Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Arrow - Season 1 Plot 2

 Arrow - Season 1  Plot 2
*** ------ Arrow ------ ***

Season 1 _ Plot 2

පලවෙනි plot එකේදි වගේ කතාව සම්පූර්ණයෙන්ම විස්තර නොකර කොමික් හා සම්බන්ධ වෙන සහ කතාවට ඉස්සරහට වැදගත් වෙන කරුණු ගැන විතරක් කතා කරන්න මම තීරණය කරා. ලංකාවේ බහුතරයක් දෙනා #Arrow සීසන් එක බලලා තියෙන නිසා ඉතින් කතාව හැමෝම දන්නවනේ ඒ නිසාත්, ගොඩ දෙනක් අහලා තිබ්බ නිසාත් කතාවෙ තියෙන #Easter_Eggs ගැනයි කතාවේ චරිත ගැන පොඩි #Review එකක් හිටින විදියටයි මම අද ඉදන් කතාව ලියන්න ගන්නවා. ගොඩක් දුරට කතාවෙ හැංගිච්ච තැන් එලියට ගන්නයි හිතන් ඉන්නෙ. ඒ නිසා කමෙන්ට් එකකින් හරි පේජ් එකට මමැසේජ් එකකින් හරි මේ ගැන පොඩි Feedback එකක් දෙන්න කියලාත් කාරුණිකව ඉල්ලනවා. මෙතනදි මම Arrow season 1 episode 4-9 දක්වා පමණයි සාරාංශ කරලා තියෙන්නේ.
 

හරි එහෙනම් අපි කතාව දිහාට හැරෙමු.

#1 - Laural Lance ( ලෝරල් ලාන්ස් )
ඔලිවර්ගේ නීතිවේදිනිය ලෙස ඉදිරිපත්වන විට ලෝරල් තමාගේ සම්පූර්ණ නම Dianah Laural ලෙස නඩුකාරතුමියට පවසනවා. DC Comics වල මේ නම තියෙන්නෙ එක චරිතෙකට විතරයි. ඔව් ඒ Black Canaryට තමයි. ඒ කියන්නෙ අපිට ඉස්සරහට ලෝරල් Black Canary වෙනවා බලාගන්න පුලුවන් වෙයි.

#2 - Edward Fyers ( එඩ්වර්ඩ් ෆයර්ස් )
කතාව ඉස්සරහට යනකොට අපිට මෙයා ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබේවි. මෙයා කාගෙ හරි උවමනාවට වැඩකරන ඉත්තෙක්. හැබැයි මිනිහා මොලකාරයෙක් බව පේනවා. කවුද මෙයාට උපදෙස් දෙන්නෙ? පාලු දූපතක ඉදලා මොනවද මෙයා plan කරන්නෙ? මොනවද මෙයාට උවමනා කරලා තියෙන්නෙ? ඉස්සරහට කතාවෙන් මේ ඔක්කොම කියවෙයි.

#3 - Wintergreen ( වින්ටර්ග්‍රීන්/වෙස් මුහුණුකරු )
අපි හැමෝම දන්නවනේ Deathstroke ගැන පලවෙනි එපිසෝඩ් එකෙන්ම Easter-egg එකක් දුන්නා කියලා. පස්වෙනි episode එකේදි කතාවට වෙස්මුහුණු කරුවෙක් එකතු කරනවා. මේ කෙනා පැළඳ සිටින්නෙත් Deathstrokeට සමාන හිස්වැස්මක්. එහෙනම් මේ Deathstrokeද? නැත්නම් වෙන කෙනෙක්ද? හැබැයි Comic පොත්වලට අනුවනම් මේ wintergreen කියන්නෙ හාත්පසින්ම වෙනස් කෙනෙක්. අපි බලමු ඉස්සරහට කවුද මේ කෙනා කියලා.

#4 - Royal Flush Gang ( රෝයල් ෆ්ලශ් ගෑන්ග් )
Royal Flush Gang කියන්නෙ එකම පවුලක සාමාජිකයන් එකතු වෙලා හදාගත්තු ටීම් එකක්. මොවුන් කාඩ් කුට්ටමේ ඉස්කෝප්ප කාඩ් විදියට මුහුණු ආවරණය කරගත්තු පිරිසක්. කූට උපක්‍රම සහ ආයුධ හැසිරවීමේ ප්‍රගුණතාව මොවුන් සතුව තිබෙන විශේෂ හැකියාවන් වෙනවා. Comic පැත්තෙන් ගත්තොත් Royal Flush Gang එක Justice League of America එකේ Joker ගැන තියෙන episode එකකටත් සම්බන්ධ උනා. ඒ නිසා Joker සම්බන්ධ කෙනෙක් දක්වාත් කතාව යන්න පුලුවන්. JLA කොමික් කතාවට මොවුන් සම්බන්ධ නිසා සමහර විට කතාවට තව JLA membersලා එකතු වෙන්නත්, DC Universe එකට සම්බන්ධ villainsලා එකතු වෙන්නත් ඉඩකඩ තියෙනවා.

#5 - China White / Chien Na Wei ( චයිනා වයිට් )
කලින් plot එකේ කිව්වා වගේම ආයෙත් China White කතාවට reappear වෙනවා. මැය ට්‍රයඩ් නැමති පාතාල කණ්ඩායමක සාමාජිකාවක් බව 7වෙනි එපිසෝඩ් එකේ පෙන්නුම් කරනවා. ට්‍රයඩ් එකේ නායකයාගේ මියයාමත් සමඟ ඇය එහි නායකත්වයට පත්වේවි.

#6 - Helena Bertinelli / Huntress and her Cross (හෙලේනා බර්ට්නෙලි සහ ඇගේ කුරුසය)
හෙලේනා කියන්නෙ Star City එකේ ඉන්න Mob Boss කෙනෙක් වන Frank Bertinelliගෙ දුව. හෙලේනා ඇගේ පියාගේ අපරාධ සම්බන්ධයෙන් කරුණු ගොනු කරලා ඒවා FBI එකට දෙන්න සූදානම් වෙනවා. නමුත් ඒකට ඇයගේ පෙම්වතා මයිකල් සම්බන්ධයි කියලායි ෆ්‍රෑන්ක් හොයාගන්නෙ. ඒ නිසා ෆ්‍රෑන්ක් එයාගෙ ගෝලයෙක් දම්මලා මයිකල්ව මරනවා. ඊට පස්සෙ ඒකට සම්බන්ධ කට්ටියව මරන්න හෙලේනා පටන් ගන්නවා. අන්තිමට ෆ්‍රෑන්ක්ව මරන්න යද්දි ඔලිවර් ඒක නවත්තනවා. පස්සෙ ඇය නගරයෙන් පිටව යනවා. හෙලේනාට මයිකල් දීපු මාලයට සම්බන්ධ වෙලා තියෙන්නෙ කුරුසයක්. ඒක තමා comic පොත් වල වැඩිපුරම කතාවට ලක්වෙන්නෙ. පහුකාලෙක ඇය Huntress ලෙස නම් තබාගන්නා විට ඇගේ ඇදුමේ කුරුසයක ලකුණක් සටහන් කර ගැනීම තමයි විශේෂයෙන් සටහන් වෙන්නේ. තව ඇය භාවිතා කරන ආයුධය Crossbow එකක් වීමත් කැපී පෙනෙනවා.

#7 - Thea Queen / Speedy (තියා ක්වීන් / ස්පීඩි)
කතාවේ තැන් කිහිපයකම Theaට කට්ටිය කතා කරන්නෙ Speedy කියලා. කොමික් පොතේ speedy කියන්නෙ Green Arrowගේ sidekick එකට. එහෙම නැත්තම් සහායකයාට. ඒ කියන්නෙ තියා ඉස්සරහට Green Arrowගේ sidekick එකක් වෙයිද? අපි ඉස්සරහට බලමු

#8 - Walter Steele (වෝල්ටර් ස්ටීල්)
අපේ Felicity හොයාගන්නවා අර ගනුදෙනු කරපු සල්ලි තිබෙන එකවුන්ට් එකත් එක්ක අර සංකේතයේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඇය මේක Walterට කිව්වාම ඔහු Moiraගේ නිදන කාමරය පරීක්ෂා කරනවා. එහිදී ඔහුට ඔලිවර්ට තාත්තා ළඟ තිබිලා හම්බුණා වගේම දිනපොතක් හමුවෙනවා. හැබැයි මේකෙ මුකුත්ම ලියවිලා නැහැ. ඔහු මේ දිනපොත ෆෙලිසිටිට දෙනවා වැඩිදුර හොයන්න කියලා. ෆෙලිසිටි හොයාගන්නවා මේ පොතේ නම් තියෙනවා කියලාත්, වෙස් මුහුණු පැළඳගත් දුනුවායා මේ පොතේ නම් සහිත පුද්ගලයන් හඹා යන බවත්. මේ ගැන වෝල්ටර් ඕනෑවට වඩා කරුණු දන්නා බව මොයිරාගේ හවුල්කරු දැනගන්නවා. ඒ බව මොයිරාට දැනුම් දී අවසන ඔහු තම සගයෙකු ලවා වෝල්ටර්ව පැහැර ගන්නවා.

මේ පොතේ තියෙන සංකේතය වටා කතාව ගොඩනැගෙන බවට ඉගි රාශියක් දැනටමත් පළව තිබෙනවා. දැනටමත් මොයිරා සහ ඇයගේ හවුල්කරුවා මේකට සම්බන්ධ බව අපි දන්නවා. ඒත් කවුද මේ හවුල්කරුවා? අපි බලමු.

#9, #10, #11 - Dark Archer / Malcom Merlin (ඩාර්ක් ආචර් / මැල්කම් මර්ලින්)
ඔන්න කතාවේ episode 9ක් ගියාට පස්සෙ Moiraගේ හවුල්කාරයා කාගෙ කවුද කියලා හැමෝටම දැනගන්න ලැබෙනවා. ඔලිවර්ගේ හොඳම යාලුවා Tommyගේ තාත්තා තමයි ඒ. නමින් Malcom Merlin(#9 පින්තූරය). මොයිරාගෙයි මැල්කම්ගෙයි තියෙන මේ හුටපටේ මොකද්ද? තාම ඒක ගැන හරි හමන් දැනුම් දීමක් කරලා නෑ. ඒ නමුත් නගරෙට ආපු කළු දුනුවායා මැල්කම් මර්ලින් කියලා පෙන්නුවාම නම් ඉතින් සීන් එක තේරෙනවා(#11 පින්තූරය). ඔලිවර්ට වඩා ඉහළ දස්කම් දක්වන මර්ලින් ලෑස්ති වෙන්නෙ මොකකටද? හොඳකට නම් වෙන්න බෑ ඉතින් කොහොම නමුත් අර සංකේතෙයි, පොතෙයි, මර්ලින්ගෙයි ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා දැන් හැමෝටම තේරෙනවානේ. තමන් ලැයිස්තුව ගැන දන්නා බවත් ඒක ලියපු කෙනාට ඔබව මරාදමන්න උවමනා බවත් මර්ලින් කියනවා. අන්තිමට දෙන්නා අතරෙ යන වලියෙන් ඔලිවර් යන්තමට බේරෙනවා.

Dark Archer(#10 පින්තූරය) ගැන කොමික් වල තියෙන්නෙ පොඩි වෙනස් කමක් එක්ක. මර්ලින් කියන්නෙ Green Arrowගෙ ගුරුවරයා. නමුත් මර්ලින් බැට්මෑන්ව මරන්න යන අවස්ථාවකදී Green Arrow මර්ලින්ගේ ඊතලය තමන්ගේ ඊතලයක් හරහා වලක්වනවා. එතනින් පසුව තමයි ඔවුන් තරමක දරුණු සතුරන් වන්නේ.

#SmAsHeR


No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න