Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Avengers: Age of Ultron Trailer 1 - Breakdown 1

Avengers: Age of Ultron Trailer 1 - Breakdown 1

Marvel Trailer Breakdown

Avengers Age of Ultron Trailer Review (part 01)
 



DC ලාගේ Batman vs Superman ලගේ ෆිල්ම් එකත් එක්ක තරඟයට තිබ්බ මාර්වෙල් ෆිල්ම් එක තමයි ඇවෙන්ජර් 2 කියන්නේ. DC ලා එයාලගේ යුනිවර්ස් එක නිල වශයෙන් එලියට දාන්න හිටියේ ඒකේ දී උණාට මාවල් ලා මේ වෙනකොටත් යුනිවර්ස් එකේ ගොඩක් දේවල් එලියට දාලා ඉවරයි. එහෙම තිබ්බ තත්ත්වය යටතේ දී මේ අවුරුද්දේ එන්න තිබ්බ සුපර් හීරෝ ෆිල්ම් අතරින් වැඩි අවධානයක් Batman vs Superman ෆිල්ම් එකට තිබ්බා කියලා හිතෙනවා. ඒත් ඒ ෆිල්ම් එක 2016 වසරට කල් ගියපු හින්දා කවුරුවත් නොහිතපු විදිහේ ආකර්ශනයක් ඇවෙන්ජර්ස් 2 ෆිල්ම් එකට යොමු උණා. ඒක පැහැදිලි වෙනවා මේ වෙනකොට ට්‍රේලර් එකට හම්බෙලා තියන ප්‍රතිචාර වලින්ම.

මේ පිළිබඳව ලිපියක් ලියන්න ඕනේ අදහස කොමික් ස්ක්‍රිප්ට් පේජ් එක පටන් ගත්තු මුල් දවසේ ඉදන් තිබ්බත් ඒක ටිකක් අතපහු කරන්න උණු හේතු කිහිපයක්ම තිබ්බා. ඒකෙන් ප්‍රධානම හේතුව තමයි මාවෙල් ලාගේ සිනේම්ට්‍රික් යුනිවර්ස් එක සහ කොමික් යුනිවර්ස් එක අතර වෙනස හොඳටම මෙතන දී තමයි අපිට හොදටම දැනෙන්නේ. එතකොට ඒ දෙකේ වෙනස ගැන කියන ගමන් ලියන්න ගියොත් ඒක ගොඩක් දිග ලිපියක් වෙනවා වගේම පැටලෙන්න තියන ඉඩකඩත් ගොඩක් වැඩියි. ඒත් ඇවෙන්ජ්ර්ස් 2 එකේ දෙවෙනි ට්‍රේලර් එක ජනවාරි 12 වෙනිදා නිකුත් වෙන්න නියමිත හින්දා තවත් පරක්කු කරන්න බැරි තැනකට ආවා. ඒක නිසා කොමික් වල කතාව සහ අල්ට්‍රෝන් ගැන පස්සේ කතා කරන්න හිතාගෙන ( ෆිල්ම් එක ගැන රිවිව් එකක් ලියන්න හිතාගෙන ඉන්නේ ෆිල්ම් එකේ Blue Ray පිටපත ආවාට පස්සේ හින්දා ඕන තරම් කල් තියනවා)


දැනට අපි ට්‍රේලර් එකේ දැක්කේ මොනවාද කියලා විතරක් පොඩ්ඩක් කතා කරමු.

මේ වෙද්දී ඇවිත් තියනවා ට්‍රේලර් 3ක්.

මුලින්ම ආපු “නිල” ප්‍රචාරක පටය
https://www.youtube.com/watch?v=tmeOjFno6Do

ඒත් එකක්ම වගේ ආවා තව එකක්. මේකේ කලින් එකට වඩා මුලින් පොඩි කෑල්ලක් වැඩි පුර තියනවා
https://www.youtube.com/watch?v=PqkR0SwFN_4

අන්තිමේ දී ආවා විස්ථාරිත ප්‍රචාරක පටයක්
https://www.youtube.com/watch?v=o4Cm2uYymW0

මම මෙතන දී කතා කරන්නේ තුන්වෙනියට ආපු ප්‍රචාරක පටය ගැන. ඒ ප්‍රචාරක පටයේ අර දෙවෙනියට ආපු එකේ තියන අමතර කොටස නම් නෑ. ඒත් ඒක ඉවර වෙන තැනින් පටන් ගන්න හින්දා අපිට ලොකු ගැටලුවක් වෙන්නේ නෑ.

ප්‍රචාරක පටය ආරම්බ වෙන්නේ ඇවෙන්ජර් ටවර් එකේ තියන පාර්ටි එකකින්. (මේක ගැන දෙවෙනියට දාපු ලින්ක් එකේ තමයි වැඩි පුර විස්තර තියන්නේ). එතන ඉන්නවා අපි දන්න කියන කට්ටිය ගොඩාක් (#01 පින්තුරය). නම් වශයෙන් ගත්තොත් ටෝනි ස්ටාර්ක් හෙවත් අයන් මෑන්, ස්ටීව් රොජර්ස් හෙවත් කැප්ටන් ඇමරිකා, ඩොක්ටර් බැනර් (තොර්ට වැහිලා ඉන්නේ), තෝර්, ක්ලින්ටන් බාර්ටන් හෙවත් හෝක් අයි සහ නතාලියා හෙවත් බ්ලැක් විඩෝ. මේ අපි දන්න කියන ඇවෙන්ජර්ස් ලා නේ. මීට අමතරව අපි දන්න තවත් දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි ටෝනි ගේ යාලුවා රොඩී සහ මාරියා හිල්. කොමික් යුනිවර්ස් එක සහ සිනේමෙට්‍රික් යුනිවර්ස් එක ගැන කතා නොකර ඉන්නවා කියලා තීරණය කලාට මාරියා හිල් ගැන පොඩි දෙයක් විතරක් කියන්න ඕනේ. ඒ තමයි කොමික් යුනිවර්ස් එකේ දී මාරියා හිල් තමයි සිවිල් වෝර් එකට කලින් ශිල්ඩ් එකේ ඩිරෙක්ටර් වෙන්නේ. සිවිල් වෝර් එකේ ඩිරෙක්ටර් ටෝනි ස්ටාර්ක් නේ. එතකොට සිනේමැටික් යුනිවර්ස් එකේ ඩිරෙක්ටර් වෙන්නේ මේ වෙද්දී ෆිල් කෝල්සන් නේ. හැබයි සිවිල් වෝර් එක එන්නේ තව ඉස්සරහට සිනේමෙට්‍රික් යුනිවර්ස් එකට අනුව නම්. අපි මෙතන ඉන්න අයගෙන් 8 දෙනෙක් ම දන්නවා. එතකොට කවුද මේ ඉතුරු එක්කෙනා (#02 පින්තුරය). මේ චරිතේ ගැන නම් කිසිම අයිඩියා එකක් නෑ ගොඩක් දෙනෙකුට. ආසියානු සම්බවයක් තියන මේ කාන්තාව ලෝකේ ඉන්න වැදගත්ම පිරිසක් එක්ක පාර්ටි දාන්න තරම් වැදගත් නම් මෙච්චර කාලයක් හැංගිලා හිටියේ කොහේද කියන ප්‍රශ්නය අපිට එනවා. මෙයා ගැන හරියටම බලාගන්න නම් ෆිල්ම් එක එනකල්ම ඉන්න වෙනවා.

කට්ටිය විනෝද වෙන අතරේ තෝර් ගේ මිටිය ගැන අවධානය යොමු වෙනවා. ඔයලාට තෝර් පලවෙනි ෆිල්ම් එක මතක නම් තෝර් ගේ මිටිය කාටවත් උස්සන්න බෑනේ. මොකද තෝර් ගේ මිටිය එහෙමත් නැතිනම් ම්යෝල්නියර් එක උස්සන්න පුළුවන් ඒක උස්සන්න සුදුසු පුද්ගලයන් විතරයි. සිනේමෙට්‍රික් යුනිවර්ස් එකේ අපිට එහෙම කවුරුවත් හම්බුනේ නැති උනාට කොමික් යුනිවර්ස් එකේ නම් මිටිය උස්සලා තියන අයගෙන් දෙන්නෙක්ම එතන ඉන්නවා. ඒ තමයි හල්ක් (මෙතන ඉන්නේ බැනර් විදිහට හින්දා අමතක කරන්න පුළුවන්) සහ කැප්. ටෝනි එයාගේ ආර්මර් එකේ උදව්වෙන් සහ රෝඩි ගේ උදව්වෙන් ට්‍රයි කලත් බැරි වෙනවා. හැබයි කැප් ට්‍රයි කරද්දී නම් මිටිය යාන්තමට හෙල්ලෙනවා වගේ මම නම් දැක්කේ. ඒ වෙලාවේ තෝර් ගේ මුනේ තිබ්බ ඉරියව්ව දැකපු හැමෝටම ඒක පැහැදිලි වෙනවා. සමහරක් විට මේ කොමික් යුනිවර්ස් එක ගැන පොඩි මතක් කිරීමක් වෙන්න ඉඩ තියනවා.

ඔන්න ඊට පස්සේ තමයි අපිට අල්ට්‍රෝන් මුලින්ම හම්බෙන්නේ (#03 පින්තුරය). කවුද මේ අල්ට්‍රෝන් කියන්නේ. මෙයා ගැන සම්පුර්ණ ලිපියක් ඉස්සරහට දාන්න හිතාගෙන ඉන්නේ. එතකල් අපි මතක තියාගමු මෙයා කෘතීම බුද්ධියක් තියන එක්තරා විදිහක රොබෝ කෙනෙක් කියලා. කොමික් වල නම් අල්ට්‍රෝන් හදන්නේ හෑන්ක් පයිම් උණාට සිනේමෙට්‍රික් යුනිවර්ස් එකේ දී නම් හල්ක් ව හදන්නේ ටෝනි ස්ටාර්ක් නේ. ඒ කියන්නේ ටෝනි ගේ ආර්මර් එකයි අල්ට්‍රෝනුයි ලොකු සම්බන්දයක් තියනවා. ඊට පස්සේ ඇවෙන්ජර් ටවර් එක කඩාගෙන ඇතුලට එන්නේ ටෝනි ගේ ස්වයංක්‍රිය ආමර් කිට් වගයක් (#04 පින්තුරය). එතන දී අල්ට්‍රෝන් එයාගේ අරමුණ ඇවෙන්ජර් ටීම් එකට කියනවා. සරලව කියනවා නම් මිනිස් වර්ගයා පොළවෙන් තුරන් කරන එක තමයි අරමුණ. මම අද මෙතනින් මේක නවත්වනවා. මොකද මෙතනින් එහාට අපිට මුලින්ම ආපු ප්‍රචාරක පටය පටන් ගන්න හින්දා. අපි එකේ දී බලමු මේ ෆිල්ම් එක ඇතුලේ දී අපිට මොන මොන දේවල් බලා ගන්න පුළුවන් ද කියලා.

attila_THE_hun


No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න