Frame by Frame Trailer Break Down of Captain America: Civil War Trailer #2 - Part 1
සිවිල් වෝ ට්‍රේලරයක් මේ දවස්වල කොයි වෙලේ හරි එළියට පනින්න පුළුවන් කියලා අපි දවස් දෙකතුනකට කලින් අනාවැකියක් කිව්වා මතක ඇති. අන්න ඒක සත්‍යක් කරමින් එදාමෙදා තුර කොමික්බුක් චිත්‍රපටියක් වෙනුවෙන් දකින්නට ලැබෙන, රසිකයන්ගේ සිහිනයන් යථාර්තයක් කළ සුපිරිම ට්‍රේලරයක් පසුගියදා කඩාපාත් වුණා. මේක රසිකයන් හට කෙතරම් උන්මාදයක් ඇති කරාද කියනවනම් අපිට මේ මාසේ එන Batman vs Superman, Daredevil season 2 ගැනත් එහෙම්පිටින්ම අමතක කරවන්නට සමත් වුවා. ඒ සඳහා පළවෙනි වතාවට MCU එකට හදුන්වා දෙන තවත් වටිනා චරිතයක් මේ ට්‍රේලරයෙන් හඳුන්වාදීමත් ප්‍රධාන තැනක් ගන්නවා.
මේ ට්‍රේලර් එක බලන්න කලින් පලවෙනි ට්‍රේලර් එක බලලා ඉන්න ඕනෙමයි.
ඊට පස්සේ තමයි මේ පාර ට්‍රේලර් එක බලන්න ඕනේ.
අපි එහෙනම් ඒකෙ සුවිශේෂී අවස්ථා ගැන රාමුවෙන් රාමුවට අස්සක් මුල්ලක් නෑරම හොයලා බලමු.
Where Else Am I Gonna Get A View Like This ?
මේ හිම කඳු දැක්කම ගොඩක් දේවල් මතක් වෙනවා ඇති. කැප්ටන් ඇමරිකා පලවෙනි කතාවේ බකී දුම්රියෙන් වැටීම, කැප්ටන් අයිස්ගත වීම, හයිඩ්රාලගෙ රහස් තිප්පොළවල් වගේ ගොඩක් අතීතයට අයිති දේවල්. ඒ වුණත් මේක වැඩියෙන්ම සම්බන්ධ වෙන්නෙ හයිඩ්රාලටයි බකීටයි වෙන්න ඕන. බකී වින්ටර් සොල්ජර් වුන අතීතය හරි හයිඩ්රාලගෙ වර්තමාන සික්‍රට් බේස් එකක් හරි වෙන්න ඕන. විශේෂයෙන් අළුත් නායකයෙක් යටතේ එහෙම. ඒත් නැත්තම්...
Hydra Agents ???
පේන විදියට මේ සෙබළ නිල ඇඳුම් වලින් සැරසිලා ඉන්න අයගෙ බැජ් එකේ හැටියට රුසියනුවන් කියලා කියන්න පුළුවන්. එතකොට කලින් පෙන්නපු හිමකඳු සහිත බේස් එකේ ඉන්නේ රුසියානුවොද ? කොමික්වලදී වින්ටර් සොල්ජර් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් හයිඩ්රාලට අමතරව රුසියනුවන්ගේත් කාර්යභාරයක් තිබුණා. හැබැයි මේ රුපරාමු දෙක එකිනෙකට කිසිසේත් සම්බන්ධ නැති වෙන්නත් පුළුවන්.
You Shall Not Pass !!!
මේක නම් කලින් රුපරාමුවට අයිති එකක් කියලා ස්ථිරවම කියත හැකි. ඒ වගේම අපිට මේ දොරටුව Superbowl TV Spot එකෙත් දකින්න ලැබුණා.
මුර භටයොත් ඉන්න, ටොන් ගණන් බරැති දොරටුව අතරින් තවත් දොරක් ? ඒ දොරේ යම් කිසි ලාංඡනයකුත් ලාවට වගේ පේනවා. ඒ මොකක් වෙන්න පුළුවන්ද ? හයිඩ්‍රා ?? ඒත් මේ තරම් ආරක්ෂාවක් දීලා තියෙන්නෙ කුමක් සඳහාද ? එහෙමත් නැත්තම් කා සඳහාද ??
We Found Buck In A Hopeless Place ...
“We try to save as many people as we can. Sometimes that doesn’t mean everybody"
ඈන්ට්මෑන් ක්‍රෙඩිට් සීන් එකෙයි, පළවෙනි ට්රේලරෙයි පෙන්නනවා වගේ කැප්ටයි සෑම්ටයි බකීව හම්බවෙනවා වගේ එකක් නෙවෙයි මෙතැනදී අපිට බකීව පෙන්නන්නෙ. මේක ඊට කලින් හරි පස්සේ හරි සිදුවෙන එකක් වෙන්න ඕනි. ඒ වුනත් පසුව සිදුවෙන එකක් වෙන්න තියෙන අවස්ථාව වැඩියි. මොකද එහෙම හිතන්න හේතුව අපිට ඊළඟ රාමුවෙන් පෙන්නනවා. කොමික් වල නයිට්‍රෝ ගෙ කාර්යය කරන්න ඉන්නෙත් පේන ව්දියට වින්ටර් සෝල්ජර් වගේ. මේකෙදි බකී කියන්නේ තවදුරටත් බකිත් නෙවෙයි, වින්ටර් සෝල්ජරුත් නෙවෙයි. ඒ දෙකටම අතරමැදි පුද්ගලයෙක් කියලා රුසෝ ලා කිව්වා මතක ඇති නෙ. ඒත් කැප් තමන්ගෙ නිදහස, ගරුත්වය පරදුවට තියනවා තමන්ගෙ පරණම මිත්‍රයා වෙනුවෙන්.
"But you don’t give up.”
කැප් ඇවිත් ඉන්නේ ගොඩක් වෙලාවට වින්ටර් සොල්ජර්ව රඳවලා තියෙන තැනට වෙන්න ඕනි. කැප් ඒ මොනිටරෙන් බලන්නේ මොකක්ද කියලා නං පැහැදිලි නැතිවුනත් අපිට පසුබිමින් පේනවා යම් කිසි කුටියක්. එකේ කෙනෙක් ඉන්න බවක් පේනවා. ඒත් ඒ වින්ටර් සෝල්ජර් නං නෙවෙයි. මොකද මේක හතරැස් කුටියක්.
Great Powers, Great Responsibilities ...
ජෙනරල් රොස් කොයි විදියේ කෙනෙක්ද කියලා Bruce Bannerට කරපු දේවල් දන්න අය දන්නවා. ඒත් අපිට මෙතැනදී හම්බවෙන්නෙ ඊට වඩා ආචාරසම්පන්න චරිතයක් විදියට. පලවෙනි ට්‍රේලරේ රොස් කැප්ට කියපු දේවල් මතක ඇති නෙ. ඒ කියන්නේ රොස්ගෙ හිතෙත් කැප් ගැන ගෞරවයක් තියෙනවා. ඒත් රාජකාරිය ඕනෑම ජෙනරාල් කෙනෙක් වගේ රොස්ට වුනත් කරන්නම වෙනවා. රෝස්ගේ වචන උච්චාරණයෙන් පවා තේරෙනවා කැප් වැටිලා ඉන්න තත්වෙ ගැන සතුටෙන් නෙවෙයි ඉන්නේ කියන එක. රොස් ප්‍රසන්ටේෂන් එකක් පෙන්නනවා Phase - 1 සිට Phase - 2 දක්වා ඇවෙන්ජර්ස්ල සම්බන්ධ සිදුවීම් වල අතුරු ආබාධ ගැන.
Sokovia |
"Okay, That's Enaugh !"
තමන්ගෙ කණ්ඩායමේ කෙනෙක්ගෙ හැඟීම් හඳුනාගෙන කටයුතු කිරීම හොඳ නායකත්ව ලක්ෂණයක්. ඒක අපේ කැප්ට සහජයෙන්ම පිහිටලා තියෙනවා. ඒත් ජෙනරාල් රොස් කියනවා සාමාන්‍ය මිනිස්සු ඉන්නෙ මේ සම්බන්ධව හොඳ හැඟීමකින් නෙවෙයි කියලා. ඒ සමහර වෙලාවට සාම සමුළුවක්ගැන වෙන්නත් පුළුවන්. සොකොවියා ගිවිසුම ? වෙන්නත් පුළුවන්. ඒ සමඟම අපිට පෙන්නනවා සිවිල් වෝර් කොමික්ස් වල ස්ටැම්ෆර්ඩ්වල සිදුවුණා වගේ ඒ තරම්ම නැතත් යම්කිසි සමුළුවක සැලකිය යුතු තරමේ පිපිරුමක්.
පේන විදියට ඒ සමුළුවට T'Challa එහෙම නැත්තම් අපේ බ්ලැක් පැන්තරුත් සහභාගී වෙලා තියෙනවා. ඒ කියන්නේ වැකන්ඩාවත් මේකට සෘජුවම සම්බන්ධ වෙනවා. පිපිරුමට වඩා දෙයකින් ඔහු වද වෙන බවක් මේකෙදි පේනවා. ළඟම කෙනෙක්ගෙ වියෝ වීමක් ? සමහරවිට T'Chaka ( බ්ලැක් පැන්තර්ගෙ පියා) වෙන්නත් පුළුවන්. මේක තමයි බ්ලැක් පැන්තර් කිට නැතුව T'Challaව ට්‍රේලරේ දකින්න ලැබෙන පළමු වතාව.
“That’s why I’m here,”
“We need to be put in check.”
ඒජ් ඔෆ් අල්ට්‍රෝන් ඉවෙන්ට් එකට පස්සේ හදපු Mark XLVI එකේ අත්‍යාලංකාර පියාසැරියකින් අනතුරුව පෙන්නන ටෝනි ස්ටාක් මේ කතාබහට එන්නෙ ඔහුගේ නව සැලැස්ම ඉදිරිපත් කරමින්. ඒ තමයි...
Prison 42 Of MCU???
ටෝනිගේ මහසයුර මැද සිපිරිගෙය (ඒක ගතියට ආවා නේ). මේක S.H.I.E.L.D.ලගෙ The Raft වෙන්න ඕනෙ. earth - 616 වල තියෙන නියම සුපර්විලන් බන්ධනාගාර හතරෙන් මේකත් එකක්. නිව්යෝක් ආසන්නයේ පිහිටලා තියෙන මේක MCU එකේ නම් ගොඩක් හුදෙකලා තැනක වගේ තියෙන්නෙ. මේක Raft නොවෙනවා නම් අනිවාර්යෙන්ම මේක Prison 42 වෙන්න ඕනෙ. earth - 616වල සිවිල් වෝ කතාවේ මේක හදන්නෙ අයන් මෑන්, මිස්ටර් ෆැන්ටැස්ටික් හා යෙලෝජැකට් (හෑන්ක් පීම්). ඒ සුපර්හිරෝස්ලා ලියාපදිංචි වීමට එරෙහි වෙන අය වෙනුවෙන්. හැබැයි මේක තියෙන්නෙ නෙගටිව් සෝන් එකේ. නෙගටිව් සෝන් එකට දැන් අයිතිවාසිකම් කියන්නෙ ෆොක්ස්ලා නිසා මාවල් ලට බෑ MCU එකට ඒක භාවිතා කරන්න.
“Whatever form that takes I’m game,”
කියනවා වගේම ඕන දෙකට ටෝනි ලෑස්ති පිට වගේ ඉන්නෙ.
“I’m sorry, Tony, If I see a situation pointed south I can’t ignore it.”
ඊළගට අපිට පෙන්නනවා යම්කිසි සටනකට මුහුණ දීපු ටෝනිව. එක අතක් එල්ලගෙන ඉන්නවත් දකින්න පුළුවන්. හිරගෙය ඇතුලේ ඉන්න මේ සිදුවීම ෆිල්ම් එකේ මැද හරියක වෙන්න ඕනේ.
One doesn't Simply Mess With The Panther
පළවෙනි ට්‍රේලරේ ඉතුරු කොටස අපිට මෙතැනදී දකින්න ලැබෙනවා. ඒ වගේම ඒක ට්‍රේලරේ ආකර්ෂනියම තැන් වලින් එකක්.
That Encounter !
එහෙනම් අර පිපිරුමටත් පිපිරුමටත් හේතුව වින්ටර් සෝල්ජර්ද ? ඒකද වින්ටර් සෝල්ජර් එක්ක පැන්තර්ට තියෙන ගණුදෙනුව ?
“I know we’re not perfect, but the safest hands are still our own,”
කැප් එහෙම කියද්දී අපිට පෙන්නනවා Superbowl TV Spot එකේ තවත් සිදුවීමක්. මේ අපි දකින්නේ ටෝනි ගේ බයෝ ආර්ම් එක. ඉන්වින්සිබල් අයන් මෑන් සීරිස් එකේ දී අපි මේ බයෝ ආර්ම් එක දැක්කා.
හැබැයි බකී වෙඩි තියපු එකනම් ටෝනි කිසිසේත් බලාපොරොත්තු නොවූ එකක් !
හැබැයි බකී වෙඩි තියපු එකනම් ටෝනි කිසිසේත් බලාපොරොත්තු නොවූ එකක් !
හැබැයි මෙතැනදී බකීගේ ඇදුම දිහා බැලුවොත් තේරෙනවා මේක ඈන්ට්මෑන් ක්‍රෙඩිට් සින් එකේ, පලවෙනි ට්‍රේලරේ මුල හරියේ බකී ඇදන් ඉන්න ඇඳුම මිසක් වින්ටර් සෝල්ජර් කිට නෙමේ.
Cap, What Do You Doing Out There ?
මේක සමුළුවේ පිපුරුම නං නෙවෙයි.
Rhodes !!!
බකී තුවක්කුව මාන දර්ශනයක් සමඟින් අපිට පෙන්නනවා රෝඩිගෙ පවර් කෝර් එකට කිරණයක් වදිනවා සමඟ ඇදවැටෙන දර්ශනයක්. මේ දර්ශන දෙකම දෙකක් වුනාට ඒ කිරණය විදින්නේ බකී නෙවෙයි කියලම කියන්නත් බෑ. මෙතැනදී අපිට දකින්න ලැබෙනවා ලැබෙනවා ටෝනි තමන්ගේ යාළුවා වෙනුවෙන් පෙනී සිටින මොහොත.
Band Of Brothers
ටෝනිගේ පරණම( ඒ කලේ එකම) මිතුරාට සිදුවෙන දේ කවුරු කරත් ටෝනි සමාවක් නම් දෙන්නේ නැති වෙයි.
පළවෙනි ට්‍රේලරෙත් දකින්න ලැබෙන මේ මොහොත චිත්‍රපටියේ තීරණාත්මක මොහොතක් වෙන්නත් පුළුවන්.
Tony - “I was wrong about you,”
Steve - "The whole world was wrong about you.”
දෙවෙනි කොටස??? :o හපොයි ඉක්මට දාන්නෝ...
ReplyDeleteනියමයි සහෝ.
ReplyDeleteසුපිරි ලිපිය.
ගොඩාක් ස්තූතියි....
Patta.
ReplyDelete