Latest
Loading...

Knowledge HUB

COMIC SCRIPT ORIGINALS

Featured Post

MOVIE OF THE MONTH - Spider-Man: Across the Spider-Verse

After reuniting with Gwen Stacy, Brooklyn's full-time, friendly neighborhood Spider-Man is catapulted across the Multiverse, where he en...

Ant Man : Official Teaser Trailer

Ant Man : Official Teaser Trailer
Ant Man Official Teaser Trailer #1

හිතනවා මේ වෙද්දී ගොඩක් දෙනෙක් ඈන්ට් මෑන් ට්‍රේලර් එක බලන්න ඇති කියලා. බැලුවේ නැති කවුරු හරි ඉන්නවා නම් මේ ලින්ක් එකට ගිහින් බලලා ම එන්න. මොකද අපි කතා කරන්න යන්නේ එකේ තියන දේවල් ගැන. 


පුර්ව ප්‍රචාරක පටයේ අන්තර් ගත වෙලා තියන දේවල් ගැන අවධානය යොමු කරන්න කලින් මම කැමතියි IMDB එක පැත්තේ ගිහිල්ලා ෆිල්ම් එකේ අපිට හම්බෙන චරිත ගැන පොඩි අවබෝධයක් ගන්න.




ප්‍රධාන චරිතය විදිහට අපිට දකින්න හම්බෙන්නේ Scott Lang. කෝ එතකොට Hank Pym??? මොකද ගොඩක් දෙනෙක් දන්නේ Ant Man කියන්නේ Henry Jonathan Pym හෙවත් Hank Pym. ඒත් මේ ඉන්නේ එයා නෙවේ. අපිට Hank Pym නම හම්බෙනවා අන්තිමට වගේ. එහෙනම් කවුද මේ ඉන්න Ant Man? මේ සිද්දිය ෆිල්ම් එක ඇතුලේම පැහැදිලි කරන්න ඉඩ තියන හින්දා නොකියා ඉන්න හිතුවත් ගොඩක් දෙනෙකුට මේක ගැටලුවක් උණු හින්දා කොමික් යුනිවර්ස් එකෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුවා. ඇත්තටම Hank Pym තමයි මුලින්ම Ant Man. එයාටමයි කියන්නේ Giant Man(#01 පින්තුරය) කියලාත්. ඒ ඇඟ ලොකු කරන්න පොඩි කරන්න පුළුවන් හින්දා. එතකොට කවුද Scott Lang කියන්නේ. මෙයා ගැන කොමික් වල නම් එක එක විදිහට තියනවා. දක්ෂ හොරෙක් ලු, සමාජය විසින් හොරෙක් කළා කියනවා. මොනවා උනත් මෙයාට හොරකම පුළුවන්. මෙයාගේ දුවගේ අසනීපය වෙනුවෙන් මෙයාට Hank Pym ගේ ගෙදර මංකොල්ල කන්න සිද්ද වෙනවා. එතනදී එයා Hank Pym ගේ ඈන්ට් මෑන් ඇඳුම හොරකම් කරනවා. අන්තිමේ දී මෙයා ගැන පැහැදෙන Hank Pym නමයි ඇඳුමයි දෙකම Scott Lang ට තියා ගන්න දෙනවා. ඔන්න ඕකයි කොමික් වල සිද්දිය සරලව කිව්වොත්. 

අපි එහෙනම් දැන් යමු මොනවාද දැක ගන්න හම්බෙන්නේ කියලා බලන්න. ට්‍රේලර් එක පටන් ගන්නේ (පස්සේ පැහැදිලි වෙන විදිහට Hank Pym, Scott Lang ට කියන කතාවකින්. කතාව පසුබිමෙන් යද්දී Scott පොලිස් අත් අඩංගුවට පත් වීම, හිරෙන් නිදහස් වීමත් (#02 පින්තුරය) දකින්න පුළුවන්. මම හිතන්නේ මේ කොමික් එකේ කතාවම වෙනස් ආකාරයකින් නිරුපනය කිරීමක්. ඒත් එක්කම වගේ අපිට Hank Pym ව හම්බෙනවා. ටිකක් වයසට ගියපු ජීවිතය ගැන අවබෝධයක් තියන (#03 පින්තුරය) පුද්ගලයෙක් (කොමික් ගැන දන්න අයට නම් තරුණ Hank Pym කියන්නේ එක්තරා විදිහක පොඩි ආඩම්බරයක් තියන කෙනෙක්). පේන විදිහට නම් Hank Pym, Scott ගේ හොරකම ගැන අවධානයෙන් ඉදලා පස්සේ ඔහුව බේරගන්න ඉදිරිපත් වෙනවා වගේ. කොහොම උණත් මේ සිද්දියෙන් අපිව ආපහු කොමික් යුනිවර්ස් එකට අරගෙන යනවා.
Hank Pym ගේ උන්නතිවාදී අදහසෙන් පස්සේ අපිට Hank Pym පරීක්ෂණයක නිරත වෙනවා (#04 පින්තුරය) දකින්න පුළුවන්. මේක හැබයි කළු සුදු වර්ණ වලින් තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අතීතයේ දර්ශනයක්. සමහරක් වෙලාවට ඒජන්ට් කාටර් සහ හොවාර්ඩ් ස්ටාර්ක් (මේ දෙන්නා ගැන දන්නේ නැතිනම් අපි ඉස්සරහට ගේන්න හිතාගෙන ඉන්න ඒජන්ට් කාටර් අනිවාර්යෙන් ම බලන්න) සම්බන්ද වෙන්නේ මෙතනට වෙන්න පුළුවන්.

අපිට ඊට පස්සේ දකින්න පුළුවන් අසනීපයෙන් පසුවන කුඩා ළමයෙක් (#05 පින්තුරය). මේ නම් පැහැදිලිවම Scott ගේ දුව Cassandra Eleanor Lang හෙවත් Cassie Lang ගේ දර්ශනයක්. Scott කියන චරිතය Ant Man වීම දක්වා මෙයාගේ තියනවා ලොකු සම්බන්ධයක්. ෆිල්ම් එක ඇතුලේත් ඒ කතාව අපිට දකින්න පුළුවන් වෙයි. තවත් දෙයක් මේ පුංචි ලමයා අනාගතේ දවසක තවත් සුපිරි වීරවරියක් විදිහට අපි හම්බෙන්න එනවා කියලා අපි යාන්තමට මතකේ තියාගෙන ඉස්සරහට යමු. 

Hank Pym සහ Lang අතර සිදුවන මූලික හදුන්වා දීමේ සිද්දි කිහිපයකින් සහ Hank Pym ගේ රසායනා ගාරය කියලා හදුනාගන්න පුළුවන් තැනකින්(#06 පින්තුරය) පස්සේ අපි යනවා මේ නම් හොඳ මිනිහෙක් නෙවේ කියලා ඉවෙන් දැනෙන කෙනෙක් ගේ දර්ශනයකට (#07 පින්තුරය). සෙට් එකක් එක්ක ඉන්න මෙයාගේ චරිතය මොකක්ද කියලා බලපුවාම Darren Cross හෙවත් Yellowjacket කියලා. මෙතන Darren Cross කියන නම නම් ගැටලුවක් නෑ මොකද මෙයා Ant Man කතා මාලවේ හම්බෙන චරිතයක් හින්දා. ඒත් ෆිල්ම එකේ දී මෙයාට Yellowjacket කියලා නම දෙන්න හේතුවක් නම් හිතා ගන්න බෑ. මොකද Yellowjacket කියන්නෙත් Hank Pym ටම කියන තවත් නමක්.
ඒත් එකක්ම අපිට දැක ගන්න හම්බෙනවා කතාවේ ඉන්න ප්‍රධාන කාන්තා චරිතය (#08 පින්තුරය). මෙයාගේ නම IMDB එකට අනුව නම් Hope Van Dyne. ඒ තමයි Hank Pym සහ Janet Van Dyne හෙවත් Wasp ගේ දුව. මෙයාගේ චරිතය මේ ෆිල්ම් එක ඇතුලේ මොන පැත්තට හැරෙයි ද කියන්න බෑ. මොකද කොමික් වල නම් මෙයා එච්චර හොඳ කෙනෙක් නෙවේ. මොකද මෙයාව කොමික් යුනිවර්ස් එකේ දී අපි දන්නේ Red Queen කියලා. එයා කෙරුවේ මොකක්ද කියන්න මම මෙතන දී කතා කරන්න යන්නේ නෑ. මොකද මගේ අදහස නම් අපි දැන්ම මෙයාගේ ඉරණම ගැන කතා කරන්න ඉක්මන් වැඩියි කියලා.

කොහොමින් කොහොම හරි Hank Pym, Scott ගේ හිත හැදුවාට පස්සේ අපිට හා හපුරා කියලා මුලින්ම Ant Man ගේ කිට් එක දකින්න හම්බෙනවා (#09 පින්තුරය). ඒත් එකක්ම වගේ අලුත් වීරයා කොහොමද ඇදුමට හුරු වෙන්නේ කියන දේවල් අපිට දකින්න පුළුවන්. අපිට ට්‍රේලර් බලද්දී තේරෙනවා Hank Pym සහ Scott Lang සුදානම් වෙන්නේ මොකක් හරි ලොකු දේකට කියලා. ඒක මොකක්ද කියලා දැන ගන්න නම් ෆිල්ම් එක එනකල්ම ඉන්න වෙනවා අපිට. ඒ අතරේ දකින්න ලැබෙන වැදගත්ම දේ තමයි පියාඹන කූඹියා (#10 පින්තුරය). කොමික් වල නම් Ant Man ට ඉන්නවා කුඹි යාලුවෝ සෙට් එකක්ම. මේ එයාලා ගෙන් කෙනෙක් වෙන්න ඉඩ තියනවා. හැබයි ස්වයංක්‍රිය යානයක් වෙන්නත් ඉඩකඩක් නැත්තේම නෑ. මොකද Hank Pym කියන්නේ අල්ට්‍රෝන් හදපු එකානේ (හෝ හෝ වැරදුනා. කොමික් යුනිවර්ස් එකේ දී අල්ට්‍රෝන් හදපු එකානේ). ඒ හින්දා ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. මීට අමතරව අපිට දකින්න පුළුවන් Hope සහ Scott සටන් පුරුදු වෙන ආකාරය, සිරගෙයක ඇතුලත දර්ශනයක්, සිර ගෙයින් කට්ටිය ඉවතට යන දර්ශනයක්, Scott සහ Cassie ගේ දර්ශනයක් වගේම තවත් ක්‍රියා දාම දර්ශන කිහිපයක් ම. හැබැයි මම ඒවා ගැන වැඩිය කතා කරන්න යන්නේ නෑ. මොකද තව ප්‍රචාරක පටයක් එන්න හොඳටම ඉඩ කඩ තියනවා. එතකොට අපි වැඩිපුර මේ ගැන කතා කරමු.

attila_THE_hun


No comments:

Post a Comment

Comic ගැන නොදන්නා දේවල් අහගන්න වගේම ඔයාලගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න