ඒක Speed Mirage එකක්නම් බොරු ජේගෙ මල සිරුර පෝටල් එක වැහුවට පස්සෙ ස්ටාර් ලැබ්ස් වල ඉදන් සූම්ග ගුහාවට අරන් එන එකේ කිසි තේරුමක් නෑනෙ. මට හිතෙනව විදිහට ඇත්ත ජේ කියන්නෙ යකඩ වෙස්මූනෙ ඉන්න කෙනා. ඒවගේම සූම් කියන්නෙ එඩ්වඩ් ක්ලැරිස් සහ බොරු ජේ කියන්නෙ හන්ටර් සොලමන්.
ඒවගේම අපිට සීසන් 1 එකේදි මේ නිවුස් පේපර් එක දකින්න ලැබෙනවා. මේකෙදි අපිට දැනගන්න ලැබෙනවා ෆ්ලෑශ් අතුරුදහන් වෙනවා කියලා ( in an explosion of light) පස්සෙ පල්ලෙහා දකින්න පුලුවන් රිවර්ස් ෆ්ලෑශුත් ෆ්ලෑශ් එක්ක අතුරුදන් උනා කියලා.( එච්චර වැදගත් දෙයක් නෙවේ නිකන් මෙන්ශන් කරන්න හිතුන) කොහොමහරි මේ පත්තරේ කියන විදිහට ෆ්ලෑශ් අතුරුදන් වෙන්නෙ මේ එපිසෝඩ් එකේ එලයිසා අතුරුදන් උන විදිහට. කොහොමහරි මට හිතෙන විදිහට බැරීට එයාගෙ උපරිම වේගෙට එන්න 2024 වෙනකන්වත් ඉන්න වෙයි වගේ. හරියට ස්මෝල්විල් එකේ ක්ලාක්ට සුපර්මෑන් සූට් එක දාගන්න සීසන් 10ක් ගියා වගේ

#Scarlet_Speedster

2 comments:

  1. bro mehema wenna berida.. mn gdak comic dnne.. but meka mge oluwat apu theoryk.. api dekka Eliza Harmonta hadawal ehuna.. hryt multiple personality disorder ekak wge.. smahara wita jay v 6 eka gththata passe eyata e wge una.. zoom eyage ega ethulema htya wenna berida eya nodenama.. eya nodanna nisa zoom bahira kenek wge dekka wenna berida.. jay manasath ekka satan kala wenna berida zoom eka personality eka change wewi. asamathulitha thawa ethi wla e personality 2 wen una wenna berida...?????? thawa deyak thma jay earth 1 ekata ena kota v 6 wthrai mn hthanne thibbe.. zoom pawichchi krannath oni ekane.. ehnm ei jay ge speed eka wtharak nethi wla zoomge ithuru une.. ????

    ReplyDelete
  2. flash,revers flash ara news eke hatiyata nati wenne athitheta ghin flashge podi kale baryywa marannane...nathuwa uparima wegen neme.e athitheta enne denna.anika apita oya news eka balaganna wenne n 2024di.mokada eaboard barryge ammawa maruwata passe timeline eka wenas wenawane.e time line ekedi oya news eka 2024 wenne n. :/

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න