Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Ultron

Ultron
අපේ page එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවන්ට මගේ 05වන ලිපිය විදිහට,අපේ යාළුවෙක්ගේ ඉල්ලීමකට අනුව ultron ගැන විස්තර ටිකක් ගේන්නයි මේ සුදානම.. Menuka Tharindu Dilhara සහෝදරයා තමයි මගේ ගියවර ලිපියේදී ඒ ඉල්ලීම කරලා තිබුනේ.. Avengers:Age of Ultron ඉක්මනටම එන නිසා ඊට කලින් ultron ගැන අපේ යාලුවන්ව දැනුවත් කරලා තියන එක හොඳයිනේ..
#V0006 - Ultron

ultron කියන්නේ marvel comics ආයතනයෙන් හදුන්වා දුන්න තවත් "සුපිරි" හතුරෙක්. බහුලවම මෙයාව දැකගන්න පුළුවන් වෙන්නේ Avengers ලට විරුද්දව උනත්,එයාගේ නිර්මාතෘ Hank Pym ට විරුද්දව වැඩ කරපු අවස්ථාත් තියෙනවා..

මුලින්ම කියන්න ඕනේ marvel comic Univers එක හා marvel Cinematic univers එක අතර විවිධ වෙනස්කම් තියෙනවා.. කොමික් කියවපු රසිකයන්ට චිත්‍රපටය බලනකොට නවමු අත්දැකීමක් දෙන්න ඕනේ නිසා තමයි එයාල මේ දේ කරන්නේ.. එවැනි විශේෂ වෙනස්කමක් තමයි ultron ගේ නිර්මාතෘ එහෙම නැත්තම් ultron ව හදන කෙනා කොමික් වලින් චිත්‍රපටයට එනකොට වෙනස් වීම.. 

කොමික් වලදී නම් ultron ගේ නිර්මාතෘ වෙන්නේ hank pym.නමුත් දැනට තියෙන තොරතුරු වල හැටියට නම් චිත්රපටියේදී ultron ගේ නිර්මාපකයා වෙන්නේ Tony Stark එහෙම නැත්තම් Iron Man..

hank pym කියන නම අහල පුරුදුයි වගේද? අහල නැති වෙන්න විදිහක් නෑ.එය තමයි ඉදිරියේදී එන්න නියමිත Ant Man චිත්‍රපටයේ Antman ඇදුම හදන කෙනා.antman චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය ගැන අපේ පිටුවෙන් ගෙනාපු ලිපියෙන් ඔයාලට hank pym ගැන දල අදහසක් ගන්න පුළුවන් වේවි.. 
හැබැයි ඉතින් ultron ව ඇත්තටම හදන්නේ tony වත් hank වත් නෙමෙයි, Roy Thomas හා John Buscema කියන දෙන්න තමයි මේ චරිතය කොමික් ලෝකයට මුලින්ම ගේන්නේ.. 
කොමික් වලදී ultron මුලින්ම දැකගන්න පුළුවන් වෙන්නේ 1968 ජූලි මාසයේදී ආපු Avengers #54 කොමික් පොත තුලින්. ඇත්තම එතැනදී හැබැයි වෙන්නේ චරිතය හඳුන්වා දීමක් නම් නෙමෙයි.. පොඩි Cameo එකක්.. සරලව කියනවා නම් ultron ඒ කතාවේදී පොඩි කොටසකට ඉඳලා තියෙනවා.හැබැයි එකේදී අඩුම තරමේ ultron ගේ නමවත් සඳහන් වෙලා නෑ. ඒ කතාවේදී රසිකයන්ට පොඩි කුතුහලයක් දීලා ultron ව නිල වශයෙන් එලි දක්වන්නේ ඊට පස්සේ මාසේ අපු කොමික් කතාවේදී,එහෙම නැත්තම් 1968 අගෝස්තු මාසේ අපු Avengers #55 දී..

ultron කියන්නේ ඇත්තටම රොබෝ ඇඟක් තියෙන කෘතීම බුද්ධි වැඩසටහනකට.ultron ව හදපු දෙන්න නම් කියන්නේ ultron ගැන අදහස ගත්තේ Captain Video කියන කතාවක හිටපු දුෂ්ටයෙක්ගෙන් කියලා.. ultron හැදෙන විදිහ ගැන පසුබිම් කතාවක් හරියට ඉදිරිපත් කරලා නම් නෑ. ඒ කියන්නේ hank pym තමන්ගේ මොලේට සමාන වෙන ආකාරයට හදපු එයාගේ නිර්මාණය,එයාට විරුද්දව යන්නේ ඇයි කියන එක ගැන අපිට හරියටම කියන්න අමාරුයි..සමහර විට age of ultron චිත්‍රපටයේදී අපිට ඒ ගැන දැනගන්න පුළුවන් වේවි..

ultron ගැන කියද්දී අපිට මුලින්ම මතක් වෙන්නේ එයාගේ සන්නාහය නේ.. ඇත්තටම ultron ගේ සන්නාහයෙ ලොකු විශේෂයක් තියෙනවා. ultron තමයි marvel ලට සුවිශේෂී මන:කල්පිත Adamantium කියන ලෝහය යොදාගෙන මුලින්ම හදපු චරිතය.. Adamantium කියන්නේ වුල්වරින්ගේ ඇඟේ තියෙන ලෝහය කියලා ඔයාලට මතක ඇතිනේ.adamantium කියන්නේ විනාශ කරන්න බැරි ශක්තිමත් ලෝහයකට.ඉතින් එහෙම ලෝහයකින් හැදිච්ච ඇගක් තියෙන විනාශකාරී කෘතීම බුද්ධියකට කරන්න පුළුවන් දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ..(ෆිල්ම් එකේදී නම් අපිට ultron,adamantium වලින් හැදෙනවා කියලා බලාගන්න බැරි වේවි.ඒ ගැන Avengers:Age of Ultron චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය ගැන අපේ සහෝදර ඇඩ්මින් වරයෙක් ගෙනාපු ලිපියේදී ඔයාලට අපි පැහැදිලි කළා, 

මේ සන්නාහය නිසා ultron ට ලොකු දරාගැනීමේ හැකියාවක්,ශක්තියක් ලැබෙනවා..ඊට අමතරව කෘතීම බුද්ධි වැඩසටහනක් වීම නිසා තවත් තාක්ෂණික උපකරණ පාලනය කිරීමේ හැකියාවත් මෙයාට තියෙනවා. අනික marvel වීරයන්ගෙන් දෙවන හොඳම මොළකාරය,hank pym ගේ මොලයට සමාන පරිගණක රටාවක් මෙයාට තියෙන නිසා මෙයාව පරද්දන එක නම් එච්චර ලේසි දෙයක් නෙමෙයි..

ultron කියන චරිතය ආශ්‍රිතව බිහිවෙච්ච තවත් චරිතයක් තමයි vision. විෂන් කියන්නේ avengers ලට විරුද්දධව සටන් කරන්න,marvel ලගේ ඉන්න Wonder Man කියන චරිතයේ බුද්ධියට සමාන පරිගණ රටාවක් තියෙන විදිහට ultron හදන android එක. හැබැයි විෂන් නම් හොඳ අයත් එක්ක එකතු වෙනවා..Avengers:Age of Ultron චිත්‍රපටයේදීත් අපිට විෂන් ව බලාගන්න පුළුවන් වේවි..

Avengers:Age of Ultron චිත්‍රපටයේදී James Spader,Ultron චරිතය ට පන පොවනවා..

SG
V0006

1 comment:

  1. Dr. Henry "Hank" Pym is a fictional character appearing in American comic books published by Marvel Comics. Created by editor and plotter Stan Lee, scripter Larry Lieber and penciler Jack Kirby, the character first appeared in Tales to Astonish #27. Wikipedia

    ReplyDelete

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න