Asgardians #5
The Guardian of Worlds
ඔන්න අදත් තවත් Asgardian කෙනෙක් ගැන තොරතුරු අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. පෘථිවියේ විතරක් නෙවෙයි අනෙක් ග්‍රහලෝක පාදක කරගත් වීරයන් සහ දුෂ්ඨයන් යන දෙකොටසම සිටින බව ඔයාලා දන්නවනේ. මේ හැම ලෝකයකම මොනවද වෙන්නේ කියලා බලන් ඉන්න කෙනෙකුත් ඔය අතරේ ඉන්නවා. ඒ තමයි ඇස්ගාඩ්වල වික්‍රමාන්විත රණශූරයෙකු වන Heimdall. අද එහෙනම් අපි Heimdall ගැන විස්තර ටිකක් කතා කරමු.
#CA0005 - Heimdall |
Heimdall කියන්නෙ කලින් ලිපියෙන් අපි කියවපු Sif ඳෙවඟනගේ සහෝදරයායි. වරක Storm Giantsලා Asgard වෙත පහරදීමට පැමිණෙනවා. එවිට Odin විසින් තමන්ගේ Odin Force එක භාවිතා කරමින් ඔවුන් සියල්ලන්වම වෙනත් ලෝකයකට පළවා හරිනවා. රාජ්‍යයේ වැඩකටයුතු සොයා බැලීමටත්, ආරක්ෂාව ගැන නිරන්තර සැලකිල්ලෙන් සිටීමටත් එකවර අපහසු නිසා ඔහු Asgardවෙත පැමිණිය හැකි දොරටුව වන දේදුණු පාලම(rainbow bridge) නොහොත් Bifrost එකේ සිට ඇස්ගාඩ්පුරය ආරක්ෂා කිරීමට රණශූරයෙකු යෙදවීමට තීරණය කරනවා. ඒ අනුව Agnar, Gotron සහ Heimdall යන තිදෙනාට මේ ක්‍රියාවලිය භාර කරනවා. අපි දැන් දන්නවනේ හැම ඇස්ගාඩියන්වරයෙකුටම විශේෂිත වූ බලයන් හිමියි කියලා. එනිසා මොවුන් තිදෙනා අතරින් Agnarට මුළු ඇස්ගාඩ්වලටම ඇසෙන සේ විශේෂිත යුධ නලාවක් පිඹිමටත්, Gotronට විශාල කාය ශක්තියෙන් Storm Giantsලා හත් දෙනෙකු එක් පහරින් අඩපණ කිරීමටත්, Heimdallට ලෝකයන් අතර වන දේවල් ඇහුම්කන් දෙන්නටත්, දකින්නටත් පිළිවන්. මේ නිසාමත්, Odin විසින් Thorව Midgard සමඟ සම්බන්ධ කරවීමටත් අදහස් දරා සිටි බැවින් Bifrost එකේ සහ Asgard වල ආරක්ෂකයා ලෙස Heimdallව නම් කරනවා. තමන්ගේ දක්ෂකම් ප්‍රදර්ශනය කරමින් මීළඟ Snow Giantsලාගේ ප්‍රහාරයේදී ඔවුන්ගේ නායකයාව අල්ලාදීමට Heimdall සමත් වනවා. මේ නිසාම Odin ඔහුට සම්පූර්ණ Bifrost එකේම ව්අගකීම සදාකාලිකවම භාර දෙනවා.
Odin විසින් Lokiව සිරකොට තබා ඇති ගසකින් Lokiට පැන යාමට ඉඩදීමට අත්වැරදීමකින් Heimdallට සිදුවනවා. Odin විසින් නියම Asgardian වරයෙකුගේ කඳුළු එම ගස අද්දරදී හෙළුනේ නම් Lokiට නිදහස් විය හැකි බවට කර තිබූ බන්ධනය Loki තමන්ගේ කූඨ උපක්‍රම භාවිතයෙන් සඵල කරගන්නට සමත් වෙනවා. ඒ Heimdall එම ගස අසලින් යන විට ගසේ අතු රිකිල්ලක කොළයක් ක්ෂණිකවම ඔහුගේ ඇස මත පතිත කරවමිනුයි. නමුත් Heimdall, Thor සමඟ එක්ව Lokiව අල්ලා ගන්නට සමත් වෙනවා. වරෙක Surtur නැමති ගිණි රාක්ෂයාගේ පහරදීමකින් Bifrost එක කැඩී යාම නිසා ටික කාලයකට Heimdall Asgardහි ආරක්ෂක තනතුරෙන් විශ්‍රාම ගන්නවා. ඔය අතරේදී Heimdall, Amora the Enchantress සමඟ කෙටි කාලීන ආදර සබඳතාවයක් පවත්වනවා. නමුත් ඇය කපටි වංචාසහගත කාන්තාවක් බව දැනගන්නා Heimdall යළි Bifost එක සාදා නිමකිරීමෙන් අනතුරුව Asgardහි ප්‍රධාන ආරක්ෂක සේවයට යළි පැමිණෙනවා. Heimdall රැගෙන යන ප්‍රධානතම උපකරණ දෙක වන්නේ Gjallerhorn නැමති නළාව සහ Hofund නැමති Odin විසින් ඉන්ද්රජලික කරන ලද කඩුවයි.
අනෙක් ඇස්ගාඩියන්වරුන්ට මෙන්ම Heimdallටත් විශේශිත වූ හැකියාවන් සහ බලයන් පිහිටනවා. Heimdallට මිනිසුන් මෙන් දස දහස් ගුණයක් ඉක්මවූ ශක්තියක් (Superhuman Strength) පිහිටා තිබෙනවා. එලෙසම ඉතාමත් කඩිසර බවක් (Superhuman Agility), සුපිරි වේගයක් (Superhuman Speed), විශාල ප්‍රත්‍යාවර්තිත හැකියාවක් (Superhuman Reflexes), සුපිරි සවිබලයක් (Superhuman Stamina) සහ අධික දරාගැනීමේ හැකියාවක් (Superhuman Durability) රඳා පවතිනවා. ඒ පමණක් නොවෙයි ප්‍රතිජනක සුවවීමේ හැකියාවක් (Regenerative Healing Factor) එකකුත් පිහිටනවා. ඒ වගේම අනෙක් ඇස්ගාඩියන්ස්ලාට වගේම දිගු කාලයක් ජීවත්වීමේ හැකියාවත් තිබෙනවා.
ඊට අමතරව සාමාන්‍ය මිනිසෙකුට වඩා 3ගුණයක් ඝනකම් සමක්ද ඔහු සතුයි. එමෙන්ම සාමාන්‍ය මිනිසුන්ට වඩා 1000 ගුණයක් වැඩි තියුණු දැනීමේ සහ දැකීමේ ශක්තියක්ද මොහු සතු වනවා. යුද්ධයක් හෝ ගැටුමක් අතරතුරදී තමාගේ මෙන්ම මූර්තියක් සාදා ඒ තුළින් බලය ලබාගැනීමට සහ Thor සමඟ සන්නිවේදනය කිරීම සිදුකිරීමේ හැකියාවත් සතුවෙනවා. තවද Odin විසින් Odin sleep එකට යොමුවීමට පෙර තමා සතු Odin Force එකෙන් කොටසක් Heimdallට ලබ දෙනවා. ඒ Asgard පුරවරය ආරක්ෂා කරවීමට සහ තාවකාලික කෙනෙක් සිටිය යුතු නිසායි. මෙලෙස Odin තමාගේ බලය කාවද්දනු ලබන්නේ Heimdallගේ කඩුව තුළටයි. Thor චිත්රපටිවලදී ඒ බව ඔයාලට දැකගන්නට පුලුවන්. ඒ වගේම Odin sleep එක අතරතුරේදී Asgardහි පාලකයා වන්නේද Heimdallයි.
Heimdallගේ ප්‍රධානතම දුර්වලතාවය වන්නේ ඔහුගේ බලයන් මායාබලයන්ගෙන් අවහිර කළ හැකි වීමයි. එනම් magical spells වලින් ඔහුගේ දැනීමේ සහ දැකීමේ ශක්තිය වැළැක්විය හැකි වීමයි. එමෙන්ම superhuman senses ඇති අනෙක් පුද්ගලයන්ට මෙන් විශාල ශබ්ද තරංගයන් ඇතිකිරීම මගින්ද යම්තාක්දුරකට Heimdallව අඩපණ කරන්නටද පුළුවන්.
#CA0005
No comments:
Post a Comment
Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න