Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

DC's Legends of Tomorrow S01E03 Review

DC's Legends of Tomorrow S01E03 Review
DC's Legends of Tomorrow S01E03 - Blood Ties

ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ කතාවේ කොටස් ගැන ඉක්මනට කතා කරනවා කියලා අපි පොරොන්දු උනානේ. ඔන්න අද අපි තුන්වෙනි කොටස ගැන කතා කරමු.

Shrink down
Dagger එකෙන් උනු තුවාලේ එක්කම කෙන්ඩ්‍රා එන්න එන්නම දුර්වල වෙන බවක් තමා පේන්නේ.ඉතින් රේ පාමර් Dr ස්ටයින් එක්ක එකතු වෙලා තීරණයක් ගන්නවා. ඒ කෙන්ඩ්‍රාගෙ Bloodstream එක ඇතුලට ඇතුල් වෙලා රෝගී සෛල විනාශ කරන්න.


Atom ඒ එහෙම කරපු ප්‍රථම අවස්‍තාව නෙමේ. WORLD'S FINEST #236 කලාපෙදී Atom තමන් ගෙ ශ්‍රීන්කින් තාක්ෂණය බාවිතා කරල තියනවා. ඒ "Jerm man" කියන විලන් නිකුත් කරපු වයිරසය විනාශ කරන්න. 

Goddamn Iceberg

ඒකනම් රේ Dr ස්ටයින් ට කරපු පොඩි විහිලුවක්. Dr ස්ටයින් එහෙමත් නැත්නම් Victor Garber රගපෑවා Thomas Andrews කියන චරිතය 1997's Titanic ෆිල්ම් එකේ .



Anna Loring
කොමික් වල දී නම් රේ ගේ බිරිඳ වෙන්නේ Jean Loring. මෙයා කොමික් වල ගොඩක් ප්‍රසිද්ධ යි. මොකද Elongated Man ගේ බිරිඳ Sue Dibny මැරෙන්නේ මෙයා ගේ අතින්.


හැබයි Arrow වලදි ජීන් කියලා අපිට දකින්න පුළුවන් උනේ වෙනස් චරිතයක්. එයා මොයිරා ගේ යාලුවෙක් විදිහට හිටියේ. අපිට නිගමනය කරන්න පුළුවන් මෙතන කියපු ඇනා කියන්නේ එයාගේ දුව හරි ඤාති දියණිය හරි කියලා.


MEN OF STEEL and DARK KNIGHT
මතකනේ ට්‍රේලර් එකේ දී තිබ්බ "I've seen Men of Steel die and Dark Knights fall," කියන වාක්‍ය. ඒ කියන්නෙ රිප් ඔහුගේ ජිවිත කාලය තුල Batman ගේ සහ Superman ගේ අවසානය දැකලා තියනවා කියන එක ද?

FIXED TIME
ස්නාර්ට් උත්සහා කරනවා ස්නාර්ට් ගේ තාත්තාව හිර ගෙදරට යන එක නතර කරන්න අර Emerald Stone එක අරන්. යම් තාක් දුරට උත්සහය හරි ගියත්, වෙන විදියකින් ස්නර්ට් ගෙ තාත්තා හිරේට යනවා. මේකට හේතුව තමයි කාලය හැම වෙලේම බලන්නේ සරල රේඛියව ගමන් කරන්න. ඒ කියන්නේ යම් සිදුවීමක් අතීතයේ සිද්ද වෙලා අපි ආපහු අතීතයට ගිහින් ඒ සිදුවීම වැළැක්වූවොත් අර කියපු සිදුවීමෙන් උණු දේම ආපහු ඇති කරන්න තමයි කාලය උත්සාහ කරන්නේ. 



Booster Gold දෙවෙනි වෙළුමේ 5 වෙනි කලාපය කියෙව්වා නම් මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන් අපිට. එකේ දී Booster කාලය හරහා යනවා බාබරා ගොර්ඩන් ව ජොකර් ගෙන් බේරගන්න. ඒත් කොච්චර උත්සාහ කලත් ඒ වැඩේ හරියන්නේ නෑ. ඒ වේලාවේ Joker පොඩි කතාවක් කියනවා, Booster gold ට. මම ලිපිය අවසාන කරන්නම් ඒ වාක්‍යයෙන් ම.



Tell me Goldenrod. How could you have any idea what kind of bright and sunny concepts I might have percolating inside this beautiful mind of mine? Are you Carnac under there? Kreskin? Uri Geller maybe?

#TMT

1 comment:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න