Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Wolverine

Wolverine
Wolverine a.k.a James 'Logan' Howlett

19වන ශතවර්ෂයේ අගභාගයේදි කැනඩාවේ ඇල්බර්ටාවල, කෝල්ඩ් ලේක් ආශ්‍රිතව ලෝගන් ඉපදුණේ.. ලෝගන් විශාල වතුයායක හිමිකාරයෙක් වුන ජෝන් හව්ලෙට්ගේ බිරිද වෙන එලිසබෙත් හව්ලෙට්ගේ දෙවනි පුතා උනත්, ලෝගන්ගේ තාත්තා ජෝන් හව්ලෙට් නෙමෙයි.. ලෝගන්ගේ තාත්තා උනේ හව්ලෙට්ගේ වත්ත බලාගන්න මනුස්සයා වෙන තෝමස් ලෝගන්..
ළමා අවධියේදි නොයෙක් ආසාත්මිකතාවයන් නිසා ලෝගන් ගොඩක් දුර්වල ළමයෙක්.. ඒත් 1897දි එලිසබෙත්ගේ පළවෙනි පුතා ජෝන් ජූනියර් මැරුණට පස්සේ එලිසබෙත් ලෝගන් පිළිබද සැලකිල්ලක් දැක්වුවෙ නෑ..
ජේම්ස් හිටියේ තමන්ගේ සීයාගේ පාලනය යටතේ.. සීයා හරි දරුණු කෙනෙක්.. ලෝගන් පසුකාලීනව තමන්ගේ සීයාව හැදින්වුවේ මිහිපිට හිටපු යක්ෂයෙක් කියලා..
පොඩි කාලෙදි ලෝගන්ට හිටියේ යාළුවෝ දෙන්නයි.. ලෝගන්ට ආශ්‍රය කරන්නම නගරයෙන් අරන් ආපු රෝස් ඔ'හාරා නමැති අයර්ලන්ත ගැහැණු ළමයෙක්(ලෝගන් රතු කොණ්ඩ තියෙන කාන්තාවන්ට ආකර්ෂණය වෙන්නෙ ඒක නිසා වෙන්න ඕන..) සහ තෝමස් ලෝගන්ගේ පුතෙක් වෙන ඩෝග් ලෝගන්..
තරුණ වයසට එනකන්ම මේ තුන්දෙනා හොදම යාළුවෝ වෙලා හිටියා.. ඒත් තෝමස්ගේ හිරිහැර නිසා මනස ක්‍රමයෙන් විකෘති උන ඩෝග් රෝස්ට අනවශ්‍ය බලපෑම් කරන්න ගත්තා.. ජේම්ස් ඒ ගැන ජෝන් සීනියර්ට දැනුම් දුන්නා.. ඒකට දඩුවම් ලබපු ඩෝග් පළි ගැනීමක් විදියට ජේම්ස්ගේ බලු පැටියාව මරලා දැම්මා.. ඒ නිසා තෝමස්ව රැකියාවෙන් ඉවත් කලා..
පහුවෙනිද හොදටම බීපු තෝමස් ඩෝග් එක්ක ෂොට් ගන් එකක් අරගෙන හව්ලෙට් වතුයායට ඇවිත් එලිසබෙත්ව අරගෙන යන්න හදනකොට මැදට පැනපු ජෝන් සීනියර්ට තෝමස් වෙඩි තියලා මැරුවා.. ඒ වෙලාවෙම එතනට එන ජේම්ස්ගේ මියුටේශන් එක මුලින්ම ක්‍රියාත්මක වෙන්නෙ එතකොට.. ජේම්ස්ගේ පිට අත්ලෙන් දිග නියපහුරු එළියට ඇදිලා එනවා.. 
ජේම්ස්ට කවදාවත් නොතිබ්බ රෞද්‍රභාවයකින් තෝමස් හා ඩෝග්ට අළුත් නියපහුරුවලින් පහර දුන්නා.. ඒ පහරදීමෙන් තෝමස් මැරෙනවා.. ඩෝග්ගේ මූණේ නියපහුරු තුනෙන් හූරපු තුවාලයක් ඇති වෙනවා.. මේ සිද්ධියෙන් සිහිවිකල් වෙන එලිසබෙත් තෝමස්ගේ තුවක්කුවෙන් වෙඩි තියාගෙන මැරෙනවා..
රෝස් ජේම්ස් එක්ක වතුයායෙන් පැනලා යනවා..
පසුකාලීනව රෝස් සහ ජේම්ස් යුකොන්වලට යනවා.. බ්‍රිටිෂ් කොලොම්බියාවේ ගල්වළක වැඩ කරන්න ගත්ත ජේම්ස්, ලෝගන් කියන නම පාවිච්චි කලේ තමන්ගේ සැබෑ අනන්‍යතාවය සගව ගන්න.. කැණීම් වැඩ හා බර වැඩ නිසා ලෝගන්ගේ ශරීරය වඩාත් සෞඛ්‍යසම්පන්න උනා වගේම මානසිකවත් ලෝගන්ගේ රෞද්‍රභාවය වැඩි උනා.. ගල්වලේ වැඩ කරන කාල පරිච්ඡේදය අතරතුර ගල්වලේ සාමාජිකයන් කූඩු ඇතුළේ කරන සටන්වලට ලෝගනුත් සහභාගි වුනා.. ඒ සටන්වලින් කාටවත් ලෝගන්ව පරද්දන්න පුළුවන් උනේ නෑ.. මේ සටන් නිසා තමයි ලෝගන්ට වුල්වරීන් කියන නම ලැබුණේ..
මේ තරම් කාලයක් එකට හිටපු රෝස් සහ ජේම්ස් අතරේ ආදර සම්බන්ධයක් ඇති උනා.. මේ දෙන්නා විවාහ ගිවිසගෙන ඉන්න අතරේ දවසක් ඩෝග් ජේම්ස් වැඩ කරපු ගල්වල හොයාගත්තා.. ඩෝග්ව එවන්නේ ජේම්ස්ගේ සීයා.. සීයාගේ අවසන් කාලය ඇවිත් තිබ්බ නිසා ජේම්ස් එක්ක සමාදාන වෙන්න ඕන නිසා.. ඒත් ඩෝග්ට ඕන උනේ ජේම්ස්ව මරන්න..
මේ දෙන්නා සටනට එළඹුණා.. (ඩෝගුත් හොද සෞඛ්‍යසම්පන්නව හිටියේ) ඒත් ඩෝග්ට කූඩු සටන්වලින් වුල්වරීන් නම ලබාගත්ත ජේම්ස් එක්ක සටන් කරලා දිනන්න කිසිම අවස්ථාවක් නෑ.. ඩෝග්ට සිහි නැති වෙන්න පාරක් ගහන ජේම්ස් පාරේ හැමෝම බලාගෙන ඉන්න අතරේ තමන්ගේ නියපහුරු පිටට ගන්නවා ඩෝග්ව මරන්න හිතාගෙන.. රෝස් ජේම්ස්ව නවත්තන්න ඉස්සරහට පනිනවා.. ඒත් ජේම්ස්ගේ නියපහුරු රෝස්ගේ ශරීරය පස්සරු කරගෙන යනවා.. කම්පනය දරාගන්න බරුව ජේම්ස් කැලේට පැනලා යනවා..

කැලේදි ජේම්ස්ට් රොමියුලස්ව හම්බෙනවා.. රොමියුලස්ගේ මගපෙන්වීම් යටතේ ජේම්ස් මැඩ්‍රිපූර්වල කුලී හේවායෙක් වෙනවා..
වුල්වරීන්ගේ ජීවිත කතාව නම් ගොඩාක් දිගයි.. ඒ නිසා පුළුවන් තරම් කෙටියෙන් දක්වන්නම් මෙතන ඉදන්..
1914දි පළවෙනි ලෝක යුද්ධයේ කැනඩා හමුදාවේ ඩෙවිල්ස් බ්‍රිගේඩ් එකට ලෝගන් බැදුණා.. මේ බ්‍රිගේඩ් එක රොමියුලස් සමහරවෙලාවට තමන්ගේ වැඩවලට යොදාගත්ත විශේෂ හමුදා ඒකකයක්.. මේ හමුදා ඒකකයේ අණදෙන නිළධාරියා උනේ සයිලස් බර් නමැති සුපිරි ශක්තියක් තිබ්බ පුද්ගලයෙක්.. පසුකාලීනව වුල්වරීන් පවා බය උන චරිතයක් වෙන cyber වෙන්නේ මේ සයිලස් බර්.. 

දෙවනි ලෝක යුද්ධයෙදිත් ලෝගන් ඩෙවිල්ස් බ්‍රිගේඩ් එකේ බර්ගේ අණ යටතේ යුද්ධයට යනවා.. කැප්ටන් ඇමරිකා සහ ලෝගන්ගේ මුල්ම හමුවීම වෙන්නේ මේ යුධබිමේදි..

යුද්ධයෙන් පස්සේ ලෝගන් ජපානෙට යනවා.. සටන්කාමී පෞරුෂයට ඉවසීම එකතු කරගැනීමේ අරමුණින් යන්නේ.. ජපානෙදි ලෝගන් ඉට්සු අකිහිරෝ කියලා කාන්තාවකට ආදරය කරලා ඇයව විවාහ කරගන්නවා.. 
තමන් සමුරායි කෙනෙක් වෙන්න සුදුසුයි කියලා ඔප්පු කරන්න ගිය ලෝගන් අතින් ගම්වැසියෙක් මැරෙනවා.. ගමෙන් පිටුවහල් කල ලෝගන් ඉත්සුට සමුදෙන්න යනකොට වින්ටර් සෝල්ජර් ඉට්සුව මරලා දාලා.. වින්ටර් සෝල්ජර් ඒක කරන්නේ රොමියුලස්ගේ අණ මත.. ඉට්සුට තමන්ට දාව දරුගැබක් තියෙනවා කියලා නොදැන ලෝගන් එතනින් යනවා.. ඉට්සුගේ ගැබෙන් ළමයව ගන්න රොමියුලස් ළමයාව අකිහිරෝ කියලා ජපානේ පෝසත් පව්ලක දොරකඩ තියලා යනවා.. ඒ දරුවා තමයි පසුකාලීනව ඩේකන් කියලා හදුනවන්නේ..

1961දි වුල්වරීන් කියන නමෙන් ලෝගන් වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එකට එකතු වෙනවා.. මේක මියුටන්ට්ලාව යොදාගෙන මියුටන්ට්ලාගෙන් ඇති වෙන්න පුළුවන් තර්ජන වළක්වන්න හදපු ටීම් එකක්.. පස්සේ වුල්වරීන්ව සී අයි ඒ එකේ බ්ලැක් ඔප් ටීම් එකක් වෙච්ච ටීම් එක්ස් එකට දානවා.. මේ ටීම් එකේ සේබර්ටූත්, මර්වික්(ඒජන්ට් සීරෝ),කෙස්ට්‍රල්(ජෝන් රයිත්), මස්ටොඩන් වගේ කිහිප දෙනෙක් ඉන්නවා..

1968දි වුල්වරීන්ට කාබොනේඩියම් උණ්ඩ කිහිපයක් වදිනවා.. කාබොනේඩියම්වලින් වුල්වරීන්ගේ හීලින් ෆැක්ටර් එකේ වේගය අඩු වෙනවා..
1972දි වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එකටම සම්බන්ධ කැනඩාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ශාඛාවක් වන ඩිපාට්මන්ට් කේ එකට වුල්වරීන් බැදෙනවා.. ඒකෙදි ඒජන්ට් කෙනෙක්ට බීමතින් වෙඩි තියන වුල්වරීන් ඩිපාට්මන්ට් කේ එකෙන් අයින් වෙලා යුකොන්වලට යන්න හදනවා.. ඒත් ඊට කලින් වුල්වරීන්ව කට්ටියක් පැහැරගන්නවා.. මේ පිරිස වෙපන් එක ප්‍රොජෙක්ට් එකේ අය.. වෙපන් එක්ස් ප්‍රොජෙක්ට් එකේදි වුල්වරීන්ගේ අස්ථි පද්ධතියට ඇඩමැන්ටියම් එක්ක එකතු කරනවා.. මේ ඔක්කොම වෙන්නේ රොමියුලස්ගේ අණ මත..
වෙපන් එක්ස් එකෙන් පැනගන්න වුල්වරීන් කැලයේ ඉබාගාතේ ඇවිදිනකොට රොකීස්වල හනිමූන් එකට ආපු ජේම්ස් හා හෙදර් මැක් හඩ්සන් ජෝඩුවට හම්බෙනවා.. හඩ්සන්ලාගේ උදව්වෙන් වුල්වරීන් ජේම්ස් හඩ්සන්ගේ සුපිරිබලයන් ඇති පුද්ගලයන් පිළිබද රාජ්‍ය කාර්යංශය වෙන ඩිපාට්මන්ට් එච් එකට එකතු වෙනවා.. වුල්වරීන් ඩිපාට්මන්ට් එච් එකේ ඇල්ෆා ෆ්ලයිට් එකට බැදෙනවා.. 
ඇල්ෆා ෆ්ලයිට් එකේ නායකයා වෙලා ඉන්න කාලයෙදි හල්ක් එක්ක වුල්වරීන්ගේ සටන මනසෙන් දකින චාල්ස් එක්සේවියර් තමන්ගේ මුල් ශිෂ්‍යන්ව ක්‍රැකෝආ දූපතෙන් බේරගන්න එකතු කරන දෙවනි එක්ස් මෙන් කණ්ඩායමට වුල්වරීන්ට ආරාධනා කරනවා..
වුල්වරීන්ගේ පව්ල සම්බන්ධයෙන් පොඩි සදහනක් කරන්න හිතුවා.. වුල්විගේ අම්මා එලිසබෙත් හඩ්සන්.. අම්මාගේ පැත්තෙන් ජේම්ස් හඩ්සන් වුල්විගේ මස්සිනා කෙනෙක්..
ඒ වගේම වුල්විට ළමයි ගොඩක් ඉන්නවා.. ඒ අතරින් අර්ත් 616 ළමයි විතරක් කියන්නම්..
ඩේකන් අකිහිරෝ(පිටි අත්ලෙන් නියපහුරු දෙකක් හා මැණික් කටුවෙන් එක නියපහුරක් එනවා ඩේකන්ගේ), එරිස්ටා(සැවේජ් ලෑන්ඩ් එකේ ෆයර් ට්‍රයබ් එකේ දරුවෙක්), විලියම් ඩවුනින්ග්/ගන්හෝක්(බලයන් නෑ.. පුහුණු කුලී මිනීමරුවෙක්), සොව්ෆිස්ට්(බලයන් නෑ.. අතට සවි කරපු දම්වැල් කියතක් පාවිච්චි කරනවා), කැනන් ෆූට්(අත්වල හා කකුල්වල උල් නියපහුරු තියෙනවා.. වෘක ස්වරූපයක් තියෙනවා),ශැඩෝස්ටෝකර්(බලයක් නැති පුහුණු කුලී හේවායෙක්.. දුවෙක්), ෆයර් නයිව්ස්(බලයක් නැති පුහුණු කුලී හේවායෙක්.. දුවෙක්)
වුල්වරීන්ගේ බලයන් විදියට වැඩි දියුණු උන සංවේදනාවන් , ශක්තිය, වේගය, සතුන්ගේ මාන්සික සංවේදනා තේරුම් ගැනීමේ හැකියාව වගේම විශේෂයෙන්ම දිගු කල හැකි නියපහුරු හා ත්වරණයෙන් සිදුවෙන සුවවීම දක්වන්න පුළුවන්..
මේ වුල්වරීන්ගේ මූලික මියුටන්ට් බලයන්..
ඇඩමැන්ටියම් අස්ථි පද්ධතිය කෘතිමව ලබාදුන් බලයක්..

දුර්වලතාවයන් අඩුම කෙනෙක් කියලා ගොඩක් අය හිතාගෙන හිටියට වුල්වරීන්ට ගොඩක් දුර්වලතාවයන් තියෙනවා..
කාබොනේඩියම්වලින් වුල්වරීන්ගේ සුවවීමේ හැකියාවේ වේගය අඩු වෙනවා..
මැග්නීටෝට වුල්වරීන්ගේ ඇඩමැන්ටියම් අස්ථි පද්ධථිය පාලනය කරලා වුල්වරීන්ව මරලා දාන්න උනත් පුළුවන්..
ඒ වගේම වුල්වරීන්ගේ වැඩි දියුණු වෙච්ච සංවේදනාත් හරහට හිටින අවස්ථා එනවා.. හල්ක් එක්ක සටනෙදි හල්ක්ගේ තන්ඩර් ක්ලැප් එකෙන් වුල්විගේ සුපිරි ඇසීමේ හැකියාව නිසා වුල්වරීන් ලොකු කම්පනයකට පත් වෙනවා..

ඇඩමැන්ටියම්වල අනෙක් බහුරූපිතා 3 ආසන්නයෙදි ඒ බහුරූපීතාවයන්ගේ අස්ථායි ස්වභාවය නිසා වුල්වරීන්ට කරකැවිලි ගති ඇති වෙලා තියෙනවා..
දියේ ගිල්වීමෙනුත් වුල්වරීන්ව නවත්තන්න පුළුවන්..
ඒ වගේම හිස කදෙන් වෙන් කිරීමෙන් වුල්වරීන්ව මරන්න පුළුවන්..

4 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න