Marvel Trailer Breakdown
Avengers Age of Ultron Trailer Review (part 02)
කලින් ලිපිය ඉවර කෙරුවේ ඇවෙන්ජර් ටවර් එකට අල්ට්‍රෝන් එන තැනින් නේ. අද එහෙනම් එතනින් එහා ටික බලමු. මේ විනාඩි කිහිපය ගැන ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන් උනත් මම වැදගත්ම දේවල් ටිකක් ගැන විතරයි සලකා බලන්නේ.
මිනිස්සු කලබල වෙලා දුවන දර්ශනයකින් පස්සේ අපිට දකින්න පුළුවන් අතකින් උණු ලෝහයක් වැගිරෙනවා. (#01 පින්තුරය) අල්ට්‍රෝන් ගැන පස්සේ ලොකුවට කතා කරන කල් දැන ගන්න ඕන දෙයක් තමයි අල්ට්‍රෝන් ගේ ආර්මර් එක හදලා තියෙන්නේ ඇඩ්මෙන්ටීයම් වලින්. ඒ කියන්නේ වුල්වරින් ගේ ඇඟේ තියන ලෝහයෙන්. හැබැයි ගැටලුවකට තියෙන්නේ ඇඩමෙන්ට්රියම් වල අයිතිය තියෙන්නේ ෆොක්ස් සමාගමට. ඒ හින්දා මේ ෆිල්ම් එක ඇතුලේ අපිට දකින්න ලැබෙන්නේ වයිබ්‍රේනියම් ලෝහය වෙන්න තමයි ඉඩ කඩ වැඩි. කොහොමත් කොමික් වල දී ත් අල්ට්‍රෝන් පස්සේ එයාගෙම ආර්මර් එක වැඩි දියුණු කරගන්නවා වයිබ්‍රේනියම් ආලේපනයකින්. ගොඩක් වෙලාවට මේ ඒ දර්ශනයක් වෙන්න පුළුවන්.
කොමික් යුනිවර්ස් එකේ කරුණු වලින් ප්‍රසිද්දියට පත් කෙරුණු චරිත අනුව අපිට කතාවේ අන්තර්ගතය ගැන අදහසක් ගන්න පුළුවන උනාට මම ඒක ගැන වැඩිය විස්තර කරන්න යන්නේ නෑ. මොකද එතකොට ෆිල්ම් එක බලන දවසක නියම රසය විදගන්න බැරි හින්දා.
ඒ හින්ද අපිට ඇහැට පේන රුප රාමු වලට ගියොත් අපේ වීරයෝ ටික පසු බැහලා ඉන්න දර්ශනය පෙලක් අපිට දැක ගන්න පුළුවන්. හෝක් අයි ගේ වික්ෂිප්ත බැල්ම, තෝර් ගේ අතින් මිටිය අත ඇරෙන එක (මිටිය ඔසවන්න තරම් සුදුසු නෑ????),කැප් ඔලුව ගස්සාගෙන යන විදිහ ඒ සේරටමත් වඩා ඩොක්ටර් බැනර් ගේ අපේක්ෂා භංගත්වය (#02 පින්තුරය) වගේ දේවල් වලින් අල්ට්‍රෝන් ඇති කරලා තියන විනාශයේ තරම හිතාගන්න පුළුවන්.
අපි දන්නවා මාවෙල් සිනේමෙට්‍රික් යුනිවර්ස් එකේ දී අල්ට්‍රෝන් හදන්නේ ටෝනි කියලා. පහුගිය ෆිල්ම් කිහිපයකම දීපු ඉඟි අනුව මොන විදිහේ දෙයක් වෙනවා ද කියන එක හිතාගන්න පුළුවන් උණා ට මම ඒ කතාව නොකියා ඉන්න තීරණය කෙරුවා. මොකද ෆිල්ම් එක ආපු දවසක කතා කරන්න දෙයක් ඉතුරු කර ගන්නත් ඕනනේ. එක තැනක දී අපිට දැක ගන්න පුළුවන් වෙනවා අල්ට්‍රෝන් අයන් මෑන් ආර්මර් එකක් පොඩි කරලා දානවා (#03 පින්තුරය). මේක නම් පැහැදිලිවම අයන් මෑන් නිර්මාණය කරපු අල්ට්‍රෝන් අයන් මෑන් ට විරුද්දව නැගී සිටිය අවස්තාව පෙන්නුම් කරන දර්ශනයක්. අවධානයෙන් ඒ පින්තුරය බැලුවොත් අල්ට්‍රෝන් ගේ ආමර් එකේ තියන ඇවෙන්ජර් ලකුණ බලා ගන්න පුළුවන්.
ඇවෙන්ජර් 1 ෆිල්ම් එක ගොඩක් ම නිව් යෝර්ක් නගරය පාදක කරගෙන හැදුවාට ඇවෙන්ජර් 2 ෆිල්ම් එක නම් ලෝකය වටේ ම සිද්දි දාමයක් ඇතුලත් වෙනවා. උදාහරනයක් විදිහට මධ්‍යම යුරෝපියානු කඳුකරය ආශ්රිත පරිසරය (#04 පින්තුරය - හයිඩ්‍රා මුලස්ථානය ????) චීන මහා ප්‍රකාරය සහිත දර්ශනය සහ වෙනත් ඇමෙරිකාව නොවන භූ දර්ශන ගන්න පුළුවන්.
විවිධ ස්ථාන කිහිපයක සිදුවෙන විනාශයන් කිහිපයකින් පස්සේ අපිට බැනර් ගේ පලා යාම දකින්න පුලුවන් (#5 පින්තුරය). මට තියන ගැටලුව කෝ හත් දෙයියනේ හල්ක්. අපි කවද්ද දැක්කේ බැනර් මේ විදිහට ඉන්නවා. මම ඊලඟට යන්නේ ඇවෙන්ජර් සහ තවත් තරුණ යුවලක් ඉන්න දර්ශනයකට (#6 සහ #7 පින්තුර). මුලින් නම් මේ දෙන්න කවුද කියලා හැමෝටම ගැටලුවක් උණාට දැන් නම් හැමෝම දන්නවා මේ ඉන්නේ ස්කාර්ලට් විච් සහ ක්වික් සිල්වර් කියලා. මෙතන තියන තවත් රසවත් සිද්දිය තමයි මේ දෙන්නා මියුටන්ට් ලා උනාට ෆිල්ම් එකේ කොතැනක දී වත් අපිට ඒ වචනේ නම් අහන්න ලැබෙන්නේ නැති වෙයි. මොකද මාර්වෙල් ලාගේ මියුටන්ට් චරිත වල අයිතිය තියෙන්නේත් ෆොක්ස් සමාගමට.
අල්ට්‍රෝන් ගේ රොබෝ සොල්දාදුවෝ (#8 සහ #9 පින්තුර) පහර දෙන ආකාරය අපිට නැවත නැවතත් මතක් කරලා දෙන්නේ අයන් මෑන් ගේ ආර්මර් කිට් එක. ඒකට හොඳම සාක්ෂියක් අපිට දෙනවා ටෝනි ස්ටාර්ක් ආර්මර් කිට් එකක් ගාව ඉන්න දර්ශනයෙන් (#10 පින්තුරය) ඒත් එකක්ම ටෝනි ස්ටාර්ක් ගේ ස්වයං පාපොච්චාරණය (අයන් මෑන් හැඟුම් බර වෙනවා කියන්නේ ඉතාම දුර්ලභ අවස්තාවක්) අපිට පැහදිලි කරනවා මහා ලොකු විනාශයක් ගැන.
නික් ෆියුරි ආපහු ඇවිත් ඉන්නවා මේකට අලුත් ඇස් ආවරණයක් එකක්ම (#11 පින්තුරය). ඔයාලට කැප්ටන් ඇමරිකා වින්ටර් සෝල්ජර් ෆිල්ම් එක බැලුවා නම් මතක ඇති මේ ඇස් ආවරණයට මොකද උනේ කියලා. ඒක ආපහු මේකේ දී නික් ෆියුරිට ආවේ කොහොමද කියන එක නම් ගැටලුවක්. මම ඊළඟට යන්නේ හැමෝගෙම අවධානය දිනා ගත්තු දර්ශනයකට. ඒ තමයි අයන් මෑන් ගේ හල්ක් බස්ටර් ආමර් (#12 පින්තුරය) එක. මේ හල්ක්බස්ටර් එක යොදා ගන්නේ එකම අරමුණකට. ඒ තමයි හල්ක්ව පරද්දන්න. අපි ඉස්සරහට වර්ල්ඩ් වෝර් හල්ක් කතාව කියන කොට කොහොමද හල්ක් බස්ටර් ආර්මර් එක විශේෂ වැදගත් කමක් උනේ කියලා සඳහන් කරන්නම්. හල්ක් බස්ටර් එක ඇතුලේ ඉන්නේ කවුද කියන එක තාම හරියටම කියන්න ඉක්මන් වැඩි උනත් කතාව පුරාම හල්ක් බස්ටර් එක හල්ක් ට හිස රදයක් නම් වෙනවා. හල්ක් මාස්ටර් ආමර් එකේ නිල නාමය කොමික් වල නම් මොඩ්ල් 14. මේක අපි අයන් මෑන් ආර්මර් “මාර්ක් 38” (#13 පින්තුරය) එකේම වැඩි දියුණු කිරීමක් වෙන්න ඉඩ තියනවා.
බ්ලැක් විඩොගේ, කැප් ගේ සහ ස්කාර්ලට් විච් ගේ ආකර්ශනිය දර්ශන වලට පස්සේ මම කැමතියි විශේෂ පුද්ගලයෙක් දිහාවට අවධානය යොමු කරන්න (#14 පින්තුරය). මෙතන ඉන්නේ ඇන්ඩි සර්කිස් කියන ප්‍රසිද්ධ නළුවා. ඔයාලට මෙයාව එච්චර පුරුදු නැතුව ඇති. ඒත් මෙයා තමයි හොබිට් කතා මාලාවේ ගොලම් ට ඉන්නෙත් ප්ලැනට් ඔෆ් දි ඒප්ස් ෆිල්ම් එකේ සීසර් ට ඉන්නෙත්. ඉතින් මෙයා මේකේ දී ලොකු චරිතයකට ඉන්න ඕනේ. අපි බලමු කතාවේ දී මෙයාගේ භූමිකාව මොන වගේද කියලා.
එතකල් අපි යමු මුදලක් ගෙවලා බලන්න යන්න තරම් වටිනවා කියන හැඟීම ප්‍රේක්ෂකයන්ට ලබා දෙන (අපි වගේ හැමෝම කොමික් ෆිල්ම් එකක් උණු පලියට යන්නේ නෑනේ බලන්න) දර්ශන වලට. පුරුදු විදිහටම මේකත් වීර වික්‍රමාන්විත ක්‍රියා වලින් පිරිලා තියනවා කැප්, තෝර්, හෝක් අයි, අයන් මෑන් වගේම ක්වික් සිල්වර් ගේ වැඩ කෑලි යාන්තමට වගේ අපිට දකින්න හම්බෙනවා. පුර්ව ප්රචාරක පටයේදී වැඩි ඉඩක් ලබා දීලා තියෙන්නේ හෝක් අයි ට,ඒ වගේම තමයි අපිට බ්ලැක් විඩෝ ගැන ටිකක් වැඩි පුර දැනගන්න දැනගන්න ලැබෙයි මේ ෆිල්ම් එකේ දී (#15 සහ #16 පින්තුරය).
කතාවේ අයන් මෑන් ගේ ඉරණම හිතනවාට වඩා තීරණාත්මක එකක් වෙනවා කියන එකට තෝර්, ටෝනි ගේ බෙල්ලෙන් අල්ලා ගන්න එකට වඩා (#17පින්තූරය) තවත් උදාහරණ ඕනේ නෑ මම නම් හිතන්නේ. කතාවේ දකින්න හම්බෙන හල්ක් බස්ටර් සහ හල්ක් අතර සටන (#18 පින්තුරය) ගැන කියන්නත් හදලා පස්සේ හිතුනා ඒක නොකියා ඉන්න එක වඩා හොදයි කියලා. මොකද අපි මේ හදන්නේ ෆිල්ම් එක ඇතුලේ දකින්න තියන දේවල් ගැන ආසාව ඇති කරගන්න මිසක් ඒකම සම්පුර්ණයෙන් බලන්න නෙවේනේ. අවසානේ අපිට අල්ට්‍රෝන් ගේ දර්ශනයට (#19 පින්තුරය) කලින් දකින්න හම්බෙනවා කැප් ගේ ශිල්ඩ් එක කෑලි වලට කැඩිලා තියනවා. (#20 පින්තුරය). මේ පින්තුරෙයි කලින් සඳහන් කරපු #01 පින්තුරය අපිව එක තැනකට යොමු කරනවා. ඒ තමයි වාකන්ඩාව. ඒ කොතනටද කියන එකත් දැන්ම කියනවාට වඩා ෆිල්ම් එක බලලාම සාක්ෂිත් එක්කම ආපි කතා කරමු.
මේක ගැන කතා කරලා ඉවර කරන්න කලින් අල්ට්‍රෝන් කියන එක දෙයක් ගැන අවධානය යොමු කරන්න කැමති. ඒ තමයි "No string on me" කියන වාක්‍ය. මම හිතනවා මුළු ෆිල්ම් එකේම හරය මේ වාක්‍ය ඇතුලේ තියනවා කියලා. මොකද අල්ට්‍රෝන් කියන්නේ එක්තරා විදිහක විප්ලව වාදියෙක්. එයා ගේ නැගී සිටීම එහෙමත් නැති නම් අල්ට්‍රෝන් ගේ යුගයක ආරම්බය තමයි ඒ.
එක දෙයක් කියන්න ඕනේ. මේක අවධානයෙන් බලපු කෙනෙක්ට මේක ඇතුලේ තව ගොඩක් දේවල් තියනවා නේ කියලා හිතෙනවා. ඔව් ඇත්තටම මම කියපු නැති දේවල් තව ගොඩක් තියනවා. හැබයි ඒ දේවල් කිව්වේ නැත්තේ ෆිල්ම් එකේ කතාවට හානියක් වෙන්න ඉඩ තියන හින්දා. එහෙම තැනක් හම්බුනොත් ඒ ගැන ඉඟියක් කොමෙන්ටුවකින් දාලා යන්න පුළුවන් නම් හොදයි. (මට අහුවුනේ නැති එකක් තිබ්බොත් අහගන්න පුළුවන්නේ එතකොට).
තව පුර්ව ප්රචාරක පටයක් ජනවාරි 12 ඒ කියන්නේ හෙට එන්න නියමිතයි. එදාට අපි තව ටිකක් ආයෙම මේක ගැන කතා කරමු.
#Puma
Comic Script ලිපිය
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න