Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

HIVE

HIVE
HIVE ගැන විස්තරයක් දෙන්න කියලා අපේ යාලුවෝ ඉල්ලුවේ ශිල්ඩ් කතාවේ මිඩ් සීසන් ෆිනාලේ ඉදන් නේ. මේ ගැන කතා කරන්න අපි පොඩ්ඩක් පරක්කු කෙරුවේ ඒකට හොදම කාලය එනකල්. හෙට හැන්දෑවේ තමයි ශිල්ඩ් කතාව ආපහු එන්නේ. ඉතින් අපි හිතුවා අද තමයි හොදම දවස මේ ගැන කතා කරන්න කියලා. මෙතන දී දෙයක් කියන්න ඕනේ. ඒ තමයි කොමික් වල දී සහ ශිල්ඩ් එකේ දී හයිව් ගැන විස්තර වෙන්නේ ආකාර දෙකකට.
කොමික් වලට අනුව නම් හයිව් කියන්නේ Hydra මගින් කෘතිමව බිහිකරපු පරපෝෂී ජීවී විශේෂයක්. මේ ජීවියා කෙනෙක් ගේ ඇඟට ඇතුල් උණාම එයත් එක්ක බද්ධ වෙලා තනි ජීවියෙක් වෙනවා. පරපෝෂී ජීවියා තනිකරම ගත්තාම එයා ගේ වැදගත් කමක් නෑ. කොමික් වල දී හයිව් විදිහට අපිට හම්බෙන්නේ ඒ විදිහට Hydra සෙබලෙක් ගේ සිරුරට බද්ධ වුනු මේ පරපෝෂී ජීවියෙක්.


ඊට පස්සේ තමයි Ophelia Sarkissian ගේ සිරුරට හයිව් ඇතුළු වෙන්නේ. Ophelia Sarkissian මෙහෙයුමක් අතර තුරදී මියයනව. ඒ වේලාවේ හයිව් Ophelia ගේ සිරුරට ඇතුල් වෙලා එයාව ආපහු ජිවත් කරනවා. අනිත් ධාරකයින්ට වඩා Ophelia හයිව් විදිහට සාර්ථකව කටයුතු කරනවා. එයා Madame Hydra විදිහට ප්‍රසිද්ධ වෙන්නේ ඊට පස්සේ. 


අපිට මෙතන තියන වැදගත් කරුණ තමයි හයිව් ගැන කතාව තියෙන්නේ සික්‍රට් වෝරියර්ස් කතා මාලාවේ. ඒ හින්දාම වෙන්න ඇති ශිල්ඩ් සීසන් 3, සික්‍රට් වෝරියර්ස් කියලා නම් කෙරුවේ.


අපි දැන් MCU එකේ දී හම්බෙන හයිව් ගැන කතා කරමු. ඒකට අනුව නම් හයිව් කියන්නේ ඉන්හියුමන් කෙනෙක්. මෙයාව ටෙරිජෙනේසිස් වලින් පරපෝෂී ජීවියෙක් බවට පත් කරනවා. මෙයාට මුළු පෘතිවියම උණත් තමන් ගේ පාලනයට ගන්න තරම් බලයක් තිබ්බා. ඒකට හේතුව තමයි අනිත් ජීවින් මෙයාගේ ග්‍රහණයට ගන්න පුළුවන් හින්දා. මේකට බයවුණු ඉන්හියුමන් වරු කරන්නේ මෙයාව පිටුවහල් කරනවා වෙනත් ග්‍රහලෝකයකට.
ඒ ග්‍රහලෝකය තමයි Maveth කියන්නේ. හයිව් මේ ලෝකේ හිටිය සේරම දෙනා එකී නෙකා තමන්ගේ ග්‍රහණයට ගන්නවා. අවසානේ දී අන්තිම ජීවියා ගේ සිරුර ආධාර කරගෙන තමයි මෙයා ජිවත් වෙන්නේ. 
ඒ අතර වාරයේ දී පෘථිවියේ එක කණ්ඩායමක් විශ්වාස කරනවා හයිව් තමයි මේ පෘතුවිය පාලනය කරන්න ඕනේ කියලා. ඒ අය රහසිගත කණ්ඩායමක් හදා ගන්නවා ආපහු හයිව් පෘතුවියට ගේන්න. පස්සේ කාලේක Hydra බවට පත් උනේ මේ අය. මේ අය විවිධ අත් හදා බැලීම් කරනවා හයිව් ආපහු ගේන්න. ඒත් ඒක සාර්ථක උනේ නෑ. හැබැයි ඒ වෙනුවට එයාලා ට පුලුවන් වෙනවා හයිව් ගේ පැවැත්ම ගෙනියන්න ධාරක යෙක් ඒ ග්‍රහලෝකයට යවන්න.


ජෙමා සිමන්ස් ට හම්බුනු IT කියන කෙනා බවට පත් වෙන්නේ මේ හයිව්. ශිල්ඩ් කතාව නතර උනේ වෝර්ඩ් ගේ සිරුරට හයිව් ඇතුලත් වුනු තැනින් නේ. එයා ආපහු පෘථිවියට එනවා ඒ ජිවියාත් සිරුරේ තියාගෙන. ඒ කියන්නේ ඉස්සරහට තමයි අපිට හයිව් ගේ හැකියාවන් බලා ගන්න පුළුවන් වෙන්නේ.


එහෙනම් මේ සතියේ එන ශිල්ඩ් කතාවේ දී අපි බලමු මේ හයිව් කොහොමද ශිල්ඩ් ආයතනයට තර්ජනයක් වෙන්නේ කියන එක.

#attila_THE_hun

No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න