Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Gotham s02e13 - Dead Man feels no Cold Review

Gotham s02e13 - Dead Man feels no Cold Review

Gotham s02e13 - Dead Man feels no Cold Review******* Spoiler Alert *******


ගෝතම් කතා මාලාවේ විදිහට වික්ටර් ෆ්රයිස්, මිස්ටර් ෆ්‍රීස් වෙන ආකාරය ගැන තමයි මේ පාර කොටසෙන් මම බලාපොරොත්තු උනේ නම්, ඒ උනත් ෆ්‍රීස් ට වඩා මේ පාර කතාවේ අවධානය දිනාගන්න හියුගෝ ස්ට්‍රේන්ජ් සමත් උනා කියලයි මට නම් හිතුනේ..



01. ACE Chemicals - කතාව පටන් ගද්දිම ලොකු ඊස්ටර් එග් එකක් අතාරිනවා.. ඒස්  කෙමිකල්ස් කියන්නේ මොකක්ද,මේක වැදගත් වෙන්නේ මොකද කියන එක අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඕනේ වෙන එකක් නෑ.. ඒත් ඉතින් හරියට දන්නේ නැති කෙනෙක් හිටියොත් කියල මේ ගානත් ටිකක් කතා කරන්න හිතුව..

ACE Chemicals කියන එක අපිට මුලින්ම කොමික් වලදී දකින්න ලැබෙන්නේ 1951 පෙබරවාරි මාසයේදී නිකුත් කරපු detective comics #168 කතාවෙන්. ඒස් රසායනික කර්මාන්ත ශාලාව කිව්ව ගමන්ම මතකයට එන්න ඕනේ/එන දෙයක් තමයි ජෝකර්.. ඇලන් මුර් ගේ සුප්‍රසිද්ධ කිලින් ජෝක් කතාමාලාව කියෝලා තියෙනවා නම් ඒ ගැන තවත් පැහැදිලි කරන්න ඕනේ නෑ.. ජෝකර් ගේ ජනප්‍රියම ඔරිජින් ස්ටෝරි එකේදී පෙන්නනවා මතක ඇති රෙඩ් හුඩ් ගෑන්ග් ඒකත් එක්ක එකතුවෙන අහිංසක ජැක් නේපියර් කියන කෙනා ඒස් කෙමිකල්ස් වල තිබුන රසායන ද්‍රව්‍ය ටැංකියකට වැටිලා තමයි ජෝකර් බවට පත් වෙන්නේ.. මෙතැනදී මේ සිදුවීමට batman අතිනුත් පොඩි අතපසුවීමක් සිද්ධ වෙනවා..





නිව් 52 වලදීත් මේ සිද්දිය වෙනවා, එත්  මිට වඩා වෙනස්ම විදිහකට.. ඒ batman Zero Year ආර්ක් එක යටතේ 2013 දෙසැම්බර් මාසෙදි නිකුත් උන batman #024 වලදි.අපිට ආපහු රෙඩ් හුඩ් කල්ලියම ගෙනාවට මේකේ නායකයා විදිහට ඉන්න කෙනා අන්තිමේදී ඒස් කෙමිකල්ස් වලදි batman එක්ක ඇතිවන ගැටුමෙන් තමයි රසායන ද්‍රව්‍ය ටැංකියට වැටෙන්නේ.. හැබැයි එතැනදී බේරෙන්න පුළුවන්කම තිබුනත් බැටා ගෙන් උදව් ගන්න ප්‍රතික්ෂේප කරන නිසා තමයි මේ දේ වෙන්නේ..


එතැනදී වෙන ලස්සනම් දේ තමයි මේ චරිතයේ අනන්‍යතාවය සම්පුර්නයෙන්ම රහසක් විදිහට තියාගන්න ස්කොට් ස්නයිඩර් සමත් වෙනවා..
(නිව් 52 වලදී ජෝකර් ගේ ආරම්භය ගැන කිහිප විටකම වෙනස් විදිහට ඉදිරිපත් කළා. ඒ ගැන ඉක්මනටම ලිපියක් ගේන්නම් )

ඉතින් මම කිව්වා වගේ මේ පාර කතාවේදී මුලින්ම අපිට ලොකු ඊස්ටර් එග් එකකින් දමල ගහනවා.. දැනටමත් අපිට රෙඩ් හුඩ් කල්ලිය ගැන ගෙනාව,එතැනදී පෙන්නුවා රෙඩ් හුඩ් කල්ලිය ඉවරෙටම ඉවර නෑ කියලත්.. දැන් අපිට ace chemicals factory ඒකත් තියෙනවා.. ඒ කියන්නේ ඉස්සරහට ජෝකර් ගැනත් බලාගන්න පුළුවන් වෙයිද?

batman සම්බන්ධ හැම දේකදිම වගේ ace කෙමිකල්ස් කියන එක අනිවාර්ය අංගයක් කියලත් මතක් කරන්න ඕනේ. BvS වලදීත් අපිට දැකගන්න ලැබෙයි..


02. Faster than a speeding bullet - ඔය ටික දකිද්දී මටත් කියවුනේ DAMN කියලම තමයි.. ආ කියන්න ඕනේ ආපහු ටාස්ක් ෆෝර්ස් එක හදල වගේ.. කලින් ගත්ත අයගෙන් පිනකල්ස් විතරනේ දැන් ඉතුරු වෙලා ඉන්නේ..

03. The Other side - බ්රුස් කොලුවා ඕනෙවට වඩා පැහිලා කියල පෙනුනට වෙලාවකට හිතෙනවා ගෝතම් වලදී මෙහෙම බ්රුස් කෙනෙක්ව ගේන එක හොඳයි කියලත්.. මෙතැනදී වෙන කතාවෙන් අපිට කොමික් වල ඉන්න බ්රුස් වේන්/batman ගැන අනිවාර්යයෙන්ම මතක් වෙන්න ඕනේ.

මෙතැනදී වෙන කතා බහ වෙන වෙනම අරන් පැහැදිලි කරන්න තරම් ලස්සන වදන් ටිකකින් තිබුනේ.. එත් එහෙම කරන්න ගියොත් මේ ලිපිය දිග වැඩි වෙනවා සහ ඒ නිසාම ඔයාලට කියවන්න කම්මැලි වෙනවා..

කෙටියෙන් කියනව නම් බ්රුස් වේන් batman වෙන එකෙන් ලබන තෘප්තිය ගැන, තමන් ඇතුලේ රහස් ගොඩක් හන්ගන් ඉන්න එක, විශේෂයෙන් ලඟින්ම ඉන්න අයට පවා තමන්ගේ නියම සිතුවිලි හෙලි නොකරන ගතිය, තමන්ගේම කියල රහසිගත අරමුණු සැලසුම් තියන් ඉන්න එක, වෙනත් සාමාන්‍ය මනුස්සයෙක් එක්ක බලද්දී තියෙන අසාමාන්‍ය ගතිය, හැඟීම් සඟවා ගේන සිටීම,  දෙබිඩි බව කියන දේ හොඳින්ම මෙතැනදී පෙන්නුවා..


04. what the? - මේ කියන්න හදන්නේ මොකක් ගැනද කියල නම් මට තාම හිතාගන්න බැරුව ඉන්නේ.. තේරුනාද දන්නේ නෑ මේ අතට තියෙන්නේ ඇඟිලි හතරයි. අනික මෙයා ඉන්නෙත් සිතල කාමරයක කියල වගේ පෙන්න තියෙන්නේ.. අතේ සෙවල වගෙත් තියෙනවා හැබැයි.. මේ ගේන්න හදන්නේ කිලර් ක්‍රොක් ව වත්ද?
මේ අත දැක්ක ගමන් මට මතක් උනේ මුට මැද ඇඟිල්ල හොයන සෙල්ලම කරන්න බෑ නේද කියල :3


05. Ice in the hole - මේ පාර කතාවේ කැමතිම දෙයක් තමයි මේ ෆ්රීස් ගේ කෝල්ඩ් ග්‍රනේඩ් සහ ඒවා යොදාගත්ත විදිහ.. dc ටෙලිවිෂන් කතාමාලවල විෂුවල් ඉෆෙක්ට්ස් එන්න එන්නම හොඳ වෙනවා වගේ..



06. OH poor Ozzy -  පෙන්ගුයින් ආකම් වලින් එලියට එද්දී ඇත්තටම පාත්තයෙක් වගේ වෙලා ඉඳියිද? මේ පාර කතාවට එතරම් වැදගත් කමක් හැබැයි පෙන්ගුයින් ගේ සිදුවීම් වලින් දකින්න ලැබුනේ නෑ. එත් හියුගෝ ස්ට්‍රේන්ජ් ගේ ස්වභාවය ගැන නම් ඉඟියක් ගන්න පුළුවන් උනා..
ජිම් පෙන්ගුයින් දෙන්නගේ කතාව ඇහුම්කන් දුන්න දේ වගේ දේවල් වලින් ඉස්සරහට හියුගෝ වැඩ ගන්න විදිහ බලාගන්න පුළුවන් වෙයි..


07. Matches Malone - ගෝතම් වලදී තෝමස්-මාර්තා දෙන්නව මරන්නේ මැචස් මැලෝන් කියල නේ ගෙනාවේ. මැචස් මැලෝන් කියන්නේ කවුද කියල පොඩ්ඩක් හොයල බැලුවම දැනගන්න ලැබුනා පුද්ගලයා වශයෙන් ගත්තම එච්චර ජනප්‍රිය චරිතයක් නෙමේ කියල.. මැචස් මැලෝන් කියන්නේ ගෝතම් වල හිටපු arsonist කෙනෙක්.. හරියට නිකන් ෆයර්ෆ්ලයි, ෆයර්බග් වගේ කුලියට ගිනිතැබීම් කරන හැබැයි ගොඩක් පොඩි අපරාධකාරයෙක්.. මෙයාව නිර්මාණය කරන්නේ Bob Cane සහ Bill Finger දෙන්න.. මුලින්ම මේ නම සඳහන් වෙන්නේ batman #242 දි.
මම කලින් කිව්වා පුද්ගලයා වශයෙන් ගත්තම මේ නමේ එච්චර වැදගත් කමක් නෑ කියල. මතක ඇති M Malone කියල සිල්වර් කියපු වෙලාව්දී මම රිවිව් එකේදී කිව්වා ග්‍රේසන් කතාමාලාවේදී batman ඩික් එක්ක රහසිගත සංවාද වලදී පාවිච්චි කරන කෝඩ් නේම් එක මිස්ටර් මැලෝන් කියල.. එකට හේතුව හරියටම දැනගන්න ලැබුනේ අද පොඩ්ඩක් මේ නම ගැන හොයපු වෙලාවේ..
මැචස් මැලෝන් මැරුණට පස්සේ බැටා එහෙමත් නැත්තම් බ්රුස් වේන් මේ නම යොදාගෙන වෙස්වලාගෙන අපාරාධ කල්ලි අතරට ගිහින් තොරතුරු හොයාගෙන තියෙනවා. නිව් 52 වල batman incorporation වලදීත් ආපහු මේ වගේ දෙයක් කළා..

හැබැයි ඉතින් අල්ෆ්රෙඩ් සහ බ්රුස් දෙන්නගේ හැසිරීම අනුමැත කරන්න නම් ටිකක් විතර අමාරුයි තමයි. එත් මම හිතන විදිහට සෙලිනා ගේ මාර්ගෙන් හරි වෙන විදිහකින් හරි බ්රුස් මේ මැචස් මැලෝන් ව මරන්න හැදුවත් අන්තිමේදී ඒ අදහස වෙනස් කරයි වගේ.. batman ගේ අපරාධකාරයන්ව මරන්නේ නෑ කියන තනි නිතිය ගේන්න හොඳම විදිහ තමයි ඒක..

08. Master Manipulator - මුලින්ම කිව්වා වගේ මේ පාර හියුගෝ ස්ට්‍රේන්ජ් ගේ බලපෑම තදින්ම දකින්න ලැබුන.. කලින් රිවිව් එකේදී මම කිව්වා මතක ඇතිනේ හියුගෝ ස්ට්‍රේන්ජ් කියන්නේ අනිත් පුද්ගලයින්ව තමන්ට ඕනේ කරන විදිහට හසුරවන්න ගොඩක් දක්ෂ කෙනෙක් කියල.. කොහොම හරි තමන්ට ඕනේ දේ කරගත්තා..
වික්ටර් ෆ්රයිස් ට එතකොට පැනල යන්න සැලසුමක් තිබිල නැද්ද?

09. From hell to Home - ආකම් වලින් තමන්ගේ නෝනාව බේරගත්ත ෆ්රයිස් ප්‍රාණ ඇපේට ගත්ත ලී තොම්ප්කින්ස් එක්ක ආපහු ගෙදරට එන එක ගැන ගොඩක් දෙන කතා කරලා තිබ්බ.. එත් එයාලට අමතක වුනා එහෙම එන්න හේතුව මොකක්ද කියලා..


10. Cold Cold Hearts - නෝරා ෆ්රයිස් කරපු දේ ගැන කතා කරන්න නම් දෙයක් නෑ, එත් මේ වෙච්ච දේ නිසා මම බලාපොරොත්තු උන මිස්ටර් ෆ්‍රීස් ආරම්භය නම් ගන්න බැරි වෙනවා.. මොකද කොමික් වලදී මිස්ටර් ෆ්‍රීස් ගේ වැඩවලදී ප්‍රධාන අරමුණ වෙන්නේ නෝරා ෆ්රයිස්. මරෝනි ට වෙච්ච දේ වගේම දෙයක් තමයි ෆ්‍රීස් ටත් උනේ..


11. Winter is comming - වික්ටර් ෆ්රයිස් අන්තිමේදී කොහොම හරි මිස්ටර් ෆ්‍රීස් උනා. හැබැයි තාම කොන්ඩේ නම් බේරිලා තියෙනවා. මෙතැනදී අපිට පැහැදිලි කරනවා පරීක්ෂණ වලට යොදාගත්ත සාම්පල් වලට නිරාවරණය වෙච්ච නිසා ඒ තුලින් ෆ්රයිස් ගේ ඇඟ ශීතලට අනුරුප වෙනවා කියල. එක නිසා තමයි එයා බේරුනේ. හියුගෝ ස්ට්‍රේන්ජ් බොරු මරණ පරීක්ෂණ වාර්තාවකුත් ඉදිරිපත් කළා.. ඉස්සරහට ෆ්‍රීස් ගැන ළඟදීම නම් දැනගන්න ලැබෙන එකක් නෑ. හැබැයි එහෙම ආවත් හියුගෝ ස්ට්‍රේන්ජ් යටතේ වැඩකදී තමයි දැකගන්න වෙන්නෙත්..
සිහිය ආව ඉක්මන් වැඩි කියල හිතෙන්නේ මට විතරද?


12. Court of owls? - අන්තිමටම පෙන්නන දේ ඉස්සරහට කොහොම යොදාගනිද කියල නම් තාම හරියටම කියන්න අමාරුයි.. මට සැකයක් ආවේ නම් කෝර්ට් ඔෆ් අවුල්ස් ගැන.. මොකද මිඩ් සීසන් එන්ඩ් එකේදී කියනවනේ තියෝ ගේ මළසිරුර ගැන ස්ට්‍රේන්ජ් ගේ විශේෂ උනන්දුවක් තියෙනවා කියල..
ඔතන මුලින්ම ඉන්නේ තියෝ කියල පැහැදිලි නේ.. ඊට එහායින් ඉන්නේ ජෙරම් කියලයි මට නම් පෙන්නේ.. ඊටත් පස්සේ ඉන්න දෙන්න ගැන නම් අදහසක් නෑ.. බලමු ඉස්සරහට මොනවා වෙයිද කියල..


#Gotham_sII_eXIII_Review


#ClownPrinceOfCrime

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න