Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Wonder Woman

Wonder Woman
වොන්ඩර් වුමන් එහෙමත් නැත්තම් ප්‍රින්සස් ඩයනා (princess Diana) කියල කියන්නෙ මට අනුව DC ලගෙ ප්‍රධානතම කාන්තා චරිතය වගේම බැට්මෑන්, සුපර්මෑන් ලගට ඉන්න ප්‍රධානතම චරිතය කිව්වොත් නිවැරදියි.. ඔව් මන් ෆිලෑෂ්, GL ගාවින්ම WW(වොන්ඩර් වුමන්) ව තියනව.. බැට්මෑන්, වොන්ඩර් වුමන් සහ සුපර්මෑන් ඩීසීවල හදුන්වන්නේ trinity එහෙමත් නැත්නම් ත්‍රිත්වය කියල.. මන් ආසම ටීම් අප් එකක් විදිහට මේක හදුන්වන්න පුලුවන්..

WWගෙ චරිතය අපිට මුලින්ම දැක ගන්න පුලුවන් වෙන්නෙ 1941දී.. ඒ කියන්නෙ WW තමා අපි දන්න කියන පලවෙනි කාන්තා සුපර්හීරෝ චරිතය.. 1941 ඉදන් එක දිගටම WW ගැන කොමික්ස් පල උනා කියල තමයි කියල තමයි කියන්නේ.. ඒ වගේම WW කාන්තාවන්ගේ idol එකක් විදිහටත් හදුන්වා දීල තියෙනව WW තුල තියෙන ගති ලක්ෂණ නිසා.. සාධාරණත්වය වෙනුවෙන් සටන් කිරිම, ආදරය, සාමය කෙරෙහි තියෙන කැමැත්ත සහ සමානාත්මතාවය වගේ දේවල් කිරිමට ඇති කැමැත්ත නිසා මෙහෙම හැදින්වුව කියල තමයි කියන්නෙ..

දැන් අපි පොඩ්ඩක් Wonder Woman ගෙ ජීවිත කතාවේ ඉතිහාසයට ගිහින් බලමු.. Wonder Woman කියන චරිතය ගොඩ නැගෙන්නෙ ග්‍රීක ඉතිහාස කතා මත.. හර්කියුලස්, සියුස් , හේඩ්ස්, හේරා, ඇතීනා, ඒරීස් වගෙ දෙවිවරු සහ අර්ධ දෙවිවරු ගැන සදහන් වෙන කතා මත.. ඒරීස් කියන්නෙ යුද්දෙට අධිපති දෙවියා.. ඒරිසුයි ඇප්රොඩයිට් කියන ආදරයට අධිපති දෙවගනයි අතර වලියක් යනව.. ඔතනදි තමයි ඇමේසන්ලව ඇප්රොඩයිට් විසින් නිර්මානය කරන්නෙ.. ඇමේසන්ල කියන්නෙ පිරිමින්ව පිටු දකින තරුණ කාන්තා සමාජයක්.. ඉන්නෙ කෙල්ලො විතරයි.. Wonder Woman ගෙ අම්ම තමා මේ ඇමේසන්ලගෙ රැජින.. ආ කියන්න ඕනෙ තව තැනක සදහන් වෙනව ඇමේසන්ල පැවත ගෙන එන්නෙ ඒරිස් ගෙන් කියල සදහන් වෙනව.. එතන පොඩ්ඩක් පැටලිලි සහගතයි.. කොහොම හරි මේ ඇමේසන්ල ජීවත් වෙන්නෙ තෙමිස්කිරා - Themyscira කියන නගරයේ.. මේක සාමාන්‍ය නගරයක් නම් නෙමේ.. මේකට සාමාන්‍යයෙන් පිටස්තර පුද්ගලයන්ට යන්න බෑ.. දැනට මන් දන්න තරමින් DC කොමික් ඇතුලෙ මේ නගරයට ඇවිල්ල තියෙන්නෙ 5-6 දෙනෙක් විතරයි.. මේ ඇමේසන්ලගෙ කුමාරිකාව වෙන අපේ කතා නායිකාව තමා ඇමේසන්ලගෙන් ලාබාලතම, දක්ශතම සහ ශක්තිමත්ම.. කියන්න ඔනේ ඇමේසන්ස්ලගෙ අමරණීයත්වය රදා පවතින්නෙ පොරොන්දුවක් මත.. ඒ තමයි පිරිමින්ගෙ ඇසුරෙන් වැලකිලා ඒගොල්ලන්ගෙ නගරය ඇතුලෙ ඉන්න ඕනේ කියන එක..

හැබැයි ප්‍රින්සස් ඩයනා නගරය අතහැරල සාමන්‍ය ලෝකයට එනව.. සමහර ඒවගෙ තියෙන්නෙ දූපතට ගහගෙන එන කර්නල් ට්‍රෙවෝර් එක්ක ආදරේ කරන්න පටන් අරන් එයාගෙ සහෝදරියො දාල එනව කියල, තවත් සමහරක තියෙන්නෙ එයා ආදරේ කරන්න පටන් ගත්ත නිසා පිටුවහල් කරනව කියල.. ඒත් මන් කැමති කතාව තමයි ඩයනා එන්නෙ මතුපිට ලෝකයට උදව් කරන්න කියන එක.. කොහොමහරි Wonder Woman ගෙ අමරණීයත්වය නැති වෙනව..

ලිපිය ටිකක් දිග උනත් ඩයනාගෙ හැකියාවන් ගැන කතා නොකර බෑනෙ.. වොන්ඩර් වුමන් කියන්නෙ සුපර්මෑන්ට සමාන පවර්ස් තියෙන කෙනෙක්.. සුපර්මෑන්ට වඩා පොඩ්ඩක් අඩු ශක්තියක්, පියාඹීමේ හැකියාවක්, උපන්දා සිට පුරුදු උනු සටන් කිරිමේ හැකියාවත්, නොපෙනෙන ජෙට් (invincible jet) එකත් තොන්ඩුවක් තියෙන කැඩෙන්නැති කඹයත් (lasso of truth) එකත් ;ආ.. මේ ලැසෝ එකේ තියෙන විශේෂතවයක් තමයි මේක අල්ලන් ඉද්දී ඇත්ත කතා කරන්න වෙනව.. බොරු කියන්න බෑ.. indestructible bracelets දෙකත් Tiara හෙවත් ආයුධයක් ලෙස භාවිතා කල හැකි ඔටුන්නත් සමහරක් කතා වල එන කඩුව සහ පලිහත් Wonder Woman ගෙ ආයුධ අතර තියෙනව.. තවත් සමහර කතා වලට අනුව ඩයනාට එයාගෙ පවර්ස් ලැබෙන්නෙ මේ විදිහට..

'' beauty from Aphrodite, strength from Demeter, wisdom from Athena, speed and flight from Hermes, Eyes of the Hunter and unity with beasts from Artemis and sisterhood with fire and the ability to discern the truth from Hestia ''

පෞද්ගලිකව මගේ ආසම කාන්තා සුපර්හීරෝ චරිතය වන Wonder Woman ජනප්‍රිය නොවෙන්න හේතුවක් ලෙස සුදුසු හතුරෙක් නොසිටිම දකින්න පුලුවන්.. ඒ වගේම තවමත් ඒක පුද්ගල චිත්‍රපටයක් නැතිවිමත් දකින්න පුලුවන්.. මොනා උනත් Trinity එකේ කොටසක් වෙන Wonder Woman ව අපිට Batman vs Superman ෆිල්ම් එකේදි නම් දැක ගන්න පුලුවන්..කියන්න ඕනෙ 1975-1979 කාලේ Wonder Woman ටීවී සීරීස් එකක් එනව.. ඒ වගේම 2011දි ටීවී සීරීස් එකක් නිපදවනව.. හැබැයි මේක ටෙලිකාස්ට් වෙන්නෙ නම් නෑ.

ලිපිය ටිකක් දිගයි.. හැබැයි ඉතින් මෙතන තියෙන්නෙ Wonder Womanගෙ විස්තර වලින් වැදගත් ටිකෙනුත් වැදගත් ටික විතරයි.. Wonder Woman යුද්ධයට අධිපති ඒරිස්ව පරද්දන විස්තර එහෙම දාන්න ගියොත් තවත් දික්වෙනවා..

Justice League members ල ගැන ලියාගෙන යන මේ ගමනෙ ඊලගට මන් ලියන්න හිතන් ඉන්නෙ Green Lantern හරි Aquaman ගැන.. ලිපිය හොද නම් ලයික් එකක් දාල කමෙන්ට් එහෙකුත් දාල යන්න කියල ඉල්ලා සිටිනවා.

Percy Jackson

2 comments:

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න