*** ------ Arrow ------ ***
Season 1 _ Plot 3
අද මම කතා කරන්නෙ Arrow Season 1 episode 10 - 15කොටස් වල තියෙන විශේෂ සිදුවීම් ගැනයි ඒ හා සම්බන්ධ Comic පසුබිම ගැනයි. සමහර කොටස් අවශ්‍යතා මත කතාවට අනුව සුළු විස්තර කිරීම් කරන්නත් වුනා. කෙලින්ම Easter Eggs වලටයි, Spoilers වලටයි යමු එහෙනම්.
#1 - Firefly
DC කොමික්ස් ගැන දන්න හැමෝටම මේ නම හොදට අහලා පුරුදු එකක්. ඒ Batman කතාවත් එක්කයි. අපි හැමෝම දන්න Fireflyට ඉගිල්ලෙන්න අත්තටු, ගිනි පිඹිය හැකි තුවක්කුවක් සහ granade fire bombs තියෙනවා. ඒත් මේකෙදි ඔහුට තිබෙන්නේ ගිනි පිඹින තුවක්කුවක්, granade fire bombs සහ firefly කෙනෙක්ගේ tatoo එකක් (#1.1) පමණයි. මේ DC comicsලාගේ ඉන්න villain firefly මද? ඔව් ඒ මෙයාම තමයි. New Earth Series එකට අනුව ඉන්න fireflyගෙ නම Garfield Lynns. මේකෙදිත් ඒ නමමයි පාවිච්චි වෙන්නේ(Firefly ගැන තනි ලිපියක් ලඟදීම එනවා). කතාව ගාර්ෆීල්ඩ් Firefly වෙන්නෙ කොහොමද කියන එකත් එක්ක බැඳිලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඉස්සරහට DC comics චරිත ගොඩක් කතාවෙන් බලාගන්න පුලුවන් වෙනවා කියන එකයි kiki emoticon
#2 - Vertigo and The Count
Comic වලට අනුව Green Arrowගේ ප්‍රධානතම සතුරන්ගෙන් එක්කෙනෙක් තමයි The Count Vertigo කියන්නේ. මොහු Starling නගරයේ අතිබිහිසුණුම මත්ද්‍රව්‍ය වන vertigoහි නිෂ්පාදකයාය. vertigo මත්ද්‍රව්‍ය භාවිතා කරනා සෑම පුද්ගලයෙක්ම එයට දරුණු ලෙස ඇබ්බැහි වෙති. එමගින් මනස විකෘති වන අතර කරන කියන කිසිමදෙයක් ගැන වැටහීමක් නොදක්වයි. ඔලිවර් තමා මත්ද්‍රව්‍ය මිලදී ගන්නා ලෙසින් පවසා countගේ සැඟවී සිටින ස්ථානය සොයාගෙන ඔහුව අල්ලා පොලීසියට බාර දෙනවා. කොමික් වලට අනිව Count Vertigo කියන්නෙ මානසික බලයකින් පුද්ගලයන් අඩපණ කරන්නාවූ පුද්ගලයෙකුට. ඒත් මේ countට මෙවන්වූ හැකියාවක් නැහැ. එහෙනම් කොමික් ව්අලට අනුව ඉන්න Count Vertigo මෙයා නෙවෙයි. එහෙනම් ඇත්තම Count Vertigo කවුද? මේ කෙනා දැන්මම කරලියට ඒවිද? අපිට ටික කාලයක් බලන් ඉන්න වේවි ඉතින් wink emoticon
#3 - Thea Dearden Queen
කතාවෙදි Theaත් කලින් The Countගේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී සිටිනවා. නමුත් සැමටම මේ බව හෙළිවන්නේ ඇය අතින් සිදුවූ රිය අනතුරින් පසුවයි. ඒ අනුව ඇයට උසාවිය මගින් පරිවාස කාලයක් ලබා දෙනවා සමාජ සේවයක නිරත වන ලෙස පවසමින්. මේ කොටසේදී ඇයට නැවතත් 'speedy' ලෙස ආමන්ත්‍රණය කිරීමෙනුත්, Dearden යන මැද නාමය තිබීමෙනුත් ඇය Green Arrowගේ අනාගත Sidekick එක වීමට පැහැදිලි ඉඩක් තිබෙනවා.
#4 - Slade Wilson / Deathstroke
ඔන්න මෙතනදී තමයි කතාවෙ වැදගත්ම කොටස සම්බන්ධ වෙන්නෙ. ඔලිවර් ස්ලේඩ් විල්සන්ව දූපතේදි පලමුව හමුවන අවස්ථාව. DC කොමික් කියවපු හැමෝම දන්නවනෙ Slade Wilson කියන්නෙ Deathstrokeට කියලා. නමුත් මුලින්ම ස්ලේඩ්ව පෙන්නනකොට ඔහො අති දක්ෂ සටන්කරුවෙක් කියලා විතරයි පෙන්නන්නෙ. කතාවෙ 13වෙනි එපිසෝඩ් එකේදි ඔලිවරුයි, ස්ලේඩුයි හවුල්කරුවන් බවට පත්වනවා දූපතෙන් පිටව යෑමට. ස්ලෑඩ් තමා A.S.I.S (ඕස්ට්‍රේලියානු බුද්ධි අංශය) එකට වැඩ කරන බවත් ඔහුගේ පැරණි හවුල්කරුවා ගැන පවසන්නේත් ඒ අවස්ථාවේදීයි. ඒ අනිත් වෙස්මුහුණක් පැළඳි මිනිසා වන Billy Wintergreen ගැනයි. කලින් ලිපියේ මං wintergerrn ගැන කිව්වා ඔයාලට මතක ඇතිනේ. කොහොම හරි මෙහෙයුමට කලින් ස්ලේඩ් ඔලිවර්ව සටන්කරුවෙක් කරන්න මහන්සි ගන්නවා. ඒත් ඔලිවර්ට කාවවත් මරන්න හිතක් තාම පහල වෙන්නෙ නෑ. ස්ලේඩ්ගෙ මෙහෙයුම වෙන්නේ දූපතට එන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගත් ගුවන් යානයැන තෙක් Fyers කරන කියන වැඩ ගැන ඔත්තු බැලීමයි. ඔලිවර් Yao Feiව බේරගන්න නැවත කෑම්ප් එකට යන අවස්ථාවේ ඇතිවුණු ගැටුමෙන් slade තමන්ගේ සගයා ව්අන Wintergreenව මරනවා. ඒ වම් ඇස පසාරුකරගෙන යන ලෙස කඩුවෙන් අනිමිනුයි. (Deathstrokeගේ ඇසක් අහිමිවීම හේතුව මෙවන්වූ පලිගැනීමක්ද කියා සිතෙන්නටත් පුලුවන්)
#5 - Moira's Secrets
Moira මුල ඉදන්ම කපටි නූල් සූත්තර වැඩකට සම්බන්ධයි කියලා අපි හැමෝම දන්නවනේ. ඔන්න ඉතින් මොයිරාගේ බොරු ටික මුලින්ම ඔලිවර්ට මාට්ටු වෙනවා. ෆෙලිසිටි හමුවෙච්ච ඩයරිය ඔලිවර් මොයිරාට ඉදිරිපත් කලාම ඇය ඒක නොසැලකිලිමත් දෙයක් යැයි කියා ගිණිගොඩට විසිකරනවා. මේ අතරේ Diggle මොයිරාගෙ පස්සෙන් ගිහින් ඔත්තු බලනවා. Moira කිසියම් පුද්ගලයෙකු සමඟ කරන සංවාදයක් හොර රහසේම ඩිගල් record කරගන්නවා. තමා Queen's Gambit එකේ ගමන කඩාකප්පල් කළ බවත් එය කාටවත් නොදන්වා රහසක් ලෙස තබාගත් බවත් ඇය එහිදී පවසනවා. ඕක දැනගත්තාම Oliver දුනුවායා ලෙසින් හැඳ Moiraව හඹා යනවා. ඇයගෙන් ප්‍රශ්නකිරීමේදී Moira දුනුවායාට වෙඩිතබනවා. කොහොම හරි ඔලිවර් එතැනින් පැනගන්නවා.
#6 - Felicity and Team Arrow
Moiraගේ වෙඩිතැබීමෙන් තුවාල ලබන ඔලිවර් Felicityගේ කාර් එකට නැගෙනවා. ඇයට තම අනන්‍යතාවය හෙලි කරන ඔහු තමන්ව Glades වල තිබෙන පියාගේ පැරණි ගබඩාවට රැගෙන යන මෙන් ඉල්ලනවා. එහිදී Diggle සමඟ එකව ඇය Oliverට වැදුණු උණ්ඩය එලියට ගෙන තුවාලයට බෙහෙත් කරනවා. ඔන්න ඊට පස්සෙ ෆෙලිසිටි team එකට එකතු වෙනවා. ඒ Walterව හොයාගන්නකන් විතරයි කියලා. පස්සෙ මොනවා වෙයිද කියලා නම් අපි දන්නෑ ඕන් tongue emoticon
#7 - Yao Fei and Shado
අපි දන්නවා ඔලිවර්ට බේරෙන්න උදව් කලේ Yao කියලා. ඒත් Yao, Fyers කියන කියන හැමදේම අන්තිමට කරන්න පෙලඹෙනවා. හරියට Fyers තමන් ගාව තුරුම්පුවක් තියාගෙන Yaoව නටවනවා වගේ. ඔලිවර් Yaoව බේරගන්න Fyersගේ කෑම්ප් එකට ආපු වෙලාවේ Yao තමන්ට යන්න බෑ කියලා කියනවා. ඒකට හේතුව 14වෙනි කොටස අන්තිමට අපි හැමෝටම දැනගන්න ලැබෙනවා. Fyers විසින් Yaoගේ දුව වන Shadoව රඳවා තබාගෙන ඉන්නවා. Comic වලයි Tv Series එකෙයි දෙකේම Shadoගේ වැඩි වෙනසක් නැහැ. මේ දෙකේම Shadoගේ පිටේ මකරෙකුගේ tatoo එකක් සටහන්වීම විශේෂත්වයක්.
#8 - Dodger
ඔන්න කතාවට අලුත් villain කෙනෙක් එකතු වෙන තැනක්. Dodger එහෙම නැත්තම් මේ ප්‍රයෝගකාරයා තමන්ගේ සොරකම් කිරීම් උදෙසා ප්‍රාණ ඇපකරුවන් යොදාගන්නා අයෙක්. ඔවුන්ගේ බෙල්ල වටා බෝම්බයක් සහිත උපකරණයක් සවිකරවා තමන්ට අවශ්‍ය දේ ලබාගැනීම මොහුගේ සිරිතක්. කොහොම නමුත් Team Arrow එක එකතුවෙලා මෙයාවත් අල්ලගන්නවා.
#9 - Roy William Harper Jr
මේ කෙනා කතාවට සම්බන්ධවෙන්නේ Theaගේ පර්ස් එක හොරකම් කරනවාත් සමඟමයි. Roy නිතරම හැදපැළදගෙන සිටින්නේ රතු පැහැති හිස් වැස්මක් සහිත ටී ෂර්ට් එකක්. වෝව්.. වෝව්.. රතුපාට හිස්වැස්මක් තියෙන කෙනෙක් ගැන Green Arrow කොමික් කියවනකොට අපිට හමුවනවා. ඒ Red Arrow aka Speedyව. ඒත් Theaටත් කට්ටිය ස්පීඩි කියලා කතා කරනවනේ. තාම මෙයා ගැන හරියටම විස්තරයක් කොටස් 15ක් වෙනකොට කියලා නැති නිසා ඊළඟ ලිපියෙන් ඒ ගැන කියන්නම් wink emoticon
#10 - China White
මෙයාව නම් කතාවට නැතුවම බැරි කෙනෙක් වගෙයි පේන්නේ. කලින් plot එකේදි මං කිව්වා වගේම Triad එකේ බොස් වෙලා ඉන්නෙ මෙයා. (කලින් ලිපියේ සම්පූර්ණ විස්තරයක් තිබේ) Moira 15වෙනි episode එකේදි China Whiteව හම්බෙන්න එනවා. ඒ Malcom Merlinව මරවන්න කොන්ත්‍රාත්තුවක් ලබා දෙන්න. දැන් නම් Moiraට Merlinව ඇති වෙලා වගේ. ඒත් Merlin වගේ කපටි කෙනෙක්ව මරන්න ලේසි වෙයිද? ඒකට ඉතින් ඊලඟ කොටස එනකන් ඉන්න වෙයි smile emoticon
#Harry
Comic Script ලිපිය
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න